Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
මෙම සතියේ වැඩි කතාබහට ලක්වූයේ කැබිනට් රැස්වීම පිළිබඳවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අඟහරුවාදා පැවැත්විණි.කාන්තාවන්ට මත්පැන් සම්බන්ධ කටයුතුවලට අවසර දීමට අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරු විවිධ අදහස් දැක්වූහ.
මත්පැන් අලෙවි සැල් රාත්‍රී 10.00 වනතුරු විවෘත කර තැබීම සහ කන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට ඇති හැකියාව ලබාදෙමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි. මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලද අතර, එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාන්තාවන්ට සමඅයිතිය ලබාදීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බවයි.
ඊට එරෙහිව අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමති රාජිත කීවේ මෙවැන්නකි. “කරුණු දෙකක් මත මම මෙම යෝජනාවට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සභ්‍යත්වය මත තීන්දු තීරණ ගත යුතුයි. යුරෝපයේ ගනු ලබන තීන්දු තීරණ ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැහැ. කොළඹ කාන්තාවන්ට වඩා ගමේ සිටින කාන්තාවන් සියයට 90ක්ම මීට විරුද්ධයි. ගමේ සිටින කාන්තාවන්ගේ විවිධ අයිතිවාසිකම් ආරක්ෂා වී තිබෙනවා. නමුත් ගමේ සිටින කාන්තාවකට මත්පැන් අලෙවි සැලකට ගොස් මත්පැන් බෝතලයක් ගන්න බැහැ. එය ගැටලුවක්. කොළඹ නම් සුපිරි වෙළෙඳ සැල්වලින් මත්පැන් මිලදී ගන්නා කාන්තාවන් ඉන්නවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මොහොතේ මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අනවශ්‍ය දෙයක්. යහපාලන රජය බිහිවුණේ මතින් තොර රටක් නිර්මාණය කිරීමටයි. එය මේ වනවිට නිවැරදි ආකාරයෙන් සිදු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටේ මත්පැන් භාවිතය සහ දුම්බීම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම මෙම තීරණයට සම්පූර්ණයෙන් විරුද්ධයි.”
එවිට අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ රාජිතගේ ප්‍රකාශයට තමන්ද එකඟ බවයි. ‘එම නිසා මෙම තීරණයට මමත් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා” යැයි හෙතෙම පැවසීය.
අමාත්‍ය චම්පික රණවකද පැවසුවේ, “මතින් හා දුම්පානයෙන් තොර රටක් බිහිකළ යුතුයි යන සංකල්පයේ අපි ඉන්නේ. තීන්දු තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි. ඇතැම් තීන්දු තීරණවලදී සිදුවෙන්නේ විනාශයක්. අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙනවා” යනුවෙන්ය.
එවිට අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ මෙම තීන්දුව නතර කිරීමට පියවර ගත යුතු බවයි.
තමන් හා රාජිත අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සෞඛ්‍ය වශයෙන් මෙය ගැටලුවක් වන බැවින් මෙම තීරණයට විරුද්ධත්වය පළකරන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
එවිට අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසුවේ මෙය ගෝත්‍රික තීන්දුවක් බවත්, නමුත් එයට හිස නමන බවත්ය.
එ.ජා.ප. මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා විවේචනය කරන සිදුවීමද මෙහිදී සාකච්ඡා විය.
සුජීව, මරික්කාර්, හරීන්, නලීන්, චමින්ද යන මන්ත්‍රීවරුන් තමන්ව දැඩි ලෙස විචේනය කරන බව පවසමින් දෝෂාරෝපණය කළ ජනාධිපති මෛත්‍රී හදිසියේම කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගියේ ‘මම ජනාධිපතිකමෙන් අස්වෙනවා’ යැයි කියමින්ය.
අගමැති රනිල් සහ ඇමතිවරු කිහිපදෙනෙක් ජනාධිපතිවරයා අසලට ගොස් සාකච්ඡා කර යළි ජනාධිපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයට කැඳවාගෙන ආහ.
කැබිනට් හමුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආවේගයෙන් එජාප මන්ත්‍රීවරුන්ට බැන වැදී නැගිට යාම පිළිබඳ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කතාබහට ලක්විය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම යෙදී තිබුණේ බදාදා පෙරවරුවේය. රැස්වීම ආරම්භ කිරීමට අගමැති රනිල්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි මැති ඇමතිවරු කතාබහ කරමින් සිටියහ.
මේ අතර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වටකරගෙන පසුපෙළ මන්ත්‍රීවරුන් විමසමින් සිටියේ කලින් දින කැබිනට් මණ්ඩලයේදී සිදු වූ සිදුවීම පිළිබඳවයි. ඇමතිවරුන් දෙදෙනාද එය විස්තර කරමින් සිටියහ.
‘ජනාධිපතිතුමා අපේ සෙට් එකක නම් කියලම බැන්නා. මේ විදිහට එක ගමනක් යන්න බැහැ කිව්වා. පැය භාගයක් විතර මෙහෙම බැනලා බැනලා මෙන්න එකපාරටම නැගිටලා ගියා’
එසේ එක ඇමතිවරයෙක් පවසන විට, අනිත් අමාත්‍යවරයාද එයට යමක් එක් කළේය.
‘ජනාධිපතිතුමා නැගිටලා ගියපු එකෙන් නිදහස් පක්ෂෙ ඇමතිලා මාර විදිහට වැටුණා. එයාලට කරගන්න දෙයක් නැතිවුණා. ඊට පස්සේ අගමැතිතුමාට කිව්වා ගිහින් කතා කරන්න කියලා’
‘අගමැතිතුමා එක්ක මලික්, අකිල, රාජිත, දුමින්ද, සිරිපාල සෙට් එකම ගිහිල්ලා කතා කරලයි ආපහු එක්කගෙන ආවේ’ යැයි ඒ අමාත්‍යවරයා පවසන විට අසල සිටි මන්ත්‍රීවරයෙක් පැවසුවේ,
‘ඒ කියන්නේ එදත් අපි එයාව ආරගෙන ආවා... අදත් අපි එයාව එක්කගෙන ආවා’
පසුපෙළ මන්ත්‍රී එසේ කියන විට එතැන සිටි සියල්ලෝම මහ හඬින් සිනහසෙන්නට විය.
අගමැති රනිල් සිරිකොතට පැමිණීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ විය. පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය කැඳවා තිබුණද, ඒ තුළ මුලින්ම කතාබහට ලක්වූයේ කැබිනට් මණ්ඩලයේ සිදුවීම පිළිබඳවයි.
‘මොනවද අයිසේ මේ තමුසෙලා කරගන්න වැඩ. ජනාධිපතිතුමා විචේනය කරන්න එපා. අපි පත් කරපු ජනාධිපතිනේ. ඒ ගැනත් හිතන්න. ජනාධිපතිතුමා හොඳටම කලකිරිලා දොස් කියාගෙන ගියා. ජනාධිපතිතුමාව විචේනය කරන්න එපා’
අගමැති රනිල් මන්ත්‍රීවරුන්ට එසේ කියන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුපෙළ මන්ත්‍රීවරයකු නැගී සිටිමින් විමසුවේ,
‘එතකොට සර් මේ අවුරුදු තුනේම නිදහස් පක්ෂෙ ඇමතිවරු සර්ව විචේනය කළා. ජනාධිපතිතුමා ඒවා නතර කළේ නැහැනේ’
අතින් සංඥා කරමින් එම මන්ත්‍රීවරයාට අසුන්ගන්නා ලෙස පැවසූ අගමැතිවරයා පැවසුවේ,
‘ඒක ජනාධිපතිතුමා බලා ගනීවි. අපේ පැත්තෙන් ජනාධිපතිතුමා විවේචනය නොකර ඉඳිමු. නිදහස් පක්ෂෙ ඇමතිවරුන්ගේ වැරදි තියෙනවා නම් ඒවා විචේනය කළාට කමක් නැහැ. ප්රතිපත්තිවල වැරැද්දක් තියෙනවා නම් ඒවා විචේනය කළාට වැරැද්දකුත් නැහැ. හැබැයි ජනාධිපතිතුමාව විචේචනය කරන්න එපා’
එසේ පැවසූ අගමැතිවරයා එම කතාබහ එතැනින් අවසන් කළේය.
බදාදා පැවති කැබිනට් හමුවේදී ඇමති රාජිත පැවසුවේ කැබිනට් මණ්ඩලය තුළ අර්බුදයක් හට නොගත් බවය. ජනාධිපතිවරයා නැගිට ගියේ ස්වාභාවික අවශ්‍යතාවක් සඳහා බවත්, සැනකින් ආපසු පැමිණි බවත් එහිදී ඇමති රාජිත කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළියක් ඇල්පිටිය නගරයේදී බදාදා සවස පැවති අතර, එම වේදිකාවේදී ජනාධිපතිවරයා පැවසුවේ පරස්පර අදහසකි.
‘හාමුදුරුවනේ මම ඊයේ ධම්මපදයෙන් තමයි කැබිනට් මණ්ඩලයේ දේශනයක් පැවැත්වුවේ. අකුසල් කරලා කාටවත් කොහේවත් හැංගෙන්න බැහැ. ඒ පව් පලදෙනවා කියලා මම කිව්වා. මහජන දේපළ හොරකම් කළොත් අකුසල්, ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරකම් කළොත් අකුසල්, රජයේ දේපළ අවභාවිත කළොත් අකුසල්. මේ විදිහට මම විනාඩි 30ක් 35ක් විතර දේශනයක් කරල කිව්වා මේ අකුසල් නොකරන විදිහට ආණ්ඩුව ඉස්සරහට යන්න අවශ්‍යයි කියලා. ඒ නිසා ඒකට කවුරුත් සූදානම් වෙන්න කියලා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න මම තව පොඩ්ඩකින් එන්නම් කියලා මම ගිහින් තේ එකක් බීලා ඇවිත් ආපසු කැබිනට් එකේ වාඩිවෙලා ආපහු කැබිනට් රැස්වීම කරගෙන ගියා’ යැයි පැවසීය.
ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව අධිකරණයෙන් විමසූ සාකච්ඡාව මෙවර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ඡා විය.
ආරම්භයේදී විජිත හේරත් පැවසුවේ මෙවැන්නකි. ‘රාජපක්ෂත් වැඩියෙන් ඉන්න හදලා දෙකක් නැති කර ගත්තා. මෛත්‍රීත් හයක් ඉන්න හදලා එකක් නැති කර ගත්තා. දෙන්නම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඇවිත් කාලය දික් කරගන්න තමයි හැදුවේ”
ටිල්වින් සිල්වාද එයට එක්විය .
‘එක්සත් ජාතික පක්ෂයත් කලබල වෙලා. ධුර කාලය 06ක් වුණා නම් එජාපයටත් ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා තමයි කට්ටිය මෛත්‍රීට ගහන්න පටන් ගත්තේ. බැඳුම්කරෙන් වැටිලා ඉන්න එජාපයට තවත් මරු පහරක් වෙනවා මෛත්‍රී 06ක්ම හිටිය නම්. කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේන බැලුවෙත් ධුර කාලය හයක් වුණා නම් ඡන්දෙදි ඒ වාසියත් ගන්න. කතාව නම් බලය අත්හරින්න, පුටුව අත්හරින්න. ඒත් ක්‍රියාව තියෙන්නේ බලය වැඩි කර ගන්න. හොරු අල්ලනවා කියලා ඇවිත් දැන් හොරු ටික ආරක්ෂා කර ගනිමින් පක්ෂෙ බලය අල්ලගන්න තමයි කල්පනාව”
‘ඔව්, ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාව ආවට පස්සේ ඒක අල්ලගෙන දැන් මාධ්‍ය සන්දර්ශන දානවා. මහා පරිමාණ වංචා දූෂණ ගැන ජනාධිපති කොමිෂන් වාර්තා 34ට මොකද වුණේ කියල දන්නෙ නැහැ. බැඳුම්කර වාර්තාවෙන් ඒවා යට වෙලා. මෛත්‍රී ඒවා හංගන්නේ ඒ වාර්තාවල තමන් ළඟ ඉන්න හොරු ටිකේ නම් තියෙන නිසා. අපි මේ වාර්තාත් එළියට අදින්න ඕනෑ. මොකද දෙපැත්තෙම හොරු එළියට දාන්න ඕනෑ”
එයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවීමද සුනිල් හඳුන්නෙත්ති මතක් කළේය.
‘පාර්ලිමේන්තුවේදී රනිල්ගේ ගෝලයෝ මහින්දට හොරා කිව්වා. මහින්දගේ ගෝලයෝ රනිල්ට හොරා කිව්වා. තව කට්ටියක් රනිල්ට බැඳුම්කර හොරා කිව්වා. තව කට්ටියක් මහින්දට සුනාමි හොරා කිව්වා. අපි මේ පැත්තේ ඉඳලා දෙගොල්ලම හොරු කියල කිව්වා. නමුත් ඒවා මාධ්‍යවල නම් ගියේ නැහැ. කොහොමත් ඇත්ත එළියට එන්නෙ නෑනේ. ඒත් ජනතාව නම් දැනගත්තා දෙගොල්ෙලාම හොරු කියලා”
මැතිවරණ ප්රචාරක කටයුතු අතරතුරදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොස්ගම සාලාව ප්‍රදේශයේ ජනහමුවක් සඳහා සහභාගි විය. එහිදී ප්‍රදේශයේ ගුරුවරියක් පැවසුවේ මෙවැන්නකි.
‘ලේකම්තුමා ආණ්ඩුවේ අය ගමේ බලයත් ආණ්ඩුව තියෙන එයාලටම දෙන්න කියනවා. මේ අය කොහොමද ගම හදන්නේ? සාලාව අවි ගබඩාව පිපිරුණාට පස්සේ හරියට වන්දි ටික ගෙවාගන්න බැරි වුණා. විපතට පත්වුණු අයගේ සංගණනයක් කරගන්න බැරි වුණා. දැන් ගමේ බලයත් ආණ්ඩුවට දෙන්න කියනවා”
එය අනුමත කරමින් පිළිතුරු සැපයූ ටිල්වින් සිල්වා මෙසේ කීවේය.
‘අවුරුදු 03ක් රට පාලනය කරලා රට තිබුණ තැනින් තවත් පහළට ඇදලා දැම්මා. මේ ආණ්ඩුව කොහොමද ගමක් හදන්නේ. හොරකම නැති කරන්න ඇවිත් බැංකු කැඩුවා. දැන් දෙපැත්තේ ඉඳගෙන හොරු කියලා දෙපැත්තට චෝදනා කරගන්නවා. බලන් ගියාම ඔක්කොම හොරු. ඒවට දැන් ජනතාව රැවටෙන්නේ නෑ. ජනතාව දැන් දැන් අපි කියන දේවල්වලට ඇහුම්කන් දෙමින් තේරුම් ගනිමින් ඉන්නවා. රටේ ලොකු වෙනසක් අපිට දැනෙනවා”
‘ලේකම්තුමා අපිත් රුසියානු පොත්පත් කියවලා තියෙනවා. සාහිත්‍ය කෘති පරිශීලනය කරලා තියෙනවා. ඒත් හැබෑ ජීවිතේ ඒ පොත්වල ඉන්න චරිත දැකලා තිබුණෙ නැහැ. නමුත් ඔබතුමාලගේ පක්ෂයේ චන්දන සූරියආරච්චිලා වගේ අයගේ කැපවීම දැක්කම අපි සැබෑ ජීවිතේදී සෝවියට් රුසියන් පොත්වල චරිත දැක්කා. සාලාව ප්‍රශ්නෙදි රෑ දවල් නැතිව ජනතාව වෙනුවෙන් චන්දනලා වැඩ කරපු විදිය අපි දැක්කා. ඒ නිසා අපි ජවිපෙ එක්ක වැඩ කරන්න තීරණය කළා” සාලාව වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් කියා සිටියේය. ‘ඔබතුමා කියන කතාව හරි. අපි ඡන්දෙ ඉල්ලන්නේ මන්ත්‍රීවරු හදන්න නෙවෙයි. අපි හදන්නේ ජනතා සේවකයෝ. ඒකයි අපේ වෙනස. අපි තිස්සදී ගම හදලා පෙන්නුවා. ජනතාවට තීරණය කරන්න පුළුවන් තමන්ගේ ගම හදා ගන්නවද නැත්නම් හොරුන්ටම දීලා පරණ විදියට දුක් විඳිනවද කියලා” ටිල්වින් සිල්වා කියා සිටියේය.
කාත්තන්කුඩි, එරාවුර් ප්‍රදේශයේ ජනහමු ගණනාවකට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සම්බන්ධ වූයේ පසුගිය සතියේය. මේ රැස්වීම් සඳහා ජවිපෙ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජවිපෙ මෙවර මැතිවරණයේ අපේක්ෂිකාවක් වන සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ද සහභාගි විය. රැස්වීම්වලින් අනතුරුව ජනතාව කතාබහක නිරත වෙමින් තමන්ගේ ගැටලු පිළිබඳව ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු කිරීමට පෙළඹී සිටියි.
‘මන්ත්‍රීතුමා, මුස්ලිම් පක්ෂ නායකයන් හිටියට කවදාවත් අපේ ප්‍රශ්න ගැන අවධානයක් නැහැ. ඡන්දෙට විතරක් මෙහෙ එනවා. මේ පාර රවුෆ් හකීම්ලා ගම අලියට කන්න දීලා” ප්රදේශවාසියෙක් හඳුන්නෙත්තිට කියා සිටියේය.
‘ගම අලියට කන්න දීපු කතාව මොකක්ද?” හඳුන්නෙත්ති විමසා සිටියේය.
‘ඇයි මන්ත්‍රීතුමා හකීම්ලා මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ අලියගෙන්.. එයාලගෙ ලකුණ මේ පාර ඡන්දෙදි මේ පැත්තට නැහැ” ඔහු පිළිතුරු දුන්නේය.
%නිපුන^ සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතාගේ දියණියගේ හදිසි අභාවය සැල වූ විට පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ පොළොන්නරුවේ ඔහුගේ නිවසට පැමිණෙන්නට වූහ.
සිරිපාල ගම්ලත් මහතා පක්ෂ විපක්ෂ කාගේත් හිතවතෙක් වූ බැවින් බෙහෝ පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ. මෙම අභාවය සැල වූ විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එම නිවසට ගියේය. ඒ වනවිට ලක්ෂ්මන් වසන්ත, පේෂල ජයරත්න, ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටියහ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සිටි සභාපතිවරුන් හත් දෙනෙකු විවිධ දූෂණවලට සම්බන්ධ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබී තිබුණු අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වේදිකාවලදීද මේ පිළිබඳව කියන්නට විය. ගම්ලත් මහතාගේ නිවසට පැමිණ සිටි එම සභාපතිවරුන් පේෂල ජයරත්නට චෝදනා කළේ නාමයෝජනා ලබානොදීම පිටුපස ඔහු සිටින බවට පවසමිනි. බැසිල් ඇතුළු ඒකාබද්ධයේ පිරිස එම අවස්ථාව බලා සිටියහ. එවිට පේෂල කීවේ තමාට අකමැත්තෙන් වුවද එම තීරණයට එකඟවීමට සිදු වූ බවයි. “ඔන්න 25 වැනිදා රනිල් පොළොන්නරුවට එනවලු. ගිහින් ඒ වේදිකාවට ගොඩ වුණා නම් හරිනේද’ බැසිල් එම සංවාදයට එක්වෙමින් කී විට “දෙකම එකතුවෙලා යනවට අපි කැමතියි’ යනුවෙන් පේෂල පැවසීය. “විසඳුම තියෙන්නේ අපිත් එක්ක ආවොත් තමයි. මොකද කියන්නේ’ අනතුරුව බැසිල් පැවසුවේ සියලු දෙනා දෙස බලාය.“මම හිටපු ජනාධිපතිතුමාට ආදරෙයි. මගේ වෙනසක් වෙලා නැහැ’ යැයි ලක්ෂමන් වසන්ත කීවේය. එම සංවාදයට එක් වූ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන “මට තාම මතකයි හිටපු ජනාධිපතිතුමා 2006දී විතර වී මෝල් හිමියන්ගේ බදු අඩු කරලා ලබාදුන්නු සහනය ගැන. ඒක අපිට ලොකු උදව්වක් වුණා. ඒ වෙලාවේ ගෙනාව යන්ත්‍ර සූත්‍ර තමයි අපි ගාව තියෙන්නේ’ යනුවෙන් පවසා සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන අගලවත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියට සහභාගි වී හෝමාගම රැලියට සහභාගි වීමට ගියේය. එම රැලියට එතරම් ජනතාවක් පැමිණ නැතැයි දැනගත් මෛත්‍රීට කේන්ති ගොස් හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරිට ඒ පිළිබඳ චෝදනා කළේය.
අගලවත්තේ රැලියට වැඩි ජනතා සහභාගිත්වයක් ලැබීම ගැන සතුටින් සිටි මෛත්‍රීට හෝමාගම රැලිය දුටු විට කනගාටුවක් ඇති විය. මෛත්‍රී පමා වී හෝමාගම රැලියට පැමිණියේද මෙම හේතුව නිසාය.
මෛත්‍රී සමග මෙම රැලි දෙකටම සහභාගි වූ හිතවතෙකු ඊට පසුදින කොළඹ පැවැති විවාහ උත්සවයකදී හිටපු අමාත්‍ය බැසිල්ට හමුවිය. ‘ඉතිං කොහොමද දේශපාලන තත්ත්වය ?’ බැසිල් කතාව ආරම්භ කරමින් පැවසීය. “වරදක් නැහැ සර් අපේ දේශපාලනය අපි කරනවා. හෝමාගම රැස්වීම ගැන ජනාධිපතිතුමා ලොකු කේන්තියකින් ඉන්නේ. මුළු ගමනම ගියේ මාත් එක්ක. හැබැයි අගලවත්තේ රැස්වීම ගැන ලොක්කා සතුටින් හිටියේ. ඒත් හෝමාගම රැස්වීම හින්දා ඒ ඔක්කොම හේදිලා ගියා” යැයි හිතවතා පිළිතුරු දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මෙන්ම එහි කැපී පෙනෙන කථිකයකුද වන ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකරතැබ්බයකට මුහුණදුන්නේය. අකරතැබ්බයට මුල වූයේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යාමයි. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය ඉරිදාය.
ප්‍රතිකාර ලබන්නට ආ ප්‍රසන්න පරීක්ෂා කරන්නට පැමිණි වෛද්‍යවරුන් කීවේ ප්‍රසන්නට හඬ නැතිව ගියේ අත්‍යවශ්‍යම වේලාවක බවය. “මන්ත්‍රීතුමාට කතා කරන්න බැරිව ගියේ කතා කරන්න ඕනේම වෙලාවෙනේ” කී වෛද්‍යවරු නියමිත ප්‍රතිකාර ලබාදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ දින කිහිපයක් විවේකීව සිටින ලෙසයි.
ප්‍රසන්න රෝගී වී ඇති බව දැනගන්නට ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වැල නොකැඩී රෝහලට එන්නට පටන්ගත්හ. එහෙත් එසේ ආ බොහෝ මන්ත්‍රීවරුන්ට ප්‍රසන්න මුණගැසෙන්නට ඉඩක් නොලැබුණේ කතා කරන්නට බැරිව ගොස් සිටි ප්‍රසන්න බැලීමට ඉඩදීම වෛද්‍ය නියමයෙන් සීමා කර තිබුණු නිසාවෙනි.
මේ අතර ප්‍රසන්නගේ රෝගය ගැන දැනගන්නට ලැබුණු වහාම මහින්ද දුරකථන ඇමතුමක් ගත්තද ප්‍රසන්නට කතාකරන්නට පුළුවන්කමක් තිබුණේ නැත. අන්තිමට ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට අතරමැදියෙකු ලෙස සහභාගි වන්නට සිදුවුණේ ප්‍රසන්නගේ දියණියටය.
“ සර් මට මෙහෙම ඉන්න බැහැ. මම මිනුවන්ගොඩ ආසනයේ භාර ගත්ත රැස්වීම් තියෙනවා. ඒවට කොහොම හරි සහභාගි වෙන්න ඕනේ ‘ ප්‍රසන්න දියණියගේ මාර්ගයෙන් කීවේය.
“ පිස්සුද ප්‍රසන්න, කොහොම හරි ඔය ලෙඩේ හොඳ කරගන්න. ඒක තමයි වැදගත්ම දේ ‘ මහින්ද ප්‍රසන්නට උපදෙස් දුන්නේය.
“ මේ වෙලාවෙම මට මේ ලෙඩේ හැදිච්ච එකනේ වැඩේ. මට දුක රැස්වීම්වලට යන්න බැරිවෙන එක තමයි ‘ ප්‍රසන්න පැවසුවේය.
“ ඕවා ඔහොම තමයි. අපි කොහොම හරි වැඩටික කරමු. ඉස්සෙල්ලා ඔයා සනීප වෙන්නකෝ ‘ කී ම?හින්ද ප්‍රසන්නව අස්වැසුවේය. අවසානයේදී ප්‍රසන්න රෝගය සුවපත් කරගන්නා විට දින ගණනාවක් ගතවී තිබුණි. රෝගය සුව වූ වහාම ප්‍රසන්න යළිත් මිනුවන්ගොඩ ගියේ භාරගත් රැස්වීම්වලට සහභාගි වන්නටය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ නිල නිවසේදීය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙනි. එහිදී මන්ත්‍රීවරුන් කීවේ බැඳුම්කර වාර්තාව යට ගැසීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවයි.
“ ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් එන චෝදනා ටික යට ගහන්නයි. වාර්තාවේ තියෙන කරුණු ගැන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව දැන් එනවා 2015ට ඉස්සර වෙච්ච ඒවා ගැන කියන්න ‘ යැයි මහින්දානන්ද පැවසීය.
“ මම වගකීමෙන් කියනවා 2008- 2015 කාලයේ ඔය කියන විදිහේ කිසිම බැඳුම්කර වංචාවක් සිද්ධ වෙලා නැති බව. පුළුවන් නම් කොමිසම් එකක් නෙමේ හතක් දාන්න කියන්න. එතකොට අපිටත් පුළුවන්නේ ගිහින් සාක්කි දෙන්න. ඔය හදන්නේ තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා අපේ පැත්තට දාලා ඇඟ බේරගන්නයි ‘ මහින්ද අවධාරණය කළේය.
“ ජනාධිපතිවරයාට තියෙන්නේ තැන් තැන්වල රැස්වීම් තියලා යටිගිරියෙන් කෑගහන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන එකයි ‘ ප්‍රසන්න අපහසුවෙන් මෙන් කීවේ උගුරේ අමාරුවද තිබියදීය.
“ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළාට වෙන වෙන අයගේ අත්වලට නම් ලැබිලා තියෙනවා කියලයි ආරංචිය. රවි කරුණානායක හැම තැනම කිය කියා යනවා එයාට වාර්තාව ලැබුණා කියලා. එහෙම ලැබෙන්නේ කොහොමද?’ බන්දුල ඇසුවේය.
“ මෙයාලා දැනගෙන හිටියා වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මොත් වැඩේ වරදිනවා කියලා. ඒක තමයි අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් දාලා හෙමිහිට ලෙස්සලා ගියේ ‘ යැයි රෝහිත පැවසීය.
“ මේ ආණ්ඩුවේ විශේෂ ප්‍රකාශ දැන් විහිළුවක් වෙලා. එක පැත්තකින් ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරනකොට අනෙක් පැත්තෙන් අගමැති විශේෂ ප්‍රකාශ තුනක් කරනවා” නාමල් කීවේය.
“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තැන තැන බොරුවට බැන බැන යනවා. මේකත් මේ දෙගොල්ලෝ කතා වෙලා කරන දෙයක්. නිදහස් පක්ෂයේ අය බොරුවට අගමැතිව විවේචනය කරනවා වගේ යූ.ඇන්.පී. ය. ජනාධිපතිවරයාව විවේචනය කරනවා” යැයි මහින්දානන්ද පැවසීය.
“මේ ගොල්ලෝ හිතන් ඉන්නේ මේ වගේ බොරුවලට ජනතාව රැවටෙයි කියලා. මිනිස්සු දැන් ජනාධිපතිව වගේම අගමැතිවත් හොඳට අඳුනනවා. ජනාධිපතිවරයා පසුගිය මහ මැතිවරණයේදීත් අපේ ජයග්‍රහණය වළක්වන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කළා. මේ පාර ආණ්ඩුවට ඡන්දෙ ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තම දෙගොලෝලෝ බොරු විරසකයක් පෙන්නලා ඡන්ද ටික කඩා ගන්න හදනවා” ප්‍රසන්න පෙන්වා දුන්නේය.
“බොරුකාරයන්ට මේ පාර ඡන්දෙන් හොඳ උත්තරයක් හම්බ වෙයි” නාමල් පැසවුවේ සිනාසෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු ජනරැලිය පසුගියදා පැවැත්වුණේ අනුරාධපුරයේදීය. රැස්වීම පැවැත්වෙන අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන් සේමසිංහ සල්ගාදු ක්‍රීඩාංගණය අසලට ගියේය. වාහනයෙන් නොබැස සල්ගාදු ක්‍රීඩාංගණය අසලට වී ෂෙහාන් රැස්වීම නිරීක්ෂණය කරමින් සිටින අතරතුර දුමින්ද දිසානායකගේ ලේකම්වරයෙකු ෂෙහාන් අසලට ආවේය.
“මොකද සර් මේ වාහනේට වෙලා. අපේ පැත්තට එන්නවත් හිතුවාද?” ලේකම්වරයා සිනාසෙමින් ඇසුවේය.
“අපෝ පිස්සුද? මම මේ නිකන් ආවේ. ඒක නෙමේ කෝ සෙනඟ?’ ෂෙහාන් ඇසුවේ රැස්වීම පටන් ගෙන තිබුණද සැලකිය යුතු ජන සහභාගිත්වයක් දකින්නට නොතිබුණු නිසාය.
“වැඩක් නෑ සර් කියලා. අපි කොච්චර කියනවාද මේ මහ අයට. අපි කියන දෙයක් කනකටවත් ගන්නේ නැහැනේ” ලේකම්වරයා පැවසීය.
“ඒක තමයි. දැන්වත් ඔයාලා හරි පැත්ත තෝර ගන්න. මේකෙන්ම තේරෙනවානේ රටේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. දැන් තීන්දුවක් ගන්න කාලේ හරි” යැයි ෂොහාන් පැවසීය.
“අපි කිව්වට අහන්නේ නැහැනේ සර්. මං යන්නම්. ඔබතුමා එක්ක මං කතා කළා කියලා දැනගත්තොත් මගේ රස්සාවත් ඉවරයි” යැයි කී ලේකම්වරයා යන්නට ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd