Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේද, නැතිනම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේද යන්න මේ වනවිට රට හමුවේ තිබෙන ප්රශ්නයකි. එක්සත් ජාතික පක්ෂය තුළ බොහෝ පක්ෂ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් සූදානම්ව සිටින අතර, ඒකාබද්ධය පවසනුයේ මේ මොහොතේ කිසිවක් සිදු නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතු බවට බොහෝ පාර්ශ්වයන් ඉල්ලා සිටියද, මෙතෙක් එය සිදුනොවිණි.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ 70වැනි වසර සමරූ අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව පිළිබඳ සිය ස්ථාවරය රටට ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතා ජනාධිපති මෛත්‍රී මෙලෙස ප්‍රකාශ කළේය.
&රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා අපි රජයක් විදියට වර්තමානයේ ගෙන ඒමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෑම මන්ත්‍රීවරයෙකුගේම සහයෝගය ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ 70වැනි වසර සැමරුවද එම අවස්ථාව සිය පක්ෂයන්ගේ අභිමානය විදහා දැක්වීමට මෙන්ම අන් අය හෙළා දැකීමට බොහෝ පක්ෂ නායකයන් උපයෝගි කරගත්තක් බව දක්නට ලැබිණි.
සභාව අමතමින් අගමැති රනිල් පැවසුවේ, පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.
&මේ සභාවේ දේශපාලන පක්ෂ ගණනාවක් විටින්විට නියෝජනය වෙලා තිබෙනවා. නමුත් 1947 සිට මේ අවුරුදු 70 අද වෙනකම් අඛණ්ඩව මේ සභාව නියෝජනය කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. අපි 08ට බැස්සත් 140ට වැඩි වුණත් අපේ පක්ෂය තමයි මේ කාලයම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙන්නේ. අපිත් යම්කිසි වැඩ කොටසක් මේ 70 තුළ කරලා තියෙනවා.*
ඇමති නිමල් සිරිපාල ද සිල්වා එම අවස්ථාව යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විචේනය කළේය. එම සභාවේ තමන්ට ඉදිරියේ අසුන්ගෙන සිටින ජවිපේ නායක අනුර කුමාර දෙස බලාගෙන නිමල් සිරිපාල මෙසේ පැවසීය.
&ලේ වැගිරීම තුළින් රටක පාලන බලය අල්ලාගත යුතුයි කියා කල්පනා කළ අය පවා ප්රජාතන්ත්රවාදී ව්‍යුහයට ඇවිල්ලා අද ප්රජාතන්ත්රවාදයේ කොටස්කරුවන් වී තිබීම අපට විශාල සතුටට කාරණයක්. එවැනි විශාල පරිවර්තනයකට ඔවුන් පත්කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වගේම ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කර තිබෙනවා.' අනුර කුමාර දිසානායක සිය අවස්ථාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විචේචනය කළේය.
'1972දී මෙම පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවා අපරාධ යුක්ති කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාව මේ පාර්ලිමේන්තුවේ පත්කළේ ඇයි? කවර හෝ වරදක් සඳහා දඬුවම්දීමේ යම් අණපනත් සැකසී තිබියදී තමන් විසින් තෝරා ගන්නා ලද කණ්ඩායමකට දඬුවම්දීම සඳහා එය අරමුණු කොටගෙන එක් කණ්ඩායමක් විශේෂ කොට හඳුනාගෙන දඬුවම් ලබාදීමේ අණපනත් මේ පාර්ලිමේන්තුව සම්මත කළා. ඒවගේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ ගෙල සිඳපු අවස්ථා බොහොමයක් තිබෙනවා.*
දිනේෂ් ගුණවර්ධන සිය අවස්ථාවේ සිදුකළේ තමන් පාර්ලිමේන්තු ප්රජාතන්තවාදයේ පුරුකක් බව පෙන්වීමට උත්සාහ කිරීමයි.
&අද දෛවෝපගත සිද්දියක් සිදුවුණා. 1947 පාර්ලිමේන්තුවේ හිටපු පියවරුන්ගේ දරුවන් හැටියට මේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මමත්, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරුනුත් යන තිදෙනා පමණයි. එය එක්තරා විදියක බොහොම නිහඬ සතුටක්.
පාර්ලිමේන්තුව වසර 70 සැමරුවද මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් බොහොමයක් එය එතරම් සැලකිල්ලකට ගෙන නොතිබූ බවක් හැඟී ගියේ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ හිස් ආසන බොහොමයත් දිස්වීම හේතුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් කබීර් හෂීම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආදී බොහොමයක් එදින පාර්ලිමේන්තු පැමිණ නොසිටියහ.
අමාත්‍ය ධුරයෙන් ඉවත් කර පසුපෙළ මන්ත්‍රීවරයෙකු බවට පත්වූ විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ දින සිට පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගි නොවීය. පාර්ලිමේන්තුවේ 70වැනි සංවත්සරය දින විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි අතර, ඔහුට වෙන්ව තිබු පසුපෙළ අසුනේ අසුන් ගත්තේය.
ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් විජයදාස සමග සිනහසී කතා කළ අතර, බොහෝ දෙනෙකු ඔහු අසලට පැමිණ සුවදුක් පවා විමසන ආකාරය දිස්විය. විනාඩි පහළොවක පමණ කෙටි කාලයක් සභා ගර්භයේ රැඳී සිටි විජයදාස රාජපක්ෂ සභා ගර්භයෙන් ඉවත්ව ගියේය.
මේ දිනවල ආන්දෝලනාත්මක චරිතයක් වූ ජෝසප් මයිකල් පෙරේරාද මෙවර පාර්ලිමේන්තු සංවත්සරයට පාර්ලිමේන්තුවට පැමිණි තිබිණි. හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කථානායකවරයෙකුද වූ ජෝසප් මෙවර පාර්ලිමේන්තුවේ කථානායක ගැලරියටවී පාර්ලිමේන්තු සභාවේ කටයුතු දෙස බලාගෙන සිටියේය.
සභාවෙන් පසුව භෝජනාගාරයේදී පැවැති සංග්‍රහයටද ජේසප් එක්වූ අතර, එහිදී බොහෝ මැති ඇමතිවරුන්ගෙන් ජෝසප්ට හිමිවූයේ උණුසුම් ප්රතිචාරයකි. පසුගිය දිනයක ජා - ඇලදී මන්ත්‍රී කවින්ද ජයවර්ධන සමග ඇතිවූ බහින්බස්වීම එදින බොහෝ දෙනෙකුගේ මාතෘකාවවී තිබිණි. ජෝසප්ද බොහොම සතුටින් සියල්ලන්ගේම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුණි.
පාර්ලිමේන්තුවේ සභාවාරය ආරම්භ කිරීමට ආසන්නව පැවැති අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ සේවකයෙක් ඇමති කිරිඇල්ලට ඡායාරූපයක් සහිත පත්‍රිකාවක් ගෙනැවිත් දුන්නේය. එය පෙන්වූ සේවකයා යමක් පැවසූ අතර, එහිදී කිරිඇල්ල ස්තුති පූර්වක සිනහවක් පළකළේය. ඒ සමගම සභාවට පැමිණි අගමැති රනිල්ටද කිරිඇල්ල එය පෙන්වීය.
චතුරිකා සිරිසේන රචනා කළ %ජනාධිපති තාත්තා^ ග්‍රන්ථයේ එක් පිටුවක පළවී තිබූ ඡායාරූපයක් එම සේවකයා කිරිඇල්ලටදී තිබිණි.
ජනාධිපති මෛත්‍රී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවකයෙකු ලෙස අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග සිටින ඡායාරූපයක අනික් පස සිටියේ ලක්ෂ්මන් කිරිඇල්ලයි. සේවකයා කිරිඇල්ලට ගෙනවිත්දී තිබුණේ එයයි.
පාර්ලිමේන්තු සභා ගර්භයේ 70වැනි සංවත්සරය සමරමින් තිබූ අවස්ථාවේදී ඇමති රාජිතද කැටුව ඇමති දයාසිරි ජනාධිපති මෛත්‍රීගේ අසුන වෙත පැමිණි අතර, යටහත්පහත්ව මෛත්‍රීට යමක් පවසනු සභාවේ කාටත් දර්ශනය විය.
පසුව ලිපියක් මෛත්‍රීට බාරදුන් දයාසිරි යටහත්පහත්ව සිනහසී රාජිත සමග ඉවත්ව ගියේය. ක්‍රීඩා අමාත්‍ය හිටපු ලේකම් ඉවත් කෙරුණු අතර, ඔහුට මේ වනවිට කිසිදු තනතුරක් ලබාදී නොමැත. එම ලේකම්වරයාට කිසියම් හෝ තනතුරක් ලබාදෙන ලෙසත් හැකිනම් ජනාධිපති අතිරේක ලේකම් තනතුරක් ලබාදෙන ලෙසත් දයාසිරි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තනාපතිවරයා සංවිධානය කළ රාත්‍රී සාදය පැවැත්වුණේ සඳුදාය. ඒ සඳහා දේශපාලන ක්ෂේත්රය නියෝජනය කරමින් සහභාගි වූයේ කිහිපදෙනෙකි.
ඇමති රවුෆ් හකීම්, බදියුදීන්, නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, හිටපු ඇමති ජී.එල්. පීරිස් ඒ අතර වූහ.
රාත්‍රී සාදය ආරම්භවී මද වේලාවකට පසු සියල්ලෝම එකම මේසයක සිට සතුටු සාමිච්චියේ යෙදී සිටි අතර, විවිධ මාතෘකා කතා කරමින් ව්‍යවස්ථාව පිළිබඳ කතාබහටද පැමිණියහ.
එහිදී විපක්ෂ නායක සම්බන්ධන්, හිටපු ඇමති ජී.එල්. ට චෝදනාවක්ද එල්ල කළේය.
'මම මේක කියන්න කොහොමවත් හිතුවේ නැහැ. මම මේක කියන්න කැමැතිත් නැහැ. ඒත් මට කියන්න වෙනවා ජී.එල්. මහත්තයා. මම බොහොම ගරු කරන අහිංසක බෞද්ධ සිංහල ජනතාව ඔබතුමා නොමග යවනවා.*
ඇයි එහෙම කියන්නේ? ජී.එල්. ඇසුවේ විමතියෙනි.
'අලුත් ව්‍යවස්ථාව ගැන බොරු කතා කියලා ජනතාව බය කරනවානේ ඔබතුමා. ඇත්තටම වෙන්න ඕන ව්‍යවස්ථාව ගැන ජනතාවට කියලා දීලා ඔවුන්ට අවබෝධය ලබාදෙන එක. ඇයි ජනතාව බය කරන්නේ?*
සම්බන්ධන් සුහදශීලීව එසේ කියන විට, ජී.එල්. තිගැස්සී වටපිට බැලූ අතර අනෙකුත් ඇමතිවරුන්ද තමන් දෙස බලාගෙන ඉන්නා බව ජී.එල්. දැක්කේ එවිටය.
'නැහැ. ව්‍යවස්ථාවේ වෙනස් විය යුතු තැනුත් තිබෙනවා* ජී.එල්. ද සුහදශීලීව පිළිතුරු ලබාදුනි.
'ඔව්. අපි හැමෝම එකතුවෙලා හොඳ ව්‍යවස්ථාවක් හදාගමු. කවුරුවත් නොගම යවන්න අවශ්‍ය නැහැනේ.*
'ඔව්, ඔව්. එක ඇත්ත.*
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ භාණ්ඩ ලැයිස්තු සැකසීමේදී අමාත්‍යාංශයේ පරිපාලන සහකාර ලේකම්වරියට, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රසිද්ධියේ බැණවැදී ඇතැයි සේවකයන් අතර කතා පැතිරෙන්නට විය.
අමාත්‍යවරයාගේ දෝෂාරෝපණ නිසා වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස එම සහකාර ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර, ඇයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මාරුවීමක් ලබාදීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජයේ ආයතන තුළ වාර්ෂික සිදුකරන භාණ්ඩ ලැයිස්තු පිළිබඳ වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කාර්යාලයේ භාණ්ඩ පරීක්ෂා කළ අවස්ථා කිහිපයකදීම මෙම සහකාර ලේකම්වරිය ඉල්ලා ඇති අතර, නමුත් ඒ සඳහා ඇමති සියඹලාපිටිය අවස්ථාවක්දී නැත.
ලේකම්වරිය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති අතර, එහිදී අමාත්‍යවරයා විසින් ලේකම්වරියට බැණවැදී ඇත්තේ බොහෝදෙනෙකුද සිටින අවස්ථාවකදීය.
මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පුරප්පාඩුවී තිබූ අභ්‍යන්තර විගණක තනතුර සඳහා තෝරාගත් නිලධාරිනිය පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හමුවී තිබිණි.
සිය තනතුරේ වැඩ බාරගැනීමටත් පෙර මෙම නිලධාරිනිය හමුවූ අවස්ථාවේදී ලේකම් බටගොඩ පවසා තිබුණේ, අමාත්‍යාංශයේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආකාරය පිළිබඳවය.
අමාත්‍යාංශයේ මහා පරිමාණ වංචා ඇති බවත්, එසේ වුවද සුළු කාර්යයන් පිළිබඳ සොයාබලා පාඩුවේ සිටින ලෙසත් ලේකම්වරයා එම නිලධාරිනියට ප්‍රසිද්ධියේ අවවාද කර තිබේ.
මෙලෙස විගණන නිලධාරිනියකට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අමත්‍යාංශ නිලධාරීන් අතර මේ වනවිට විවිධ කතා පැතිරෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ලේකම් බටගොඩ පැවසුවේ මෙවැන්නකි.
&ඒ නිලධාරිනිය ආවා. මාත් එක්ක හොඳින් කතා කළා. සතුටින් කතා කරලා ගියා. මම විහිළුවට කිව්වද දන්නේ නැහැ. මේ එන දරුවා කලින් ඔඩිට් කරලා නැහැ. ඒ නිසා මම කිව්වා එන්න බයවෙන්න එපා කියලා. මම කිව්වා මෙතැන ගොඩක් කචල් තියෙන තැනක්, බය නැතිව එන්න කියලා. මට විරුද්ධ අය අමාත්‍යාංශයේ ඉන්නවානේ. මේ අය මාව එළවන්න ඔය වගේ කතා කියනවා. මොකද මම මේක ඇතුළෙ දූෂණ වෙන්න දෙන්නේ නැහැනේ ඒකයි.*
මාධ්‍ය‘වේදී චතුර අල්විස්ගේ පියා හදිසියේ මිය යෑමත් සමග එම පියාට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් පසුගිය සඳුදා රාත්‍රියේ පානදුර පිහිටි ඔහුගේ නිවසට පැමිණියහ.
මෙහි සිටි අතිවිශාල පිරිස අතර කතාබහ වූයේ නිවසට පැමිණෙන පළමු පුද්ගලයා බවට පත්වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවයි. එහෙත් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට කළුතර දිස්ත්‍රික්කයේ එජාප නායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා එම නිවසට හදිසියේ පැමිණීමත් සමග බොහෝ දෙනෙකු ඒ පිළිබඳ කතාබහ කරන්නට වූහ.
තරමක වේලාවක් එහි රැඳී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා පිටව යෑමත් සමග මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම නිවසට පැමිණියේය. අජිත් පී. පෙරේරාගේ නියෝජිතයෙක් ඒ අවස්ථාවේද නිවසේ රැඳී සිටි බැවින් නිවසට පැමිණි සිටි මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ දේශපාලන හිතවතුන් වටකර ගනිමින් කතාබහ කරන අතරේ බැඳුම්කර ගනුදෙනුව ඇතුළු උණුසුම් දේශපාලන මාතෘකා කිහිපයක් පිළිබඳව කතාබහ කළහ.
නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හෝ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගේ නියෝජිතයා ඒ කිසිවකට පිළිතුරු නොදීම විශේෂත්වයකි. නාමල් රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝජිතයා අතර වචනය කුදු කතාබහක් නොවීම ගැනද බොහෝ දෙනා අතරේ කතාබහ විය. නාමල් රාජපක්ෂ පිටව යෑමෙන් පසුව මාධ්‍යවේදීන් සමග නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගේ නියෝජිතයා මැදියම් රැය පසුවන තුරු රැඳී සිටි අතර, බොහෝ දේශපාලන කාරණා පිළිබඳවද මෙහිදී කතාබහ වී තිබේ.
බදාදා කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත හිටපු ඇමති බැසිල්ගේ ගුණ වර්ණනා කළේය.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ දෙමළ ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබාදීම පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළේය.
එහිදී රාජිත පැවසුවේ, &බැසිල් කියන දේ හරි. ඒක හොඳ ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයත් සමග සියලු දෙනා ඉඩම් දෙන්න කැමැති වෙලා තියෙනවා. දැන් අපට තියෙන්නේ උතුරේ ඉඩම් ජනතාවට ලබාදීම. දැන් විරුද්ධ වෙන්න කවුරුත් නැහැ. එයාලනේ ලොකුම බාධකය වෙලා තිබුණේ.
හැබැයි ඉතින් බැසිල් රාජපක්ෂ කියපු විදිහට මහින්ද රාජපක්ෂ වැඩ කළා නම්, ඒ කාලේ ඒ ආණ්ඩුව තවම තියෙනවා. වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ කියපු විදිහටනේ. ඒකෙන් තමයි අද පොහොට්ටුවක් අල්ලගෙන ඉන්න තත්ත්වයට පත්වුණේ. මේ රටින් පිට ලෝකයක් තියෙනවා කියලා දැනගෙන හිටපු කෙනෙක් තමයි බැසිල් රාජපක්ෂ. එයාල දැන් පොහොට්ටුව අල්ලගෙන ඉන්නවා. පොහොට්ටුව කියන්නේ පිපෙන්නේ නැති එකක් නිසා බයක් නැහැ. පිපෙනවා නම් නේ අපි බයවෙන්න අවශ්‍ය.*
නව ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල මහානායක හිමියන් බැහැදැකීමට ගොස් තිබිණි.
අතුරු වාර්තාවෙන් රටට, බුද්ධාගමට සිදුවන හානි ගැන කියන්න අපි හිතුවා නායක හාමුදුරුවනේ* කියා දිනේෂ් කතාවට අවතීර්ණ වුවද මහානායක හිමියන්ගෙන් ලැබුණේ වෙනස් පිළිතුරකි.
'ජනාධිපතිතුමා කියනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. අපට ඒක විශ්වාස කරන්න පුළුවන්.'
'ප්‍රශ්නේ තියෙන්නේ වගන්ති දෙකක් දාන එක හාමුදුරුවනේ?'
'ඒකීයභාවයකට හානියක් නැහැ කියනවා. බුදුදහමට හානියක් නැහැ කියනවා. ඉතිං ඔබතුමාලත් ඒ කමිටුවේ ඉන්නවානේ. ඒක පිළිගෙන තියෙනවා නේද?*
'නැහැ නැහැ නායක හාමුදුරුවනේ එහෙම නොවෙයි.'
'ඇයි එතකොට ඔබතුමා බුද්ධාගමට තැන දෙන එක පිළිගන්නේ නැද්ද?'
'ඒවා පිළිගන්නවා. නමුත් මහනායක හාමුදුරුවනේ...'
'එහෙමනම් අපි ඉතිං කවුරු කියන එකද පිළිගන්නෙ? ඔබතුමන්ලා මේ විදිහට කියනවා. ආණ්ඩුවේ අය අර විදියට කියනවා.'
'අපි කියන්නේ 09වැනි වගන්තිය වෙනස් කරන්න එපා කියලා. ඒක භායනකයි හාමුදුරුවනේ.*
'එපා කියන්නේ නැතිව ඒකට සුදුසු දේ ඔබතුමන්ලා යෝජනා කරන්න. පනතක් එපා කියන දේ නොවෙයි ඒකට අවශ්‍ය දේ සංශෝධනය කරලා යහපතක් වෙනවා නම් හොඳයි. නැතිනම් රටට, ජාතියට, ආගමට කවදාවක් ඕවා කරන්න බැරිවෙනවා.
දැන් බලන්න බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම. ඒ කාලෙත් ඒවා කරන්න ඉඩ දුන්නේ නැති නිසා මහා විපත් ඇති වුණා. '
'එහෙමයි.'
'නරක දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ. හොඳ දෙයක් අපි නිර්මාණය කරගමු.'
'මල්වත්තේ හාමුදුරුවො හොඳ නිවේදනයක් නිතුක් කරලා තියෙන්නේ රට නොබෙදා බලය බෙදන්න කියලා. අන්න ඒක තමයි හරිම දේ. ඔළුවේ මලකඩ තියෙන හැමෝමට හොඳ පණිවුඩයත් ඒක. දේශපාලනය දන්නේ නැති අයට මහානායක හමුදුරුවන්ගෙන් ඒක ඉගෙන ගන්න පුළුවන්. රටක ඒකීය මොකද්ද?, එක්සත් කියන්නේ මොකක්ද? කියලා හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න.*
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් පසුගිය සති අන්තයේදී යාපනය දිස්ත්‍රික්කය පුරා සංචාරය කොට ජනතාව හමුවීමට කටයුතු යොදා තිබුණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම ගමනට එක්වූහ. සිකුරාදා උදෑසන කොළඹින් පිටත්ව යාපනයට ගිය මෙම පිරිසට ගොවීන්, ධීවරයන්, ව්‍යාපාරිකයන්, යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ශිෂ්‍ය නායකයන්, වෛද්‍යවරුන් මුණගැසීමට හැකියාව ලැබුණි.
දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු විසින් මුරුක්කන්ඩිවලදී ඔවුන්ව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එල්.ටී.ටී.යේ ප්‍රවාහන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති එම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුව වැඩ කරන අයෙකි.
පිරිස එදින නතර වීමට තෝරාගෙන තිබුණේ මෑතකදී මෛත්‍රිපාල සිරිසේන විසින් යාපනයේදී විවෘත කළ හෝටලයකි. පසුගිය රජය සමයේදී බැසිල් රාජපක්ෂ විසින් මුල්ගල තබා ඇති එම හෝටලය මිලින්ද මොරගොඩ මහතාට අයත් එකකි.
සෙනසුරාදා උදෑසන නල්ලූර් කෝවිලේ පැවති පූජාවකට එක්වූ බැසිල් ඇතුළු පිරිස කොපායිහි පැවති රැස්වීමට සහභාගි වූහ. එම රැස්වීමට සැලකිය යුතු ජනතාවක් එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් සති දෙකක් පමණ එහි සිට මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
රෝහණ විජේවීර සිරගෙදර සිට නිදහස්ව පැමිණි පසු යාපනයේ පැවැත්වු පළමු රැස්වීම සංවිධානය කර තිබුනේද ඔහුය.
බැසිල් මෙම රැස්වීම සිංහලෙන් අමතන විට ඔහුගේ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කිරිම සඳහා කාන්තාවක් පැමිණ සිටියාය. එම කාන්තාව දුටු බැසිල් “මං ඇමති කාලෙත් ඔයා නේද යාපනයේ රැස්වීම් පරිවර්තන කරන්න එන්නේ යැයි පැවසූ විට ‘ඔව් මම තමයි සර් . මං ආණ්ඩුවේ තැනක වැඩ කළත් බලය නැති කාලෙත් ඔබතුමා එන රැස්වීම් අමතක කරන් නෑ “ යැයි කීවාය. බැසිල් නොනවත්වා කතාව කරගෙන යද්දී ඉතා දක්ෂ ලෙස ඇය පරිවර්තන කටයුතු සිදුකළාය.
ඉන්පසුව යාපනය බිෂොප්වරයා මුණගැසීමට පිරිස ගියහ. “ආණ්ඩුකාරයයි, මහඇමති විග්නේෂ්වරනුයි මුණගැහෙන්න ගියේ නැතිදැයි බිෂොප්වරයා ඇසූ විට “ආණ්ඩුකාරවරයා කොළඹ ඉන්නවා කිව්වා. විග්නේෂ්වරන් හමුවෙන්න උත්සාහ කළේ නැහැ “ යැයි බැසිල් කීවේය.“ විග්නේෂ්වරන් රෝහල්ගත කරලා ඉන්නේ. එයා ලෙඩක් හැදුනාම පිටරට යන්නෙත් නෑ, කොළඹ යන්නෙත් නෑ. යාපනයේ ඉස්පිරිතලේම තමයි ඉන්නේ. පුදුම මනුස්සයෙක් යැයි බිෂොප්වරයා අනතුරුව පවසා සිටියේය.
බැසිල් ඇතුළු පිරිස පැවැත්වීමට සැලසුම් කර තිබු ඊළඟ රැස්වීම සඳහා යාපනය වීරසිංහ ශාලාව ලබාගැනීමට හැකිදැයි ඉල්ලා සිටි අතර, එස්.බී හා රාජිත පැමිණන රැස්වීමක් එහි පැවැත්වීමට නියමිත බව එහි පාලනාධිකාරිය දැනුම් දුන්නේය.
ඉන්පසුව පෞද්ගලික ශාලාවක් ලබාගැනීමට බැසිල්ලාට සිදුවිය. කෝපායිහි පැවති එම රැස්වීමට ප්‍රාදේශීය සභා 16ක නියෝජිතයෝ පැමිණ සිටියහ.
බැසිල් ඇතුළු පිරිස යාපනය ප්‍රධාන හින්දු සාමිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී සාමිවරයා තමන්ට ඇති අඩුපාඩු ගැන කියන්නට විය. මල්වතු නායක හිමියන් යාපනයට පැමිණි අවස්ථාවේදී උනවහන්සේලා හොඳින් පිළිගත් බවද ඔහු පැවසුවේය. දකුණේ අන්තවාදීව සිදුකරන සිද්ධි එකක් දෙකක් උතුරේ මාධ්‍ය විසින් විශාල ප්රවෘත්ති විදියට අරන් මතවාදයක් හදනවා“යැයි සාමිවරයා කීවි ට බැස්ලි කීවේ දකුණේ එහෙම එකක් නැති බවයි.“ අපි කොළඹට එන්න සූදානම් . මාස 33ක් ආණ්ඩුව තිබුණට යහපාලන ආණ්ඩුවෙන් කිසිම සංවර්ධනයක් වෙලා නැහැ “සාමිවරයා චෝදනා කරමින් පැවසූ විට “ඔබතුමා කොළඹ ඇවිල්ලා සාකච්ඡාවක් කරලා බය සැක නැති කරගන්න. අපි එයට අවශ්‍ය පහසුකම් සපයන්නම්* බැසිල් කීවේය. යාපනය සංචාරයෙදී බැසිල් ඇතුළු පිරිසට අවස්ථා ගණනාවකදී හින්දු කොවිල්වල පූජා සඳහා සහභාගි වීමට සිදුවූ බැවින් නිර්මාංශ ආහාර පමණක් ගැනීමට සිදුවිය.
සීනිගම දේවාලයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ ධර්ම යාත්‍රාව අලුත්ගම කන්දේ විහාරයට පසුගියදා පැමිණියේය. එහි සංවිධාන කටයුතු භාරව සිටියේ, පියල් නිශාන්ත මන්ත්‍රීවරයායි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එදින දහවල් කන්දේ විහාරයට පැමිණියේය. ඔහු සමග ජී.එල්. පීරිස්ද එක්විය.
ධර්ම යාත්‍රාවේ පැමිණි ස්වාමීන් වහන්සේලාට දානය පිළිගැන්වීමෙන් අනතුරුව කන්දේ විහාරයේ නායක හිමියන් සමග මහින්ද සාකච්ඡාව යෙදුණහ.
'ඒ කාලේ මම විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදියට ඉද්දී තංගල්ලේ යන ගමන් කන්දේ විහාරයට එනවා. හාමුදුරුවෝ බැහැදැකලා දවල්ට එහෙම කාලා තමයි මම යන්නේ ඒ වෙලාවට හැමදාම නායක හාමුදුරුවෝ මගේ අතට සල්ලි දෙනවා තෙල් ගහගන්න කියලා.* මහින්ද අතීත සිද්ධි සිහිකරමින් කීවේය.
'ඊටපස්සේ ජනාධිපති වෙලා දවසක් මම කන්දේ විහාරයට ආවා. එදත් දවල්ට කාලා ආපහු යන්න හදද්දී හාමුදුරුවෝ මට සල්ලි දෙන්න හැදුවා. මම කිව්වා අපේ හාමුදුරුවනේ මම දැන් ජනාධිපති මට ආණ්ඩුවෙන් තෙල් ගහලා දෙනවා* කියලා මහින්ද සිනාසෙමින් කීවේය.
'හොඳ වෙලාවට සර් එදා හාමුදුරුවන්ගෙන් සල්ලි නොගත්තේ* පියල් කීවේය.
'ඒ මොකද* මහින්ද ඇසුවේය. 'එදා සර් සල්ලි ගත්ත නම් අද අපේ නායක හාමුදුරුවෝ එක්කෝ හිරේ නැත්නම් එෆ්.සී.ඩී. එකේ.'පියල් සිනාසෙමින් කීවේය. &දැනුත් කියන්න බෑ පියල්, හාමුදුරුවෝ මට ඒ කාලේ තෙල් ගහන්න සල්ලි දුන්නා කියලා දැනගත්තොත් නායක හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියනවා ඇයි මහින්ද රාජපක්ෂට තෙල් ගහන්න සල්ලි දුන්නේ කියලා. එහෙමට බැරි හාදයෝ මේ* මහින්ද සිනාසෙමින් කීවේය. මහින්ද වෙනුවෙන් පියල් නිශාන්ත දිවා ආහාරය සූදානම් කර තිබුණේ, ඔහුගේ හිතවතෙකුගේ හෝටලයකය. දිවා ආහාරය ගැනීමෙන් පසු මහින්ද නැවත කන්දේ විහාරයට පැමිණ ධර්ම යාත්‍රා ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි විය.
ධර්ම යාත්‍රාව පසුදින දහවල් නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේය. අභයාරාමයේදී ධර්ම යාත්‍රාවට සහභාගිවූ මහා සංඝරත්නයට දානය පිළිගන්වීමේ අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපතිවරයා එදින රාත්‍රියේ පෞද්ගලික සංචාරයකට ජපානය බලා පිටත්ව ගියේය. ජපානයේ වෙසෙන හිතවතුන්ගේ විශේෂ ආරාධනයට ජපානයට ගිය මහින්ද පිළිගැනීම සඳහා ටෝකියෝ ගුවන්තොටුපළට ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මාධ්‍යවේදී චතුර අල්විස්ගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. මළගෙදර යෑමට පවිත්‍රා, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා ගොඩ වූයේ එක් වාහනයකටය. ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු තරුණ මන්ත්‍රීවරු එක් වාහනයටකට ගොඩවූහ. &මල්ලිලා පාරදන්නේ නැහැනේද අපේ පස්සෙන් එන්න.* කියා පවිත්‍රා රණවීරලාට කීවාය. ඒ අනුව පවිත්‍රාගේ වාහනය ඉස්සර විය. කෙසේවෙතත් ඉදිරියෙන් ගිය පවිත්රලාට පාර වැරදුණි. තරුණ මන්ත්‍රීවරු පවිත්රාලාට කලින් මළගෙදර ගියහ. 'මැඩම් අපිට පාර පෙන්නම් කියලා පාර වරද්ද ගත්තානේදැයි* රණවීර බොහෝ වේලාවකට පසු මළගෙදරට පැමිණි පවිත්රාගෙන් ඇසුවේය. &මොනවා කරන්ද මල්ලි රටටම පාර වැරදුනු එකේ මොනවා කරන්නද* කියා පවිත්‍රා කීවාය.
පාර්ලිමේන්තුව පසුගිය අඟහරුවාදා රැස්වූයේ, ඊට වසර හැත්තෑවක් සපිරීම සැමරීමටයි. එදින පාර්ලිමේන්තු භෝජනාගාරයේ පලනි දිගම්බරම්, ඉන්දික අනුරුද්ධ, නිරෝෂන් ප්‍රේමරත්න කතාබහාකරමින් සිටියහ. 'ආණ්ඩුව ගැනනම්, මිනිස්සු කලකිරිලා ඒත් කාටවත් තනි බලයක් නම් ගන්නබෑ.'පලනි කීවේය. &එහෙම වෙන්නේනැහැ. ඡන්දයක් තියන්නකෝ අපි දිනලා පෙන්නම්' ඉන්දික කීවේය. මේ අතර පද්ම උදයශාන්ත සහ සනත් නිශාන්ත කතා කරමින් සිටින තැනට සුමේධා නියෝජ්‍ය ඇමතිවරිය පැමිණෙනු දුටු පද්ම උදයශාන්ත මන්ත්‍රීවරයා ඇසුවේ, 'කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්' කියමිනි. එහි ඉතිරි පදය කීවේ, සනත් නිශාන්තය. &දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්* 'නෑ.. නෑ.. නැකත ආවේ නැහැ.* සුමේධා කීවාය. 'ඉක්මනින් ඔය නැකත ආවේ නැත්නම් ඔයාලට වැඩේ දෙල් වෙයි* සනත් කීවේය. 'දෙල් වෙන්න ඉස්සෙල්ලා එනවා.* යැයි කී සුමේධා ඉක්මනින් එතැනින් පිටව ගියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd