Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
මගේ අමාත්‍යාංශය බැලුවොත් අපි බලයට පත්වෙනකොට 98%ක් විදුලිය දීලා. ඉතිරි 2% දීම සඳහා සල්ලි දෙනවා. මේ වසර අවසන් වීමට පෙර එම 2% ට වැටෙන ගෙවල් ලක්ෂ 3 ක් මූල්‍ය පහසුකම් දීලා විදුලිය ලබාදෙනවා. රටේ වැඩ නැත්තේ නෑ. මුදල් අමාත්‍යාංශය පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා ඔවුන්ට පැවරෙන වගකීම් ගැන. විදේශීය ණය ගෙවනවා කියන්නේ රටක මූල්‍යමය වශයෙන් ප්‍රධානම වගකීම.
2016 සඳහා අයවැය ලේඛනය සම්මත නොවුණා නම් 2016 ජනවාරි පළමුවැනිදා සිට රජයට කිසිම වියදමක් කරන්න බෑ. නමුත් අයවැය ලේඛනය සම්මත නොවුණත් විශ්‍රාම වැටුප් ගෙවීම සහ විදේශීය ණය ගෙවීම කිසිදු රජයකට මගහරින්න බෑ. ඒ ණය ප්‍රමාණය පිළිබඳව මේ රජයට පැවරුණු දැවැන්ත වගකීම මුදල් අමාත්‍යාංශය පැහැදිලිව පෙන්වලා දුන්නා. ඒ නිසා ඒකට වෙන තර්කයක් නැහැ.
පසුගිය ආණ්ඩුව හුඟක් වැඩකළා. මමත් ඒ ආණ්ඩුවේ හිටිය ඇමතිවරයෙක්. නමුත් ඒ සඳහා ගත් මූල්‍යමය පහසුකම්වල ගෙවීම් මේ ආණ්ඩුව ආරම්භ වෙනකොට හොඳ තැනකට ඇවිත් තිබුණා. ඒකත් අපි පිළිගන්න ඕන. එය දෝෂ දර්ශනයක් විදියට මම දකින්නෑ. මේ ආණ්ඩුව ඒක ඇදගෙන යන්න ඕන. ඒ අතරේ ප්‍රධාන වැඩ එකක්වත් මේ රජය නතර කරලා නැහැ. ප්‍රධාන වැඩ සියල්ලම ඒ විදියට කරගෙන යනවා.
මට මතකයි ඒ ආණ්ඩුවේ අපි වැඩකරන වෙලාවේ ව්‍යාපාරික ප්‍රජාව කියනවා කෝ බිස්නස් නෑනේ ඇමතිතුමා කියලා. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවක් වුණාම සත්‍ය තත්ත්වයට අමතරව ජනප්‍රවාද නිතරම එනවා. අපේ පැත්තට තිබුණු ලොකුම ප්රශ්නය තමයි මධ්‍යම අධිවේගී මාර්ගය. චීනයයි, ජපානයයි එකතුවෙලා ඒක දැන් ගිවිසුම් ගහලා පටන් ගන්නවා. ඉතිං අපි වැඩ කරන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? ඒකෙ වේගයේ යම් වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි කොහෙවත් ශූන්‍ය වෙලා නැහැ.
ණයක් ගත්විට බරක් වෙනවා. විශාල ව්‍යාපාර යද්දි ණය ප්‍රමාණය විශාලව ඉහළ යනවා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපල වගේ ලොකු ව්‍යාපෘතිවල ගෙවීම ආරම්භ වුණේ මේ මෑතකදි. ඒවාට තියෙන ගෙවීම් ප්‍රමාණය අතිවිශාලයි. නොරොච්චෝලේ බලාගාරය සඳහා භාණ්ඩාගාරයට අතිවිශාල ගෙවීමක් තිබෙනවා. කොයි රජයක්වත් වැඩනොකර ඉන්න කැමති නැහැ. ඇයි මේ ආණ්ඩුව කැමතිද තමන්ගේ හැකියාව තිබියදී වැඩ නොකර ඉන්න. මම ඒ ආණ්ඩුවෙ හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයා. මම මේ කැබිනට් එකෙත් ඉන්නවා. මුදල් අමාත්‍යාංශයෙත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඇඟිල්ල දිගුකර ගැනීමේ ප්‍රශ්නයක් මම දකින්නෙ නෑ.
සමහර කාරණා වර්ෂයෙන් වර්ෂය සැලසුම් සහගතව සකස් නොකරපු ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. ඒ ව්‍යාපෘතිවලට මුදල් දෙනකොට සොයලා බලලා කටයුතු කරන්න වෙලා තියෙනවා කියලා ඒ අය කියනවා. සමහර විට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කාගෙවත් විශේෂ අසමත්කමක් කියලා මම දකින්නෙ නෑ. අපි ප්‍රධාන දේවල් තෝරාගන්න ඕන. අපි විදේශයන්ට මුදල් ගෙවන්න තියෙනවා නම් අපි ඒක ගෙවන්න ඕන. ඒක කල් දාන්න බෑ.
දැන් සමහර තීන්දු ගැනීමේදි ඉස්සරට වැඩිය හුඟක් තුලනය වූ තීන්දු ගන්න ඕන. ඉස්සර කැබිනට් එක සංවාදශීලී නැහැ. ඒකෙ ප්රජාතන්ත්රවාදය බොහොම අඩුයි. එකම පක්ෂයක්. එකම කණ්ඩායමක්. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළත්, යෝජනාවක් ආවත් ඒ ගොල්ලෝ අතර සංවාදයක් නැහැ. විරෝධතාවක් නැහැ. අභියෝගයක් නැහැ. හැබැයි දැන් ඊට වඩා වෙනස්. ඒකට හැඩ ගැහෙනකම් පොඩි කාලයක් අවශ්‍යයි. දැන් යෝජනාවක් ගෙනාවොත් විවිධ මත කැබිනට් එකේ කතාවෙලා පෙරිලා පෙරිලා තමයි එන්නේ. ඒක රටක් වශයෙන් දීර්ඝකාලීන වශයෙන් නරක නැහැ.
කිසිකෙනෙකුට අත්තනෝමතිකව තීන්දුවක් ගන්න බැහැ. ඒක හැම පැත්තකින්ම කතාබහට ලක්වෙනවා. ඒ සඳහා සමහර නිලධාරීන් හැඩ ගැහෙන්න ඕන. ඒ සඳහා පොඩි කාලයක්, නොනගතයක් තියෙන්න පුළුවන්. තවම පළමු අවුරුද්ද යන්නේ. ඒ නිසා දෙවැනි අවුරුද්ද විතර යද්දි අපිට තේරේවි මොකද්ද ප්‍රගතිය කියලා.
ගිය ආණ්ඩුවට සාපේක්ෂව වැඩියි කියලා හොඳටම පේනවා. විදෙස් ආයෝජන විදෙස් සම්බන්ධතා එක්ක ගොඩනැගෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලෝකයේ ශක්තිමත් රටවල් ප්‍රමාණයක් ඉන්නවා. කොච්චර තනියෙන් හිටගෙන කෑ ගැහුවත් ඒ රටවල බලපෑම ඕනෑම රටකට තියෙනවා. මේ කාලසීමාව තුළ පසුගිය කාලයේ කිසිදු කතාබහකට නොයෙදුණු විරෝධාකල්පයෙන් හිටපු ලෝකයේ බොහෝ රටවල් අද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබෙනවා. අපේ මත්ස්‍ය සම්පතට තිබුණු ලොකු ගැටලුවක් අද යුරෝපා සංගමයෙන් විසඳලා තියෙනවා. ඒ නිසා අපිට නුදුරේදි පැහැදිලිව විදේශ ආයෝජනවල කැපී පෙනෙන වෙනසක් වේවි. දැන් චීනයත් සූදානම්, ජපානයත් සූදානම්, ඉන්දියාවත් සූදානම්, යුරෝපයත් සුදානම්. ඒ නිසා අපිට හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
මම මුදල් අමාත්‍යාංශයේ අවුරුදු 12ක් හිටියා. හැමදාම විපක්ෂය කියන්නේ ආර්ථිකය කඩා වැටිලා, ලබන මාසේ කඩාවැටෙනවා කියලයි. මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ඒ දවස්වල ගිය හැටියේ පී.බී. ජයසුන්දර මහත්තයා මම ගෙන්වලාම ඇහුවා විපක්ෂය ගණන් පෙන්වලා ආර්ථිකය කඩා වැටිලා කියන්නේ ඇත්තද කියලා. නමුත් එහෙම එකක් නැහැ. ඒක විපක්ෂයේ සාමාන්‍ය පොදු අදහසක්. කඩාවැටෙනවා කියනවා නම් ඉතිං රාජ්‍ය ණය ගෙවාගන්න බැරිව, පඩි ගෙවන්න බැරිව යන්න ඕන. නමුත් දැන් එහෙම එකක් නැහැ.
සමහර තැන්වල මේ ගැන උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිතුමා මේ ගැන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කළා. එහි වෙනස්කළ යුතු තැන්, ජනතාව මොකද්ද කියන්නේ කියලා මෙහිදී සාකච්ඡා කළා. ඒක හොඳ ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක්. ඒ කියන ප්‍රශ්නවලට එම සාකච්ඡාවෙන් යම් විසඳුමක් ලැබේවි කියලා මම හිතනවා.
ඒක බේදයක් නෙවෙයි. ඒක ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණයක්. මහා මත ගැටුමක් එතන නැහැ. ඕනම රටක ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒක නැතිවෙන්නෑ. ඒකට රාජ්‍ය නායකයා කෙළින්ම මැදිහත් වෙනවා නම් ගැටලුවක් නැහැ. මම කැබිනට් එකේ ඉන්න නිසා දන්නවා එහෙම මත ගැටුමක් නැහැ. අපි හැමදෙයක්ම කතාබහ කරලා සුහදශීලීව තීන්දුවලට එනවා. ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ ඉන්න නිසා කන්දීමත් වැඩියි. මිනිස්සුන්ගේ උද්ඝෝෂණත් වැඩියි. ඉස්සර උද්ඝෝෂණ කළේ හතර වටේ බල බලා බයෙන් බයෙන්. දැන් එහෙම නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාව ශක්තිමත්. ඉස්සර එක්සත් ජාතික පක්ෂය කැලේ වැදිලා හිටියේ. අද එක්සත් ජාතික පාක්ෂිකයාත් ආණ්ඩු පක්ෂයේ සාමාජිකයෙක්.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාත් එහෙමයි. ඒක තුළ අමුතුම නිදහසක් රට තුළ ගොඩනැගිලා තිබෙනවා. ඒක තුළ විවිධ මත ප්‍රකාශ වෙනවා. අපි පක්ෂ දෙකක නිසා මත 2ක් තියෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රකාශත් කරනවා. පත්තරෙත් ලියනවා. එතන විනාශකාරී බේදයක් නැහැ. ප්‍රධාන පක්ෂ 2ක් එකතුවෙලා යනකොට තියෙන හොඳම ප්රජාතන්ත්රවාදී ලක්ෂණය එය තමයි.
අපේ අමාත්‍යාංශය ඒකට හොඳම උදාහරණය විදියට ගන්න. මම පැහැදිලි ශ්‍රී ලංකාකාරයෙක්. මම ජීවිතය තියෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. මම දකින්නේ මේ රටට, පොඩි මිනිහට වැඩිම සේවයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මම එකපාරට ඡන්දෙ ඉල්ලන්න ආවේ නැහැ. මම විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාකාරයෙක්. විශ්වවිද්‍යාලයෙ ශ්‍රී ලංකා කරන්නෑ කවුරුත්. නමුත් අපි කළා. ඒ නිසා මගේ මතය කවදාවත් වෙනස් වෙන්නෑ. අජිත් පී. පෙරේරා කියන්නේ යූ.එන්.පී. එකේ ඉන්න හොඳ තරුණ නායකයෙක්. හැ
හැබැයි අපි දෙන්නා මෙතනට ඇවිත් වාඩිවුණාට පස්සේ අපි දෙන්නගේ එකම න්‍යාය පත්‍රය තමයි විදුලිබල අමාත්‍යාංශය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ? දියුණු කරන්නේ කොහොමද? සේවකයන් තෘප්තිමත් කරන්නේ කොහොමද? අවසාන වශයෙන් විදුලිබිල සියයට කීයක් හරි අඩුකරන දවස ප්‍රකාශයට පත්කරන්න වෙන්නේ කවද්ද? කියන එක අපේ මතය. ඒ නිසා කිසිම ගැටුමක් අපේ අමාත්‍යාංශයේ නැහැ. අපි කොයිම වෙලාවකවත් ඇති තැනදිවත්, නැති තැනදිවත් හිත් රිදෙන කතාවක් කියවගෙන නැහැ. ඒ නිසා මම තනි තීරණයක් ගන්න යන්නෙත් නැහැ.
තීරණයක් ගනිද්දි මම ප්‍රවේශම් වෙනවා. ඒක නරක නැහැ. එතකොට සේවකයොත් යම් අභිමානයකින් ඉන්නේ. අපි මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන අනිත් කෙනාටත් ගෞරවය දීලා කටයුතු කරනවා නම් රාජ්‍ය පාලනයේ යමක් කරන්න හොඳම යුගය මෙයයි. විදුලිබල අමාත්‍යාංශය මේ රටේ ප්රබලතම අභියෝගයට පසුගිය මාර්තු මාසයේ මුහුණ දුන්නා. හැබැයි අපි රෑ දෙක වෙනකම් මමත් නියෝජ්‍ය ඇමතිතුමත් නිලධාරීන් ඔක්කොමත් මෙතන වාඩිවෙලා එකට සාකච්ඡා කරලා දවස් කිහිපයක් යනකොට විසඳුම් හෙව්වා.
අපි හැම මොහොතකම දඟලන්නේ ජනතා සේවයට තමයි. (04දා) දැන් හවස පහමාරයි වෙලාව. උදේ ජනාධිපතිතුමා එක්ක මාතරින් වැඩ පටන් ගත්තේ. ගෙදර ගියෙත් නෑ තේ එකක් බිව්වෙත් නෑ ඇඳුම් පිටින් මෙතනට ආවා. ඇවිල්ලා පත්තර දෙකකට කතා කළා. ඊළඟට ලේකම්තුමා එක්ක හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකා ගැන සාකච්ඡා කරනවා. කැබිනට් පත්‍රිකා 50 ක් තියෙනවා හෙට ඉදිරිපත් කරන්න. ඒක ඉවර වෙද්දි හත වේවි. ඊළඟට පෞද්ගලික ලේකම්තුමා එක්ක මගේ වැඩ ඉවර වෙද්දි රෑ 9.30 විතර වේවි.
ඒක මගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි. හෙට දවසේ කැබිනට් එකට යනකොට හොඳට දැනුවත් වෙලා යන්න අවශ්‍යයි. හෙට දවසේ කැබිනට් එකෙන් පස්සේ විනාඩි 10න් දහයට සාකච්ඡා දාලා තියෙනවා. වෘත්තිය සමිති 2ක් එක්ක සාකච්ඡා 2ක් තියෙනවා. පැය, දෙක ඇදෙන ඒවා. මේ විදයට මම උත්සහ කරන්නේ මගේ ඩියුටිය හරියට කරන්නයි. හැම තීරණයක්ම හරිද කියලා මම දන්නෙ නෑ. නමුත් පුළුවන් තරම් කැපවෙලා කරන්න මම උත්සහ කරනවා.
popular news
stacy banks Friday, 14 December 2018 08:03 PM
ඔබ ව්‍යාපාර ණය, පෞද්ගලික ණය, නිවාස ණය, මෝටර් රථය සොයන්නේද? ණය, ශිෂ්‍ය ණය, ණය ඒකාබද්ධ ණය, අනාරක්ෂිත ණය, ව්‍යාපාරයක් ප්රාග්ධනය, ආදිය. නැතහොත් බැංකු හෝ මූල්‍ය ආයතනයකින් ඔබ ණයක් ලබා ගත්තේද? එක් හේතුවක් හෝ ඊට වැඩි හේතු සඳහා ආයතනයක් ඔබේ ණය විසඳුම්! මම පෞද්ගලික ණය දෙන්නෙක්, මම ණය දෙනවා සමාගම් හා පුද්ගලයින් අඩු හා දැරිය හැකි පොලී අනුපාතයකින් 2% කි. උනන්දුව. කරුණාකර ඊ-තැපැල් හරහා අපව අමතන්න: [email protected] ලඟ වට්ස්ඇප් පමණක් ( 19726380164) ස්තූතියි ස්ටීසි මහත්මියයි
Reply : 0 0
FRED MORE Thursday, 11 April 2019 03:31 AM
ඔබට හදිසි ණය අවශ්‍යද? හොඳ විශ්වාසයකින් ණය ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන් හට ණය දෙනවා. වාණිජ සැලසුම්කරණය, වාණිජ හා සංවර්ධන ණය, උකස් හා උකස් ණය, ණය ඒකාබද්ධ කිරීම් ණය, ව්‍යාපාරික ණය, පෞද්ගලික ණය, ශිෂ්‍ය ණය, 2% ක අඩු පොලී අනුපාතයක් ලබා දෙයි. ඔබගේ ආරක්ෂිත හා අනාරක්ෂිත ණය සඳහා අප අමතන්න. උනන්දුවක් දක්වන අයදුම්කරුවන් අපව සම්බන්ධ කරගත යුතුය: [email protected] Whatsapp හරහා සම්බන්ධ වන්න: 919654763221 අවංකවම, ෆ්රෙඩ්රෝම් මහතා
Reply : 0 0
Eliza Rivera Saturday, 18 July 2020 11:33 PM
හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න ([email protected]). ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය. මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි. ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී ඩොලර් 500,000 දක්වා ලබා ගන්න ස්වයංක්‍රීය ගෙවීම් - අවශ්‍ය නැත ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත - හොඳ ප්රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි. අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය. ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු. මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආක
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd