Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අපි විශ්වාස කරනවා මේ වේලාවේ රටට අවශ්‍යයි නව දේශපාලන සමාජ ආර්ථික ප්රතිසංස්කරණයක්. එයින් තොරව රටට ඉදිරියට යන්නත් බෑ. ගියත් භයානක ප්‍රතිඵල ළඟාවෙන්නෙ. ඒ නිසා අපි තීරණය කළා ඒ වෙනුවෙන් ජනතාව අතරේ ක්‍රියාකාරී අරගලයක් කරන්න. ඒකට අපට මේ ඇමති ධුර සහ රජයේ වගකීම් දරන්න බෑ. මේ ගමන යන්න ඒක බාධාවක්. ඒ නිසා ධුරයෙන් අයින්වුණා.
නෑ. ඇමතිකම් බලාගෙන අපි වැඩ කරන්නෙ නෑ.
අපට අවශ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ රටට අත්‍යවශ්‍ය දේශපාලන ප්රතිසංස්කරණයක්. විධායක ජනාධිපති ධුරය සතු අත්තනෝමතික බලතල පාලනය කරන, ඒ වගේම ස්වාධීන, දූෂණ වංචා, තාක්ෂණික දූෂණය, විගණන දූෂණය හොයන්න පුළුවන් ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීම වෙනුවෙන් සහ මැතිවරණ ක්‍රියාදාමය ශක්තිමත්ව, සල්ලිකාරයන්ට, බලය තියෙන අයට මැතිවරණ ජයගන්න පුළුවන් තත්ත්වය පාලනය කරන ශක්තිමත් මැතිවරණ කොමිසමක් වෙනුවෙන්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරගැනීම වෙනුවෙන්, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්, පළාත් සභාවල බෙදුම්වාදයට තුඩුදෙන අත්තනෝමතික බලතල ඉවත්කිරීම වෙනුවෙන්, විශේෂයෙන්ම සමාජමය වශයෙන් බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ පුරාවිද්‍යාස්ථාන සංරක්ෂණය වෙනුවෙන්, විහාර දේවාල පනත යටතේ ඉඩම් නැවත ලබාදීම වගේම රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් අපි මේ තීරණය ගත්තේ.
රටේ එක නීතියක් නෑ. කට්ටියක් ශරියා නීතිය, කට්ටියක් තේසවලාමේ නීතිය, කන්ද උඩරට නීතිය, රෝම ලන්දේසි නීතිය ආදී විවිධ දේ මගින් පාලනය කිරීම වෙනස් කොට එක නීති පද්ධතියකට ගෙන ආ යුතුයි.
යුද්ධය ජයග්රහණයෙන් පස්සෙ අවුරුදු ගාණක් ගියත් තාම කිලිනොච්චියේ, මන්නාරමේ අපේ සිංහල ජනතාවට පදිංචිවෙන්න බැරිවුණා. ඒ සිංහල ජනතාව නැවත පදිංචි කළ යුතුයි.
මේ යන ආර්ථික ක්රමයේ පැහැදිලි දැක්මක්ද නැ. නවෝත්පාදනය, දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනගාගැනීම වෙනුවෙන් අපි ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තමයි අපි යන්නෙ. ඒකෙන් ඉතාම ප්රමුඛ වෙලා තියෙනවා ජනාධිපති ධුරය පිළිබඳ ප්රශ්නය. මොකද ජනාධිපතිවරණයක් ළඟම එන නිසා.
ජනාධිපතිට ලැබිලා තියෙනවා අත්තනෝමතික බලතල කිහිපයක්. එකක් ඕනතරම් ඇමති ධුර ඇති කරන්න පුළුවන්. තමන්ට ඕන තරම් ඇමති ධුර තමාට දරන්න පුළුවන්. ඒ දෙකම සීමාකළ යුතුයි. ඇමති ධුර 20-25 අතර ප්‍රමාණයක් ගෙන ආ යුතු බවත්, ජනාධිපතිවරයා ආරක්ෂක ඇමති ධුරය, බුද්ධශාසන ඇමති ධුරය පමණක් දැරිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිවරයාට බලයක් දී තිබෙනවා ඕනෑම පුද්ගලයෙකු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කරන්න. ඒ වෙනුවට ඒ වෘත්තියේ නිපුණතාව ඇති, වෘත්තීය සුදුසුකම්, නිසි වයස සපිරූ පුද්ගලයන් පමණක් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කළ යුතු බව අපි හිතනවා. ජනාධිපතිවරයාට ඕනෑම කෙනෙක් ශ්රේෂ්ධාධිකරණයට, අභියාචනාධිකරණයට පත්කිරීමේ බලය තියෙනවා. එයද වෙනස් විය යුතුයි. අධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීම සිදුවිය යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මතයි කියලා අපි හිතනවා.
ඒ වගේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවෙන් නොවිමසා ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තියෙන බලය පාලනය විය යුතුයි. පාර්ලිමේන්තුවත්, ජනාධිපතිවරණයත් අතර සමතුලනයක් ඇතිවිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ඔන්න ඔය ටික ඉටුකරගැනීම අත්‍යවශ්‍යයි.
මේ පාර්ලිමේන්තුවෙන්ම තමයි ඒක කරන්න පුළුවන්. තීරණාත්මක තමයි. නමුත් 3/2 බලය තියෙන්නෙ මේ පාර්ලිමේන්තුවට විතරයි. ඒකත් ආණ්ඩුවට. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 3/2 බලෙන් රටේ ව්‍යවස්ථා විප්ලවයක් කළා. රටේ ඒකීයභාවය රැක්කා. ජයවර්ධන ජනාධිපතිතුමා 3/2 න් විධායක ජනාධිපති ධුරය, අනුපාත ඡන්ද ක්‍රමය ඇති කළා. කෙසේ වුවත් ඔහුත් ව්‍යවස්ථා විප්ලවයක් කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට ස්ථාවර කළා කියලා ව්‍යවස්ථා විප්ලවයක් කළා. නමුත් රට ස්ථාවර වෙලා නෑ.
මේක අද, ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. 2005 සැප්තැම්බර් 13 වැනිදා එල්ලාවල මේධානන්ද හිමි හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අතර අත්සන් කළ ගිවිසුමේ පැහැදිලිව සඳහන් වුණා විධායක ජනාධිපති ධුරය අධිකරණයට හා පාර්ලිමේන්තුවට වගකිවයුතු තනතුරක් බවට පත්කරන්නත්, මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නත්. ඒක මහින්ද චින්තන 2005 ප්‍රතිපත්ති ප්රකාශනයෙන් එළිදැක්වුණා. 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙත් ඒක ඇතුළත් කළා. ඒක ඉෂ්ට නොවීමෙන් මේ තත්ත්වය ඇතිවෙනවා.
දැන් අවුරුදු 09 ක්. යුද්ධෙ තිබුණ කාලෙ ඒ ප්‍රශ්නෙ අමතක කරන්න පුළුවන්. නමුත් දැන් දේශපාලන ප්රතිසංස්කරණයකින් තොරව ඉදිරියට යනවා කියන්නෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දෙ දුන් ප්රබුද්ධ ජනතාවගේ අදහස් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ. ජාවාරම්කාර, පාදඩ දේශපාලන බලවේගයක් විසින් නිලධාරී තන්ත්රයක් විසින් පාලනය ගෙනයනවා. යහපාලනයක් ඇති කිරීම සඳහා තමයි අපේ මේ අරගලය.
අපේ ඉතිහාසය තුළ අපි ප්‍රතිපත්තිමය කරුණු කීපයක් ඔප්පු කරලා තියෙනවා. අපි ඇමතිකම්වල ඉන්න වෙලාවෙ කිව්වෙ ආණ්ඩුවේ ඇමති ධුරවල තියෙන වාසිදායක දේට ලොබ බැඳලා ආණ්ඩුවේ එල්ලී ඉන්නවා කියලා. ආණ්ඩුව අත්අඩංගුවට ගන්නවා, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණය තියනවා, ෆයිල් පෙන්වනවා. ජාතික හෙළ උරුමය විදේශීය ආධාර ලබන සංවිධානවලට සම්බන්ධ කරන්න පුළුවන් උන්මන්තකයන්ට විතරයි.
එහෙම කියන හැම දෙනෙක්ම පාහේ ඕවට සම්බන්ධ පිරිස්. අපි එය ඔප්පු කළ දෙයක්. මාවිල් ආරුවේ සටන් අරඹන්න අපිත් එක්ක ඔය කවුරුවත් ගියේ නෑ. පසුගිය කාලේ දර්ගා නගරේ සිද්ධය, ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය, කැසිනෝ සිද්ධිය, මත්කුඩු ජාවාරම් සිද්ධිය, ආසනික්, ඩී.සී.ඩී. ආදී සියල්ල අපි කරගෙන ගියේ තනියම. අපට එන්.ජී.ඕ.වල ප්‍රශ්නයක් තිබුණේ නෑ. අනිත් එක ඔය කියන තර්කය ඇත්ත නම් ලොකුම එන්.ජී.ඕ.කාරයා වෙන්න ඕන ජනාධිපතිතුමා. එතුමා පොරොන්දු වෙලා තියෙනවා දෙවතාවක් එතුමාගේ මහින්ද චින්තන හා මහින්ද චින්තන ඉදිරි දැක්මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා.
අපි මෝඩයන්ද, ප්‍රතිපත්තිගරුක මිනිස්සුද කියන එක ඉතිහාසය තීරණය කරාවි.
නෑ. උන්වහන්සේලාට ඕන චෝදනාවක් කරන්න පුළුවන්. අපි කියන්න ඕනේ මේ රජය බොදුබල සේනාව මර්දනය කරන්න හදනකොට, මහරගම බොදුබල සේනා සමුළුව මර්දනයට කැබිනට් මණ්ඩලයේ යෝජනා ගෙනෙද්දි, හලාල් සිද්ධිය අවස්ථාවේ කැබිනට් ඇමතිවරු පවා බොදුබල සේනාවට චෝදනා කරපු වෙලාවේ බොදුබල සේනාවේ නායකයොත් හැංගිලා ඉද්දි, බොදුබල සේනාව වෙනුවෙන් නෙවෙයි, රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ අපියි. හෙටත් අපි ඉදිරිපත් වෙන බව අපි කියනවා.
දැනට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බොහොම බැරෑරුම්ව කියනවා රාජ්‍ය ණය අඩුවෙලා කියලා. 2001 දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 102෴ ක් තිබුණු රාජ්‍ය ණය 70% ක් දක්වා අරන් ඇවිත් කියලා එයා කියනවා. කරුණු කීපයකින් අපි මේ දිහා බැලිය යුතුයි.
දැනට රාජ්‍ය ණය කියන්නෙ රජයේ දෙපාර්තමේන්තු, මුදල් අමාත්‍යාංශයේ තියෙන විවිධ දෙපාර්තමේන්තු ආදී ආයතන සහ මහ බැංකු උසුලන ණය පමණයි. නමුත් වෙනත් රාජ්‍ය ආයතන තියෙනවා උදාහරණයක් විදිහට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේ තව ආයතන විසින් උසුලන ණය රාජ්‍ය ණය ලෙස සලකන්නේ නෑ. උදාහරණයක් විදියට ERD එකේ ණයක් ගත්තා පුත්තලම බලාගාරය හදන්න ඩොලර් මිලියන 1390 ක්. එම ණය මුදල ලංකා කෝල් සමාගමට දැම්මා. ඒ ණය මුදල් අමාත්‍යාංශයේ පොත්වලින් කැපුණා. නමුත් ඒ ණය ලංකා කෝල් එකේ තියෙනවා. ආයතන මාරුකළාට රාජ්‍ය ණය අඩුවෙලා නෑ.
2013 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුළු ණය ප්‍රමාණය බිලියන 421 යි. ඒකෙන් බිලියන 227ක්ම ලංකා බැංකුවෙන් ගත්ත ණය. ඒවා කොහෙවත් සටහන් වෙලා නෑ. ලංකා විදුලිබල මණ්ඩලයත් ඒ විදියට බිලියන 44 ක් ණයයි. මහජන බැංකුවට මිහින් එයාර් හා ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ණය බිලියන 60කට ආසන්නයි. ඒවා කොහෙවත් නෑ ලංකා බැංකුව ඩොලර් මිලියන 500 ක් ගත්තා. මහජන බැංකුව ගත්තා ඩොලර් මිලියන 1500 ක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඩොලර් බිලියනයක් ගත්තා. එතනම ඩොලර් බිලියන 03 ක් තියෙනවා. ඒවා රටේ නොයෙක් සංවර්ධන කටයුතු සඳහා ගත් ණය. ඒවා රාජ්‍ය ණය ඇතුළෙ නෑනේ. මේ සියලු ණය එකට එකතු කළොත් රාජ්‍ය ණය ගැන අදහසක් ගත හැකියි.
ඇමෙරිකාවේ හිටපු විචාරකයෙක් කියනවා සංඛ්‍යාලේඛන කියන්නෙ 'පල්හොරුන්ට විජ්ජාවක් අනෙක් අයගේ ඇස් වහන්න' නමුත් බුද්ධිමත් මිනිස්සු මේ සංඛ්‍යාලේඛන විජ්ජාව ඉගෙනගන්න ඕනේ කියලා. මොකද සත්‍ය රකින්න තියෙන්නේ ඒ ගොල්ලන්ට නිසා. අපේ මේ ණය බරඅඩුවීම නෙවෙයි වැදගත් කාරණේ. ණයයි, පොලියයි, වාරිකයයි අපිට ගෙවන්න වෙනවා. උදාහරණයක් හැටියට 2013 ණයයි, පොලියයි, වාරිකයයි එකතු කළාම රටේ ආදායමට වඩා 102% ක් වැඩියි. ඒ කියන්නේ අපේ ආදායමට වඩා වැඩියි ණයයි පොලියයි ගෙවන්න යන මුදල. ඉතිං කොහොමද රටක් දුවන්නේ?
පාන් කන්න නෙවෙයි සංවර්ධනයට ණය ගන්නේ කිවුවට රටේ වැටුප් ගෙවන්නත් සිද්ධවෙලා තියෙන්නෙ ණය වලින්. ලබන අවුරුද්දේ බිලියන 425 ක් පොලියත්, බිලියන 840 ක් වාරිකයත් තියෙනවා. ඒ දෙකේ එකතුව බිලියන 1265 ක්. අනිවාර්යයෙන්ම පොත්වල මොනවා තිබුණත් ලබන අවුරුද්දේ ආදායමත් මීට වඩා අඩුගාණක්. මේ අවුරුද්දේ 1153 යි උපයලා තියෙන්නේ. 22% ක අඩුවීමක්. ආදායම අඩුවීමයි වියදම වැඩිවීමයි සිදුවෙන්නේ. වැඩිවෙච්ච පඩි, විශ්‍රාම වැටුප් ගෙවන්න කරන්න තියෙන සේරටම අයෙත් අලුතෙන් බිලියන 1782 ක් පමණ ණය ගන්න වෙනවා.
දැන් අපි මධ්‍ය ආර්ථික රටක් නිසා සහන මිලට ණය දෙන්නෙ නෑ. ඒ නිසා වාණිජ බැංකුවලට යන්න සිද්ධ වෙනවා. අපි දැනටමත් ETF එකෙන් රුපියල් ට්‍රිලියනයක්, (බිලියන 1000) ක් අරන් ඉවරයි. මේවා අපිට ගෙවන්න වෙනවා. ලංකාවේ පොලී අනුපාතය ආසන්න වශයෙන් 6.8%ක්. අපි විශාල මූල්‍ය අගාධයක ඉන්නේ. මේකේ ප්‍රතිඵල එක්කෝ මේ රට බංකොලොත් වීම, නැත්නම් නිල නොවන විදේශ යටත්විජිතයක් වීම. අපේ දේපළ කොළඹ වරායට දුන්නා වගේ විදේශවලට දෙන්න වෙනවා. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. මේ විදියට කිසිම ආශ්චර්යක් නෑ.
යුරෝපයේ ආර්ථිකය ගොඩනැගෙන්නේ නෙදර්ලන්තයේදී. ධනවාදය හැදුණා. ඇඩම්ස්මිත් &වෙළෙඳ පොළ ධනවාදය තුළ තරගය විසින් ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි* යැයි කිව්වා. සමාජ ප්රජාතන්ත්රවාදය කිව්වේ මැද කතාවක්. සුභසාධක රාජ්‍යයක් යැයි කීවේ මේවට. ලංකාවේ අද තත්ත්වය ගත්තම 1977 දී මේ රටේ වෙළෙඳ පොළ ආර්ථිකය විවෘත කරලා දුන්නම අද දක්වාම පොඩි පොඩි වෙනස්කම් කරලා මේ වෙනකම් ඇවිත් තියෙනවා. විවිධ අවස්ථාවල යම් යම් සුභසාධන කටයුතු කළාට අද දක්වාම තියෙන්නේ ඉහළ ගණයේ ආදායම් ලබන අයගෙන් බදු අයකිරීමක්.
ඒ වගේ කාරණාවලදී ලංකාව ඉතාම නරක ධනවාදී රටක්. අපිට නිසි බදු අයකර ගැනීමේ ක්‍රියාදාමයක් නෑ. අනික අපි එන්න එන්නම ව්‍යාපාර හා විවිධ පුද්ගලයන් සඳහා තිබූ බදු අඩුකර තිබෙනවා. ධනපතීන්ට දී තිබූ බදු 28%දක්වා අඩුකර තිබෙනවා. එහෙම කළේ මේ ආණ්ඩුව. BOI එක හරහා කැසිනෝකාරයින්ට බදු සහන ලබාදුන්නේ මේ ආණ්ඩුව.
නෑ. අපි කොහෙවත් කියලා නෑ පොදු අපේක්ෂකයෙක් ගේනවා කියලා. ඒ වගේම විධායක ජනාධිපතික්රමය අහෝසි කරන්න කියලත් නෑ. අපි කියන්නේ විධායක ජනාධිපති ක්රමයේ අන්තනෝමතික බලතල සීමා කරන්න කියලයි. විධායක ජනාධිපතික්රමය අහෝසිකරන්න කියලා මුලඉඳලම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, වාමාංශික පක්ෂයත්. පස්සෙ ඒකට එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙලා තියෙනවා. අපි එහෙම කිවුවේ නෑ.
අපි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? නැද්ද? කියන එක ගැන තාම තීරණයක් අරන් නෑ. තාම ආණ්ඩුවට අවස්ථාව දීලා තියෙනවා ඒ විදියට ක්‍රියාකරන්න. ඉදිරි කාලයේදී පොදු ප්‍රතිපත්තියක් අනුව විශ්වාසනීයත්වයක් අපිට ඇති වුණොත් ඒ පිළිබඳව අපේ පක්ෂයෙන් තීරණයක් ගනීවි.
එතුමියම ඒකට පිළිතුරක් දුන්නනේ වංචාවක් වෙලා නෑ කියලා. මම ඒකට අවශ්‍ය සම්පූර්ණ කාරණේ ප්‍රකාශ කළා. ගල්අඟුරුයි, කැසිනෝයි පස්සෙ ඉන්නෙ කවුද කියලත්, ඒ වගේම අහසට යැව්වයි කියන බොරු චන්ද්‍රිකා පිටුපස්සෙ ඉන්නෙ කවුද කියලත් මම හෙළිකළානේ. මට ඉතා වගකීමෙන් කියන්න පුළුවන් මම ඒ ධුරය දරපු 2013 ජනවාරි 29 වැනිදා වෙනකම් ගල්අඟුරු ගෙන ඒම නිසා කිසිදු ආකාරයකින් ඍජුවම හෝ වක්‍රව පාඩුවක් උනේ නෑ. ඒ පාඩුවක් වුණා නම් සිද්ධ වුණේ ඉන්පස්සෙ ගත් තීන්දුවක් නිසා, මම විසින් අත්හිටවූ ගෙවීම් කිරීම් නිසා. අමාත්‍යාංශ ලේකම් කිව්වා වංචාවක් වෙලා නෑ කියලා. අමාත්‍යවරියත් පස්සෙ කිව්වා වංචාවක් වෙලා නෑ කියලා.
අපි ජීවත් වෙන්නේ ජනතාව වෙනුවෙන්. අපි බයනෑ මර්ධනයට. ඒක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. අපි විශ්වවිද්‍යාලෙ යන කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉස්සරහා රටේ විරුද්ධ පක්ෂ, දේශපාලන පක්ෂ දණ ගහගෙන ඉද්දි අපි ඔහු එක්ක හැප්පුණා. ප්‍රේමදාසගේ භීෂණය වෙලාවේ ප්‍රේමදාසට බයේ හැංඟිලා ඉද්දි ප්‍රේමදාස මහත්තයා එක්කත් අපි හැප්පුණා. චන්ද්‍රිකාගේ පාලනය එක්කත් හැප්පුණා. අපිට නොයෙක් අඩත්තේට්ටම්, ප්‍රශ්න, චෝදනා සේම හිරේ විලංගුවේ දාන බොරු චෝදනා ආදියත් කළා.
ඉදිරියේදීත් මිනීමැරුම්, පැහැරගැනීම්, ස්ත්‍රී දූෂණ, මුදල් වංචා ආදී චෝදනා ඒවි. අපි ඒවට සැලෙන්නෙ නෑ. ඒවා අපිට චෝදනා කරන අයටම හරවා යවනවා. අපි අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඇපකැප වී වැඩකරනවා. අපට මේ රට විශ්වාසයි. අපි කළ මෙහෙවර මේ රටේ උගත් ජනතාව දන්නවා. දූෂණය වංචාවෙන් තොරව රට පාලනය කළ හැකි බව අපි ඔප්පු කර තිබෙනවා. ඒවගේම නින්දිත පාදඩ දේශපාලනයේ බොරු චාටුබස් හඳුනනවා. අපි මුදලට යට නොවන බව ඔප්පු කර තිබෙනවා. අපි ඉදිරියේදීත් ඒ ප්‍රතිපත්ති රැකගෙන යනවා. ඉදිරියේදී අපි මේ රට වෙනස් කරනවා.
ඒවට අපි බය නෑ. ඔය බලවේග මම විදුලිබල මණ්ඩලයේ ඉද්දිත් මට නොයෙක් කරදර හිංසා කරන්න උත්සාහ කළා. ඒ ඇත්තන්ට මේ රටේ නීතියෙන් නම් දඬුවම් නොලැබේවි. ඒවා ඔවුන්ටම පලදේවි. ඉතිහාසය අපිව නිදහස් කරනවා.
අනිවාර්යයෙන්ම මේ රටේ බුද්ධිමත් ජනතාව පෙරට පැමිණිය යුතුයි. වෘත්තීයවේදීන් පැමිණිය යුතුයි. ජාතික බලවේග පෙරට පැමිණිය යුතුයි. ඒ මොහොත ඇවිත් තියෙනවා. මානුෂීය මෙහෙයුමක් කර ජාවාරම්කාර, වංචනික, දූෂිත පිරිසගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගලවා ගන්නට අවශ්‍යයි. විදේශීය වටලෑමෙන් ත්රස්තවාදයේ නැගී සිටීමෙන්, ඉස්ලාමීය අන්තවාදයේ ව්‍යාජ ජාතික බලවේගවලින් නැගිටීමෙන් රට බේරාගන්න අවශ්‍යයි. වරදානවලට යටවෙලා මයික්‍රෆෝනය ඉස්සරහා කතා කරන පිරිස් නෙවෙයි, ඇපකැප වූ ජාතිමාමක පිරිස් අවශ්‍යයි. අපි ඒ ගල්ලෙන බිඳලා තියෙනවා. ඉතිං දැන් සිංහබාහු පරපුරේ සියලුදෙනාටම රට බාරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd