Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කරමින් වැඩකටයුතු සම්පාදනය වෙනවා. එහිදී ඒ සඳහා මෙහෙයුම් කමිටු 21 ක් පත්කළා.ඒ 21න් පසුව අනුකමිටු 06ක් බවට පත්කරමින් විෂයන් 06ක් පිළිබඳ වර්ගීකරණයකට ලක්වුණා.
මම සරලව කියන්නම්. ඒ කියන්නෙ පළමුවැන්න මුදල් පිළිබඳ අනුකාරක අනුකමිටුව. දෙවන එක අධිකරණය පිළිබඳ අනුකාරක කමිටුවයි. තුන්වෙනුව මූලික අයිතිවාසිකම් පිළිබඳ සහ හතරවෙනුව රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ කමිටුවත් වෙනවා. පස්වන අනුකමිටුව ජාතික, මහජන ආරක්ෂාව, පොලීසිය සහ සාමය පිළිබඳ අනුකමිටුවත් හයවැන්න මධ්‍යම පර්යන්ත සම්බන්ධීකරණ කමිටුව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ හැම අනුකාරක කමිටුවකම හැම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කළ සාමාජිකයන් හිටියා.
ඒ අයත් හිටියා. උදාහරණයක් හැටියට මුදල් පිළිබඳ අනුකාරක කමිටුවේ සභාපතිවූයේ විරුද්ධ පක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමායි.
ඒ අනුව එම අනුකමිටු හය ඉදිරිපත්වූ යෝජනා සම්බන්ධයෙන් තම වාර්තාවන් මෙහෙයුම් කාරක සභාවටත්, ඒවා සාකච්ඡා කර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් කරනවා.
ඒ යෝජනා ජනතාව අතට පත්කරමින් හැම අවස්ථාවකදීම විනිවිදභාවය රැකෙන පරිදි ජනතාවට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙනවා. එහෙම නැතිව උඩින් එන යෝජනා හැටියට මෙම නව ව්‍යවස්ථාවට කිසිම වගන්තියක් ඇතුළත් වන්නෙ නැහැ.
ඔව්. අදට වුණත් කවුරු හෝ පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි සහ නව ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතුයි යන අදහස කලක සිට ජනතාව සහ දේශපාලන පක්ෂ නායකයන් අතර තිබුණු යෝජනාවක්. එයට බලපෑ ප්‍රධාන සාධක දෙකක් තිබුණා.පළමුවැන්න රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ පැවත්ම සහ ප්රජාතන්ත්රවාදී බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි.දෙවැන්න යුද්ධයෙන් පසු ජාතික සංහිඳියාව වෙනුවෙන් ජනතාවාදී හැම ජනකොටසක්ම පිළිගන්නා ව්‍යවස්ථාවක් තිබිය යුතුයි කියන කරුණු දෙක එතැනදී වැදගත් වෙනවා.
මේ ව්‍යවස්ථාවේ වැදගත්ම කොටස හැටියට මානව හිමිකම් කොටස දක්වන්න පුළුවන්. මෙයින් රට තුළ රාජ්‍ය ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කළ හැකියි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන්නෙ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ යම් සීමාසහිත වගන්ති කිහිපයක් පමණයි.
එයින් වඩා වැදගත් කරුණු කිහිපයක් මම කියන්නම්. පළමුවැන්න ජීවත්වීමට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගන්නවා. ඊළඟට යමෙකුගේ ආරක්ෂාව පිළිබඳ ඇති අයිතියත්, තුන්වෙනුව අතුරුදන් නොවීමේ අයිතියත්, සතරවෙනුව සමානාත්මතාව බුක්තිවිඳීමට ඇති අයිතියත්, පස්වෙනුව තමන්ගේ සංස්කෘතිය බුක්තිවිඳීමට ඇති අයිතියත්, තොරතුරු දැන ගැනීමේ අයිතියත් ඇතුළත් වෙනවා.
හයවෙනුව නීත්‍යානුකූල වෘත්තියක, රැකියාවක, ව්‍යාපාරයක යෙදීමේ අයිතියත්, කම්කරුවන්ට සේවා ස්ථානයන්හි සුරක්ෂිතභාවය සහ සුදුසු පරිසරයක සූරාකෑමෙන් අත්මිදීමත් යන මූලික අයිතීන් වැඩ කරන ජනතාවගේ පැත්තෙන් දැක්වෙනවා. පෞද්ගලිකත්වය වගේම පවුල පිළිබඳ අයිතියත් මෙවර ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් හැටියට දැක්වෙනවා. ක්ෂණික සෞඛ්‍ය පහසුකම් පුද්ගලයාට පිරිසුදු ජලය නිවාස ආදියත් පරිසරයත් දැක්වෙනවා. ළමයින්ගේ අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ ආබාධිතයන් සඳහාත් මූලික අයිතිවාසිකම් එහි සඳහන් වෙනවා.
ඒ වගේම අධිකරණයට ප්රවේශවීමට පුරවැසියාට ඇති අයිතියත්, හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අවස්ථාවලදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි නොවීමත් සුවිශේෂ කරුණක්. පාරිභෝගික අයිතිවාසිකම් වගේම ආපසු මව්බිමට පැමිණීමේ අයිතිය වගේ කරුණුද එහිදී මා කියන කරුණු 32ක අතර ඇතුළත් වෙනවා.මේ හැමදෙයටම වඩා වැදගත් දෙයක් හැටියට තමන්ගේ මව් භාෂාවෙන් උසස් පෙළ දක්වා හැම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සඳහන් වෙනවා.
එකක් අද පවතින ප්‍රතිපාදන අනුව මූලික අයිතිවාසිකමක් අහිමිවූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැක්කේ දින 30ක් තුළදී පමණයි. ඒ සඳහා අගතියට පත් අයෙකු කොළඹට පැමිණිය යුතුයි. නව යෝජනා අනුව ඒ සඳහා මාස 03ක කාලයක් ලැබෙනවා.ඒ වගේම පළාත්බදව ක්‍රියාත්මක අභියාචනාධිකරණයට තම මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. එතැනදී ලැබෙන තීරණයෙන් සෑහීමකට පත්වන්නෙ නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් යෝජනා වී තිබෙනවා.
අනික රටේ යෝජනා නීතිරීති අණපනත්වල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනයන් සඳහා කලක සිට පැවැති විශේෂ අඩුපාඩුවක් සලකා විශේෂ අධිකරණයක් යෝජනා වී තිබෙනවා. සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂාවන් ලෙසත්, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ, ඒ කියන්නෙ %ලින්ක් ලැන්ග්වේජ්^ එකක් හැටියටත් ඇතුළත් කර තියෙනවා. ඒ වගේම භාෂා අයිතියත් මූලික අයිතියක් ලෙස ඇතුළත් වෙනවා. තවදුරටත් තමන්ගේ භාෂාවෙන් ඕනෑම රාජ්‍ය ආයතනයක් සමග ගනුදෙනු කිරීමේ අවස්ථාව යෝජනා වෙනවා.හුඟක් ජාතිවාදී විවේචකයන් මධ්‍යස්ථ පර්යන්ත සම්බන්ධතා පිළිබඳ කෑ ගහනවා. ඒ අය එමගින් බලාපොරොත්තු වන්නේ අනවශ්‍ය පරිදි කරුණු යටපත් කරමින් වැදගත් දේ යටපත් කරන්නයි.
නව යෝජනා අනුව බලය බෙදීම කියන එක පළාත් සභාවලට පමණක් නෙවෙයි. එයින් පහළට පළාත් පාලන ආයතනයන්ටත් හිමිවෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒවාට අවශ්‍ය බලය දී තිබෙනවා.ඒ විතරක් නෙවෙයි. එයින් පහළට ගිහින් ග්‍රාම රාජ්‍ය ක්‍රමයට එනවා. එම සංකල්පය දැනට ඉන්දියාවේ පංචාද් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ක්‍රමයක්. එයින් ග්‍රාම නිලධාරී වසම් තුනහතරක් එකතු කරලා ගම සඳහා වන සැලසුම් සකස් කෙරෙනවා. ජනතාවගේ සෘජු දායකත්වය එතැන ක්‍රියාත්මක වෙනවා.
ඒක සුදු අලියෙක් කියලානෙ ජනතාව හඳුන්වන්නෙ. ඒකට බලතල නැත්නම් ඒවා අද වනවිට පවතින තත්ත්වය අනුව බලතල නැතයි ජනතාව පවසනවා නම්, එයට ගැළපෙන ක්‍රමයක් නව ව්‍යවස්ථාව තුළින් මේ ග්‍රාම රාජ්‍ය සංකල්ය තුළ තවත් ශක්තිමත් වෙනවා.
එහෙම බයක් තියෙන්නෙ අද, ඊයෙ නෙවෙයිනෙ. අර්බුදයක් ඇවිස්සිය යුතු තැනක පටු ජාතිවාදීන් කරන්නෙ මේ බිල්ලා ඉදිරිපත් කරන එකයි. එනිසා මෙවර පළාත් ජාතික ඉඩම් කොමිසමක් යෝජනා කරනවා. පොලිස් කටයුතු සම්බන්ධයෙන් පළාත් පොලිස් කොමිසමක් පත්කරනවා.
ජාතික ඉඩම් කොමිසම කියන එක පළාත් සභාවන්හි මහඇමතිවරුන් නවදෙනාම නියෝජනය කරනවා. එම කමිටුව ගන්නා තීරණයන් සඳහා ඉඩම් ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතුයි. යම් ගැටලු තත්ත්වයකදී සෑහීමකට පත්නොවන පාර්ශ්වයන්ට මම කලින් කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට අභියාචනය කළ හැකියි. රාජ්‍ය ඉඩම් පැවරීමේදී ජනාධිපතිවරයා අවසාන තීරකයා බවට පත්වෙනවා.පොලිස් බලතල පළාත් කොමිසමක් යටතේ ක්‍රියාත්මක වුවත් එයට අදාළ වන්නේ එම පළාතේ කටයුතු පමණයි. ජාතික පොලිස් කොමිසම අදට පවතින ආකාරයෙන්ම තම කටයුතුවල යෙදෙනවා.
සාමාජිකයන් 03යි. මහඇමති සහ ආණ්ඩුව (රජය) සහ ජාතික තලයේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් එය සමන්චිත වෙනවා. එයට පැවරෙන්නෙ නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමේ වගකීම පමණයි. ඒ වගේම සහකාර පොලිස් අධිකාරීවරයෙකුට පහළ අය සම්බන්ධයෙන් පමණක් පළාත් පොලිස් කොමිසමට කටයුතු කළ හැකියි. මේවා තවදුරටත් සාකච්ඡාවට භාජනය කළ යුතු කරුණු වශයෙන් පවතිනවා.
අපි මේ ගැන ජනතාවගෙන් දිගින් දිගටම ඇහුවා. එහිදී බහුතරයක් පෙඩරල් ක්‍රමයක් යෝජනා කළේ නැහැ. නමුත් උතුරේ ජනතාව සහ කුල අර්බුදයට ගොදුරු වී ඇති අය පෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා.දකුණේදී බහුතරයක්ම පෙරඩරල් ක්‍රමය එපා කිව්වා. ඒත් ඇතැම් උගත්හු, විද්වත්හු පිරිසක් සහ පුරවැසියන් පෙඩරල් ක්‍රමයට කැමැත්ත පළකළා. ඒ අනුව අපේ කමිටුව කිසිම අවස්ථාවක පෙඩරල් ක්‍රමයක් ගැන කතා නොකර රාජ්‍යයේ ව්‍යූහය දැනට පවතින ක්‍රමයෙන්ම පැවතිය යුතු බවට තීරණය කළා. එනිසා නව ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව පෙඩරල් ක්‍රමයට යන්නෙ නැහැ. අදට පවතින තත්ත්වයේ තියෙයි.
අමූලික බොරුවක්. අදටත් මෙම යෝජනා පවතින්නෙ තවදුරටත් ජනතාවගේ අදහස් යෝජනාවන්ට විවෘතවයි කියන එක වගකීමෙන් කිව යුතුයි. එහෙම අවස්ථාවක අලුත් කෙටුම්පත හදා ඉවරයි කියන්නෙ කොහොමද? එහෙමනම් ඒ කියන ඒ කෙටුම්පත ප්‍රසිද්ධියේ පෙන්වන්න හෝ ඉදිරිපත් කරන්න එපායැ. කවුරුවත් එහෙම නොකළේ එහෙම දෙයක් තවම නැති නිසයි.සමහරු කියනවා මේ යෝජනා ඉංග්‍රීසියෙන් පමණක් සකස් කර ඇති නිසා ඉංග්‍රීසි කියවා තේරුම් ගත නොහැකි අයට අසාධාරණයක් කියලා. ඒවගේම ඉංග්‍රීසියෙන් තියෙන නිසා සිංහල අර්ථ ගැන්වීම් නොමග යන ආකාරයෙන් ඉංග්‍රීසියෙන් දක්වා ඇති නිසා මෙය සැකයට හේතුවක් බවට ප්‍රකාශ කරනවා.
ඒක මහා බොරුවක්. එකම ඇමුණුමක සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙනවා. අනික අපට හංගන්න දෙයක් නැහැ. මේක ජනතාවගේ අදහස් යෝජනා අනුව හදලා ජනතා අදහස් සඳහා තවදුරටත් විවෘතව තියෙන නිසා. අනික හැම දේශපාලන පක්ෂයකම නියෝජිතයන් ඒ කමිටු හය නියෝජනය කළා. එහෙමනම් අද වනවිට ඒවා වෙනස් කරන්නෙ කොහොමද? අනික අපි උසස් පෙළ පන්ති තියෙන හැම පාසලකටම එම පිටපත් යවා තිබෙනවා. රාජ්‍ය ආයතනයන්ට යවා තියෙනවා. තවත් කැමති කෙනෙකුට රජයේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්.
මගේ අනුමානය හැටියට ලබන අවුරුද්දේ පෙබරවාරියේ විතර තියෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd