යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර තුනක් සැපිරීම ඊයේ (08දා) දිනයට යෙදී තිබිණි. ඊට සමගාමීව යහපාලන ආණ්ඩුවේ වසර තුනක පාලන කාලය පිළිබඳ කරුණු දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පහතින් දැක්වෙන්නේ අදාළ මාධ්‍ය නිවේදනයයි.
'2018 ජනවාරි 9 වෙනිදා, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්ෂේත්රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලය හා එය යටගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වැනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත් භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36ක කෙටි කාලය ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගතවූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො. බිලියන 7.2ක මුදල, 2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ්වලින් ලබාගත් ඇ.ඩො. බිලියන 3.6ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 2.2ක කරන්සි ස්වප් ණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016දී ලබාගත් ඇ.ඩො. බිලියන1.5ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත.
ඇමරිකානු ඩොලර් බිලියන 14.6ක් වැනි මුදල් කන්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදිකිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කළේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 5,706ක්ද ණය ලබාගෙන ඇත.
මහා පරිමාණයෙන් විදෙස් ණය ලබාගත්තද, එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වැනි සංවත්සරයට සමගාමීව මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදා ගත්තද, 2005 මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන් ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගණේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉදිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘතිවලට තමන්ගේ නම දා ගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.
යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉදිකරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුළු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා - ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා -ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය සඳහා - ඇ.ඩො. මිලියන 1,300; කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහා- ඇ.ඩො.මිලියන 292 හා මත්තල ගුවන් තොටුපොළ සඳහා- ඇ.ඩො මිලියන 209 වශයෙනි.
ඉහත සඳහන් සියලුම මහා පරිමාණ ව්‍යාපෘති සඳහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6න්, මම ඉහත නම්කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුළු වියදම සිවු වතාවක් ගෙවා නිම කළ හැක. යහපාලන ආණ්ඩුව ගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේ සිට රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිදු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩි විය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වාණිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.
විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්රවේශමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුළු වෙනසකින් වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහ බැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478ක් එකතු වී ඇත. බැඳුම්කර මගඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොලී අනුපාතය 50෴කින් පමණ වැඩි වීම නිසාද ආණ්ඩුවේ ණය බර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස් ණය ලබාගත්තේ ඉතාමත්ම ප්රවේශමෙනි. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.
2008 - ඇ.ඩො. මිලියන 881
2009 - ඇ.ඩො. මිලියන 1,041
2010 - ඇ.ඩො. මිලියන 826
2011 - ඇ.ඩො. මිලියන 971
2012 - ඇ.ඩො. මිලියන 1,620
2013 - ඇ.ඩො. මිලියන 1,160
2014 - ඇ.ඩො. මිලියන 1,306
මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්තමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොලිය පහත දැක්වෙන ආකාරයට වෙයි.
2015 - ඇ.ඩො. මිලියන 1,828
2016 - ඇ.ඩො.මිලියන 1,604
2017 - ඇ.ඩො.මිලියන 2,132
2018 - ඇ.ඩො.මිලියන 2,891
2019 - ඇ.ඩො.මිලියන 4,217
2020 - ඇ.ඩො.මිලියන 3,699
2021 - ඇ.ඩො.මිලියන 3,344
2022 - ඇ.ඩො.මිලියන 3,743
2023 - ඇ.ඩො.මිලියන 2,120
2024 - ඇ.ඩො.මිලියන 2,067
2025 - ඇ.ඩො.මිලියන4,155
2026 - ඇ.ඩො.මිලියන 2,758
2027 - ඇ.ඩො.මිලියන 3,448
ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්ත්වයත් ඊට පසුව ඇති වූ තත්ත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්තවලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩි වන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටිකාලීන විදෙස් විනිමය වාණිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.
2015දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තාවලින් පෙන්වා දෙන පරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම්වලින්ද 2010 - 2014 යන කාලපරිච්ඡේදය ඇතුළත වසරකට ඩොලර් මිලියන 350ක්වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව තිබියදී බවත් මතක තබාගත යුතුය.
නමුත් 2015 වසරේදී කිසිදු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016දී හය වතාවකදීද, 2017දී සිව් වතාවකදීද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. තත්ත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000ක විදෙස් විනිමය වාණිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩිකර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුළු ජනගහනයම ආදායම් බදු දැල තුළට ගැනීමටද සැලසුම් කර ඇත.
රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘතිවල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුළු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාළ ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමුකර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායී පොලියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් නැත.
නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොලියට ගත් කෙටිකාලීන වාණිජ ණය ජනතා දේපළ විකුණා ලබාගන්නා මුදල්වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළෙඳ පොළේ දොර වැසී යාමයි. අන්ත දූෂිත, වැඩ බැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමනාකරණයට කළ මේ විනාශයට විරෝධය පෑමට අවස්ථාව උදාකර ගන්නා ලෙස ඉල්ලමි.'