රාජ්‍ය ආයතන සංඛ්‍යාවෙන් තුනෙක් එකක පමණ මූල්‍ය වාර්තා සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ ලේඛන නිසි පරිදි පවත්වාගෙන නොයන බවට වූ අනාවරණයක් පසුගිය සතියේදී අපට අසන්නට ලැබුණේ රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුවය.
රාජ්‍ය ආයතන තුළ මූල්‍ය පාලනය සිදුවන්නේ කෙසේද යන්න සොයාබැලීම පිණිස පාර්ලිමේන්තුව විසින් රජයේ ගිණුම්කාරක සභාව ස්ථාපිත කර තිබේ.
රජයේ ආයතන 800කට වැඩි ප්‍රමාණයක් විමසුමට ලක්කිරීමට මෙම කාරක සභාවට පැවරී තිබුණද ඉතිහාසයේ කිසිම අවස්ථාවක මෙම ආයතන සියල්ලම වසරක් තුළ සමීක්ෂණය කිරීමට කාරක සභාවට හැකිවී තිබුණේ නැත.
ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව රජයේ ගිණුම්කාරක සභාව මෙවර සුවිශේෂී ක්‍රියාදාමයක් අනුගමනය කර තිබුණි. ඒ තොරතුරු තාක්ෂණය ඇසුරෙන් පරිගණක ක්‍රියාවලියක් හරහා රාජ්‍ය ආයතනයන්හී තොරතුරු විමසීමටයි. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ගිණුම්කාරක සභාවට අයත් සියලුම ආයතන සංඛ්‍යාවේ විමර්ශන වාර්තාවක් පසුගිය සතියේ එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2015 වර්ෂයේ රජයේ ආයතනයන්හී ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදුකළ විමර්ශනයේ තොරතුරු මෙවර වාර්තාවට ඇතුළත් වී තිබුණි. එම වාර්තාවට අනුව ආයතන 831ක් කාරක සභාව විසින් විමර්ශනයට ලක්කර තිබුණි.
රජයේ විශේෂිත වියදම් ඒකක 18ක්, අමාත්‍යාංශ 50ක්, රජයේ දෙපාර්තමේන්තු 91ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් සභා අරමුදල් 09ක්, පළාත් සභා අමාත්‍යාංශ 45ක්, පළාත් සභා විශේෂිත වියදම් ඒකක 213ක්, පළාත් අධිකාරී 45ක්, මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් ඒ සඳහා ඇතුළත් විය.
මෙම වාර්තාවට අනුව ගිණුම්කාරක සභාව පහත නිරීක්ෂණ ලබාදී තිබුණි
රජයේ ආයතන සියල්ල එක්ව ගත් කල මූල්‍ය හා කාර්යසාධන නියමනයන්ට අනුගත වීම 67.57%ක මට්ටමක වී තිබේ. මෙයින් ගම්‍ය වනුවේ සමස්තයක් ලෙස 1/3ක් අදාළ නියමයන්ට අනුගත නොවීමේ ප්රවණතාවකි. එනම් රාජ්‍ය ආයතන 1/3ක් අකාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති බවය.
කාර්යසාධන නියමයන්ට අනුගත වීම 90%ක් හෝ ඊට වැඩි අගයක් ලබාගත් ආයතන සංඛ්‍යාව 58ක් වී ඇති අතර, එය සමස්ත ආයතන 842න් 7%ක ප්රමාණයකි.
කාර්යසාධන නියමයන්ට අනුගත වීම 60%කට වඩා අඩු ආයතන සංඛ්‍යාව 240 වී ඇත. එය සමස්ත ආයතන සංඛ්‍යාවෙන් 29෴කට ආසන්න ප්රමාණයකි.
සමස්ත ආයතන එක්ව ගත් කල 60%කට වඩා අඩුවෙන් අනුගත වීම් පෙන්වූ විෂය ක්ෂේත්‍ර සංඛ්‍යාව 15ක් වී ඇති අතර, මුළු විෂය ක්ෂේත්‍ර සංඛ්‍යාවෙන් 10%ක ප්රතිශතයකි.
පොදු නිරීක්ෂණ, නිගමන හා නිර්දේශ ආයතනවල, කාර්යසාධන වර්ගීකරණය
රාජ්‍ය ආයතන තුළ සැලසුම්කරණය, අභ්‍යන්තර පාලන විධිවිධාන යෙදීම, මානව සම්පත් කළමනාකරණය, රාජ්‍ය සම්පත් කළමනාකරණය, රාජ්‍ය ආදායම් කළමනාකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය සහ අනිකුත් මූල්‍ය ක්‍රියාකරකම් පිළිබඳව කරුණු 25ක් ඔස්සේ මෙම විමර්ශනය සිදුකර ඇති අතර, එම තොරතුරු අනුව රාජ්‍ය ආයතන පිළිබඳ ලබාගත් විමර්ශනය මෙසේය.
රජයේ අමාත්‍යාංශ
ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීන කර පවත්වාගෙන යාම දුර්වල මට්ටමක ඇත
2015 වර්ෂයේ විමර්ශනයට අනුව අමාත්‍යාංශ 50 අතුරින් 28ක ස්ථාවර වත්කම් ලේඛන නිසියාකාරව නඩත්තු කර නොමැති අතර, එය මුළු ආයතන සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 57%කි.
පරිගණක මෘදුකාංග පිළිබඳ වත්කම් ලේඛන පවත්වා ගැනීම ඉතා දුර්වල මට්ටමක ඇත
විමර්ශනයකට ලක් වූ අමාත්‍යාංශ අතුරින් 65%ක් (ආයතන වශයෙන් 32) යාවත්කාලීන කරන ලද මෘදුකාංග පිළිබඳ තොග ලේඛන පවත්වා නැති බව හෙළිදරව් වී ඇති අතර, ඉන් ආයතන 18ක් කිසිදු ලේඛනයක් පවත්වාගෙන ගොස් නොමැත.
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා
අමාත්‍යාංශ 50 අතරින් එනම්, 47%ක වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක් මගින් හෙළි වූ, ඌනතා, අතිරික්ත සහ වෙනත් කරුණු පිළිබඳව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුර්වල මට්ටමක විය.
කාර්යසාධන වාර්තා ඉදිරිපත් කිරීමේ දුර්වලතා
2015 වර්ෂය සඳහා වන කාර්යසාධන වාර්තා නියමිත දින වකවානු තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ අමාත්‍යාංශ සංඛ්‍යාව 24ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස 49% කි.
රජයේ විශේෂිත වියදම් ඒකක
විශේෂිත වියදම් ඒකක අතුරින් 44% ක් පමණ වන ආයතන ප්‍රමාණයක ස්ථාවර වත්කම් ලේඛන නිසි පරිදි නඩත්තු කර නොමැත.
සමස්ත ආයතන සංඛ්‍යාවෙන් 56%ක්, පරිගණක උපාංග හා මෘදුකාංග පිළිබඳ වත්කම් ලේඛනයක් නිසි පරිදි පවත්වාගෙන ගොස් නොමැත.
ආයතනයක් විසින් පවත්වාගත යුතු පාඩු හා හානි පිළිබඳ ලේඛනය මුළු ආයතන සංඛ්‍යා‘වෙන් 44%ක් පවත්වාගෙන ගොස් නොමැත.
වර්ෂ අවසානයේ පැවැත්විය යුතු වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සම්බන්ධ‘යෙන් ලබාදුන් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කර අවසන් නොකරන ලද ආයතන 09ක් වූ අතර, එය සමස්ත ආයතන සංඛ්‍යාවෙන් 47෴කි.
විශේෂිත වියදම් ඒකක 14ක්, එනම් 74%ක ප්‍රමාණ‘යක් පාර්ලිමේන්තුවට කාර්යසාධන වාර්තා නිශ්චිත කාල වකවානුව තුළ ඉදිරිපත් කර නොමැත.
රජයේ දෙපාර්තමේන්තු
විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවා අවම වශයෙන් වසරකට වාර 03ක් හෝ රැස්වීම් නොපැවැත්වූ දෙපාර්තමේන්තු සංඛ්‍යාව 19ක් වූ අතර, එනම් සමස්ත දෙපාර්තමේන්තු සංඛ්‍යාවෙන් 20෴කි.
දෙපාර්තමේන්තු 61ක් ස්ථාවර වත්කම් ලේඛනය නිසි පරිදි නඩත්තු නොකරන බව නිරීක්ෂණය වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 64%ක අගයකි. මේ අතුරින් ආයතන 09ක් ස්ථාවර වත්කම් ලේඛනයක් කිසිසේත් පවත්වා නොමැත.
දෙපාර්තමේන්තු 21ක් පරිගණක උපාංග හා මෘදුකාංග පිළිබඳ තොග ලේඛනය පවත්වා නොමැති අතර, දෙපාර්තමේන්තු 62ක් මෙම ලේඛනය නිසි පරිදි යාවත්කාලීන කර පවත්වා නොමැත.
මුළු දෙපාර්තමේන්තු සංඛ්‍යාවෙන් 47%ක ප්‍රතිශතයක් විගණන විමසුම් සඳහා මාසයක කාලයක් තුළ පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති අතර, එවැනි ආයතන ගණන 45කි.
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මගින් අනාවරණය වූ කරුණු මාස 06ක් තුළදී හෝ නිරාකරණය නොකරන ලද දෙපාර්තමේන්තු සංඛ්‍යාව 48කි. එය මුළු ආයතන සංඛ්‍යාවෙන් 51%කි.
2015 වසර සඳහා වන කාර්යසාධන වාර්තාව නියමිත දිනට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන ලද ආයතන සංඛ්‍යාව 62කි. එය ප්‍රතිශතයක් වශයෙන් 65%ක ඉහළ අගයකි.
බැංකු ගිණුම් ප්‍රකාශවල නොසැසදූ බැර හා හර සටහන් දක්වා ඇති එමෙන්ම පොදු තැන්පත් ගිණුමේ වසර 2ක් ඉක්මවූ ශේෂ පවත්වාගෙන යන දෙපාර්තමේන්තු සංඛ්‍යාව ඉහළ ප්රතිශතයක ඇත.
පළාත් සභා අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු / විශේෂිත වියදම් ඒකක
විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවා අවම වශයෙන් වසරක් තුළ කමිටු වාර 03ක් හෝ පවත්වා නොමැති ආයතන සංඛ්‍යාව 59කි. එය මුළු ආයතන සංඛ්‍යාවෙන් 33%කි.
ආයතන 106ක් සඳහා නිසි පරිදි නඩත්තු කරන ලද පරිගණක හා පරිගණක උපාංග පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණු අතර, එය ප්‍රතිශතාත්මකව 43%කි.
ආයතන 143ක් සඳහා නිශ්චිත ස්ථාවර ලේඛනයක් නඩත්තු කර නොමැති බව නිරීක්ෂණය වී ඇති අතර, එය මුළු ආයතන සංඛ්‍යා‘වෙන් 56%කි.
2015 වර්ෂයට අදාළව කාර්යසාධන වාර්තා පළාත් සභාවේ සභාගත කිරීම සඳහා කටයුතු කර නොතිබූ ආයතන සංඛ්‍යාව 68කි. එය සමස්ත ආයතන සංඛ්‍යාවෙන් 30%කි.
2015 වසර වෙනුවෙන් නියමිත පරිදි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කර නොතිබූ ආයතන 107කි. මෙය ප්‍රතිශතයක් වශයෙන් 52%ක ප්රමාණයකි.
පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විශේෂිත වියදම් ඒකක අතුරින් ආයතන 89ක්, විගණන විමසුම් සඳහා සාධාරණ කාලයක් තුළ (මාසයක් තුළ) ප්‍රතිචාර දක්වා නොමැති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% කි.
ආයතන 93ක් තැන්පතු නිසි පරිදි ඈවර කිරීමකින් තොරව වසර 02කට වැඩි කාලයක් රඳවාගෙන තිබුණි. එය මුළු ආයතන සංඛ්‍යා‘වෙන් 42%කි.
නියමිත කාලය තුළ භාණ්ඩ සමීක්ෂණ පවත්වා අදාළ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබූ ආයතන සංඛ්‍යාව 46ක් වන අතර, එය 19%ක ප්රතිශතයකි.
පළාත් සභා අධිකාරී හා ව්‍යවස්ථාපිත ආයතන
ආයතන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පැවැත්විය යුතු අධ්යක්ෂ මණ්ඩල රැස්වීම ආයතන 09ක හැර අනෙකුත් ආයතනවල ඉතා දුර්වල මට්ටමක විය. එවැනි දුර්වලතා පෙන් වූ ආයතනය ප්‍රතිශතය 75%කි.
විගණන විමසුම් සඳහා නිශ්චිත කාලයක් තුළ ප්‍රතිචාර නොදැක්වූ ආයතන 33%කි.
2015 වර්ෂය සඳහා නියමිත කාලය තුළ ගිණුම් ඉදිරිපත් කර නොතිබූ ආයතනවල ප්‍රතිශතය 50%කි.
වර්ෂ අවසානයේ ඉදිරිපත් කරනු ලබන ගිණුම් සඳහා විගණකාධිපතිවරයා විසින් ලබාදෙන විගණනය මතය, තත්ත්ව ගණන මට්ටමට හෝ ළඟා වීමට නොහැකි වූ ආයතන සංඛ්‍යාව 25෴කි.
ආයතනයක් සතු වාහන නඩත්තු ලේඛන නිසි පරිදි පවත්වා ගැනීමද, ගර්භිත වාහන හා යන්ත්‍රෝපකරණ සාධාරණ කාලයක් තුළ බැහැර කිරීමද නිසි පරිදි නොකරන ආයතන සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව 40෴කි.
නියමිත කාලය තුළ කාර්යසාධන වාර්තා පළාත් සභාව වෙත ඉදිරිපත් නොකළ ආයතන සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව 44%කි.
මහ නගර සභා
මහ නගර සභා අතුරින් 14ක් එනම්, දළ වශයෙන් 2/3ක ප්‍රමාණයක් විගණන විමසුම් සඳහා සාධාරණ කාලයක් තුළදී (මාසයක කාලයක්) පිළිතුරු සපයා නොමැත.
මහ නගර සභා සියල්ලම පාහේ සංවිධිත සැලසුම් සකසා අනුමත කර ගැනීමක් සිදුකර නොමැති බව කිරීක්ෂණය වී ඇත.
සමාලෝචිත 2015 වර්ෂයේ මහ නගර සභා 10ක් ක්‍රියාකාරී සැලසුම් නියමිත කාල රාමුවක් තුළ සකසා අනුමත කරවාගෙන නොමැත. එය මුළු ආයතන සංඛ්‍යාවෙන් 45෴ක් පමණ වේ.
ප්‍රසම්පාදන සැලසුම් සකස්කර අනුමත කරවා ගැනීම ඉතා දුර්වල මට්ටමක පැවති අතර, ප්‍රසම්පාදන සැලසුම් නිසි පරිදි සකස් නොකළ ආයතන සංඛ්‍යාව මුළු ආයතන සංඛ්‍යාවෙන් 82෴ක් විය.
වසර 05කට වරක් සිදු කළ යුතු වරිපනම් තක්සේරු කිරීම් නොකළ ආයතන ප්‍රමාණය, මුළු ආයතන සංඛ්‍යාවෙන් 59%කි.
සමාලෝචිත වර්ෂය සඳහා බිල් කළ ආදායමෙන් 70%ක් හෝ ලබාගත නොහැකි වූ මහ නගර සභා ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 54%කි.
නගර සභා
නියමිත කාලය තුළදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකළ ආයතන සංඛ්‍යාව 09කි. එය 21෴ක ප්රතිශතයකි.
විගණකාධිපතිවරයාගේ විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන විමසුම් සඳහා නිශ්චිත කාලයක් තුළ ප්‍රතිචාර දැක්වීම දුර්වල මට්ටමක පැවති අතර, එවැනි ආයතනයන්ගේ ප්‍රතිශතය 60෴කි.
නගර සභා 21ක් තුළ නිසි පරිදි සකස් කළ විගණන හා කළමනාකරණ කමිටු ක්‍රියාත්මක නොවීය. මෙය මුළු ආයතන සංඛ්‍යාව හා සසඳන කල 58%ක ප්රමාණයකි.
නගර සභා 24 න ගර්භිත වාහන නිසි පරිදි බැහැර කිරීම නිශ්චිත කාලයක් තුළ සිදුකර නොතිබූ අවස්ථා නිරීක්ෂණය වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 66% කි .
නගර සභා විශාල ප්‍රමාණයක ආදායම් රැස්කිරීමේ වර්ෂයේ ඉලක්කයක් හා සසැදීමේදී 70%ට වඩා අඩු ප්රමාණයකි.
ප්‍රාදේශීය සභා
ප්‍රාදේශීය සභා 67ක් නියමිත දින වකවානු තුළ ගිණුම් ඉදිරිපත් කිරීමට අසමත්ව ඇත. මෙය සලකා බලන ලද 271ක් වූ මුළු ආයතන සංඛ්‍යාවෙන් 25෴කි.
ඉදිරි සැලැස්මක් සකස් කර නොමැති ආයතන සංඛ්‍යාව 127කි. එය ප්‍රතිශතයක් වශයෙන් 47%කි.
වරිපනම් අයකිරීම සඳහා දේපළ වර්ෂ 05කට වරක් හෝ තක්සේරු නොකළ ප්‍රා‘දේශීය සභා සංඛ්‍යාව 238කි. එය ප්‍රතිශතයක් වශයෙන් 88%කි.
තම ආයතනය විසින් නිරවුල් කළ යුතු බැරකම් වසරකට පසුවද නිරවුල් කර නොමැති ආයතන සංඛ්‍යාව 192කි. එය 71%ක ප්රතිශතයකි.
ප්‍රා‘දේශීය සභා 200කට ආසන්න ප්‍රමාණයක් වසරක් සඳහා ඉලක්කගත කළ ආදායමෙන් 70% ක් හෝ ළඟා කරගෙන නොමැති අතර, මෙය මුළු ආයතන සංඛ්‍යාවෙන් 75%කි.
ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක ව්‍යාපාර බදු අයකිරීම් ඉතා දුර්වල මට්ටමක පැවති අතර, අයකර ගැනීම් පිළිබඳව නීතිමය කටයුතු ඉතා දුර්වල බව පෙනී ගොස් ඇත.
2015 ගිණුම් වර්ෂයේ ඉහළ සාධන මට්ටමක් අත්කරගත් ආයතන
ආයතන මට්ටම ප්‍රතිශතයක් ලෙස (%)
(අ.) විශේෂිත වියදම් ඒකක
විගණකාධිපති දෙපාර්තමේන්තුව 99
අග්‍රාමාත්‍ය කාර්යාලය 92
මැතිවරණ දෙපාර්තමේන්තුව 86
රාජ්‍ය සේවා කොමිෂන් සභාව 80
මුදල් කොමිසම 77
අධිකරණ සේවා කොමිෂන් සභාව 76
ජනාධිපති ලේකම් කාර්යාලය 76
(ආ.) රජයේ අමාත්‍යාංශ
තැපැල්, තැපැල් සේවා සහ
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය 94
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය 93
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය 90
ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය 90
උඩරට නව ගම්මාන හා යටිතල පහසුකම් හා
ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය 89
(ඇ.) රජයේ දෙපාර්තමේන්තු
ජාතික අයවැය දෙපාර්තමේන්තුව 98
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව 97
නීති කටයුතු දෙපාර්තමේන්තුව 95
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව 95
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව 95
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු 94
(ඈ.) දිස්ත්‍රික් ලේකම් කාර්යාල
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 95
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 87
කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 84
(ඉ.) පළාත් සභා අරමුදල්
මධ්‍යම පළාත් සභාව 95
සබරගමුව පළාත් සභාව 85
(ඊ.) පළාත් සභා අමාත්‍යාංශය
ප්‍රධාන හා පළාත් පාලන අමාත්‍යාංශය -
උතුරු පළාත් සභාව 100
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය -
උතුරු පළාත් සභාව 100
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා
ළමාරක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය -
ඌව පළාත 100
පළාත් පාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා
බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා
ජලාපවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශ -
බස්නාහිර පළාත 97
(උ.) පළාත් සභා විශේෂිත වියදම් ඒකක
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) කාර්යාලය -
නැගෙනහිර පළාත් සභාව 100
ප්‍රධාන ලේකම් කාර්යාලය -
නැගෙනහිර පළාත් සභාව 100
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) කාර්යාලය -
උතුරු පළාත් සභාව 100
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කාර්යාලය -
නැගෙනහිර පළාත් සභාව 100
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) කාර්යාලය -
ඌව පළාත් සභාව 100
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය - නැගෙනහිර පළාත් සභාව 100
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය -
නැගෙනහිර පළාත් සභාව 99
ප්‍රධාන ලේකම් කාර්යාලය -
නැගෙනහිර පළාත් සභාව 99
ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත් සභාව 97
(ඌ.) පළාත් සභා දෙපාර්තමේන්තු
සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව -
නැගෙනහිර පළාත් සභාව 100
සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව -
ඌව පළාත් සභාව 100
සමූපකාර සේවක කොමිෂන් සභාව -
ඌව පළාත් සභාව 100
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව -
උතුරු පළාත් සභාව 100
වාරිමාර්ග දෙපාර්තමේන්තුව -
උතුරු පළාත් සභාව 100
සමාජසේවා දෙපාර්තමේන්තුව - ඌව පළාත් සභාව 100
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව -
උතුරු පළාත් සභාව 99
අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව -
ඌව පළාත 97
සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත් සභාව 96
ඉඩම් පරිපාලන දෙපාර්තමේන්තුව
නැගෙනහිර පළාත් සභාව- 96
මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව -
උතුරු පළාත් සභාව 95
වාරිමාර්ග දෙපාර්තමේන්තුව -
ඌව පළාත් සභාව 95
(එ.) පළාත් සභා ප්රඥප්ති මගින් පිහිටු වූ අධිකාරී
සමූපකාර සේවක කොමිෂන් සභාව -
දකුණු පළාත් සභාව 90
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය -
නැගෙනහිර පළාත් සභාව 84
නිවාස අධිකාරිය - නැගෙනහිර පළාත් සභාව 82
(ඊ) පළාත් පාලන ආයතන
මහ නගර සභාව
කඩුවෙල මහ නගර සභාව 83
මඩකලපුව මහ නගර සභාව 77
නගර සභා
එරාවූර් නගර සභාව 86.5
කාත්තන්කුඩි නගර සභාව 86
තලවකැලේ ලිදුල නගර සභාව 83.5
මිනුවන්ගොඩ නගර සභාව 80.5
ප්‍රාදේශීය සභා
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව 83.5
මැදගම ප්‍රාදේශීය සභාව 83
අරයම්පති ප්‍රාදේශීය සභාව 81
ගලිගමුව ප්‍රාදේශීය සභාව 81
මහඔය ප්‍රාදේශීය සභාව 80.5
මීරිගම ප්‍රාදේශීය සභාව 80
හපුතලේ ප්‍රාදේශීය සභාව 80
ජාඇල ප්‍රාදේශීය සභාව 79
බියගම ප්‍රාදේශීය සභාව 78
තලාව ප්‍රාදේශීය සභාව 77
නල්ලූර් ප්‍රාදේශීය සභාව 75.5
මාලිම්බඩ ප්‍රාදේශීය සභාව 74
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව 73.5
රජයේ ගිණුම්කාරක සභාව මේ වනවිට රජයේ ආයතනයන්හී 2016 වර්ෂයේ ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින අතර, මේ වසර අවසන් වනවිට එහි වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම වාර්තාවට අනුව රජයේ ආයතන බොහොමයක් අකාර්යක්ෂම වී ඇති බව පැහැදිලිය. එමෙන්ම කාර්යක්ෂම ආකාර්යයෙන් කටයුතු කර ඇති රාජ්‍ය ආයතන ඇති බවද මෙම වාර්තාවෙන් පැහැදිලි වී ඇත. මෙම වාර්තා කුණුකොල්ලයට නොදමා ඉහළ කාර්යක්ෂමතාවක් ලබාදී ඇති ආයතන මට්ටමට අනිකුත් ආයතන කාර්යක්ෂම තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමද රජයේ වගකීමයි.