Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
"පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර (අයිකැප් සංවිධානයේ) ආසියානු දේශපාලන පක්ෂවල 09 වැනි සමුළුව පසුගිය 01දා සිට 04 වැනිදා දක්වා පැවැත්වූවා. එම සම්මේලනයේ විශේෂ දේශනයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ හා කණ්ඩායම්වලටද ආරාධනා කර තිබුණා. එහිදී පසුගිය 03 වැනිදා මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාට සහ ඔහුගේ නිලධාරීන්ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ගුවන්තොටුපළේදී අන්තවාදී කොටි හිතවාදීන් සුළු පිරිසක් පහරදී තුවාල සිදුකිරීමේ කනගාටුදායක පුවතයි. අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු නියෝජිතයන් ගුවන්තොටුපළේ අධිආරක්ෂිත කලාපයට ශ්‍රී ලංකාවට පිටත්වීමට කලින් මහ කොමසාරිස් හා නිලධාරීන් රාජකාරි ඉටු කරදීමට පැමිණි නිසා එම සිදුවීමෙන් හානියට පත්කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගෞරවය හා රාජතාන්ත්රිකභාවයයි.
ඒකාබද්ධ විපක්ෂය මෙය හෙළා දකින බව ඉතා පැහැදිලිව අප මුලින් ප්‍රකාශ කළත් රජය පසුව මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පස්වැනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුවට සහභාගිවීම වැළැක්වීමට අවහිර කිරීමට, තර්ජනය කිරීමට, හානි කිරීමට කොටි කොඩිය පෙන්වමින් ඉතා අමානුෂික ප්‍රකාශයක් කරමින් කටයුතු කිරීම රාජ්‍ය ආරක්ෂාව මෙහෙයවන පිළිවෙතේ වැරදිතාවන් මත සිදුවීම නිවැරදි කිරීමට රජයේ අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ වසර දෙකකට පෙර පැවැති අයිකැප් අටවැනි සම්මේලනයේදී මෙවැනි සිද්ධියක් ඇති නොවුණු බව පැමිණි හැම නියෝජිතයෙක්ම සඳහන් කළා. මෙවර සිද්ධිය ශ්‍රී ලංකාවට අවමානයක් ඇතිකර තිබෙනවා. මෙම කණ්ඩායම සෙන්තෝෂි විහාරයට ගොස් විහාරාධිපති හිමියන්ට පහරදීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය නිහඬ ඇයි?
ශ්‍රී ලංකාවේ හා මැලේසියාවේ මිත්‍රත්වයට හානි පමුණුවන මෙම සිදුවීම් ගැන රජය ගන්නා වූ ක්‍රියාමාර්ගයන් කුමක්ද කියා දැනගන්න කැමතියි. මැලේසියානු රජය මෙතැනදී අසරණ වුණා. සියලුම රාජතාන්ත්‍රික නිලධාරීන් ආරක්ෂා කිරීමේ වගකීමක් රජයට තිබෙනවා. මහින්ද රාජප්කෂ මැතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධව ඇයි රජය මෙලෙසින් අඩුවෙන් හැසිරෙන්නේ කියන ප්රශ්නය මම අගමැතිවරයාගෙන් විමසනවා. මම මැලේසියානු රජයට දොස් නගන්නෙ නෑ. ඔවුන්ගේ ආරක්ෂක හමුදා ආරක්ෂාව ලබාදීමට කටයුතු කළා. නමුත් මේ සම්බන්ධයෙන් අපේ රජය මොකද්ද කළේ."
"සැප්තැම්බර් 04 වැනිදා මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ඊබ්රහියම් අන්සාර් මහතාට එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව කියන්න වුවමනා නැහැ. මම එවෙලේම වැඩබලන විදේශ කටයුතු ඇමතිවරයාට නියෝග දුන්නා මැලේසියාවේ මහ කොමසාරිස් කැඳවලා මේ ගැන අපේ අප්‍රසාදය ප්‍රකාශ කරන්න කියලා. විදේශ ගමන් ගැන අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට හා රජයේ යුතුකම වුවමනා උපකාර මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට අනෙක් අයට ලබලා දෙන්න.
ඇමතිවරුන්ට, හිටපු අගමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට යනවානම් සැලකිය යුතු ආකාරය කුමක්ද කියලා සඳහන් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැලේසියාව සහ අනෙක් රටවලට ගියාම හිටපු ජනාධිපතිතුමා හැටියට එතුමාට දෙන්න තියෙන හැම ආධාර උපකාරයක්ම ලබාදී තිබෙනවා. වාහන ලබාදී තිබෙනවා. මම ගියත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගියත්, වෙන කවුරු ගියත් අපි යන විදේශ රටින් ආරක්ෂාව ඉල්ලන්න පුළුවන්. අපි සමග පොලීසිය ගියත් අවි ආයුධ ගෙනියන්න බැහැ. ඒ නිසා ඒ ඒ රටවලට ආරක්ෂාව බාරයි. ඒ අනුව ක්‍රියා කළේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජපානේ ගියත්, කොරියාවේ ගියත්, මැලේසියාවේ ගියත් හිටපු ජානධිපතිවරයෙකු හැටියට දියයුතු හැම ආධාරයක්ම අපි දීලා තිබෙනවා. ඒක අඩු කරලා නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියටත් ඒ වගේම සැලකිලි සියල්ලම අපි ලබාදීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක්. ඒ නිසා මෙම සම්මේලනයට සහභාගිවෙන සියලුදෙනාට අපි වුවමනා ආධාර දෙන්න කියලා මහ කොමසාරිස්තුමාට දැනුම් දුන්නා. අපේ මහ කොමසාරිස්තුමා එක ඒ රටට දැන්වූවා. ක්වාලාලම්පූර් නගරයේදී විහාරස්ථානයේ සම්මන්ත්‍රණය තියෙන ශාලාව ඉදිරිපිට සිදුවීම් කිහිපයක් සිදුවුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැමිණීම ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය ඇති වුණේ දයාගමගේ ඇමතිතුමාත්, අනෝමා ගමගේ නියෝජ්‍ය ඇමතිවරියත්, දිනේෂ් ගුණවර්ධන මහතා සමග මහ කොමසාරිස්තුමා ගුවන්තොටුපළට ගිය අවස්ථාවේදියි. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා හිටියේ නෑ. මහ කොමසාරිස්තුමාට ඇතිවූ සිද්ධිය ගැන මැලේසියාවේ ආණ්ඩුවටත් යුතුකමක් තිබුණා. විදේශ තානාපතිවරු ආරක්ෂා කිරීමේ වගකීම ලංකාවටත්, මැලේසියාවටත් තිබෙනවා. මෙම සම්මේලනය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දයා ගමගේ ඇමතිතුමාත්, අනෝමා ගමගේ නියෝජ්‍ය ඇමතිතුමියත් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටියා. ඒක වැදගත් නිසා එතුමා කුරුණෑගල සම්මේලනයට යන්නැතිව ක්වාලාලම්පූර්වලට ගියා.
ඒකාබද්ධ විපක්ෂය කියන නියෝජනයක් මෙම සම්මේලනයේ නැහැ. අපි දන්නවා නියෝජනය වෙන පක්ෂ මොනවාද කියලා. ඒකාබද්ධ විපක්ෂය කිව්වනම් එම සමුළුවට යන්න ඉඩ දෙන්නෙත් නෑ. එහෙනනම් කෑ ගහපු මිනිස්සු එක්ක එළියේ ඉන්න වෙනවා. ඇතිවූ සිදුවීම් ගැන විභාග කරන්න කිව්වා. අපට දැනට ලැබෙන ආරංචි හැටියට මේකට සම්බන්ධවෙලා තියෙන්නෙ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ තියෙන 'අපි ද්‍රවිඩ පක්ෂයේ මැලේසියා' ශාඛාවේ අය. එයට සහභාගීවූ අය අතර ලාංකිකයන් හෝ හිටපු ලාංකිකයන් නැහැ. සියලු දෙනාම ඉන්දියානු පුරවැසියන්ට සම්බන්ධ මැලේසියානු පුරවැසියන්. ඒ අයගේ ඊට පෙර පරම්පරාව ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ අය. මැලේසියාවේ කොටි සංවිධානය ගැන අපි සොයා බලනවා. මැලේසියාවේ ඉන්න කොටි සංවිධානයේ ශාඛා හුඟක් සම්බන්ධවෙලා තියෙන්නේ කේ.පී.සමග. මේ කණ්ඩායම අපි දන්න හැටියට මැලේසියාවේ ඩ්රිමොක්රටික් ඇක්ෂන් පාටි (ප්‍රධාන විරුද්ධව පක්ෂය) සමග සබඳකමක් තිබෙනවා. ඩී.ඒ.වී.පක්ෂයේ වෙබ් අඩවිය කියන්නෙ මැලේසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තමන්ගේ සාමාජිකත්වය ඵල ප්‍ර‘යෝජනයට අරගෙන කටයුතු කළ යුතු බවයි. සමහර විට ඡන්ද ගන්න තියෙන වුවමනාව වෙන්නැති.
මේ පක්ෂය සමග කතා කරන්න අපේ කණ්ඩායමක් යවන්න අපි ඉන්නේ. ලංකාවේ සිදුවෙන්නේ මේක නෙවේ කියලා කරුණු පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. යුද අපරාධවලට යන්න වුවමනාවක් නෑ කියලා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ගැන ලංකාව තුළත් පිටත් අපේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. එතුමාට හානියක් වෙන්න ඉඩදෙන්නේ නෑ. වුවමනාවක් නෑ. එතුමා මේ රටේ ඉන්න ඕන. දේශපාලනයේ හිටියට මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
කොටි තර්ජනය තියෙන නිසා තමයි ලෝකෙ හිතන්නේ මේක නැති කරගන්න. අපේ ද්‍රවිඩ බොහෝ දෙනෙක් කිව්වා මේ අය ලංකාවේ අය වෙන්න බෑ කියලා. පන්සලකට ගිහින් නම් ගහන්නෑ. ඉස්සරහ කෑගැහුවට ලංකාවේ ස්වාමීන් වහන්සේ නමකට ගහන්නෑ. ඒ අය දන්නවා මේ ආණ්ඩුවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කරන්න තිබෙනවා කියලා ඒ අය කිව්වා. මේ ප්රශ්නය නැති කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කටයුතු කරන්නේ. දෙමළ ජනතාවට කතා කරන්න. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ කරන ගමන් හැම එක්කෙනාම ආරක්ෂා කරගෙන යන්න අවශ්‍යයි.
මේක දකුණු ඉන්දියාවේ ප්‍රශ්නයක් වෙලා. අපි දකුණු ඉන්දියාවට ගිහින් කියන්න ඉන්නෙ මේ ප්‍රශ්නේ විසඳිලා තියෙනව කියලා. අපි ඉඩම් ආපසු දෙන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා කියන අනන්‍යතාවය ඇති කළාට යුද අපරාධ කියන තර්ජනය නැති වෙනවා.මැලේසියාවේ ආණ්ඩුවෙන් වාර්තාවක් ඉල්ලනවා මහ කොමසාරිස්ට ගහපු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියා. මැලේසියාවේ රාජ්‍ය ආරක්ෂාව අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ යුතුකම් නෙවෙයි. අපි දන්න සාක්ෂි ඒ අයට ලබාදෙන්න ලෑස්තියි"
"මෙම පහරදීම සිදුව තිබෙන්නේ අපේ රටේ නියෝජනයකට. එය අපේ පාර්ලිමේන්තුව විසින් හෙළා දැකිය යුතුයි. මැලේසියානු රජය බැඳි සිටිනවා අපේ මහ කොමසාරිස්තුමාට ආරක්ෂාව ලබාදෙන්න. මෙතැනදී පැහැදිලි ලෙස මැලේසියාවේ රජය එම ආරක්ෂාව ලබානොදී තිබෙනවා. එම දිනවල ඇතිවූ තත්ත්වය ඇතුලේ මේ පිළිබඳව මැලේසියානු රජය විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබුණා. මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් නොවෙයි. අපේ උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලනය ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර‘යේ කොටසක් බවට පත්කරගෙන තිබෙනවා."
"මෙම සිදුවීම මම තරයේ හෙළා දකිනවා. මෙය දැඩි සේ ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගත යුතුයි. ඒ අය ශ්‍රී ලාංකිකයන් නම් ලංකාවට ගෙනවිත් දඬුවම් ලබා දිය යුතුයි. අපේ රට දැන් ස්ථාවරත්වය කරා සමගිය කරා ගමන් කරමින් තිබෙන්නේ. ඇතැම් පුද්ගලයන් නිසි අවබෝධයක් නැතිව කරන අමනෝඥ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය කෙතරම් බරපතළද කියන එක නොදැනයි කරන්නේ. එබැවින් ඔවුන් දිරිගැන්වීමෙන් වැළකිය යුතුයි."
"මෙතැනදී පහරදීමට උත්සහ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයටයි. එතන කතා කරපු දේවල් මට ඇසුණා. ඒ අය පන්සලට, හෝටලයට වගේ ඔහු පසුපස ඔවුන් ලුහුබැන්දා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විදිහට දඩයම් කිරීම සුදුසු නැහැ. එසේ වී ඇත්තේ එතුමා එල්.ටී.ටී.ඊය පරාජය කිරීම නිසයි. මේ කියාපු කතාන්දර මේ කියාපු වචන ඇහුණනම් ඔවුන්ට යම්කිසි දොරටුවකින් ඇතුළු වෙන්න ලැබුණනම් සිදුවන දේ අද කවුරුත් සුදුහුණු ගාන්න හදන දේවල් නෙමේ. මීට වඩා බරපතළ දේවල්."
"අයිකැප් සම්මේලනයට මමත් දයා ගමගේ ඇමතිතුමාත් සහභාගී වුණා. හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව උද්ඝෝෂණය ගෙන යන වෙලාවේ ලොකු ආරක්ෂාවක් දීලා තිබුණා ඇතුළට එන්නැති වෙන්න හැම කෙනාටම. සීයකට වැඩි පිරිසක් රජයෙන් දීලා තිබුණා. දෙවැනි දවසේ හිටපු ජනාධිපතිතුමා පැමිණියේ නෑ. කොමසාරිස්තුමාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා. එදත් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නා.
පසුදින ගුවන්තොටුපළට යද්දී ජනාධිපතිතුමා ගියේ නැති නිසා මහකොමසාරිස්තුමා ලොකුවට ගණන් ගන්නැතිව ආරක්ෂාව ඉල්ලුවේ නැහැ. ජනාධිපතිතුමාට ඒ රටෙන් ආරක්ෂාව දුන්නා."
"හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය සියලු ආරක්ෂාව, සැලකිලි, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබාදුන්නා. එතුමා ඒක හොඳින් දන්නවා. අපේ අමාත්‍යාංශය ඒකට බැඳී ඉන්නවා. අපේ මහකොමසාරිස්තුමාට අවශ්‍ය ආරක්ෂාව ලැබුණේ නෑ. ඒ පිළිබඳව මැලේසියානු මහකොමසාරිස් තුමා අපේ අමාත්‍යාංශයට කැඳවලා ඇසල වීරකෝන් ලේකම්තුමා සාකච්ඡා කළා. ඔවුන් අපට කනගාටුව පළකළා. අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න පොරොන්දු වුණා."
"ගුවන්තොටුපළෙ ඉන්නකොට ඇවිත් ඇහුවේ අනෝමා ගමගේ ඉන්නවාද කියා නොවේ. දිනේෂ් ගුණවර්ධන ඉන්නවාද කියා නොව්. ගුවන් යානයට මහින්ද රාජපක්ෂ ජනාධිපති එන්නැති බව ගුවන්යානයේ වාර්තාවල තිබියදී ඇහුවේ රාජපක්ෂ ඇතුළෙ ඉන්නවාද කියලා. ඒ නිසා නොදන්නා දේවල් හොයාගන්නවානම් හරියට පරීක්ෂණයක් කරන්න."
"මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ගැන මේ රජය කැපවෙලා සිටිනවා. ප්‍රශ්නයක් තිෙබ්නම් ඒවා ලබා දෙන්න කටයුතු කරනවා. මේ සභාවේ හැම මන්ත්‍රීවරයෙක්ම හිටපු ජනාධිපතිවරුන්ට ඒ යුතුකම් කරන්න පුළුවන් ශ්‍රී ලංකා දේශය තුළ පමණයි. වෙනත් රටකට ගියාම ආරක්ෂාව සලසා දෙන්න කියලා ඒ රටෙන් ඉල්ලන්න අවශ්‍යයි.මම සිංගප්පූරුවේ ගියාම නිලධාරීන් දෙන්නෙක් ගියා. නමුත් ඒ අයට ගිනිඅවි ගෙනියන්න බෑ. එතන බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ලංකාවේ ඉඳන් බළඇණියක් යවන්න බෑ.
මම විපක්ෂනායක හැටියට සිටියදී හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් මට ඒ ආරක්ෂාව තානාපති කාර්යාල හරහා ලබාදුන්නා. ඒ ටික අපි කරන්න ඕන. එතැනදී ගත් ආරක්ෂක පිළිවෙත කුමක්ද කියා කිව හැක්කේ මැලේසියාවේ ආණ්ඩුවට පමණයි.මේ ගැන මැලේසියා ආණ්ඩුවෙන් කරුණු ඉල්ලා තිබෙනවා. කොටි කොඩි දාගෙන යන එක එවැනි ආණ්ඩුවකට නවත්වන්න බෑ. ඒ අය වැළැක්වීමකට, ලේ වැගිරීමකට යන්නේ නෑ. කාලයක් එංගලන්තයේ පාර්ලිමේන්තුව වටේම සුමානයක්ම මේ අය වටකරගෙන හිටියා. ඒත් එයින් පිටයන්න ඉඩ දුන්නේ නෑ.
මැලේසියාවේ ඩිමොක්රටික් ඇක්ෂන් පක්ෂය මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ පක්ෂයේ මතය යුද අපරාධ තිබෙන්නට උවමනා කියලයි. අපි කවුරුත් එම මතයේ නෑ.මැලේසියාවේ ආණ්ඩුවේ ප්‍රකාශය මම කියන්නම්. “ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය පිළිබඳ මැලේසියානු රජය කනගාටුව පළ කරනවා. එහිදී මහකොමසාරිස්වරයාට සුළු තුවාල ඇතිවුණා. ඊබ්‍රාහිම් අන්සාර් මහතාට එම රජය කනගාටුව පළ කරනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරනවා
මේ ගැන මාධ්‍ය විවිධ ආකාරයෙන් වාර්තා කරනවා. සමහරු කොටියෙක් ගැහුවා කියලා ගිනි තියන්න හදනවා. ඒ නිසා මාධ්‍යයට මම කියනවා මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න. මැලේසියාවේ අගමැතිතුමා හිටපු ජනාධිපතිතුමාගේ හොඳ මිත්‍ර‘යෙක්. ඔහුට කිසිම හානියක් වෙන්න ඉඩ දෙන්නෑ. ඒනිසා මේක තවදුරටත් ඇදගෙන යන්න එපා. ළඟින් ආශ්‍රයක් තියෙන මිත්‍ර රටක්. මොකද වුණේ කියලා අපි සම්පූර්ණ වාර්තාවක් කතානායකතුමාටත්, සභාවටත් දැනුම්දෙමු."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd