වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවත් බලයට පත්කිරීමට සිවිල් සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ආරම්භයේ සිටම පෙනී සිටියේය. දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාව මත වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ බව ඔවුන් පැවසූ අතර ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගතවී හමාරය. මේ තත්ත්වය මත සිවිල් සංවිධානවලට පොරොන්දු වූ කරුණු ආණ්ඩුව ඉටුකර තිබේ ද යන්න පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාරය සරත් විජේසූරිය මහතා සමග සංවාදයේ යෙදුණෙමු.
Q සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය මැතිවරණයට පෙර ඉදිරිපත් කළ අරමුණු වසර තුනත් ගතවීමෙන් පසුවත් ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ කෙසේද
2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු සොයාගෙන ඔහුව ජනාධිපති කරන්නට සෝභිත හාමුදුරුවෝ නායකත්වය ලබාදුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම කියන ප්‍රධාන කාර්යයන් ඉටු කරගැනීමටයි. එහිදී ප්‍රධාන තේමාව වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නු නුදුන්නු මේ රටේ කවුරුත් දන්නවා. පාර්ලිමේන්තුවෙන් රට පාලනය කරන පාලන ක්‍රමයක් ප්‍රතිස්ථාපනය කිරීමයි එහි අරමුණ වී තිබුණේ.නමුත් ගතවූ වසර තුන තුළ එය ඉටුකිරීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා.
Q තත්ත්වය මෙසේ තිබියදීත් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා හඬ නගන්නේ නැත්තේ ඇයි
අපි මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම හඬ නගනවා. හැට දෙලක්ෂයේ සම්මුතිය හැටියට අපි දීපව්‍යාප්ත මට්ටමෙන් සම්මන්ත්රණ පැවැත්වීමක් සිදුකරගෙන යනවා. ඒ වගේම සම්මන්ත්රණ පවත්වා තිබෙනවා. මේ පිළිබඳ නායකයන්ට කතා කර තිබෙනවා. මාධ්‍යයන්ට අදහස් පළ කරනවා. සිවිල් පුරවැසියන් විදිහට කරන්න පුළුවන් දේවල් අපි සිදුකර තිබෙනවා.
Q විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට සිවිල් සංවිධාන ප්‍රකාශ කළත් ජනාධිපතිවරයා සිය ධුර කාලය වසර පහක්ද හයක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසනවා. මේ තත්ත්වය තුළ මුලින් පැවසූ දේ වෙනස් වෙලාද
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ධුර කාලය වසර පහක් ලෙසයි සඳහන්ව තිබෙන්නේ. ජනාධිපතිවරයා මුල් කාලයේදී ප්‍රකාශ කළේ තමන්ට අවුරුදු හතරක් ඇති කියලයි. පනත සම්මත කරන අවස්ථාවේ නීතිඥ කණ්ඩායමේ ඉල්ලීම මතයි එය පහක් දක්වා වැඩි කළේ කියා ජනාධිපතිවරයාම ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයා පත්වන විට පැවති ව්‍යවස්ථාවේ නෛතිකභාවය තිබෙනවාද කියනක දේ වෙනම ප්‍රශ්නයක්. නමුත් මෙතැන තිබෙන්නේ දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්.
මේ ජනාධිපති පදවිය අහෝසි කිරීමට පැමිණි පුද්ගලයා වසරකින් එය දීර්ඝ කරගැනීමට කල්පනා කරනවා නම් එය හැට දෙලක්ෂයක ජනාතාවට ලබාදුන් පොරොන්දුවට කිසියම් ආකාරයක පටහැනි කටයුත්තක්.
Q ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව පාර්ශ්වය වෙනුවෙන් සාධාරණ සමාජයක් සංවිධානය විශාල වශයෙන් පෙනී සිටියා. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමට ප්‍රථම සිවිල් සංවිධාන කැඳවා ජනාධිපතිවරයා මේ පිළිබඳව විමසා සිටියාද
නැහැ. අපෙන් කිසිම විමසීමක් සිදු කළේ නැහැ. එහෙම විමසීමක් සිදු කළා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලිය සිදුකර ඔහු රටට වුණ පොරොන්දුව ඉටු කළා කියලා රටට කියන්න කියලා අපි ජනාධිපතිවරයාට පැහැදිලිව කියා සිටිනවා. මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙකු ඉටු නොකළ දෙයක් තමා ඉටුකළා කියලා ජනාධිපතිවරයාට ආඩම්බරයෙන් කියන්නට පුළුවන්.
එහෙම කරලා ජනාධිපතිවරයාට තිබුණා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙලා අග්‍රාමාත්‍යවරයා බවට වරමක් ලබාගෙන රට පාලනය කරන්න. ඇත්ත වශයෙන්ම මේ කාරණය අපි ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණා. සිවිල් සංවිධාන නියෝජිතයෝ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවලදී අපි ජනාධිපතිවරයාට පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් රට පාලනය කිරීමට මහජන වරමක් ඉල්ලා සිටින්න කියලයි. රටට වූ පොරොන්දු ඉටුකිරීමට කැපවුණ නායකයා කවුද කියලා එවිට ජනතාව තීන්දු කරයි. ඒ අනුව ජනාධිපතිවරයාට තිබුණු වැදගත්ම දේ තමයි අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙලා පාර්ලිමේන්තුවෙන් රට පාලනය කරන ක්‍රියාදාමයට අවතීර්ණ වීම.
Q රාජගිරිය ගුවන් පාලම සෝභිත නාහිමියන්ගේ නමින් නම් කිරීමට යෝජනා කිරීම පිළිබඳ සාධාරණ සමාජයක් සංවිධානයේ කැඳවුම්කරු ලෙස ඔබ සිටින්නේ කුමන මතයේද
එම ප්‍රකාශය ගැන අපි කනගාටු වෙනවා. සෝභිත නාහිමියන්ගේ නාමයට අපහාස වන ක්‍රියාවලියක් හැටියටයි අපි ඒක දකින්නේ. මේ කටයුත්ත සිදුකරන්න එපා කියලා මම ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් සිදු කළා.
Q ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය තුළ ජනතාව ඡන්දය භාවිත කළ යුත්තේ කෙසේද
මැතිවරණ ක්රමයේ වෙනසක් අපි අපේක්ෂා කළා. සෝභිත හාමුදුරුවනුත් ප්‍රකාශ කළේ කොට්ඨාස ක්‍රමයට නියෝජිතයෝ තෝරාගැනීමක් අවශ්‍ය බවයි. තමන්ගේ කොට්ඨාසයට තරග වදින පුද්ගලයාගේ පක්ෂය පාට සලකන්නට එපා. මේ ඉදිරිපත්වෙලා ඉන්න පුද්ගලයලන්ගෙන් තමන්ගේ බලප්‍රදේශයට නායකත්වය දෙන්න සුදුසුකම් තිබෙන පුද්ගලයා කවුද කියා තෝරාගන්න. ඔහු සීලාචාර පුද්ගලයෙක්ද, දූෂිත පුද්ගලයෙක්ද , රාජ්‍ය මුදල් අවභාවිත කළ පුද්ගලයෙක්ද, සාපරාධී ලෙස ධනය උපයාගත් පුද්ගලයෙකුද, නීතිගරුක පුද්ගලයෙක්ද කියා හොඳින් සොයා බලා තෝරා ගන්න. මේ කාරණා කල්පනා කරලා නායකා බවට පත්කර ගැනීමට සුදුසු පුද්ගලයා තමන්ගේ නායකයා බවට පත්කර ගන්න. මෙතනදී පුද්ගලයාගේ පක්ෂය කුමක්ද කියනදේ නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ කොට්ඨාසයට නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලයා තෝරා ගැනීමයි වැදගත්. ඕනෑම තලයක මහජන නියෝජිතයෝ පත්කර ගැනීමේදී ශිෂ්ට සම්පන්න නියෝජිතයන් පත්කර ගැනීමේ වගකීම තිබෙන්නේ ජනතාවට. ජනතාව බුද්ධිමත්ව ඒ කටයුත්ත ඉටුකිරීම තමයි වැදගත් වෙන්නේ.
Q බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාවත්, මහා පරිමාණ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා 34 ත් මේ වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. හොරු අල්ලා දඬුවම් දීමට පැමිණි ආණ්ඩුව වසර තුනක් ගතවීමෙන් පසුවත් මේ ආකාරයට කටයුතු කිරීම ගැන ඔබේ අදහස කුමක්ද
බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු රටම බලා සිටිනවා. වැරදි කළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් ලබාදීම කළ යුතුයි. ඒ නිසා තමා විසින් පත්කළ කොමිෂන් සභාවල නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ පරම වගකීමයි. මේවා කල්මරන එක ඒතරම් සුදුසු නැහැ. ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ කල්මැරීම නිසා බොහෝ දේවල් හමස් පෙට්ටියට යනවා. මේ නිර්දේශ ක්‍රියාත්මක නොකළොත් ජනතාවට මාධ්‍ය සන්දර්ශනයක් පැවැත්වූවා කියායි ගම්‍ය වෙන්නේ.
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපතිවරයා මාධ්‍යයට නිල ප්‍රකාශයයක් කළා වගේම අනෙක් වාර්තා 34 පිළිබඳවත් ඒ විදිහට කරුණු දැක්වීම කළ යුතුමයි.
Q ජාතික ආණ්ඩුව අවසන් කිරීමේ ඉල්ලීම් මේ වනවිට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මතුවී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පසුව බලහුවමාරුවක් සිදුවුවහොත් සිවිල් සංවිධාන ලෙස ඔබලා ගන්නා පියවර කුමක්ද
සිවිල් සංවිධාන ලෙස අපි හැමවිටම නායකයන්ට කියන්නේ නීතිය මත පාලන වන රටක් බිහිකිරීමට කැපවෙන්න කියලයි. එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වුණේ මේ රට නීතියෙන් පලනය වන රටක් බවට පත් කරන්නට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. කොහොම වුණත් බලහුවමාරුවක් වෙන්නට පළාත් පාලන මැතිවරණය හේතුවෙයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. නෛතික වශයෙක් එහෙම කරන්න පුළුවන්ද කියන එක වෙනම කාරණාවක්. සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවන එකඟතාවක්. මේ සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේ අරමුණ වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීමයි. සම්මුතිවාදී ආණ්ඩුව අත්හැරියා කියන්නේ ඒ කාරණයත් අත්හැරියා කියන දෙයයි. එහෙම වුණොත් සිවිල් සංවිධාන විදිහට මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නැවත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අපිට සිදුවෙනවා.
Q ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද
ව්‍යවස්ථාදායක සභාවක් පත්කරන්න කියන ඉල්ලීම සෝභිත හාමුදුරුවෝ තදින්ම කළ ඉල්ලීමක්. එමගින් අපේක්ෂා කළේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ආදාළ ආයතනවලට පත්කරන පුද්ගලයන්ට ස්වාධීනව තමන්ගේ වගවීම සිදුකිරීමටයි.
පොලිස්පතිවරයා, නීතිපතිවරයා, අගවිනිසුරුවරයා දේශපාලනීකරණය වීම තුළ සිදුවුණ දේවල් රටට යහපතක් වූයේ නැහැ. මේ නිසා තමයි ව්‍යවස්ථා සභාවෙන් මෙම පුද්ගලයන්ට නීතිගරුකව සේවය කිරීමේ නෛතික අවස්ථාව ලබාදුන්නේ. නමුත් වත්මන් පොලිස්පතිවරයාගේ ක්රියාදාමයත් සමග ව්‍යවස්ථා දායක සභාව පුද්ගලයන් පත්කළත් ඒ තුළ කිසියම් ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් තිබෙන බව පෙනෙනෙවා. මොකද මේ පත්කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුවිපරමක් ව්‍යවස්ථාදායක සභාවෙන් සිදුවන්නේ නැහැ. මේක විශාල අඩුපාඩුවක්. ව්‍යවස්ථා සභාව අවශ්‍යයි නමුත් එය තවදුරටත් ප්‍රතිසංවිධානය විය යුතුයි. මේ වනවිට පොලිස්පතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමේ අවකාශය ලබාදී තිබෙනවා. එතුමාට දේශපාලනීකරණය වන්නට අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව අවශ්‍ය පියවර ගත යුතුයි.
Q 2020 හෝ 2021 ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝ දෙනා උනන්දු වෙනවා. මේ වනවිටම ඇතැම් පක්ෂ ඒ සඳහා අපේක්ෂකයන් පවා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඔබලා වෙහෙසෙනවා. මේ තත්ත්වය මත 2020 හෝ 2021 ජනාධිපතිවරණයක් පැවැත්වුණොත්
විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තැනට කටයටුතු සිදුවුණොත් අපිට ඒ අවස්ථාවේ දේශපාලනික තීන්දුවක් ගන්නට වෙන්නේ ඒ වනවිට පවතින දේශපාලන යථාර්ථය මත. දූෂිතයන්ට දඬුවම් ලබාදීම, අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම, කොමිෂන් සභා වාර්තා අනුව නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආදී දේවල් සිදුකිරීමට අවංකව කැපවුණේ කුමන පාර්ශ්වයද ඒ පාර්ශ්වය වෙනුවෙන් තමයි අපි එදාට පෙනී සිටින්නේ.
සිවිල් සංවිධානයක් වැඩ කරන්නේ දේශපාලන සංවිධානයක වැඩකරන ආකාරයට නෙවෙයි. දේශපාලන පක්ෂයකට තිබෙන්නේ තමන්ට බලය ලබාගැනීමේ න්‍යාය පත්‍රයක්. සිවිල් සංවිධානයේ න්‍යාය පත්‍රය සකස්වන්නේ මහජනතාවගේ අභිවෘද්ධියට අනුරූපව කටයුතු සිදුකර ගැනීම. එම කාරණය මතයි සිවිල් සංවිධානයක අරමුණු ප්‍රකාශ කිරීමට හැකියාව ඇතිවන්නේ.