Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
සිල්රෙදි වංචාවට වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීම සඳහා පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කරන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් භික්ෂූන් වහන්සේලා එය ක්‍රියාත්මක කළහ. පළමුව කොළඹ කොටුව ආශ්‍රිතවත්, දෙවනුව කිරිබත්ගොඩදීත් එය පැවැත්වූ අතර ඒ සඳහා විවිධ ප්‍රතිචාර ලැබිණි.
වරදකරුවන් වෙනුවෙන් ඇපෑලක් ඉදිරිපත් කර තිබියදී මෙසේ මුදල් එකතු කිරීමට පිණ්ඩපාත සිදුකරන්නේ මන්දැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රශ්න කළ අතර, ඒ සඳහා එම පාර්ශ්වයෙන් පිළිතුරක් නොලැබිණි.
කෙසේ හෝ බලාපොරොත්තු නොවූ පරිදි ලිලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට බදාදා මහාධිකරණය මගින් ඇප ලබාදෙන ලදී. මෙදින ඔවුන්ට ඇප නොලැබෙනු ඇතැයි සිතූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උසාවිය අසලට පැමිණ සිටියේදී නැත. ඔවුන්ට ඇප ලැබීමත් සමග ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පිණ්ඩපාත වැඩසටහනට කුමක් සිදුකරනවාද යන්න ඔවුන් තවමත් තීරණය කර නොමැත.
කෙසේ හෝ දඩ මුදල් එකතු කිරීමට පිණ්ඩපාතයේ වැඩීමේදී භික්ෂූන් වහන්සේ මෙන්ම බෞද්ධාගමද දැඩි ලෙස විෙව්චනයට ලක්විණි. මෙම ක්‍රියාව හරහා භික්ෂු පරපුරට දැඩි අපහාසයක් සිදුවුවද, මෙම ක්‍රියාව නතර කරන ලෙස කිසිදු නිකායක නායක හිමිවරු නොපැවසූහ.
මුදල් එකතු කිරීමේ පිණ්ඩපාත චාරිකාව හේතුවෙන් සංඝ සමාජය පිළිබඳ සාමාජය තුළ දැඩි කතාබහක් ඇතිවිය. %මේ වස් කාලයේ හාමුදුරුවරුන්ට පිණ්ඩපාතේ යන්න පුළුවන්ද?, පිණ්ඩපාතේ ගිහින් මුදල් එකතු කරන්න පුළුවන්ද? පිණ්ඩපාතේ යන්න පුළුවන් දහවල් 12.00ට කලින් නේද? ඊට පස්සේ යන්න පුළුවන්ද?^ ආදී ප්‍රශ්න මෙන්ම ඒවාට ප්රතිඋත්තරද විවිධ පාර්ශ්ව විසින් ප්‍රසිද්ධියේම ලබාදෙන්නට විය.
මේ අතර සමාජයේ කතාබහට එක්වූයේ කොසොල් රජු දුටු සිහින පිළිබඳවය.
කොසොල් රජතුමා යනු බුදුන් වහන්සේගේ සමයේ රට කරවූ පාලකයෙකි. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තෙකි. සැබැවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකි.
දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16ක් දැක්කේය. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මේ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණ්ඩිතයන්ගෙන් විමසුවද රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හටද මෙම සිහිනවල නියම තේරුම සිතාගත නොහැකි විය. එම නිසා රජතුමා තමා හට පෙනුණ සිහින පිළිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ එම සිහිනවල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.
(කොසොල් රජු හා බැඳුණු සිහින 16යෙන් මෙම කථාවට අදාළ සිහින දෙකෙහි අර්ථ පැහැදිලි කළ අයුරු)
කොසොල්රජු -
'ඉතා වටිනා අනර්ඝ සඳුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා'.
බුදුරජාණන්වහන්සේ එම සිහිනය පැහැදිලි කරමින් පිළිතුරු දුන්නේ මෙසේය.
‘අනාගතයේ පුද පූජා සත්කාරවලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්රතිරූපකයන් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සඳහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා.‘‘
කොසොල් රජු දුටු 12 වැනි සිහිනයද බුදුරජාණන් වහස්සේට පැවසීය.
"ඉතා සැහැල්ලු ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලෙන අයුරු මම දුටුවා.”
බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ මෙසේය-
‘‘අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නොදී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙයි. ඒ හේතුව නිසා රාජ සභාව හිස් කතාවලින් පිරී යනවා. තවද විහාර ආරාම පූජනීය ස්ථානවලද හිස් දේවල්ම රජ වෙනවා. මිනිස් සිත් තුළ හිස් දේවල්ම රජ වෙනවා.‘‘
මෙම සිහින වර්තමානයේ සිදුවීම් සමග සම්බන්ධ කර ගනිමින් මෙම සතිය තුළ විවිධ කතාබහ විවිධ පාර්ශ්වයන්ගෙන් ඇතිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ඉහත කාරණය සම්බන්ධව පැවසුවේ,
'අද සරත් ෆොන්සේකා මහත්තයා මේ කරන පාපකර්ම ටික හොඳටම ඇති අපායේ යන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අගෞරව කිරීම පාපයක්. ඒ නිසා එතුමට වීසා ලැබෙන්නේ අපායෙන්.
පිණ්ඩපාත චාරිකාවට එක්වූ කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනාධිපති කොටපොල මංගල හිමි පැවසුවේ,
'ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයන්, මහා සංඝරත්නයට සංස්කෘතියට පහර ගසමින් කටයුතු කරනවා. මේවා පිළිබඳ මීට වඩා විමසිලිමත්ව පක්ෂ නායකයන් සොයා බැලිය යුතුයි' යනුවෙනි.
නමුත් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මෙම සිදුවීම පිළිබඳ පැවසුවේ ෙමවැන්නකි.
'පිණ්ඩපාතයෙන් මුදල් එකතු කරන්නේ උන්වහස්සේලාගේ කැමැත්ත මතයි. උන්වහස්සේලා තීරණ අරගෙන කරන දේවල්වලට අපිට මොකුත් කියන්න පුළුවන්කමක් නැහැ. මහා විහාර හැටියට මේ දේවල්වලට මැදිහත් වෙන්න බැහැ. මේ ක්‍රියාවන් පොදුවේ ගත්විට ප්‍රශ්න ගැටලු සහගත දේවල් මතුවෙනවා. නමුත් අපිට එකපාරටම මොකුත් කියන්න බැහැ. සිල්රෙදි දුන්නා කියන නිසා හාමුදුරුවන්ගේ පැත්තෙන් අනුග්‍රහයක් දක්වන්න අවශ්‍යයි කියලා භික්ෂූන් වහන්සේලා හිතනවා ඇති. සිරගත කර ඇත්තේ නිර්දෝෂී පුද්ගලයෙක් කියන උපකල්පනය මතයි මේ දේවල් සිදුවෙන්නේ. කරදරයට පත්වුණ අයට පිහිටවෙන්න කියලා භික්ෂූන් වහන්සේලාට යම් තීරණයක් ගන්න පුළුවන්*
එසේ වුවද බොදුබල සේනා සංවිධානය මෙම පිණ්ඩපාත චාරිකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධියේ පැවසීම විශේෂත්වයක් විය. එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේ,
&අද භික්ෂූන් වහන්සේලා දේශපාලන අතකොලු බවට පත්වෙලා. මිනිස්සුන්ට තිබුණු අවසන් බලාපොරොත්තුවත් බිඳවැටිලා. මුදල් එකතු කරන්න පිණ්ඩපාතයේ යායුතු නැහැ. එය නොකළ යුත්තක්. ඒ පක්ෂයේ යාන්ත්රණයට කතා කරලා හැමෝගෙන්ම රුපියල් 100ක් එකතුකර ගත්ත නම් ඉවරයිනේ. මොකටද හාමුදුරුවරු කඩේ යවන්නේ. ඒක හරිම කැතයි. මේ රටට ශාසන ශෝධනයක් වහාම අවශ්‍යයි. මෛත්රීවාදී වෙලා මහින්දවාදී වෙලා එය කරන්න බැහැ* ලෙසයි.
පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (20දා) සම්මත විය. එදින උදෑසන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඇමති ෆයිසර් මුස්තාපා අතිනි. ඒ ඒකාබද්ධ විපක්ෂයේ විශාල ගාලගෝට්ටිය මැදිනි. විවාදයට පෙර පනතට අදාළ සංශෝධන සඳහා පළාත් සභා විමසීම් අවශ්‍ය බවට ඔවුහු ඝෝෂා කරමින් පැවසූහ. ඒ අතර දිනේෂ් ගුණවර්ධන කැපී පෙනෙන්නට විය.
විවාදය පැවැත්වීමට ඒකාබද්ධය දිගින් දිගටම බාධා කරන්නට වූ අතර, මන්ත්‍රීවරු සභා ගර්භය මධ්‍යයට පැමිණ සෙංකෝලය අසලටද පැමිණියේය. සෙංකෝලය ආරක්ෂා කරගන්නට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඒ අසලට එනු දක්නට ලැබිණි.
මෙම ගාලගෝට්ටිය අතරේ මන්ත්‍රී දිනේෂ් කථානායක අසලට ගොස් මොනවාදෝ පවසනු දක්නට ලැබිණි. ඔහු ආපසු එද්දී බැසීමට තිබූ පඩි පෙළේදී පය පැටලී ඇද වැටීමට යන විට අසල සිටි සහකාර ලේකම්වරයෙකු ඔහු අල්ලා ගත්තේය. දිනේෂ් ඇද නොවැටී නූලෙන් බේරුණි.
කෙසේ නමුත් ඒකාබද්ධයේ විරෝධතා හමුවේ පෙරවරු 11.30ට පමණ කල් තබන ලද සභාව පැය 2කට පමණ පසු යළි රැස්වූයේ අදාළ සංශෝධන සහිත පළාත් සභා පනත අවශ්‍ය නොවන බවට නීතිපතිවරයා විසින් දක්වන ලද නියෝගය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
නොයෙකුත් බාධා හමුවේ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත් විවාදය දවස පුරා පැවැත්විණ. එදින සවස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අදාළ සංශෝධනයන්ට කාරක සභාවේ අනුමැතිය ලබා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දය අවශ්‍ය බවට නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.
2/3ක බහුතර ඡන්දයන් ලබාගැනීම සඳහා ඒ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරු නොසිටි අතර, බොහෝදෙනෙකු පිටවගොස් තිබුණි. විවාදය මාගලක් සේ ඇදී ගියේ ඉන් පසුවය. එදින කථික ලැයිස්තුවේ නොමැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් පවා පසුව ඊට ඇතුළත්ව තිබුණි. නලීන් බණ්ඩාර සිතූසිතූ දේ කියමින් සිය කතාව දිගින් දිගටම ඇදගෙන ගියේය.
මේ අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එහෙ මෙහේ දුවමින් මන්ත්‍රීවරු එක්රැස් කරනු දක්නට ලැබිණි. ඒකාබද්ධය ඔච්චම් කරමින් කෑ ගැසීම පටන් ගත්තේය. සභා ගර්භයට පිවිසීමේ දොරටුවලින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකා දෙන්නා ඇතුළු වනු දක්නට ලැබුණි.
&කිරිඇල්ල එහාට මෙහාට යමින් පිරිස එකතු කරනවා. නිදාගෙන ඉන්න මිනිසුන් කූද්දලා තේ දීලා අරගෙන එනවා* යැයි මහින්දානන්ද කෑ ගැසීය.
අනතුරුව කථානායකවරයා විනාඩි 15කට සභාව කල් තැබුවේ ඒකාබද්ධයේ උසුළුවිසුළු මැදය. පැය 1/2ක් පමණ ඉක්ම වූ පසු යළි සභාව රැස් වූ අතර, &150 හරිද?* යැයි කියමින් ඒකාබද්ධය ඔච්චම් කරන්නට විය.
කෙසේ නමුත් අවසානයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කඩිනමින් රැස් කරවා පනත් කෙටුම්පත බහුතර ඡන්දයකින් සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව නීතිපතිවරයා දැනුම් දී තිබුණද පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම දිගින් දිගටම ප්‍රමාද විය.
එයට හේතුව පසුව දැනගන්නට ලැබුණු අතර, මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් අකමැති බව අගමැතිවරයාට දැනුම් දී තිබීම එයට හේතුව වී තිබුණි. රවුෆ් හකීම්, රිශාද් බදුර්දීන් ඇතුළු මෙම මන්ත්‍රී කණ්ඩායම සමග අගමැති රනිල්, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, අජිත් පී. පෙරේරා, ලසන්ත අලගියවන්න දීර්ඝ සාකච්ඡාවකින් වාද විවාදවලින් පසුව පක්ෂව ඡන්දය ලබාදීමට එකඟ විය. නමුත් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන විට රාත්‍රී 9.00ට ආසන්න වී තිබුණි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම සඳුදා රැස්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. විදුලි සේවක වර්ජනයද උද්ගතව තිබූ මෙදින සභාව රැස්වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම නැගිට ඒ පිළිබඳ කරුණු දක්වන්නට විය.
වැඩවර්ජනය නතර කර ගැනීම විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මැදිහත් නොවන බවටද ඔවුන් චෝදනා කරන්නට විය.
එහිදී නැගී සිටින නියෝජ්‍ය ඇමති අජිත් පැවසුවේ, හැකි ඉක්මනින් වැඩවර්ජනය අවසන් කරගැනීමට කටයුතු කරන බවයි.
කණ්ඩායම් රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ මෙහෙයුම් කමිටුව රැස්වුණි. ඉදිරියේ කාලය අවසන් වන පළාත් සභාවන් සඳහා ප්‍රධාන ඇමති අපේක්ෂකයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැණිනි. ඉදිරිපත් වූ නම් අතරින් තෝරාගත් අපේක්ෂයන් ඒකමතිකව කමිටුව සම්මත කරගත් අතර, සබරගමුව පළාත් සභාව සඳහා ප්‍රධාන ඇමති අපේක්ෂකයා ලෙස හේෂා විතානගේ, උතුරු මැද සඳහා නාලක කොලොන්නේ ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි විය.
සඳුදා දින මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබිණි. පසුගිය වසරේ ජූලි මස අට වැනි දින එම අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමෙන් අනතුරුව වසරකට පසුව මෙම කැඳවීම සිදුකර තිබිණි. එම කැඳවීම සිදුකිරීමට නියමිතව තිබුණේ වාර්ෂිකව සිදුකරන සාමාන්‍ය එකක් ලෙසය. එහෙත් පසුගිය දිනවල අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඇති වූ විවේචන හේතුවෙන් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට විරෝධය පළකරමින් තිබිණ.
අන්තිමේදී මෙම ගැටලුව කථානායකවරයා හමුවට පැමිණියේය. අඟහරුවාදා දින කථානායකවරයා විසින් කෝප් සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ ඇමතිවරයා කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වී ඇත. එවිට කෝප් සභාපතිවරයා පවසා ඇත්තේ, තමන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවත්, රාජ්‍ය ආයතනයක ගිණුම් සම්බන්ධ කාරණා පමණක් නොව සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස විමර්ශනයට ලක්කිරීමට තමන්ට හැකි බවත්ය. එමෙන්ම තමන් ප්‍රශ්න කිරීමට ලක්කරන්නේ, විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් බවද කෝප් සභාපතිවරයා පවසා ඇත. විගණකාධිපතිවරයාද පවසා ඇත්තේ තම ආයතනය මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳව විගණන වාර්තාවක් සකස් කර ඇති බවයි. එහිදී කිරිඇල්ල සහ හඳුන්නෙත්ති අතර වචන හුවමාරුවක්ද සිදුවුණි.
'මම මගේ නිලධාරීන් කෝප් කමිටුවට එවන්නේ නැහැ”
'ඇයි ඔය තරම් බය, වංචා දූෂණ කරල නැත්නම්. වැරදි තොරතුරු තියෙනවා නම් නිලධාරීන් කෝප් කමිටුවට ඇවිත් නිවැරදි කරයි”
'ඇයි පරණ ඒවා හොයන්නෙ නැත්තේ?”
'මගනැගුම ගැනත් අපි හෙව්වා. වාර්තා දුන්නා. ඔබතුමා තමයි ඒවට අවශ්‍ය පියවර ගන්නෙ නැත්තේ”
කරුණු මෙසේ තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය අඟහරුවාදා කෝප් කමිටුවට කැඳවූ අතර, නිලධාරීන් පනස් පස්දෙනෙකුට ආසන්න පිරිසක් විමර්ශනයට පැමිණ සිටියහ. මෙහිදී සිදුකරන ලද විමර්ශනවලදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ විශාල අක්‍රමිකතා ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. නියමිත පරිදි ශක්‍යතා අධ්‍යයන වාර්තා සහ තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කර නොමැති බවත්, ආර්ථික කළමනාකරණ කමිටුවට යොමුකරන ලද ලිපි මෙන්ම අක්‍රමවත් ගෙවීම් පිළිබඳවද විශාල කරුණු ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.
”මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන මාර්ග බවට පත්වෙලා තියෙන්නේ ගුවන් මාර්ග සහ අධිවේගී මාර්ගයි” පැය පහකට අධික විමර්ශනයකින් අනතුරුව කෝප් සභාපතිවරයා නිලධාරියෙකුට පැවසීය.
ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩ සිටින ධර්මායතනයට ඉරිදා සවස 6.30ට පමණ ජවිපෙ නායක අනුර කුමාර ගොස් අලුත් ව්‍යවස්ථාවට සහාය ඉල්ලා සිටියේය.
“හාමුදුරුවනේ මේ සංශෝධනයට උදව් කරන්න*
අනුර කතාව අරඹමින්් කියද්දී,
“ඇයි මන්ත්‍රීතුමා එහෙම කියන්නේ? මොකද්ද සාධාරණ හේතුවක් තියෙනවද? යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියෝ විමසූහ.
“දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන* අනුර පිළිතුරු දුන්නේය.
“දෙමළ ජනතාවට නැති, සිංහල ජනතාවට තියෙන පහසුකමක් කියන්න බලන්න. මේ දෙගොල්ලොන්ටම පහසුකම් නැහැ. සිංහල, දෙමළ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථා ගැන කතා කරන්න එන්න එපා.
මගෙත් එක්ක ඕවා කතා කරන්න එන්න එපා මහත්තයා. මට හරි කනගාටුයි ඔබතුමාලගේ පක්ෂෙට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. කවදාවත් ඔය පක්ෂය ඔය තැන තියේවි කියලා රටේ ජනතාව බලාපොරොත්තු වුණේ නැහැ. මේක හොඳ පක්ෂයක් ඇල්ලේ හිමියෝ දැඩිව කියා සිටියහ.
“නෑ එහෙම නෙමෙයි අපේ හාමුදුරුවනේ. අපි සාධාරණව බලන්න ඕන. යුද්ධෙ කාලයේ උතුරේ විතරක් වැන්දඹුවෝ ඉන්නවා හතළිස් දාහක්* යැයි අනුර කී විට,
“එහෙනම් 88/89 කාලයෙ ඔය ගොල්ලොත් සම්බන්ධ වුණු සිද්ධිවලදී වැන්දඹුවො කීයක් ඉන්නවද කියලා ගණන් කරලා තියෙනවද? යුද්ධයෙන් දකුණේ වැන්දඹු වුණු කී දෙනක් ඉන්නවද කියලා ඔයගොල්ලො හොයලා බලලා තියෙනවද? ඒවා ගැන හොයන්නැතිව උතුර ගැන විතරක් කතා කරන එක වැරදියි මහත්තයා. මම මැරුණත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ වෙන්නේ නැහැ. මාව පක්ෂ කරගන්න හිතන්නවත් එපා* උන්වහන්සේ කීහ.
පැය තුන හමාරක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී අනුර කුමාර දිගින් දිගටම ව්‍යවස්ථාවට සහාය ඉල්ලා සිටියද ඇල්ලේ හිමියන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.
ආ.. නිමල් වෙනස් වෙලානේ
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවැති හෙක්ටර් කොබ්බෑකඩුව 34 වැනි ගුණ සමරුවට සඳුදා මහින්ද රාජපක්ෂ සඳුදා සහභාගි විය. දි.මු. ජයරත්න, නිමල් සිරිපාල, ෆවුසි, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එයට එක්ව සිටියහ.
බොරු කොණ්ඩයක් පැලඳ සිටි නිමල් සිරිපාල දුටු විට “ආ නිමල් ඔයා දැන් වෙනස් වෙලානේ* යැයි මහින්ද කීවේය.
“සර්, විග් එකට මම හැඩයි නේද?* නිමල් ඇසුවේය.
“ඔව් ඔව්, හරි හැඩයි* මහින්ද කීවේ අවට සිටි පිරිසද සිනහ ගන්වමිනි. ඉන්පසුව හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පිළිබඳ කතා කරමින් දි.මු. ජයරත්න සිය අත්දැකීම් විස්තර කරනවිට පැමිණි සිටි පිරිස උනන්දුවෙන් අසා සිටියහ.
අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම රැස්විය. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් උනන්දුවෙන් එම අවස්ථාවට එක්ව සිටියේ විසිවැනි සංශෝධන එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු නිසාය. නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය. ඒ වනවිටත් ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියේය. ඉතා උණුසුම් ලෙස මන්ත්‍රීවරුන් අරුන්දික පිළිගත් අතර, ආණ්ඩුව පෙරළීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් සූදානම් බව ඔහු එහිදී කීවේය.
“ඡන්දෙට බය නිසා පළාත් සභා කල් දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒකට වෙන වෙන උපක්‍රම යොදන්න හදනවා* මහින්ද කීවේය.
“ඇත්තටම මේ දෙගොල්ලන්ටම ඡන්දෙකට යන්න බැහැ. ඒ හින්දා තමයි ඡන්දේ කල් දාන්න හදන්නේ* යැයි කෙහෙළිය කියූ අතර, ඩලස් අනතුරුව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. විස්ස ගේන්නට බැරි වුණොත් වෙනත් පනතක් ගේන්නට සූදානමක් තිබෙන බවද ඔහු කීය.
අනතුරුව මන්ත්‍රීවරු සභා ගර්භයට ගියහ. අරුන්දික ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය. ඉන්පසුව තමන් විපක්ෂයට යන බව පවසා සභාව මැදින් ඒකාබද්ධ විපක්ෂය දෙසට යනවිට සී.බී. රත්නායක ඔහු පිළිගත්තේය. අරුන්දික මහින්දට වැඳ පිටුපස අසුනක වාඩි විය. “ආණ්ඩුව පෙරළන වැඩේ අපි හොඳටම කරමු එහෙනම්* අරුන්දික වඳින අවස්ථාවේදී මහින්ද කීවේය.
බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති උණුසුම්කාරී තත්ත්වය අතරතුරදී,
“අනුර මෙහේ එන්නකො* යැයි රනිල් වික්‍රමසිංහ කීවේ අනුර කුමාර දෙස බලාගෙනය.
අනුර රනිල් දිහා බලන විට “අන්න බොස් ඔයාට කතා කරනවා* යැයි සිසිර ජයකොඩි කීවේය.
“අන්න රතුඅලි පැටියට ආරාධනයක්* විමල් කීවේය.
ටික වේලාවක් යනවිට අනුර සභාවේ දකින්නට නොලැබුණු බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අනුර සොයන්නට වූහ. ඉන්පසුව අනුර සභාවට පැමිණ කීවේ ජනතා විමුක්ති පෙරමුණ සංශෝධනවලට එකඟ වන බවයි. සභාව කල් නොතබා දිගටම පවත්වද්දී කෙහෙළිය නැගිට කථානායක අසුන අසලට ගියේය.
“ලැජ්ජයි කථානායකතුමා. ඔයා වැඩ කරන විදියට හිතෙන්නේ රෙද්දක් ඇඳගෙන නෙමෙයි වැඩ කරන්නේ කියලා. කරුණාකාර මේ වැඩේ කරන්න එපා. තුනෙන් දෙක තියෙනවා නම් සම්මත කරගන්න කියන්න. මේක කල් අදින්න එපා* කෙහෙළිය හිනාවෙමින් පැවසූ විට කථානායකවරයා කීවේ,
“මං ඒක බලාගන්නම්. ඔබතුමා ගිහින් වාඩිවෙන්න* කියාය.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී බ්‍රහස්පතින්දා හිටපු මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් පැවැත්විණි. එම අවස්ථාවට සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. මෙම සාකච්ඡාව අතරතුර ලොහාන් රත්වත්තේ ඉටිපන්දමක් සවි කළ කේක් ගෙඩියක් රැගෙන එම ස්ථානයට පැමිණියේය. එහි සිටි අය බලා සිටියේ ඔහු කේක් එකක් රැගෙන එන්නේ ඇයි කියාය.
“කෙහෙළියගේ උපන්දිනය අද නේ* ලොහාන් කීවේ කාගෙත් කුතුහලය මගහරවමිනි. ඉන්පසුව කෙහෙළිය කේක් ගෙඩිය කපා මුල්ම කෑල්ල මහින්දට කැව්වේය. පැමිණ සිටි ලොහාන්, දිලුම් ඇතුළු සියලු දෙනාටම කේක් කවන විට හැපි බර්ත් ඩේ ටූ යූ ගීතය ද තාලයට ගායනා කෙරිණි. නමුත් කෙහෙළියට කේක් කැවීමට ඔවුන්ට අමතක විය. “කෝ බර්ත් ඩේ බෝයිට කේක් කැව්වේ නැහැනේ* යැයි හිටපු මාධ්‍ය ප්‍රධානියෙකු කී විට,
“ඒකනේ, මෙයාට ඕන තරම් කට්ටිය ඉන්නවනේ. අපිත් කවන්න එපැයි* කියා මහින්ද කේක් කෑල්ලක් කැව්වේය.
ගෙවුණු සතියේදී ඒකාබද්ධයේ පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසීමට ගියහ. ඩලස්, සිසිර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
“මැතිවරණ කල්දාන වැඩේ කරන්න දෙන්න එපා සභාපතිතුමා* මහින්ද දේශප්‍රියගේ කාර්යාලයට පිවිසෙන ගමන්ම මන්ත්‍රීවරු කීහ.
“මට කරන්න දෙයක් තියෙද මන්ත්‍රීතුමන්ලා? මට වෙඩි තියාගන්නද, ගිනි තියාගන්නද කියන්නේ? ඔබතුමාලත් ඉන්න පාර්ලිමේන්තුවෙන් තමයි මේක හදලා එවන්න ඕන* යැයි මහින්ද දේශප්‍රිය සාකච්ඡාවට එක්වෙමින් කීවේය.
“සභාපතිතුමා ඔබතුමාට කවදහරි දවසක මේකට වගකියන්න වේවි' දිලුම් කී විට,
“නෑ නෑ, මට නෙමෙයි වගකියන්න වෙන්නේ, ආණ්ඩුවට* යන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පිළිතුර විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd