Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින්. අපි ඒ මැතිවරණයේදී ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටියේ සන්ධානයේ ආණ්ඩුවක් හදන්න මිසක් එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් හදන්න නෙමෙයි.
අවාසනාවකට වගේ මහ මැතිවරණයෙන් අපට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයත් සමග ජාතික ආණ්ඩුවක් හදන්න තීන්දු කළා. අපි ඒකට විරෝධය පළ කරලා ජනාධිපතිවරයාගේ අනුමැතිය මත විපක්ෂයේ අසුන් ගෙන ආණ්ඩු විරෝධී සටන ඉදිරියට ගෙන යන්න තීරණය කළා.
ඒ අනුව තමයි ඒකාබද්ධ විපක්ෂය කියන මේ රටේ තියෙන ප්‍රධානතම ආණ්ඩු විරෝධී බලවේගය නිර්මාණය වුණේ. අද පාර්ලිමේන්තුවේ නාමික විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නෙත් ආණ්ඩුවේ මතයමයි. ඒ නිසා අපිට ආණ්ඩු විරෝධී සටනක් තියෙන ඕනෑම තැනක් නියෝජනය කරන්න පුළුවන්.
රටේ නිල විපක්ෂය ආණ්ඩුවේ පදයට නටන රූකඩ කණ්ඩායමක් බවට පත්වෙලා තියෙන වටපිටාවක, ඒකාබද්ධ විපක්ෂයේ අපට වගකීමක් තියෙනවා ආණ්ඩු විරෝධී සටන ඉදිරියටම ගෙන යන්න. ආණ්ඩුවට විරෝධය පළ කරනකොට අපි තරග කළේ මොන පක්ෂයෙන්ද කියන එක අදාළ වන්නේ නැහැ.
වැරදි දේ වැරදියි කියන්න සෑම මන්ත්‍රීවරයකුටම කොන්දක් තියෙන්න ඕන. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළා කියලා ආණ්ඩුවේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ක්‍රියා ඉස්සරහා කටපියාගෙන ඉන්න අපට බැහැ. ආණ්ඩුවට විරෝධය පාන්න අපි සන්ධානයෙන් ඉවත් වෙන්න ඕන නැහැ.
ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීම වරදක් නම් ඒ වරද වෙනුවෙන් විනය පරීක්ෂණ එකකට නොවෙයි දහසකට වුණත් මුහුණ දෙන්න මම ලැහැස්තියි. බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මට මහ මැතිවරණයේදී භාරදුන් වගකීම තමයි මම ඉෂ්ට කරමින් ඉන්නේ. ඒ ජනතාව අපිට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂ පිළිකන්නේ ළඟින්න නෙමෙයි.
ඔවුන් අපිට කීවේ ආණ්ඩුවක් හදන්න, එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න කියලයි. මේ ජාතික ආණ්ඩුව කියලා අටවගත්ත අටමගලට මුක්කු ගහන්න කියලා අපේ පාක්ෂිකයෝ අපිට කියලා නැහැ. ඉතින් ඒ යුතුකම ඉෂ්ට කරන්න ගියාම ප්‍රතිඵලය විනය පරීක්ෂණයක් නම් මම ඒකට සතුටෙන් මුහුණ දෙනවා.
ඕනෑ තරම් තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕන විනය පරීක්ෂණ තියනවා නම් මුලින් තියන්න ඕන මේ පක්ෂයේ වර්තමාන සභාපතිවරයාට විරුද්ධවයි. එතුමා තමයි පක්ෂයේ ලේකම් ධුරයත් අතහැරලා පක්ෂයේම සභාපතිවරයා පරද්දන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්රතිගාමී බලවේග සමග අත්වැල් බැඳගත්තේ.
අන්න ඒවට තමයි මුලින් විනය පරීක්ෂණ තියන්න ඕන. එතකොට මේ පක්ෂයේ වර්තමාන ලේකම් දුමින්ද දිසානායකට විරුද්ධවත් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමැතිවරයකුව සිටියදී ජනාධිපතිවරණයේදී වෙනත් පක්ෂයක අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීම සම්බන්ධයෙන්.
එහෙම නැතුව අපි කොන්ද කෙළින් තියාගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එකට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වලා වැඩක් නැහැ. අපි වෙනත් පක්ෂයක වේදිකාවට නැග්ගා කියල චෝදනා කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයට ගිහින් පක්ෂ සංවත්සර අමතන ජනාධිපතිවරයාට විරුද්ධව විනය පරීක්ෂණ පහක් තියන්න ඕන.
අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ජනතා මතයයි. ඒ මතය තමයි ආණ්ඩු විරෝධී සටනට නායකත්වය දීම. අපිට පක්ෂ සභාපතිවරයාගෙන් අනුමැතියක් ලැබී තිබෙනවා විපක්ෂයේ අසුන් ගන්න. එහෙම නැතුව අපි මේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න කණ්ඩායමක් නෙවෙයි.
අපිට ඕනෑ තැනක බය නැතුව කියන්න පුළුවන් මේ රටේ සැබෑ විපක්ෂය අපියි කියලා. අපිටත් දේශපාලන උපක්‍රම තියෙනවා. හැබැයි ඒවා ඔය සමහරු කරනවා වගේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ දෙකයි පනහේ දේශපාලන උපක්‍රම නොවෙයි. අපේ දේශපාලන උපක්‍රම සියල්ලම ජනතාව වෙනුවෙන් පමණයි.
ආණ්ඩුව නියෝජනය කරන කිසිම ඇමැතිවරයෙක් අද ඉන්නේ සතුටෙන් නෙමෙයි. බොහෝ ඇමතිවරුන්ට ආණ්ඩුවේ ක්‍රියා ගැන තියෙන්නේ පිළිකුලක්. අපි සමග ඒ අය කතාබහ කරන විට අපට තේරෙනවා බොහෝ දෙනා ඉන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට කියලා. ඒ අය සමහරවිට කරන ප්‍රකාශවලින් ඒ බව තේරුම් යනවා.
හෘදසාක්ෂියට එකඟව මේ ආණ්ඩුව නියෝජනය කරන්න බැරි ඇමතිවරුන්ට පුළුවන් සැබෑ ආණ්ඩු විරෝධී බලවේගය වන ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වෙන්න. එතැනදී දින වකවානු වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ අරමුණයි. ප්‍රියංකර, අරුන්දික, ඩුලිප් කියන ඇමැතිවරුන් අපිත් එක්ක පසුගිය කාලයේ එකතු වුණා වගේ අනෙක් ඇමැතිවරුනුත් අවශ්‍ය වෙලාවට තීන්දු තීරණවලට එළඹෙයි.
හෘදසාක්ෂියට එකඟව තවදුරටත් මේ ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරන්න බැරි මන්ත්‍රීවරයකු අපේ පැත්තට එකතු වීම අපේ හඬ ශක්තිමත් කරන්න ඉවහල් වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී ක්‍රියා නතර කරන්න අපට ඒ අයගේ පැමිණීම ශක්තියක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්.
උදාහරණයක් විදියට මේ ආණ්ඩුව ගේන්න යන රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන්න නම් අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඉන්න ඕන. අපේ බලය වැඩි වුණොත් තමයි ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කරලා මේ පනත පරාජය කරන්න අපට පුළුවන් වන්නේ. ඒ නිසා අපට ඒ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය වැදගත් වෙනවා.
අපේ දේශපාලන උපක්‍රම ප්‍රසිද්ධියේ කියන්නට අපට පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයා රටට හඳුන්වා දුන්නු කොළේ වහලා ගැහිල්ල එහෙමත් නැත්නම් අන්තිම මොහොත වෙනකම් දේශපාලන උපක්‍රම සඟවාගෙන සිටීමේ න්‍යාය අපිත් දැන් අනුගමනය කරමින් ඉන්නවා.
ඒ හින්දා අපිට කියන්න බැහැ අපිත් එක්ක ගනුදෙනු කරමින් ඉන්නේ කවුද කියන එක. හැබැයි මේ ආණ්ඩුව ගැන කලකිරුණු ඇමතිවරුන් අපිත් සමග කතාබහ කරමින් සිටින බව කියන්න පුළුවන්. ඒ පිරිස එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ කියලත් කියන්න පුළුවන්. ජනතාවට ඉදිරියේදී ඒ ගැන දැනගන්න ලැබෙයි.
පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු ගැන විමසිය යුත්තේ එම පක්ෂයේ නායකයන්ගෙන් බවයි මගේ අදහස. නමුත් අපිට පේනවා 2015 ජනතාව මත බලෙන් පටවපු වෙනස නැවත වරක් වෙනස් කරන්න ඕනේ කියන පිරිස එන්න එන්නම වැඩි වෙනවා. ඒ අයට පොදු වේදිකාවක අවශ්‍යතාවක් දැන් ඇති වෙමින් තියෙනවා. එතැනදී මේ රටේ දැනට තියෙන ප්‍රධාන පක්ෂ ගැන ජනතා විශ්වාසය පිරිහී තිබෙන වාතාවරණයක අලුත් පක්ෂයකට ජන ආකර්ෂණයක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. ඒ ජනතා අවශ්‍යතා තේරුම් ගනිමින් කටයුතු කිරීම තුළින් රටේ නව දේශපාලන බලවේගයක් ගොඩනගන්න පුළුවන් බවයි මගේ විශ්වාසය.
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන්ට එරෙහි බලවේගයක් ගොඩනැගීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවෙලා තියෙනවා. අපි දැනටමත් පුළුල් සන්ධානයක් හරහා රට තුළ නව දේශපාලන ප්‍රවණතාවක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී දැනගන්නට පුළුවන් වෙයි.
මම කලිනුත් කිව්වා වගේ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වන්නේ රට රකින ආණ්ඩුවක් බිහිකිරීමයි. එතැනදී ඒකාබද්ධ විපක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන පොදු බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා. අපේ ඉදිරි දේශපාලන ගමන තීරණය වන්නේ ඒ අවස්ථාවේ රට හමුවේ පවතින තත්ත්වය අනුවයි.
ඒ නිසා අපි ඉවසිල්ලෙන් බලා හිඳිමු. මොකද තවම මැතිවරණයකට දින නියම වෙලත් නැහැ. ආණ්ඩුව මැතිවරණ තියනවා කිව්වට අපිට නම් මේ ආණ්ඩුවේ ප්‍රකාශ ගැන කිසිම විශ්වාසයක් නැහැ. දැන් අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් මේ රටේ මැතිවරණ තිබ්බේ නැහැ. මැතිවරණයක් ප්‍රකාශයට පත්වුණාම අපේ වැඩපිළිවෙළ අපි ප්‍රකාශයට පත්කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු වශයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා අනුරාධපුරයේදී දැවැන්ත ජනරැළියක් අතිසාර්ථක අයුරින් පවත්වන්නට හැකි වීම ගැන. ඒ රැළියට ගලාගෙන ආ ජන ගංගාව හඬගා කිව්වේ වර්තමාන ආණ්ඩුවට රට තුළ තිබෙන දැවැන්ත විරෝධයේ තරම බවයි මගේ විශ්වාසය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියල තිබුණා එම රැළියට දහදාහකට වඩා ආවොත් අමුඩය ගහගෙන පාර්ලිමේන්තු යන බව. එතුමට අමුඩ ගහගෙන වසාගන්න නිරුවතක් ඉතුරු වෙලා නැහැ කියලයි මම නම් හිතන්නේ. අද ආණ්ඩුවේ හැමෝටම වෙලා තියෙන්නේ අමුඩය ලිහලා තියලා නිරුවතින් පාරේ යන්නයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඩීල්කාරයෝ නැහැ. සැබෑ ඩීල්කාරයෝ ඉන්නෙ මේ ආණ්ඩුවේ. ජනතාව අපට දුන්න වරම අනුව කටයුතු කරන අපි ඩීල්කාරයෝ වෙන්නේ කොහොමද, හරි නම් ඩීල්කාරයෝ වෙන්න ඕන ජනතා වරමට පයින් ගහලා එක්සත් ජාතික පක්ෂය සමග එකගෙයි කන ඇමතිවරුනුයි.
ඔය ඩීල් කතාව නිතරම කියන්නේ ඩිලාන් පෙරේරා ඇමතිතුමයි. ජනතාව දන්නවා එතුමාගේ දේශපාලන ඩීල් ගැන. මේ පැත්තට වෙලා මෛත්‍රීපාල මහත්තයාව පතුරු ගහලා ගහල දිනුවට පස්සේ ගිහින් කකුල් ළඟ වැඳවැටිලා ඇමැතිකම් ගත්තේ ඩීල් නිසා නෙමෙයිද,
ඩීල්කාරයට අනෙක් හැමෝම පේන්නෙත් ඩීල්කාරයෝ වගේ තමයි. ඒකයි ඇත්ත. මහින්ද මහත්තයා කිව්වා වගේ අපේ ඩීල් එක තියෙන්නේ ජනතාව සමගයි. රට සමගයි. එහෙම නැතුව එක එක්කෙනාගේ කකුල් ලෙවකන ඩීල් අපි ළඟ නැහැ. අපි අභියෝග කරනවා පුළුවන් නම් අපේ ඩීල් හෙළිකරන්න කියලා.
විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ඇමතිවරුන් මාර්ගයෙන් තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගත් බවට චෝදනාවක් නැගෙනවා. සමහර නඩු පමා වීමටත්, සමහර නඩු යට ගැසීමටත් මෙම ඩීල් බලපෑ බවටද චෝදනා එල්ල වෙනවා. මෙවැනි චෝදනාවක් එල්ලවන්නේ එම මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය ජනතාව දකින නිසයි. ගනුදෙනු කරන ආකාරය කිසියම් හෝ ක්‍රමයකින් අනාවරණය වන නිසයි.
ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ඉස්සර හිතල බලන්න අද නඩු දාලා උසාවි ගානේ රස්තියාදු කරවන්නේ කාවද කියලා. නඩුහබ සේරම තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයට විතරයි. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ නඩුහබ කියන්නේ පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් විතරයි කියලා.
නඩු පටලවන්නේ දේශපාලන හේතු මත හින්දා ඒවා ඔප්පු කරගන්න හෝ ඒවාට දඬුවම් කරන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. එයාලට ඕන අහවලාට නඩුවක් තියෙනවා කියලා ජනතාව අතර මතයක් පතුරවලා නඩුව ඇදගෙන යන්න විතරයි. එහෙම නැතුව ආණ්ඩුව අපිට ආදරේට නඩු කල්දාමින් යනවා නෙමෙයි.
අපිට විරුද්ධව ඔප්පු කරගන්න පුළුවන් එක චෝදනාවක් හරි තිබුණා නම් ආණ්ඩුව මෙහෙම කල් මරයි කියල හිතනවද, එහෙනම නම් අපි අද ජීවිතාන්තය දක්වා හිරේට දාල ඉවරයි. එක පැත්තකින් ආණ්ඩුව අපිව නඩු දාලා බය කරවන්න හදන ගමන් අනෙක් පැත්තෙන් කියනවා අපේ ඩීල් නිසා නඩු කල් යනවා කියලා. මේවා තමයි හොඳම විහිළු.
මැතිවරණයක් කිට්ටු වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොහොමටත් ඒකාබද්ධයේ අපි ගැන ආදරයක් ඇති වෙනවා. අපිව හරි ලස්සනට පේන්න ගන්නවා. ඒක හරියට අර නරියා කේජු කෑල්ලට කෑදර වෙලා කපුටට කියපු කතාව වගේ තමයි. එයාලට ඕන අපිව ඉස්සරහට දාලා ඡන්ද ටික කඩාගන්න විතරයි.
අපි එක පාරක් ඒ ලණුව ගිලලා අමාරුවෙ වැටුණා. නැවත වරක් අමාරුවෙ වැටෙන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ වතාවේ පැහැදිලිවම පක්ෂයට දැනුම් දීලා තිබෙනවා කොන්දේසි හතක් ගැන. ඒවා ඉටු කළොත් අපිට පුළුවන් එකතු වී තරග කිරීම ගැන තීන්දුවක් ගන්න. එහෙම නැතුව තීන්දුවක් ගන්න අපිට පුළුවන්කමක් නැහැ.
පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු ගැන විමසිය යුත්තේ එම පක්ෂයෙන් බවයි මගේ අදහස. අපිට පේන හැටියට නම් ඒ අය තමන්ගේ සංවිධාන කටයුතු ඉදිරියට කරගෙන යන බවක් පේනවා. අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම තුළින් රටට හොඳ අනාගතයක් උදාකරන්නට පුළුවන් නම් එයයි වැදගත්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd