Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
එක් රටක මුදල් ඒකකයක් මිලදී ගැනීමට තවත් රටක මුදල් ඒකක කොපමණ ප්‍රමාණයක් හුවමාරු කිරීමට අවශ්‍ය වේද යන්න විනිමය අනුපාතය යනුවෙන් සරලව පැහැදිලි කළ හැකිය. විනිමය අනුපාතය ප්‍රකාශ කරන ආකාරයන් දෙකකි.
I. විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකවලින් : උදාහරණ ලෙස ඇමෙරිකන් ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් වශයෙන්, හෝ
II. දේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව විදේශීය මුදල් ඒකකවලින් : උදාහරණ ලෙස ඉහළ වෙළෙඳ වටිනාකමක් සහිත විදේශීය මුදල් ඒකක වන ඇමෙරිකන් ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝපා සංගම් යූරෝ වශයෙනි. මෙහිදී විදේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම පිණිස හුවමාරු කළයුතු දේශීය මුදල් ඒකක ගණන දැනට පවතින මට්ටමේ සිට පහළ යයි නම්, එය දේශීය මුදලෙහි අගය අධි ප්‍රමාණය වීමක් ලෙසත් එසේ හුවමාරු කිරීමට සිදුවන දේශීය මුදල් ඒකක ගණන පවතින මට්ටමේ සිට ඉහළ යාම, දේශීය මුදලෙහි අගය අවප්‍රමාණය වීමක් ලෙසත් හඳුනාගනු ලබයි.
විදේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම පිණිස යම් රටක දේශීය මුදල් ඒකක වැඩි ගණනක් හුවමාරු කිරීමට සිදුවීම, එරට ආර්ථිකය කඩා වැටී ඇති බවට පෙන්නුම් කරන දර්ශකයක් ලෙස පිළිගැනීමට මෙරට බොහෝදෙනා පෙළඹී සිටිති. නමුත්, කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ සෑම විටකම එය එසේ නොවන බවයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අද වන විට ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 155කට ආසන්න අගයක පවතී. දකුණු කොරියාව තුළ ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල සටහන් වන්නේ දකුණු කොරියානු වොන් 1100කට ආසන්න මට්ටමකය. එසේ වුවද රටෙහි ආර්ථික ශක්තිය අතින් බැලූ කල දකුණු කොරියාව ශ්‍රී ලංකාවට වඩා පියවර ගණනක් ඉදිරියෙන් පසුවන බව පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. විදේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම පිණිස යම් රටක දේශීය මුදල් ඒකක කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේද යන්න, එරට ආර්ථික ශක්තිය මැන බැලිය හැකි දර්ශකයක් නොවන බව ඒ අනුව පෙනී යන්නකි.
මූල්‍ය වෙළෙඳ ෙපාළ තුළ, දේශීය මුදලෙහි අගය පහළ යෑම සමාජයේ පාර්ශ්වකරුවන් පිරිසකට ධනාත්මක ආර්ථික ප්‍රතිඵල අත්කර දෙන අතර, තවත් පිරිසකට ඇති කරනුයේ ඍණාත්මක ආර්ථික ප්‍රතිඵලයන්ය.
මෙහි ඍණාත්මක බලපෑමට ලක්වන පිරිස් අතර, ඉදිරියෙන්ම පසුවන්නේ විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කරන්නන් සහ එම භාණ්ඩ භාවිත කිරීමට පුරුදු වී සිටින ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවය. මූල්‍ය වෙළෙඳ පොළ තුළ රුපියලෙහි අගය පහළ යෑමෙන් ක්ෂණිකවම සිදුවන්නේ විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ හා සේවා සඳහා වැඩි රුපියල් ගණනක් ගෙවීමට සිදුවීමෙන් ඒවායේ මිල ගණන් ඉහළ යෑමයි. එය ආනයනික භාණ්ඩවලට වෙළෙඳ ෙපාළ තුළ පවතින ඉල්ලුම අවම වීමට හේතුවන නිසා භාණ්ඩ ආනයනය කරන්නන්ගේ ආදායම් තත්ත්වයෙහි බිඳවැටීමක් සිදුවේ. පාරිභෝගික ජනතාවටද තමා භාවිත කරන්නට හුරුපුරුදු වී සිටින ආනයනික භාණ්ඩය වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමට සිදුවන හෙයින් එය ඔවුන්ගේ පසුම්බියට දැනෙන තත්ත්වයක් නිර්මාණය කරයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය රටෙහි සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම (උද්ධමනය) පිණිස හේතු වේ. එයද අපගේ ආර්ථිකයට අවාසි සහගත තත්ත්වයකි.
එසේ වුවද විදේශීය භාණ්ඩ මිල ඉහළ යාමත් සමග එම භාණ්ඩවලට වෙළෙඳ ෙපාාළ තුළ පවතින ඉල්ලුම පහළ යාමක් සිදුවේ. එය රටේ මුළු ආනයන වියදම යම්කිසි මට්ටමකට අවම කරන හේතුවකි. මෙහි ඇති එක් වාසි සහගත ප්‍රතිඵලයක් වන්නේ රටට විදේශීය භාණ්ඩ හා සේවාවන් ආනයනය කිරීම සඳහා යන වියදම %ආනයන වියදම^ සහ විදේශයන් වෙත භාණ්ඩ හා සේවාවන් සැපයීමෙන් ලැබෙන ආදායම අපනයන ආදායම අතර පරතරය, %වෙළෙඳ ශේෂය^ අවම වීමයි. මෙය රටෙහි අයවැය හිඟය පියවා ගැනීමට උපකාරී වේ.
රුපියල අව ප්‍රමාණය වීම නිසා ඍජු ලෙසම ආර්ථික ප්රතිලාභ ලබාගන්නා පිරිසක් ලෙස විදේශයන් වෙත භාණ්ඩ අපනයනය කරන්නන් පෙන්වාදිය හැකිය. රුපියල අවප්‍රමාණය වීමෙන් සිදුවන වාසි සහගත ප්‍රතිඵලයක් වන්නේ
ශ්‍රී ලංකාවෙන් විදේශයන් වෙත අපනයනය කරන භාණ්ඩ සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් හිමි වීමයි. මේ තුළින් ජාත්‍යන්තර වෙළෙඳ ෙපාළ තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල විදේශීය මුදල් අගය පහළ යන අතර, එය ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට අනෙකුත් රටවල සැපයුම්කරුවන් හා තරග කිරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරයි.
මීට අමතරව විදේශීය මුදල්වලින් ආදායම් ලබන ශ්‍රී ලාංකිකයන්ටද රුපියල අවප්‍රමාණය වීම තුළින් ඇතිවනුයේ වාසි සහගත තත්ත්වයකි. ඊට හේතුව වන්නේ ඔවුන් විසින් උපයනු ලබන විදේශීය මුදල් ශ්‍රී ලංකාව තුළ හුවමාරු කරන විටදී ඒ සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් හිමිවීමයි. වසර 2016 මහ බැංකු වාර්තාවට අනුව එම වසර තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන 7,242ක් (රුපියල් බිලියන 1054ක්) විදෙස් ශ්‍රමිකයන්ගේ ඉපයීම් ලෙස ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට එක්ව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස ගත් කල එය 8.9෴ තරම් විශාල අගයකි.
මෙරට මූල්‍ය වෙළෙඳ ෙපාළ තුළ රුපියලෙහි අගය පහළ යෑමට එරෙහිව නිර්මාණය වී ඇති ඉතා ප්‍රබල මතයක් වන්නේ ඒ තුළින් ශ්‍රී ලංකාව විදේශයන්ට සහ ජාත්‍යන්තර බැංකුවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ නැංවෙන බවයි. උදාහරණයක් ලෙස මූල්‍ය වෙළෙඳ ෙපාෙළහි ඇමෙරිකන් ඩොලරයක මිල රුපියල් 10කින් ඉහළ ගියහොත් අපගේ මුළු විදේශ ණය අතුරින් ඇමෙරිකන් ඩොලර් 1000ක කොටසක් පියවීම උදෙසා අපට අමතර රුපියල් 10000ක් ගෙවීමට සිදුවේ. මෙය අපගේ ආර්ථිකයට අනිවාර්ය අමතර වැය බරකි. කෙසේවුවද රුපියල අවප්‍රමාණය වීම තුළ රටට භාණ්ඩ ආනයනය කිරීමේදී රජයට බදු වශයෙන් හිමිවන රුපියල් සංඛ්‍යාව ඉහළ යන අතර, එනිසා ඉහත කී වැය බර යම් මට්ටමකට සමනය වීමක් සිදුවිය හැකිය.
ඒ අනුව ඉහත දැක්වූ කරුණු සියල්ල සමස්තයක් ලෙස සලකා බැලීමේදී කිව හැකිවන්නේ මූල්‍ය වෙළෙඳපළ තුළ දේශීය මුදලෙහි අගය පහළ යාම යනු රටක ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිඵල ලබාදෙන සංසිද්ධියක් මිස ඉතා විශාල ධනාත්මක හෝ ඍණාත්මක ආර්ථික ප්‍රතිඵල නිර්මාණය කරන්නක් නොවන බවයි.
රටක ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට නම් එරටට ප්‍රමාණවත් විදේශ මුදල් සංචිතයක් පැවතිය යුතුය. සරලව විස්තර කරන්නේ නම් ඔබගේ නිවසේ අලුත්වැඩියාවන්, පවුලේ සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් වැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස යම් මුදලක් ඉතිරි කර තබන්නාක් මෙන් රටකටද හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස මෙම විදේශ මුදල් සංචිත වැදගත් වේ. සාමාන්‍ය පිළිගැනීම අනුව යම් රටක විදේශ මුදල් සංචිතය අවම වශයෙන් මාස තුනක කාලයක් සඳහාවත් එරටට භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් විය යුතුය. යම් රටක විදේශ මුදල් සංචිතය මෙම අවම අවශ්‍යතාවවත් සපුරාලීමට අසමත් වේ නම් එම රට සැලකෙන්නේ ආර්ථික අර්බුදයකට ලක්ව ඇති රටක් වශයෙනි. ශ්‍රී ලංකාව මේ වන විට ඉතා කුඩා විදේශ මුදල් සංචිතයක් පවත්වාගෙන යනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස සුළු මූල්‍ය අර්බුදයකදී වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ලෝක බැංකුවේ) සහනාධාර හෝ ණය ආධාර ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.
විනිමය අනුපාතයන් ස්ථාවර අගයක පවත්වාගෙන යාම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව සෑම අවස්ථාවකම සක්‍රීයව මැදිහත් විය යුතු බවට පිළිගැනීමක් ජනතාව තුළ නිර්මාණය වී තිබේ. එසේ මැදිහත් වීමේදී දේශීය වෙළෙඳ ෙපාළ තුළ විදේශීය මුදල්වල අගය ඉහළ යන සෑම අවස්ථාවකම එය පාලනය කිරීම පිණිස තමන් සතු සංචිතවලින් විදේශීය මුදල් නිකුත් කිරීමට මහ බැංකුවට සිදුවන අතර, එවිට සිදුවන්නේ අප රටේ විදේශීය මුදල් සංචිතය තවදුරටත් පහළ යෑමයි. එය රටේ ආර්ථිකය නැවත නැවතත් අස්ථාවර කිරීමට හේතු වන අතර, රුපියලෙහි අගය ස්ථාවර නොවීමටද හේතු වේ. දේශීය වෙළෙඳ ෙපාළ තුළ විදේශීය මුදල්වල අගය පාලනය කිරීම පිණිස වෙනත් රටවලින් සහ ජාත්‍යන්තර බැංකුවලින් විදෙස් මුදල් ණයට ගැනීමට මහ බැංකුව කටයුතු කළහොත් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර ක්‍රමානුකූලව ඉහළ යාමයි. එයද රටේ ආර්ථිකයට අතිශයින් හානිකර වේ.
ඒ අනුව අප තේරුම් ගතයුතු වැදගත්ම කරුණ වන්නේ මෙසේ විනිමය අනුපාතය සහ ආර්ථික තත්ත්වය දැඩි ලෙස අස්ථාවර වූ රටක ආයෝජනය කිරීමට කිසිදු විදේශීය ආයෝජකයෙක් නොපැමිණෙන බවයි. ඒ අනුව දේශීය වෙළෙඳ ෙපාළ තුළ විදේශීය මුදල්වල විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරුවම මැදිහත් වීම මෙරට ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ඇතිකළ හැකි බව පැහැදිලිව පෙනී යන්නකි.
මෙරට ආර්ථික තත්ත්වය මෙන්ම රට තුළ විදේශීය මුදල්වල විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු වඩාත් නිවැරදි ක්‍රමවේදය වන්නේ විදේශීය ආදායම් වැඩිකර ගැනීම හරහා මූල්‍ය වෙළෙඳ පොළට ගලා එන විදේශීය මුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ නංවා ගැනීමයි. මේ සඳහා රටෙහි අපනයන සහ විදේශීය ආයෝජන මගින් හිමිවන ආදායම ඉහළ නංවාගත යුතුය. නමුදු ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය රජයන් කිසිවක් මෙය සිදුකිරීමට අසමත්ව තිබේ. නිදසුනක් ලෙස මෙරට දළජාතික නිෂ්පාදනයට සාපේක්ෂව විදේශයන් වෙත භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම සලකා බැලූ කල පෙනීයන්නේ එය වසර 2000දී පැවති 39.02% තත්ත්වයේ සිට වසර 2016 වනවිට 21.44%දක්වා පහළ වැටී ඇති බවයි. වාර්ෂිකව අප රටට ගලා එන සමස්ත විදේශීය ආයෝජනවල එකතුව අදටත් පවතින්නේ ඇෙමරිකානු ඩොලර් බිලියනයකටත් අඩු අගයකය.
ඉහත කරුණු සලකා බැලීමේදී අපට පෙනීයන්නේ විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය අවප්‍රමාණය වීම සෑම අවස්ථාවකම රටෙහි ආර්ථිකය දුර්වල බවට පෙන්වන සාධකයක් නොවන බවයි. තවද රුපියල අවප්‍රමාණය වීම සෑම අතින්ම රටෙහි ආර්ථිකයට අවාසි සහගත නොවන බවත් පෙනී යන්නකි. රුපියල ශක්තිමත් කිරීම පිණිස නිසි කළමනාකරණයකින් තොරව රජය විසින් තම විදේශ සන්චිත යෙදවීම රටෙහි ආර්ථිකයට යහපත් නොවන බවද තහවුරු වන්නකි. එසේනම් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මහජන මතය කුමන තත්ත්වයක් යටතේ වුවද විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමට ප්රතිවිරුද්ධව ගොඩනැඟී ඇත්තේ ඇයි? රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම පිණිස මහ බැංකුව තම සංචිතගත විදේශ මුදල් මූල්‍ය වෙළෙඳ පළ නිකුත් කිරීම වැනි කෙටිකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රටට යහපත් බවට විශ්වාසයක් මහජනතාව අතර මුල් බැසගෙන ඇත්තේ ඇයි? ඉහත කරුණු අපට පෙන්වා දෙන්නේ එකී මහජන මතයන් මුළුමනින්ම නිවැරදි තොරතුරු මත පදනම් නොවීම මීට හේතුව වී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd