Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා බැඳුම්කර කොමිසමේ සාක්ෂි දීමත්, ඇලෝසියස් සමග මන්ත්‍රීවරුන් පැවැත්වූ දුරකථන සම්බන්ධතා අනාවරණය වීමත් හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු සතියේ වැඩි කතාබහට ලක් වූයේ බැඳුම්කර සිදුවීම පිළිබඳවයි.
අගමැති සාක්ෂි දීම ආදර්ශමත් ක්‍රියාවක් බවට එක්සත් ජාතික පක්ෂය පෙන්වාදෙන්නට උත්සාහ කළ අතර, විපක්ෂය ප්‍රකාශ කළේ බැඳුම්කර සිදුවීමට අගමැති වගකිවයුතු බවයි.
සඳුදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලීන් බණ්ඩාර ඒ ගැන පැවසුවේ මෙලෙසයි.
'අගමැතිතුමා බැඳුම්කර කොමිසමේ පිළිතුරු දුන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට. ඒ වගේම එතැනදී මට තව දෙයක් මතක් වුණා. හිටපු ජනාධිපතිතුමා මේ වගේ කොමිසමකදී උත්තර දුන්නා නම් කොහොම කරයිද කියලා මට සිහිවුණා.
'අපේ හාමුදුරුවනේ, මම තමයි මේ රට බේරගත්ත නායකයා, මොනවද මේ මගෙන් අහන ප්‍රශ්න වගේ දේවල් කියයි. උත්තර දෙනවා වෙනුවට හැමදාම කියන රට බේරගත්තු කතා, බුද්ධාගම සම්බන්ධ කරගෙන, සිංහල ජාතිය පටලගෙන, සාටකේ පටලගෙන එතැනින් බේරෙන්න උත්සාහ කරයි.
අගමැතිතුමා එතනදී පැහැදිලිව තමන්ගේ මතය ඉදිරිපත් කළා. එතැනදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහින්දානන්ද අලුත්ගමගේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමකට ප්‍රශ්න ඇහුවා. එතුමා බොහොම පැහැදිලි උත්තරයක් දෙන ගමන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇහුවා මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධයෙන් තිබෙන ලිපි ගොනුවලට මොනවද කරන්නේ කියලා.
පහුගිය කාලේ අධිකරණය ඉදිරියට කැඳෙව්වාම එක මහත්තයෙකුට පොළඟා ගැහුවා. තව එක්කෙනක්ට ලෙඩක් හැදුණා. අධිකරණය මගහැරියා. තව අය ආච්චිඅම්මලා ඉස්සරහට දැම්මා*
සඳුදා විවාදයට ගත් අමාත්‍යාංශ අතර මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද විය. මේ විවාදයට මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එක්වන විට මූලාසනයේ සිටියේ මන්ත්‍රී කණක හේරත්ය. ඔහු මූලාසනයෙන් ඉවත් වූයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට මූලාසනය භාරදෙමිනි.
මූලාසනයට පැමිණි කාවින්ද පිළිබඳව මහින්දානන්ද හැඳින්වූයේ මෙසේය.
'ගම්පහ දිස්ත්‍රික්කයේ අනාගත නායකතුමා කාවින්ද ජයවර්ධන මැතිතුමා මූලාසනේ ඉද්දි කතා කරන්න ලැබීම ගැන සතුටුයි. නමුත් තවම එතුමාට ආසනයක්වත් ලැබිලා නැහැ. ඔබතුමාගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයට බොහොම කැපකිරීම් කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජයලත් ජයවර්ධන මැතිතුමා යාපනේ ගිහිල්ලා සයිරන් බෙදලා බොහොම කැපකිරීම් කරපු කෙනෙක්. නමුත් පුතාට තවම ආසනයක් නැහැ. අපේ පැත්තෙ හිටිය නම් ඔහොම වෙන්නෙ නැහැ. ලැයිස්තුවෙත් පළාත් පාලනයේ තරුණයන් අයින් කළානේ. ඔබතුමාට ආසනයක් නැති නිසා මට ටිකක් වැඩිපුර වෙලාව දෙන්න' යැයි පැවසීය.
අනතුරුව ඔහු ඇමති කිරිඇල්ලගේ ඇමතිකම ගැන කතා කරමින් පැවසුවේ මහනුවරට ප්‍රමාණවත් තරම් සේවාවක් සිදුකර නොමැති බවයි. නැවතත් මහනුවරට මහාමාර්ග අමාත්‍ය ධුරයක් නොලැබෙන බැවින් කාර්යක්ෂමව වැඩ කරන ලෙස මහින්දානන්ද කිරිඇල්ලට පැවසීය.
රටට අායෝජන නොපැමිණීම පිළිබඳව මහින්දානන්ද කතා කරන්නට පටන් ගත් විට කිරිඇල්ල නැගී සිටිමින් කීවේ,
'ඔබතුමාලා ටීවීවල ගිහිල්ලා කතා කරන දේවල් අහලා ආයෝජකයො බයවෙලා. ඒකයි එන්නෙ නැත්තේ*
කිරිඇල්ලගේ කතාවට මහින්දානන්ද දුන්නේ මෙවන් පිළිතුරකි.
'ආයෝජකයො එන්නෙ නැත්තේ අපි හින්දද ඇමතිතුමා? අවුරුදු තුන හමාරක් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පළිගත්තා. මේ අවුරුදු තුනට මන්ත්රීවරුන්ව කොපමණ හෑල්ලු කළාද කියලා ඔබතුමාල දන්නවද? අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැංකුවලින් ණය ගන්න බැහැ.
එච්.එස්.බී.සී බැංකුවේ, ස්ටෑන්ඩට් චාර්ටට් බැංකුවේ ගිණුමක් අරින්න මේ 225 දෙනාටම බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීවරුන් හෑල්ලු කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ගරුත්වයක් තිබෙනවා. ඒක නැති කරන්න එපා'.
'බැඳුම්කර කොමිසමේදී අගමැතිතුමා අහනවා මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් ටිකත් පරීක්ෂණය කරනවද කියලා. රටේ අගමැතිතුමාද මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ රටේ පොලිස්පති අගමැතිතුමාද? මේ විදිහට නීතිය යනව නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අගමැතිතුමා විසින් ජනාධිපති කොමිෂන් සභාවට කරපු ප්‍රකාශ පිළිබඳව මම අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරනවා. මට තර්ජනයක් වන විදිහට අගමැතිතුමා කළ ප්‍රකාශයට කළ හැකි සියලු දේ කරනවා. ආණ්ඩු තියෙනවා, පරදිනවා. ඒක හොඳට මතක තියාගන්න. අධිකරණ තුනට අපි අධිකරණ 30ක් හදනවා. ඇටෑක් එක නෝමල් පෝස්ට් නම් රිටන් එක රෙජිස්ටර් පෝස්ට්'
මහින්දානන්ද එසේ කතා කරන විට ආණ්ඩු පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ රීති ප්‍රශ්නයක් යොමුකරමින් බාධා කරන්නට විය.
'මූලාසනයේ සභාපතිතුමනි සභාවට සුනඛයෙක් ඇවිත් එළවලා දාන්න'
මහින්දානන්ද එසේ කියූ විට ආනන්ද අලුත්ගමගේ තවත් ඇවිස්සිණි. එසේම ඊළඟ කථිකයා වූයේද ආනන්ද අලුත්ගමගේය. තමාව විචේනය කළ මහින්දානන්දව විවේචනය කිරීමට ඔහුගේ කතා කාලය භාවිත කළේය. ආනන්ද අලුත්ගමගේ කතාව ආරම්භ කරන විටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාද සභාවට පැමිණියේය. ඒ නිසාම ඔහුගේ කතාවද මහින්ද ඉලක්ක කරගෙන පවත්වන්නට විය.
'ගරු හිටපු ජනාධිපතිතුමනි, 2005 ඔබතුමා දිනවන්න වැඩ කළේ මම. මහනුවර ගහපු ඔබතුමාගේ කටවුට් ගැලෙව්වේ මෙතුමා (මහින්දානන්ද). හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමාව නාවලපිටියෙන් පැරැද්දුවේ මේ මනුස්සයා. ඔය වටේ ඉන්න මිනිස්සු තමයි තමුන්නාස්සේ පැරැද්දුවේ*
මේ අතර විපක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර රීති ප්‍රශ්නයක් යොමු කරමින් ආනන්ද අලුත්ගමගේ ගෙන් මෙසේ විමසීය.
'ගරු මන්ත්‍රීතුමා මෙගා පොලිස් කියන්නේ මොකද්ද මන්ත්‍රීතුමා'
එයට ආනන්දගේ පිළිතුර වූයේ අසභ්‍ය වචනයකි.
'තමන්ගේ නෝනයි දරුවොයි බලාගන්න බැරි මනුස්සයා අනිත් අයට දොස් කියනවා' ආනන්ද කීවේ මහින්දානන්දට ඇඟිල්ල දිගු කරමිනි.
එවිට විපක්ෂයේ මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න රීති ප්‍රශ්නයක් නගමින් සභාවේ මූලාසනයෙන් ඉල්ලා සිටියේ,
'මෙතුමා සභාවට නොගැළපෙන වචන පාවිච්චි කරනවා. අදාළ නැති වචන කියනවා. ඒක නවත්වන්න* කියාය.
'ගරු ආනන්ද මන්ත්‍රීතුමා අපි අදාළ කාරණය පිළිබඳව සාකච්ඡා කරමු* මූලාසනයේ සිටි මන්ත්‍රී කවින්ද මන්ත්‍රී ආනන්දගෙන් ඉල්ලීය.
'අපි මේ පක්ෂ දෙකේම ඉඳල තියෙන නිසා මේ කෙරුමො ගැන හොඳට දන්නවා. මෙතුමාලා නිසා තමයි ඔබතුමාට ගෙදර යන්න සිදුවුණේ. අන්තිමට මහින්ද මහත්තයා බයිසිකලෙනුත් පාර්ලිමේන්තුවට ගෙනාවනේ*
'මන්ත්‍රීතුමා විෂයයට අදාළව කතා කරන්න' යළිත් මූලාසනයෙන් කීවේය.
'විෂයයට අදාළව තමා කතා කරන්නේ. මේ පාරවල් ගැන කතා කරන්නේ. මෙතුමාලා ගෙදර ගිය පාර ගැන කතා කරන්නේ. මෙයාලා වැරදි පාරේ යන්නේ. දැන් අපි යන්නේ හරි පාරේ*
හිටපු ජනාධිපතිතුමා මහපාරට දාපු එක ගැන කතා කරන්නේ. ඒක මේ මහාමාර්ග විෂයයට ආදාළයි.
පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාවට අදාළ ගැසට් නිවේදනය තාවකාලිව අධිකරණයෙන් අත්හිට වූයේ බදාදා. එදින පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය වන මහවැලි හා පරිසර අමාත්‍යාංශ පිළිබඳ සාකච්ඡා කළද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ මැතිවරණය කල් දැමීමට සිදු වූ එම ක්‍රියාව සම්බන්ධයෙනි.
ජවිපේ නායක මන්ත්‍රී අනුර කුමාර ද මේ සම්බන්ධයෙන් දැඩි කතාවක් කිරීමට සූදානම්ව සිටි අතර, ජනාධිපති මෛත්‍රී සභාවේ සිටියදීම එම කතාව පැවැත්වීමට ඔහුට අවශ්‍ය විය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන වෙලාව නිවැරදිව දන්නා ඔහුගේ පක්ෂයේ හිතවත් අයෙක් මූලාසනයේ සිටි අතර, ඔහු අනුරට නිවැරදි වේලාව එහි සේවකයෙක් මගින් දන්වා තිබුණි.
ඒ අනුව අනුර කතාව ආරම්භ කර සුළු වේලාවකින් බලාපොරොත්තු වූ පරිදි ජනාධිපති මෛත්‍රී සභාවට පැමිණියේය.
ජනාධිපතිවරයාට සම්මුඛව විපක්ෂයේ අනුර සිටි බැවින් ජනාධිපති මෛත්‍රී ඉලක්ක කරගනිමින් අනුර සිය කතාව පැවැත්විය.
'මේ මැතිවරණය අපි දිනාගත යුතුයි. මෙතෙක් ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ඉතිහාසයේ මොන ගැටලු තිබුණත්, ඒ සියල්ලටම එම බර තබා අපි කියන්නේ මෙවර මැතිවරණය දිනාගැනීමට අප කටයුතු කළ යුතුයි කියා.
ඒකාබද්ධ විපක්ෂය වගේම මේ වෙනුවෙන් උනන්දුවක් දක්වන සිවිල් සමාජ සහ උනන්දුවක් දක්වන සියලුම පක්ෂ සමග එකතු වෙන්න අපි සූදානම්.
පළාත් පාලන ආයතනවල කාලය ඉක්ම වුණේ 2015 මාර්තුවල. මැයි මාසයෙන් පසුව පළාත් පාලන ආයතනවල පාලනය බිඳවැටුණා. වසර දෙකහමාරකට වැඩි කාලයක් ඡන්දය කල් ගියා. මේ සඳහා සමහර සාධාරණ කරුණු තිබෙනවා. නමුත් මෙම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ නඩුව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් යොමුකරන ලද නඩුවක් නොවේ.
තමන්ගේ කැත, වංක වුවමනාව ඉටුකර ගැනීමේ අරමුණින් අධිකරණය උපයෝගී කරගැනීමක් මෙතැනදී සිදුවුණේ.
මේ නඩුව දාල තියෙන්නේ ඩිලාන් පෙරේරාගේ, ලක්ෂ්මන් යාපාගේ පුතාගේ, දයාසිරි ජයසේකරගේ ගෝලයෝ. ආණ්ඩුවේ එක පාර්ශ්වයක් විසින් වංකව සිදුකරන මෙම කටයුතුත් අප හෙළා දකිනවා.
ජනතාවගේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය පනත් හදන්න විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පවා කැඳෙව්වා*.
යනුවෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන විට ජනාධිපතිවරයා නොසෙල්වී ඔහුගේ කතාව අසාගෙන සිටියේය.
'පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා පස්වරු 1.00 තෙක් කල් තබනවා* යැයි මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග නිවේදනය කරනවාත් සමග අනුර සිය කතාව නතර කළේය.
කතාවෙන් පසුව විපක්ෂයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අනුර අසලට පැමිණ අනුරට අතට අතදී සුබපැතුවේය.
ජනාධිපති මෛත්රීද කිසිවක් නොකියා ඉවත්ව ගියේය.
දිවා ආහාර වේලාවේ පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම ප්‍රධාන කතාබහ වූයේ අනුරගේ කතාව පිළිබඳවයි. මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදී ඒ වෙනුවෙන් අනුරට බොහෝ ප්‍රතිචාර ලැබුණු අතර, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තරමක් අමනාපයෙන් මෙන් අනුර සමග කතා කළේය. නිලධාරීන්ගේ භෝජනාගාර තුළද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය භෝජනාගාරයේද අනුරගේ කතාව පිළිබඳව සුබවාදී අදහස් රැසක් මතු විය.
දිවා ආහාරයෙන් පසු අනුරගේ කතාවට පිළිතුරු දුන්නේ ඇමති මහින්දානන්ද අමරවීරයි.
&අනුර කුමාර මන්ත්‍රීතුමා දිගින් දිගටම කිව්වා මේ මැතිවරණය කල් දාන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එහි නායකත්වය මේ කටයුත්තට යම් ආකාරයකට දායක වෙලා කියලා. මම වගකීමෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට මේ මැතිවරණය කල් දැමීමට අපිට අවශ්‍ය නැහැ. මෙය ඉතා ඉක්මනින් පැවැත්විය යුතුයි කියන මතයේ අපි පැහැදිලිවම ඉන්නවා කියලා අපි කියනවා*.
පසුව තතා කළේ එජාපයේ සිසිර කුමාර මන්ත්‍රීවරයාය. ජවිපෙ සමග හෝ එක්වී මැතිවරණය දිනාගැනීමට ඔවුන් එකඟ බව සිසිර කියන්නට විය.
'ප්රජතන්ත්රවාදී රටක මේ මැතිවරණය අනිවාර්යෙන් ලබාදිය යුතුයි. සෑම පුරවැසියෙක්ම බලාගෙන ඉන්නේ ඡන්දෙ පැවැත්වීම පිළිබඳවයි. ඡන්දෙ කල් යෑමට පෞද්ගලිකව මම විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. ඒ නිසා අපිට මැතිවරණය ඉක්මනින්ම අවශ්‍යයයි. ජනතා විමුක්ති පෙරමුණ පාරට බහින්න ලෑස්තියි කිව්වා. ඒකාබද්ධයත් පාරට බහින්න ලෑස්තියි කිව්වා. අපිත් එක්සත් ජාතික පක්ෂය විදිහට පාරට බහින්න ලෑස්තියි කියල කියන්න කැමතියි*.
පසුගිය බදාදා මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසේ සිටියදී උදෑසන 7.30ට පමණ සුසිල් ප්‍රේම්ජයන්ත් හා ජෝන් සෙනෙවිරත්න පැමිණියහ. පක්ෂයේ යෝජනා ඇතුළත් ලිපියක් ඔවුහු මහින්දට බාරදුන්හ.
“සර් මේ යෝජනාවලින් ඕනම එකකට අපි එකඟයි. අපි එකතු වෙමු* ජෝන් කීවේය.
'මම මේක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දාන්නම්. ඊට පස්සේ මේ ගැන අපි කතා කරලා ඔබතුමාලට දැනුම් දෙන්නම්* මහින්ද පිළිතුරු දුන්නේය. එක්ව ගමනක් යෑම ගැන ජෝන් දැඩි විශ්වාසයෙන් යුතුව කතා කළේය.
“ආණ්ඩුව මේ විදියට වැඩ කරද්දි අපි කොහොම එකතු වෙන්නද කියන එකයි ප්‍රශ්නෙ* මහින්ද පැවසීය.
මේ අවස්ථාව වනවිට ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පළාත් පාලන නියෝජිතයන් පිරිසක් කරුණු හතක් සහිත ලිපියක් රැගෙන මහින්ද හමුවීමට පැමිණ සිටියහ. කේෂේත්‍ර නිලධාරීන්ට සාධාරණයක් කිරීම, හිටපු සභාපතිවරුන්ට කණ්ඩායම් නායකකම ලබාදීම, ජාතික ලැයිස්තුවලදී සුදුසු අයට වැඩි අවස්ථාවක් දීම, සභාපතිවරුන්ගේ රැස්වීම්වලට මහින්ද සහභාගි වීම, දිස්ත්‍රික් ජනරැලිවලදී පළාත් පාලන ආයතන නියෝජිතයන්ට, සංසදයේ ප්‍රධානීන්ට කතා කිරීමට අවස්ථාව දීම යන යෝජනා ඔවුන් සකස් කර තිබුණි.
මේ වනවිට සුසිල් හා ජෝන් මහින්දගේ ගෙදර සිටින ආකාරය පළාත් පාලන නියෝජිතයෝ දුටුවහ. ඉන්පසුව සකස් කරගෙන පැමිණි යෝජනාවට අමතරව තවත් යෝජනාවක්ද එක් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු නොවිය යුතු බවට එම යෝජනාව පෑනකින් ලියා ලිපියට ඇතුළත් කළේය. සුසිල් හා ජෝන් එලියට එනතුරු පළාත් පාලන නියෝජිත පිරිස මහින්දගේ නිල නිවසේ ගේට්ටුව අසල රැඳී සිටියහ.
මෙය දැනගත් සුසිල් හා ජෝන් මහින්දගේ නිවසේ පිටුපස දොරකින් පිටත්ව ගියහ. ඉන්පසුව පළාත් පාලන නියෝජිතයන් සමග මහින්ද සාකච්ඡා කළේය.
ශ්රීලනිපය සමග කතා කරන්න මහින්ද ඒකාබද්ධය කැමති කරවා ගත් හැටි
පාර්ලිමේන්තුවේදී දවල් කාලයේදී මහින්දට සිසිර, පවිත්‍රා, රණවීර, හමුවිය. මේ අවස්ථාවේදි සිසිරගේ දුරකථනයට සාගලා නමින් නීතිඥයෙකුගෙන් ඇමතුමක් ලැබුණි. පළාත් පාලන ගැසට් නිවේදනයට දෙසැම්බර් 04 දක්වා තහනම් නියෝගයක් දුන් බව එම ඇමතුමින් කියවිණි. එවිට දුරකථනය මහින්දගේ අතට දුන් සිසිර වෙනත් කටයුත්තකට ගියේය.
“ඕක තමයි ඉතිං ආණ්ඩුවට ඕන වුණේ* යැයි පැවසූ මහින්ද කෙලින්ම පාර්ලිමේන්තු සභා ගර්භයට ගියේය. ඉන්පසුව ඡන්දය කල් දැමීම ගැන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. ඉන්පසුව කාමර කමිටු අංක හතෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මහින්ද ගියේය.
'ගිය සතියේ සුසිල්ලා ඇවිත් මං හමු වුණා. ඊට පස්සේ අද උදේ මට යෝජනාවලියකුත් ගෙනත් දුන්නා. නිතරග ගිවිසුමක් ඇති කිරීම ගැන එහි යෝජනාවක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු සිටින ස්ථානවල බලය ශ්‍රීලනිපයට හා ඒකාබද්ධ විපක්ෂයටත්, වැඩි බහුතරයක් ඇති ස්ථානවල බලය ඒකාබද්ධයටත් යන ආකාරයෙන් සුසිල්ලාගේ යෝජනා සකස් කර තිබුණි.
'හැමෝම මට බැන්නේ මම ඒකාධිපතියෙක් කියලනේ. හැබැයි මම හැමදාම වැඩ කළේ ප්‍රජාතන්ත්‍රවාදීව. ඒ හින්දා මම මේ වතාවෙත් තීරණය කළා කවුරු මොනවා කිව්වත් මේක මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන්න. දැන් මන්ත්‍රී කණ්ඩායම කතා කරලා මට තීන්දුවක් දෙන්න* මහින්ද කීවේය. එවිට වාසු කතාව අරඹමින්,
“ආණ්ඩුව පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර කිහිපයක් අරන් තියෙන බව පේනවා. හැබැයි මේක අවංකද නැද්ද කියන එක ගැටලුවක්* යැයි කී විට,
&පසුගිය කාලයේ වැඩ කරපු විදිය අනුව අපිට එකපාරටම තීන්දුවක් ගන්න බැහැ. අපි ඉදිරිපත් කර තියෙන කොන්දේසි ටිකවත් ඉෂ්ට නොකර කොහොමද එකතු වෙන්නේ. ඒ හින්දා මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕන. පවිත්‍රා පිළිතුරු දුන්නාය.
“ඔව් ඒක හරි. මේ අවංකභාවය පෙන්වන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි ඒ අය ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕන. ඊට පස්සේ අගමැති ධුරය හෝ විපක්ෂනායක ධුරය මහින්ද මහත්තයට දෙන්න ඕන. එහෙම කළොත් විතරයි මේ ගැන සාකච්ඡා කරන්න වුණත් අපි සූදානම් වෙන්නේ* වාසු කීවේය. ලොහාන්, සනත් නිශාන්ත මෙයට සමාන තවත් අදහස් පළ කළහ.
“හරි එහෙනම් අපේ ස්ථාවරය ඒ පක්ෂෙ අයට කියමු. එහෙනම් කවුද ඒ සාකච්ඡාවට යවන්න යෝජනා කරන්නේ* මහින්ද ඇසීය.
“හරි එහෙනම් අපි ජනකවයි, වෙල්ගමවයි දාමු* මහින්ද පැවසූ විට,
“අපෝ මට නම් ඕවට යන්න බැහැ. ඕවට ගියාට පස්සේ මිනිස්සු අපිට ගහල පන්නාවි* ජනක පැවසුවේය.
&මම කතා කරන්න යන්න බයයි. මම ගියොත් ඒකාබද්ධ විපක්ෂයයි, රටයි පාවා දුන්නා කියාවි. මම නම් ඔය සාකච්ඡාවලට කැමති නැහැ* වෙල්ගමද සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.
“එහෙම හරි නෑ. කවුරු හරි මේක කතා කරන්න ඕන. ඒ අයගේ ඉල්ලීමක් තියෙනවනේ. ඒ හින්දා සීබියි, පවිත්‍රායි, මහින්ද යාපායි ඒ පාර්ශ්ව එක්ක කතා කරලා එකඟතාවකට එන්න* මහින්ද සියලුදෙනා දිහා බලමින් කී කරුණ සියලුදෙනා අනුමත කළහ.
මේ දිනවල අයවැය විවාද පැවැත්වෙන බැවින් මන්ත්‍රීවරුන් වැඩි වශයෙන් පාර්ලිමේන්තුවේ දැකිය හැකිය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද නිතරම පාහේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වේ. සතියේ මැද දිනක පැවැති පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි මහින්ද, සනත්, පියල්, පද්ම උදයශාන්ත ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ගනිමින් ආගිය තොරතුරු කතා කරන්නට වූහ. මේසයේ වට වී විවිධ මාතෘකා කතා කරමින් සිටියදී එහා මේසයක විජිත් විජිතමුණි තනිවම කෑම කන ආකාරයක් දුටුවේය.
“අන්න අප්පච්චි මලෝ තනිවම කනවා* එක් මන්ත්‍රීවරයෙකු කී විට සියලුදෙනා ඒ දෙස බැලූහ.
“එයා තනිවම පැත්තකට වෙලා කන්නෙ මොකද කියල දන්නවද?* පද්ම උදයශාන්ත ඇසීය.
“නෑ ඇයි? මම නම් දන්නෑ* මහින්ද කීවේය. එතන ඉන්නකොට එයාට හොඳට එළිය පේනවා. අනිත් එක ළඟම ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ අයගේ මුණු නොපෙනුණාට කටහඬ ඇහෙනවා. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ අය කනවා වගේ ඉක්මනට කෑම කන්න පුළුවන්* පද්ම උදය ශාන්ත විහිළුවක් කරන ගමන් කී අදහසට විජිතමුණි දෙස බලා සියලුදෙනා සිනාසුණහ.
“දැන් නම් එයා කාල ඉවරයි වගේ. මේ පැත්තට ඇවිල්ලා යන්න කියන්න* මහින්ද කී අතර,
'ඇමතිතුමා මේ පැත්තට එන්න& යැයි මන්ත්‍රීවරයෙකු පැවසීය. ඉන්පසුව විජිතමුණි මහින්ද සිටි මේසයට පැමිණියේය.
“ඇයි මොකද තනිවෙලා. කවුරුවත් නැද්ද?* මහින්ද ඇසීය.
“නෑ සර්. ඉතිං දැන් තනිවෙලා තමයි ඉන්න වෙලා තියෙන්නේ* විජිතමුණිගේ පිළිතුර විය. එම ප්‍රකාශය කරන විට මහින්ද කිසිවක් ප්‍රකාශ නොකර සිනාසුණා පමණි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පිටකෝට්ටේ ප්‍රධාන කාර්යාලයේදී අඟහරුවාදා පෙරවරුවේ රැස් විය. නායක විමල් වීරවංශ ඇතුළු නායකයන් එම අවස්ථාවට එක්ව සිටියහ. පියසිරි විජේනායක එක් නොවුණි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමේදී ජාතික නාමයෝජනා කමිටුවේදී ලැයිස්තුවට පක්ෂයේ අපේක්ෂකයන් යොදාගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ගැනුණි. මේ අවස්ථාවේදී පක්ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ දේශපාලන මණ්ඩලයට ලිපියක් ඉදිරිපත් කළේය. සෞඛ්‍යමය හා පෞද්ගලික හේතූන් මත ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් විය. විමල් ඇතුළු දේශපාලන මණ්ඩලය එම ලිපිය බාරගත්හ. ඉන්පසුව ජානිපෙ මධ්‍යම කාරක සභාව කැඳවා තිබුණි. “බොහොම කණගාටුදායක කතාවක් කියන්න තියෙනවා. අපේ පක්ෂයේ ප්‍රධාන කොටසක් වෙලා සිටි, අපිත් සමග කවදත් එකට සිටි ප්‍රියන්ජිත් විතාරණ සහෝදරයා රටට තීරණාත්මක වෙලාවක අපෙන් වෙන්වී යන්න තීරණය කර තිබෙනවා. පියසිරි විජේනායක වගේ හැසිරීමක් ඔහුගෙන් නොදුටු නිසා අපි බොහොම කම්පනයට පත්වෙනවා එම තීරණය සම්බන්ධව. ඔහු මධ්‍ය කාරක සභාවේ වාඩිවෙලා හිටියනම් කරුණු පෙන්වා දී තීරණය වෙනස් කරගන්න තිබුණා* යනුවෙන් විමල් කීවේය.
“ප්‍රියන්ජිත් විතාරණ පක්ෂය නොකැඩී පවත්වාගෙන යෑම සඳහා දැඩි උත්සාහයක් ගත්තා. කිසිම පෞද්ගලික ලාභයක් බලාපොරොත්තු වුණේ නැහැ. කොන්ද කෙළින් තියාගෙන වැඩ කළ ඔහු පසුගිය කාලයේදී බයිපාස් සැත්කමක් කළත්, පක්ෂ මූලස්ථානයේ කටයුතු බලාගෙන සිටියා. අවසන් මොහොත දක්වාම පක්ෂයේ වගකීම දරා සිටි ඔහුගේ ඉවත්ව යෑම අපට ලොකු පාඩුවක්* තවත් මධ්‍යම කාරක සභියෙකු පැවසීය. ඉන්පසුව කණ්ඩායමේ අවධානය යොමු වුණේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයෙකු පත් කර ගැනීම කෙරෙහිය. නිමල් පියතිස්ස කීවේ දැනට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධුරය දරන නීතිඥ කපිල ගමගේ වැඩබලන ලේකම් ධුරයට සුදුසු බවයි. ජයන්ත වන්නිආරච්චි එය ස්ථිර කළේය.
ඉන්පසුව කතා කළ ජයන්ත සමරවීර,
“පියසිරි විජේනායක අපේ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ ඉඳගෙන දිගින් දිගටම මාධ්‍ය හරහා පක්ෂයටත්, සාමාජිකයන්ටත් අවලාද ප්‍රහාරයක් එල්ල කරගෙන යනවා. දැන් මාධ්‍ය හමු හතරක් පවත්වලා, පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දීලා, රූපවාහිනී වැඩසටහන්වලට මුහුණදීලා තිබෙනවා. මේ වෙලාවේ පක්ෂය තෝරා තියෙන දේශපාලන මතයට පටහැනිව දිගින් දිගටම කරුණු ගණනාවක් සමාජගත කරමින් ඉන්නවා. ඒක පක්ෂයේ විනයට පිටින් ගිහින් කරන දෙයක්. පක්ෂයේ ප්රචාරක කටයුතු සිදුකළ යුතු ආකාරයට අනුව නෙවෙයි ඔහු වැඩ කරන්නේ. ඒ සම්බන්ධව කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි* යනුවෙන් දැඩිව අවධාරණය කළේය. මාධ්‍ය ඒකකයේ ප්‍රධානී අනුරුද්ධ රණවාරණද කීවේ පියසිරිගේ වැඩපිළිවෙළ නතර කිරීමට මධ්‍යම කාරක සභාව විදියට පියවරක් ගත යුතු බවයි. &ජානිපෙ ජාතික සංවිධායක විදියට තමයි මෙයා හැමදෙයක්ම කරන්නේ. අපි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැති නිසයි එහෙම කරන්නේ. මාධ්‍යයේ පෙනී සිටීමට ඔහු තනතුර පාවිච්චි කරන නිසා තනතුර අත්හිටුවමින් විනය පරීක්ෂණයක් පවත්වමු. ඒ බව ඔහුට දැනුම් දෙන්න* තවත් මධ්‍යම කාරක සභියෙකු පැවසීය. ඒ අනුව වැඩබලන ලේකම් ධුරයට පත් කළ කපිල ගමගේ සතු ප්‍රථම රාජකාරිය වූයේ පියසිරි විජේනායකගේ ජාතික සංවිධායක තනතුර අහෝසි කරමින් විනය පරීක්ෂණයක් පැවැත්වීමය.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසුගියදා සූරියවැව මීගහකඳුර ගම්මාන වෙත ගියේ 47 වැනි උදා ගම්මානය වන %සිතුජයගම^ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටය.
ඉංග්රීසින්ගේ කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කය භාර ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස 1908 සිට 1911 දක්වා කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් ලියූ %විලේජ් ඉන් ද ජංගල්^ (බැද්දේගම) නවකතාවේ සිළිඳු, බබුන් අප්පු, පුංචි මැණිකා, හින්නිහාමි, ආරච්චිල, නපුරු කට්ටඩිරාළ වැනි චරිත සිහියට නගා ගනිමින් ඒ මහතා උත්සවයට ගමන් කළේ තවමත් පවතින මීගහකඳුර පලුගහ යට එදා වුල්ෆ් ගැමියන්ගේ පොලිස් නඩු විභාග කළ බව කියවෙන ස්ථානයද පසුකරමිනි. %සිතුජයගම^ විවෘත කිරීමෙන් පසු සුපුරුදු පරිදි නිවසින් නිවසට ගිය සජිත්ට එහිදී අපූරු පුද්ගලයෙකු හමුවිය. එනම් අවුරුදු අසූ පහක් පමණ වයස, කොණ්ඩය සුදුම සුදු %සීලිං අප්පු මාමා^ ය. මේ වියපත් තැනැත්තා සමග පිළිසඳරේ යෙදීම සජිත්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. %පසුගිය කාලේ දුප්පත් අපට මෙහෙම සැලකිලි ලැබුණේ නෑ. ඔබතුමා මේ පැත්තට ඇවිත් ඉඩම් නැති දුප්පතුන්ට ඉඩම් දුන්නා. දැන් ඒවයේ එක යායට ගෙවල් හැදිලා. බලන්නත් අපූරුයි. හැම ගේකටම යන්න පාරවල්, ලයිට්, වතුර. කොච්චර ලස්සනද?* සීලිං අප්පු මාමා මහත් සතුටින් කියද්දී සජිත් කීවේ,
&සීලිං අප්පු මාමා වගේ මේ පළාතේ කවුරුත් ගරු කරන වැඩිහිටියෙක් ඇවිත් මං කරපු වැඩ ගැන එහෙම කියනකොට මටත් හරිම සතුටුයි. මං තව තවත් ශක්තිමත් වෙනවා. තව තවත් ජනතාවට සේවය කරන්න හිතෙනවා* කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd