Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
බැඳුම්කර වාර්තාව සහ වංචා, දූෂණ වාර්තාව සභාගත කිරීමට අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවා තිබිණි. පාර්ලිමේන්තුව ආරම්භයට පෙර මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයට පැමිණ දිවා ආහාරය ගනිමින් සිටියහ.
ජ.වි.පෙ. නායක අනුර කුමාර ආහාර ගෙන අවසන් වී තිබූ බැවින් ඉන් පිටවීමට සැරසිණි. ඒ සමගම භෝජනාගාරයෙන් පිටතට යෑමට පැමිණි එ.ජා.ප. මන්ත්‍රී නලීන් බණ්ඩාරද අනුර සමග කතාබහට එක්විය.
ආගිය තොරතුරු සහ මේ දිනවල දේශපාලන වේදිකාවේ කියැවෙන කතා කියමින් දෙදෙනා ඉදිරියට යන විට මන්ත්‍රීවරුන්ගේ සෝපානයේ සිට ඇමති පී. හැරිසන් භෝජනාගාරය දෙසට එන්නට සූදානම් විය.
‘අන්න ඔයාගෙ යාළුවෙක්’ යැයි හැරිසන් පෙන්වමින් නලීන් අනුරට කීවේය.
ඔවුන් එනු දුටු හැරිසන්ද ‘ආ ... අනුර ලොක්කා’ යැයි මහහඬින් පවසමින් ඔවුන් සමග කතා කිරීමට නැවතිණි.
නලීන් බණ්ඩාරගෙන් ඉවත් වෙමින් අනුර සහ හැරිසන් රහසින් යමක් සාකච්ඡා කළ අතර, අතරින් පතර ඔවුහු දෙදෙනා මහහඬින් සිනහ වන්නටද වූහ.
ඒ අසලින් ගමන් ගත් අනෙකුත් මන්ත්‍රීවරුද දෙදෙනාගේ මෙම සතර කම්මන්ත්‍රණය පිළිබඳ කුතුහලයෙන් බලමින් යන්නට වූහ.
ඒ සමගම ජ.වි.පෙ. මන්ත්‍රී නලින්ද ජයතිස්සද භෝජනාගාරය දෙසට යමින් සිටි අතර, අනුර දුටු නලින්ද ගමන වෙනස් කර ඔවුන් සිටි තැනට පැමිණියේය.
අනුර හැරිසන් සමග කතා කරන තුරු නලින්ද, නලීන් බණ්ඩාර සමග කතා කරමින් සිටියේය.
මෙලෙස ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් සහ එ.ජා.ප. මන්ත්‍රීවරුන් කතා කරමින් සිටන අතර, එතැනට පැමිණි තවත් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයෙක් නලින්ද අසලට ගොස් විමසුවේ, ‘ආ... දැන් කට්ටිට මොකද්ද කරන්න මේ හදන්නේ. දැන් අලියාට සෙට් වෙන්නද හදන්නේ’ යැයි කියාය.
එවිට නලින්ද පෙරලා ඔහුට පිළිතුරු දුන්නේ, ‘අපි කොහේ ගියත් එකට ලොක්කා කරන දේම කරනවා. ඔයාලගේ වගේ බෙදිබෙදී වැඩ කරන්නේ නැහැ’ කියාය. එවිට නලින්ද, නලීන් සහ අසල සිටි අයද මහහඬින් සිනහසුණහ.
‘ඒ වුණාට ඔයාලගේ ලොක්කා දැන් රට යද්දි බිස්නස් ක්ලාස්වලමයි යන්නේ නේද?’
එවිට නලින්ද පැවසූවේ ‘ආ.. ඒවා දැන් සාමාන්‍ය දේවල් ඕවා එච්චර ගණන් ගන්න එපා’ යනුවෙනි.
මේ අතර අනුර සමග කතා කළ හැරිසන් භෝජනාගාරය දෙසට ගිය අතර, එවිට අසල සිටි අය අනුර සමග කතා කරන්නට වූහ.
‘අද මොකද වෙන්නේ?’
‘මොනව වෙන්නද රිපෝට් එක දායි. එච්චරයි.’
‘එතකොට පක්ෂ නායකයන් කතා කරන්නේ නැද්ද?’
‘පොඩි රණ්ඩුවක් දාගමු නේද?’ යැයි අනුර කිව්වේ සිනහ වෙමිනි.
පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු කථානායක කරු ජයසූරිය දීර්ඝ පැහැදිලි කිරීමකින් පසුව බැඳුම්කර වාර්තාව සහ දූෂණ, වංචා වාර්තා සභාගත කිරීමට අවස්ථාව ලබා දුන්නේය. සභානායක කිරිඇල්ල එය සභාගත කළේය.
එම වාර්තා ලබා ගැනීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි උනන්දුවක් දක්වන අයුරු කාටත් දිස්විය.
පසුපෙළ මන්ත්‍රීවරුන් වන කවින්ද, හේෂාන් එක්ව වාර්තා බලමින් සිටි අතර, රතන හිමිද තමන්ට වාර්තාවක් ලබාදෙන තුරු වටපිට බලමින් සිටියහ. සරත් ෆොන්සේකා ඇමතිවරයාද වර්තාව ලබාදෙන විට සිනහ වෙමින් වාර්තාව ලබා ගත්තේය.
මේ අතර, කථානායක කරු වරින් වර සේවකයන්ගේ විමසා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාර්තාව ලබා දුන්නේද කියාය.
‘විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉක්මනට වාර්තාව දීලා ඉන්න.’
‘සීට්වල ඉන්න අයට බෙදුවා සර්.’
‘හැමෝටම ඉක්මනින් බෙදන්න.’
‘බෙදනවා සර්’
‘ඉක්මනින් බෙදන්න’
‘බෙදාගෙන යනවා සර්’
‘දැන්ම බෙදන්න කියන්න’
එලෙස සියලුම මන්ත්‍රීවරුන්ට වාර්තාව බෙදා දීමට කථානායකවරයා මහත් වෙහෙසක් දැරීය.
මේ අතර, අනුර වරින් වර නැගිට බැඳුම්කර වාර්තාව සහ දූෂණ, වංචා වාර්තාව ගැන පවසමින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා කරමින් කතාවක් කිරීමට සූදානම් වූ අතර, සුළු වේලාවකින් පසුව ඔහුගේ කතාව නතර කිරීමට කථානායක කරු පැවසීය.
බ්‍රහස්පතින්දාද පස්වරුවේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්විණි. මන්ත්‍රීවරුන් උදෑසන කාලයේ වරින්වර පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටි අතර, ඇමති පාඨලී සහ මන්ත්‍රී බන්දුල පිවිසුමෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ එකවරය.
පාඨලී සභා ගර්භයේදී බන්දුල හඳුන්වන්නේ %ශුරීන්^ යන නමිනි. සභා ගර්භයේදී එකිනෙකාට විරුද්ධව අදහස් දැක්වුවද, දෙදෙනා සිනහ මුසු මුහුණින් කතාබහ කරමින් භෝජනාගාරය දෙසට යන්නට වූහ.
‘මහරගම අක්කර 5000ක් අරගෙන කර්මාන්ත පුරයක් දාන්න යනවලු නේද?’ බන්දුල පාඨලීගෙන් විමසීය.
‘තාම එහෙම තීරණයක් නැහැ’ පාඨලී පිළිතුරු දුන්නේය.
‘හැබැයි අපි නම් ඒක කරන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ගෙවල් කඩාගෙන, ඉඩම් අරගෙන ඒක කරන්න දෙන්නේ නම් නැහැ.’
බන්දුල එසේ කියන විට පාඨලී සිනහ විය. ‘බලමුකෝ’ කියා පාඨලී එක්පසකට යන විට, බන්දුල තවත් පිරිසක් සමග කතා කරන්නට නැවතිණි.
‘මන්ත්‍රීතුමා මොකද වෙන්නේ?’
‘මොනවා වෙන්නද අපි ඡන්ද වැඩනේ මේ දවස්වල’
‘දොගොල්ලෝ එකතු වෙන්නද යන්නේ?’
‘නැහැ එහෙම එකක් නැහැ. ආණ්ඩුව ආයේ පනතක් ගේන්න යනවා අයවැය අහෝසි වෙන විදියේ එකක්’
‘ඒ මොකක්ද මන්ත්‍රීතුමා ඒ?’
‘ආණ්ඩුවට ඇති තරම් ණය ගන්න පුළුවන් විදියට අයවැය අහෝසි කරන්න පනතක් දාලා තියෙන්නේ’
‘ඒක පාර්ලිමේන්තුවට දාලද තියෙන්නේ?’
‘නැහැ තාම දාලා නැහැ. ඒ වුණාට අපි ඒකට විරුද්ධව කම්ප්ලේන් එකක් කරන්න යන්නේ’ යැයි පවසමින් බන්දුල පුස්තාකාලය තුළට ගියේය.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ආරම්භයේදී අමාත්‍යාංශ වාර්තා පිළිගැන්වීමට තිබුණි. කථානායක කරු අදාළ අමාත්‍යාංශයේ නම කියන විට අමාත්‍යවරුන් වාර්තාවේ නම කියා එය සභාවට ඉදිරිපත් කිරීම කළ යුතුය.
සංචාරක ඇමති ජෝන්ට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට තිබුණි. කථානායකවරයා ඒ සඳහා අවස්ථාව ලබාදුනි. වෙනත් අවධානයක සිටි ඇමති ජෝන්ට තමා ඉදිරිපත් කිරීමට සිටි වාර්තාවේ නම එකවරම අමතක විය.
'සංචාරක සංවර්ධන හා ක්‍රිස්ත්‍රියානි කටයුතු ගරු අමාත්‍යතුමා^ යැයි කථානායක කරු පැවසූ විට නැගී සිටි ඇමති ජෝන්
‘ගරු කථානායකතුමනි, ම්ම්ම්..... එම වාර්තාව මම පිළිගන්වමි’ කියමින් වාඩි විය. වාර්තාවේ නම නොකිව්වේය.
විපක්ෂයේ ඉදිරියෙන්ම සිටි අනුර සහ නලින්ද එවිට සිනහ වෙමින් ඇසුවේ මොන වාර්තාවද ඒ පිළිගැන්නුවේ කියාය.
එවිට ජෝන් පිළිතුරු දුන්නේ
‘ඒ මගේ වාර්තාව, මගේ මගේ වාර්තාව’ යැයි කිව්වේ සිහන වෙමිනි.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් පත්කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එසේ වුවද ශ්‍රියාණි විජේවික්‍රම සහ පියසේන ගමගේ මන්ත්‍රීවරුන් රාජ්‍ය අමාත්‍ය ධුරයන්ට පත්කිරීමට අගමැතිවරයා නිර්දේශ කර තිබේද යන්න මන්ත්‍රී දිනේෂ් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරියකව සිට ශ්‍රියාණි ආණ්ඩුවට එක්වීම පිළිබඳ විමසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දිනේෂ්ට උසුලු විසුළු කරන්නට විය.
එහිදී සංචාරක ඇමති ජෝන් විහිළු කරමින් දිනේෂ්ට බාධා කළේය.
‘ආ ශ්‍රියාණි ආවට දුක හිතලා වගේ . අයියෝ පව්’ යනුවෙන් ඔහු එහිදී පැවසුවේය.
‘මම මේ ප්‍රශ්න අහන්න හදනවා සංචාරක ඇමතිතුමා හරියට කලබල වෙලානේ. පොඩ්ඩක් ඉන්න ප්රශ්නය අහනකම්’ යැයි දිනේෂ් එහිදී අවේගයෙන් කීවේය.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අගමැතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව පත්කළ හැකි කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව නිශ්චිත කර තිබෙනවා. නමුත් අද වනවිට එම සංඛ්‍යාවන් උල්ලංඝනය කර තිබෙනවා. අමාත්‍යවරුන් පත්කිරීමේදී අගමැතිවරයා විසින් පත්වීම් නිර්දේශ කළ යුතුයි. නමුත් ශ්‍රියාණි විජේවික්‍රම සහ පියසේන ගමගේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීමේදී එලෙස නිර්දේශ කර තිබෙනවාද? එජාප ශ්‍රීලනිප ගිවිසුම පසුගිය වසරේ දෙසැම්බර් 31දා අවසන් වී ඇති බැවින් ජාතික ආණ්ඩුව දැන් අවසන්. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දක්වා අඩුවිය යුතුයි’ යැයි දිනේෂ් එහිදී පැවසීය.
එවිටම නැගී සිටි කිරිඇල්ල පැවසූයේ ‘ඇයි ඔබතුමා ශ්‍රියාණිට ඇමතිකමක් දුන්නට විරුද්ධ’ කියාය.
එවිට දිනේෂ් පැවසූයේ ‘ශ්‍රියාණි ඔබතුමා ළඟින් තියාගන්න. ශ්‍රියාණිව යුඑන්පීය ළඟට ගත්තට කමක් නැහැ. කැබිනට් ඇමතිවරුන් අඩු කරන්න’ යනුවෙනි.
එවිට කිරිඇල්ලද මෙසේ පැවසීය. ‘අගමැතිතුමා ඒ ගැන පිළිතුරක් ලබාදේවි. කොහොම වුණත් මෙතැන නෛතික ප්‍රශ්න නැහැ. ඔය පැත්තේ අය එන්න සූදානම් නම් අපි භාරගන්න සූදානම්’.
එවිට අනුරද නැගී සිටිමින් පැවසූයේ
‘ජාතික ආණ්ඩුව ගැන කියද්දී එක්සත් ජාකික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹුණු ගිවිසුමක් ගැන එදා අගමැතිතුමා කිව්වා. මේ ජාතික ආණ්ඩුව ගොඩනැගුවේ වසර දෙකකට කිව්වා. ඒ අවුරුදු 02 කාලය ඉකුත් වුණේ සැප්තැම්බර් 02 වැනිදා. නව ගිවිසුමක් ඔබතුමාට ලබාදුන්නද කියලා මම දැනගන්න කැමතියි’ යනුවෙනි.
නැහැ, මට ලබාදීලා නැහැ. කථානායක කරු පිළිතුරු දුන්නේය.
‘ජාතික ආණ්ඩුව අපේ ප්‍රශ්නයක්. මෙතුමගේ ප්‍රශ්නයක් නෙවෙයි’. කිරිඇල්ල එහිදී ආවේගයෙන් කිව්වේ අනුරට ඇඟිල්ල දිගුකරමිනි.
‘නැහැ නැහැ, මේක රටේ ප්‍රශ්නයක්. අමාත්‍ය මණ්ඩලය ගැන ජනතාවගේ ප්‍රශ්නයක්. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්. අවුරුදු 02ක් සඳහා මේ ජාතික ආණ්ඩුව තියෙන්නේ කියලා ඔබතුමාලා කිව්වේ. ආණ්ඩුව දීර්ඝ කරලා නම් කථානායකතුමාට ගිවිසුම භාරදෙන්න’. අනුර කිව්වේය.
‘මට එහෙම ලිපියක් ලැබිලා නැහැ. අගමැතිතුමා
මේ ගැන පිළිතුරු දේවි’ යැයි පවසමින් කථානායක කරු එම කතාව අවසන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පිටු කිහිපයකින් යුත් නිවේදනයක් මගින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බරපතළ විවේචනයක් ඉදිරිපත් කොට තිබුණි. එම නිවේදනය මාධ්‍ය තුළ පළවීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කිරීමට පටන්ගත්හ. මේ නිසා මේ පිළිබඳව පිළිතුරක් ලබාදීමට ජවිපෙ තීරණය කළේය.
‘මහින්ද රාජපක්ෂ වැටිලා තියෙන බංකොලොත් තැන මේ නිවේදනයෙන් පෙන්නවා. මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා. ජනතාව අතර වෙනදට වැඩියෙන් ආකර්ෂණයක් ඇතිවෙලා. මේක බලාගෙන ඉන්න රාජපක්ෂ කණ්ඩායමට බැරි නිසා තමයි මේ වගේ අවලාද ගහන්නේ” ටිල්වින් සිල්වා කියා සිටියේ ජවිපේ කණ්ඩායම් රැස්වීමේදීය.
‘ඒ නිවේදනයේ තියෙන කරුණු බොහෝ ඒවා සත්‍යයෙන් තොරයි. අනෙක් ඒවා විකෘති කරන ලද ඒවා. තවත් ඒවා පරස්පරයි. අඩුම ගාෙණ් මහින්ද රාජපක්ෂ හරියට නිවේදනය කියෙව්වා නම් මේක තේරුම් ගන්න තිබුණා. එයාගෙ ආණ්ඩුව තියෙන කාලේ රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා අපිට මඩ ගැහුව්වා. අද නිවේදන දාලා ඒ වැඩේ කරන්න හදනවා” විජිත හේරත් කියා සිටියේය.
‘අපි මේකට විශේෂ පිළිතුරක් දාන්න ඕනෑ. හරිනම් අපි ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා කියන්න ඕනෑ, නමුත් මහින්ද රාජපක්ෂ කවදාවත් ඒ වගේ විවාදයකට නොඑන බව විශ්වාසයි. ඒ නිසා අපි නිවේදනයක් දාමු” අනුර දිසානායක කියා සිටියේය.
අනතුරුව ජවිපෙ විසින් ‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැටී ඇත්තේ ඉතාම ඛේදජනක, අනුකම්පා සහගත තත්වයකටය යන මැයෙන් සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය.
නුවරඑළිය එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවී පළාත් පාලන මැතිවරණ ප්රචාරක රැස්වීම්වලට සහභාගි වීමට නවීන් දිසානායක ඇමතිවරයා මේ සතිය තුළ වේලාව වෙන්කර ගෙන තිබිණි.
නුවරඑළිය නගර සීමාවේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී නායකයන් හමු වූ නවීන්, දේශපාලන වැඩකටයුතු ගැන මෙන්ම සංවර්ධන වැඩ ගැනද අවධානය විමසන්නට විය.
‘‘‘සර් ග්‍රෙගරි වැව වටේට බෝට්ටු දාගෙන ඉන්නෙ හම්බන්තොට අය. නුවරඑළියේ අයට තියෙන අවස්ථා ඒ නිසා නැතිවෙලා තියෙනවා’ පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් නවීන්ට පැවසීය.
‘‘මේ ගැන මටත් තොරතුරු ලැබිලා තියෙනවා. මේ අයට 11 වැනිදාට බඩු පටවාගෙන යන්න කියලා මම කියනවා. ඊට පස්සේ නුවරඑළියේ අයට තමයි මේ අවස්ථාව ලබාදෙන්නෙ. නුවරඑළියේ ජනතාවට තියෙන අවස්ථාව වෙන අයට ලබා ගැනීමට මම ඉඩ තියන්නෙ නැහැ’ නවීන් උත්තර දුන්නේය.
මේ අතර නවීන්, මහින්දට අභියෝගයක්ද කළේය.
‘‘‘මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ මීළඟ නායකයා කවුද කියලා පුළුවන් නම් කියන්න. මම නම් කියන්නේ නාමල් රාජපක්ෂ මීළඟ නායකයා කරන්න හදනවා කියලයි’ යැයි නවීන් කීවේ අභියෝගාත්මකවය.
මේ දේශපාලන ක්ෂේත්රයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතින කාලයකි. වේදිකාවල උණුසුම් කතා ඇසෙද්දී යටින් සිදුවන ගනුදෙනු කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවේ. ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයටත්, විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයටත් එක්වන මන්ත්‍රීවරුන් ගැන පසුගිය කාලයේදී කතන්දර ඇසුණද ඒවා යථාර්ථයක් වන ආකාරය ජනතාවට දකින්නට නොලැබුණි.
දේශපාලන ලෝකයේ කරක්ගැසූ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෙකු පසුගිය කාලයේදී විවිධ මාතෘකා සමාජයට ගෙනාවේය. නීතිය පිළිබඳව මුල සිට අගට දන්නා විජයදාස රාජපක්ෂ නම් වූ මෙම දේශපාලඥයාට පක්ෂයෙන්ම එල්ල වූ විරෝධය හේතුවෙන් තනතුරෙන් යන්නට සිදුවිය. ඉන් පසුව සමාජයට පෙනුනේ ඔහු නිහඬව සිටි බවයි. නමුත් එය එසේ නොවන බව දැන් ලැබෙන ආරංචිවලින් පැවසේ. පසුගිය දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට විජයදාස රාජපක්ෂ ගියේය. ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවෙස වෙතය. හොර රහසේ මෙම හමුව සංවිධානය කර තිබුණු අතර බන්දුල ගුණවර්ධනද සාකච්ඡාවට සම්බන්ධ විය. විජයදාස ඒකාබද්ධ විපක්ෂයට ගැනීමේ කපුකම කිරීම භාරගෙන ඇත්තේ බන්දුලය. බොහෝ වේලා මෙම දෙගොල්ලෝ සාකච්ඡා කළේය. සුහදව පැවැති මෙම සාකච්ඡාව පිටට ලබානොදීමට දෙපාර්ශ්වයම වගබලා ගත්තේය. ඉන් පසුව තවත් දිනකදී බන්දුල ගුණවර්ධනගේ නුගේගොඩ ගෙදරට ගිය විජයදාස සාකච්ඡාවක් පැවැත්වීය. ඉදිරියේදී යම් දේශපාලන වෙනසක් සිදුකරන බව ඉන් පළවිය. විජයදාස සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ එක්ව සිටින බව මෙම සාකච්ඡාවේදී කීවේය. වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවුණු මෙම සාකච්ඡාව රහසක් සේ තබාගැනීමට ඔවුන් ගිවිස ගත්තේය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙම සාකච්ඡාවල වාර්තා ගොස් තිබුණි. එම පාර්ශ්වවලින් කවුරු හෝ ජනාධිපතිවරයාට මේ පිළිබඳ විස්තර ලබාදී තිබුණි. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ මෙන්න මේවාටය.
පොදු අපේක්ෂකයෙකු ලෙස ජනපති ධුරයට පත්වූ මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධුරය ලැබීමෙන් පසුව පක්ෂය අමතක කළ නොහැකි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට ඔහු කෙළින්ම සම්බන්ධ වී සිටින්නේ මේ නිසාය. ෆයිසර් මුස්තාපා විසින් එවැනි මැතිවරණ රැලියක් පිටකොටුව ප්‍ර‘දේශයේ සංවිධානය කර තිබුණි. පිටකොටුව එක්සත් වෙළෙඳ සංගමයේ සාමාජිකයන් එකතු වූ මෙම රැලියට මෛත්‍රීගේ පැමිණීම තරමක් ප්‍රමාද විය. ඒ අතරතුරදී පසුගිය ආණ්ඩුවට හොඳටම දෙහි කපමින් එජනිස කොළඹ නගරාධිපති අපේක්ෂක අසද් සාලි කතාවක් පැවැත්වීය. ඒ වනවිටත් චන්දිම වීරක්කොඩි හා ෆයිසර් මුස්තාපා වේදිකාවේ සිටියහ. සාලිගේ කතාව 18 වැනි සංශෝධනයට පැමිණියේය. එම සංශෝධනයට සහාය දුන් ඇමතිවරුන්ගේ නම් ඔහු කියාගෙන ගියේය.“මොනවද මෙයා මේ කියන්නේ’ යැයි චන්දිම ෆයිසර්ට කිට්ටු වී ඇසුවේය. ඉන් පසුව ෆයිසර් වේදිකාවෙන් නැගිට ගොස් මයික්‍රෆෝනය අසල සිටි සාලි ළඟට ගොස් උපදෙසක්දී වාඩිවිය. එහෙත් අසාද් සාලිගේ කතාව නතර නොවුණි. මෛත්‍රී පැමිණෙනතුරු රාජපක්ෂ ආණ්ඩුවට ඔහු බැණ වැදුෙණ්ය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා (09දා) පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයේ හිටපු මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව ගෙන ඒමට සූදානම් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.
මෙම විශ්වාසභංග යෝජනාව සැකසීමේ කටයුතු භාර දී තිබෙන්නේ බන්දුල ගුණවර්ධනටය. බන්දුල ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කළේය.
‘ රවි කරුණානායකට එරෙහි විශ්වාසභංගය හදාගෙන යනවා. මේ වංචාවට සම්බන්ධ හැම කාරණයක්ම ඇතුළත් කරලා විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරන්නයි මම මහන්සි වෙන්නේ. මේ බැඳුම්කර වංචාව හින්දා රටට වෙච්ච හානිය ගණන් බලන්න බැහැ. රටේම ආර්ථිකය බිඳ වට්ටන්න මේ මංකොල්ලය හේතු වුණා. මේකට අගමැතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි’ බන්දුල පැහැදිලි කළේය.
‘ඔබතුමා රනිල් වික්‍රමසිංහ ගැන කිව්වට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන මොනවත් කියන්නේ නැහැනේ. ඔබතුමාගේ කතාවෙන් පේන්නේ ජනාධිපතිවරයා නිර්දෝෂියි වගේ හැඟීමක්. මොකද පැත්තවත් මාරු කරන්න හිතිලද මන්ත්‍රීතුමා?’ එස්. සී. මුතුකුමාරණ බන්දුලගෙන් ඇසුවේය.
‘මම එහෙම ඒ පැත්තට මේ පැත්තට නැමෙන කෙනෙක් නෙමෙයි. මම එදා මහින්ද මහත්තයා ගාව හිටගත්තා. අදත් ඉන්නේ එතැනම තමයි. දෙපැත්තට වැනෙන්න මම සූදානම් නැහැ’ බන්දුල අවධාරණය කළේය.
‘මෙච්චර විශාල වංචාවක් වෙලා තියෙනකොටත් ආණ්ඩුවේ ඇමතිවරුන් ජනතාව ඉස්සරහට ගිහින් කටට එන බොරු කියන එකනේ වැඩේ. සමහරු තව ටික දවසකින් කියයි මේකෙන් රටට හොඳක් මිසක් වංචාවක් වෙලා නැහැ කියලත්’ ප්‍රසන්න පැවසීය.
‘ජනාධිපතිවරයාත් වේදිකාවට නැගලා බොරුවට කෑ ගහන්නේ කැබිනට් මණ්ඩලයේදී ඒ හොරු සෙට් එකත් එක්ක එකට ඉන්න ගමන්මයි’ පවිත්‍රා කීවාය.
‘ජනාධිපතිවරයා බලන්නේ කොහොම හරි ඡන්ද ටිකක් එකතු කරගෙන ජාමෙ බේරගන්නයි. එතුමා කොයි රැස්වීමකදිවත් යූ.ඇන්.පියට බණින්නේ නැහැ. බණින තරමක් බණින්නේ මහින්ද මහත්තයටම තමයි’ ප්‍රසන්න පැවසීය.
‘අද ආණ්ඩුව වැටිලා ඉන්නේ ආයෙත් ගොඩ එන්න බැරි වළකට. දැන් දැන් ආණ්ඩුවට ගොක් කොළ පේන්න පටන් අරන්’ ජොන්ස්ටන් කීවේය.
‘අද රටේ තියෙන ජනමතය වෙනස් කරන්න ආණ්ඩුව නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා ජනමතය වෙනස් කරන්න කියලා රුපියල් ලක්ෂ 2000ක් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට දීලා තියෙනවා කියලා. අපි මේ ගැන අවධානයෙන් ඉන්න ඕන’ මහින්දානන්ද පැවසීය.
‘ඔය මොනවා කළත් ආණ්ඩුවට මේ රටේ ජනමතය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. දැන් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියන මතයෙයි. ලබන ජනාධිපතිවරණය වෙනකොට ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන ඡන්ද ටිකත් නැති වෙලා කුජීතම වෙලා යනවා’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය බදාදා උඩුගම්පොළදී පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
‘බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දවසෙම සිංගප්පුරුවේ අගමැතිවරයා ලංකාවට ආපු එක ගැන අපිට සැකයක් තියෙනවා. එතුමා ලංකාවට ආවේ සිංගප්පූරු පුරවැසියෙක් වෙන අර්ජුන් මහේන්ද්‍රන්ව බේරාගන්නද කියලා අපිට සැකයි’ සිසිර පැවසීය.
‘ඒකත් ඇත්ත. අපි ඒ ගැන හොයලා බලන්න ඕනේ. ජනාධිපතිවරයා හොරු අල්ලනවා කියලා වේදිකාව දෙවනත් වෙන්න කෑගැහුවට වැඩක් නැහැ රනිල් එයාගේ යාළුවා හොර පාරෙන්ම රටින් පිටකරලා ඉවරයි’ ප්‍රසන්න කීවේය.
‘බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුව කැමැත්තෙන් හොයන්න ගත්තා නෙමෙයි. විපක්ෂයේ හඬ නැත්නම් මේ වංචාව යට යන්න තිබුණා. අපි කෑගහන්න ගත්ත නිසයි ජනාධිපතිවරයාටත් කොමිසමක් දාන්න වුණේ. දැන් නම් මේකට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තමයි මුලින්ම මේ ගැන ජනතාව දැනුවත් කළේ’ සිසිර පැවසීය.
‘මේ පාර ඡන්දෙදී ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මොන දිස්ත්‍රික්කයකටත් වඩා ගම්පහ ජයග්‍රහණය අපට වැදගත්. ඒ හින්දා කොහොමහරි අපි ගම්පහ උඩින් දිනන්න කටයුතු කරන්න ඕනේ’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ඒ කතාව හරි. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන ගම්පහ දිනුවා කියන්නේ රටම දිනුවා වගේ තමයි’ සිසිරද පැවසීය.
‘මේ වතාවේ මීගමුව මහ නගර සභාව ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වෙයි කියල බැසිල් මහත්තයා මා එක්ක කිව්වා’ ප්‍රසන්න කීවේය.
‘අනිවාර්යයෙන්ම මීගමුව දිනන්න අපිට පුළුවන්. දැනටමත් මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. මීගමුව දිනුව හැම අවස්ථාවකම අපි ගම්පහ දිස්ත්‍රික්කය දිනුවා. ඒ හින්දා මේ වතාවෙත් අපිට කිසිම සැකයක් නැහැ. අපි රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්නේ ඒ ජයග්‍රහණය තවත් තහවුරු කර ගන්නයි’ ලන්සා පැවසීය.
‘මිනිස්සුන්ට දැන් මේ ආණ්ඩුව එපා වෙලා ඉවරයි. ආණ්ඩුව එපා වෙච්ච මධ්‍යස්ථ ඡන්දාදයකයන්ට ඡන්දය දෙන්න තියෙන එකම විකල්පය පොහොට්ටුව විතරයි. පොහොට්ටුව ඇරුණම අනෙක් සියලුම පක්ෂ ආණ්ඩුවේ නිල සහ නිල නොවන කොටස්කාරයෝ හින්දා අපිට ලොකු වාසියක් තියෙනවා’ ඉන්දික අනුරුද්ධ පැවසීය.
‘මහින්ද මහත්තයට එදා ඉඳලම තියෙන ඡන්ද වගේම ආණ්ඩුව ගැන කලකිරිමෙන් කැඩිලා එන ඡන්දත් එකතු වුණාම අපිට බහුතර පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය හිමි කර ගන්න පුළුවන්. මේක නිකම්ම නිකන් පළාත් පාලන මැතිවරණයකටත් වඩා ආණ්ඩුවේ ගමන ගැන තියෙන ජනමත විචාරණයක්’ ප්‍රසන්න කීවේය.
‘ආණ්ඩුව විවිධ සමීක්ෂණ තියලා ඡන්ද ප්‍රතිඵල මොනවා වෙයිද කියල හොයනවා කියලයි ආරංචිය. හැබැයි ඒ හැම සමීක්ෂණයක්ම කියල තියෙන්නේ පොහොට්ටුවට බහුතර බලය ලැබෙනවා කියලලු. දැන් ජනාධිපතිවරයයි, අගමැතිවරයයි කලබල වෙලා මහින්ද මහත්තයට ගහන්න අරන් තියෙන්නේ ඒ හින්දයි’ සිසිර පැවසීය.
එතුමත් එක්ක කැබිනට් මණ්ඩලයේ ඉන්න හොරු සෙට් එක පිටිපස්සෙන් හිනා වෙනවා
පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන ජන රැලියක් පසුගිය සතියේ මහින්දගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩදී පැවැත්විණි. එදින රැස්වීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණේ අකිල එල්ලාවලගේ නිවසේය.
රැස්වීමට සහභාගී වීමට පැමිණි මහින්ද, ප්‍රසන්න, පවිත්‍රා ඇතුළු පිරිසක් අකිලගේ නිවසේ දිවා ආහාරය ගන්නා ගමන් සාකච්ඡා කරමින් සිටියේ රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි මහින්ද පසුව ඔහුට සුබපැතූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.
‘විශ්වාසභංගයේදී සර් රවි කරුණානායකට සුබපැතුවා කියන්න ගිහින් ජනාධිපතිවරයා හොඳටම නා ගත්තා. ජනාධිපතිවරයට කවුදෝ ලණුවක් දීලා තියෙන බවයි අපිට නම් පේන්නේ’ ප්‍රසන්න පැවසීය.
‘ඒකනේ කියන්නේ. ජනාධිපතිවරයෙක් වුණාම කටට එන හැමදේම කියන්න හොඳ නැහැනේ. අපි රවි කරුණානායකට බැඳුම්කර වංචාව ගැන මේ වෙනකම් කිසිම විශ්වාසභංගයක් ගෙනල්ලත් නැහැ. එතුමා කියනවා මම ඡන්දෙ දුන්නෙ නැහැලු. එතුමට මතක නැහැ අපි එදා විශ්වාසභංගය ගේන්න හදනකොට කරපු දේවල්’ මහින්ද කීවේය.
‘ඒක විවාදයටවත් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැනේ’ පවිත්‍රා කීවාය.
‘අපේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටවත් නොදා ආණ්ඩුව රවිව බේරගන්න කටයුතු කළා. අන්තිමට රවි කරුණානායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනකම්ම අපේ යෝජනාව විවාදයට ගන්න දුන්නේ නැහැ. අස්වුණාට පස්සේ යෝජනාව නිකම්ම අහක ගියා. එහෙම කරපු කෙනා දැන් අපිට ඇඟිල්ල දික්කරනවා මම සුබපැතුවා කියලා’ මහින්ද පැහැදිලි කළේය.
‘දැන් ජනාධිපතිවරයාට ජනතාව ඉස්සරහා ගිහින් කියන්න දෙයක් නැහැ. තාම කියන්නේ ජනාධිපතිවරණයේදී කිව්ව දේවල්මයි’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ඒක නම් ඇත්ත. අවුරුදු තුනකට ඉස්සර කිව්වෙත් මහින්ද හොරා, අපි ආපු ගමන් හොරු අල්ලනවා කියලා. දැනුත් වේදිකාවට නැගලා කියන්නේ මහින්ද හොරා මහින්ද හොරා කියලා. එහෙම කියනකොට එතුමත් එක්ක එකට කැබිනට් මණ්ඩලයේ ඉන්න හොරු සෙට් එක පිටිපස්සෙන් හිනා වෙනවා ඇති’ පවිත්‍රා කීවාය.
‘මේ අය බලය ගත්තෙත් බොරුවෙන්. එදා ජනාධිපතිවරණයේදී කිව්ව බේගල්වල හැටියට දැන් ගම්වලට ගිහින් මිනිස්සුන්ගෙන් ගුටි නොකා එන එක ලෝක පුදුමයක්’ ප්‍රසන්න පැවසීය.
‘මිනිස්සු දැන් මෙයාලගේ බොරුවලට අහුවෙන්නේ නැහැ. රැස්වීම්වලට ගිහින් බොරු කියලා ඡන්ද ගන්න හැදුවට හරියන්නේ නැහැ කියල මේ පාර තේරුම් ගනියි’ මහින්ද කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd