Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
එහි ආරම්භක අවස්ථාව දෙස බලමු. එතෙනට නිමිත්ත වුණේ රථවාහන ගැටලුවක්. මෙවැනි සුලබ සිදුවීම් සිදුවන අවස්ථාවලදී රියදුරන්, හිංසනයට පත් පාර්ශ්වයන්, ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ ජනතාවට අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ. ගුටි ඇනගැසීම, පුද්ගලයන්ට හෝ වාහනවලට පහරදීම වැනි දේ එතෙනදිත් නිතරම සිදුවෙනවා. එවැනිම දෙයක් ගතවූ සතියේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳගෙන්ද බස්කරුවෙකුට එල්ල කළ ප්‍රහාරයෙන් සනාථ වුණා. ඒ කියන්නේ තරාතිරම නොබලා බලය ප්රචණ්ඩත්වය ඉදිරියට එනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙලා.
මෙවැනි දේ ජනවාර්ගික සිදුවීම් නෙවෙයිනෙ. මෙවැනි දේ තුළ ඇසුණු යෝජනා, චෝදනා කෙරෙහි පාලක පක්ෂය අවධාරණය කළේ නැහැ. ඔවුන් ඒවා කාලය විසින් විසඳනතුරු සිටියා.
ආසන්නතම වශයෙන් අම්පාර සිදුවීමට යමු. මස් හොද්දට වඳපෙති මිශ්‍ර කළා කියන කතාබහ ගැටුමක් බවට පත්වුණා. නමුත් වඳපෙති කතාව වගේම ඇඳුම්වල ජෙල් වර්ග තැවරීම, රෝහල් තුළ සිංහල කාන්තාවන්ට අයථා ආකාරයෙන් වඳ සැත්කම් කිරීම වැනි කලක සිට ඇසුණු චෝදනා බව කවුරුත් දන්නා දෙයක්. එහෙත් කවුරුත් මේ ගැන අවධානය යොමු කළේ නැහැ. වගකිවයුත්තෝ ඒවා ජාතිවාදීන්ගේ ප්‍රශ්න හැටියට පටවා ප්‍රශ්නයෙන් පලා ගියා.
සමහරවිට ඔය කියන දේ තුළ විද්‍යාත්මක පදනමක් නැතිව ඇති. එහෙම නම් අපි ඒවා පිළිගන්නේ නැහැයි කියන තැනට ජනතාව යොමු කළ යුතුයි. එහිලා සෞඛ්‍ය බලධාරීන් සමග ආණ්ඩුවත් රජයත් අප්‍රමාදව කටයුතු කළේ නැහැ. මෙයට පෙරද මේ චෝදනාව තිබුණත්,
එහෙමනම් ඔබ හිතන්න. පාකිස්තානයෙන් ගෙන්වූ රුපියල් මිලියන ගණනාවක වඳපෙති අත්අඩංගුවට ගත්තා යැයි ජනමාධ්‍ය ගතවූ කාලයේ පුවත් වාර්තා කළා. එතකොට අද වෛද්‍යවරුන් සහ රජය කියන්නේ මොකක්ද? වඳභාවය ඇතිකරන පෙති වර්ග ලෝකයේ නැහැ කියලා රජය කියනවා. එහෙම නම් එදා අත්අඩංගුවට ගත් පෙති වර්ග මොනවාද? ඒවා වඳපෙති නෙවෙයිද? එහෙම නම් ඒ පුද්ගලයා ගෙන්වා ඇත්තේ වඳපෙති නොවේ නම් ඔහු ඒ චෝදනාවෙන් නිදොස් විය යුතුයි නේද?
අනික් කරුණ තමයි, උතුරු නැගෙනහිර වගේම දකුණේ ඇතැම් තැන්වලද බෞද්ධ සිද්ධස්ථාන බුල්ඩෝසර් කිරීම සිදුවුණා. විල්පත්තුව වැනි අක්කර දහස් ගණන් විනාශ කළා. ජාති වශයෙන් තෝරා ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු ඒ ජාතීන් අතර ඒවා බෙදා දුන්නා. ඒත් වගාවට පර්චස් තුනක් එළිපෙහෙළි කළ දකුණේ ගම්බද මිනිසාත්, දරකෝටුවක් කඩා ගැනීමට කැළයට ගිය පුද්ගලයාත් උසාවියට ගෙන ගියා. සමහර ස්ථානවල විහාරස්ථාන ඉදිකිරීමට බාධා කළා. අන්න ඒ දේ වෙනකොට 70෴ක් වූ බහුතරයක් වන සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ජාතිය ආගමට සිදුවන හානිය සහ විනාශය පිළිබඳ යම් අවිනිශ්චිත බවක් සහ අවදානමක් ඇති වුණා. ඒ අවදානම ඇති කළේ ආණ්ඩුව සහ අන්‍යාගමිකයන් කියන එක ජනතාව සිතුවා.
මෙවැනි දේ හේතුවෙන් තම මවුබිමේ අයිතිය සහ උරුමය පිළිබඳ ජනතාවට සැකයක් ඇතිවුණා.
එහෙම වුණාම මහ ජාතිය නොසලකා නිතරම සුළු ජාතීන් කෙරෙහි පක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක වීමත් මහ ජාතිය කෙරෙහි සිදුවන නීතියේ විරසකභාවය පිළිබඳ දැඩි අවිශ්වාසයෙන් සැකයෙන් කටයුතු කළා. මේ හැමදේම පාලකයන් නොදන්නවා නෙවෙයි. එහෙම වුණත් ඔවුන් ඒ ගැන නිහඬව සිටියා.
මෙවැනි සංවාද විවාද තුළ රටේ යටපත්ව තිබූ ඒත් මතුවන නැවත යටපත්වන මේ අර්බුද ගැන රටේ තරුණ පරපුර අවධානයෙන් සිටියා. එහෙත් ඔවුන් හැමවිටම තම විනය සංයමය පවත්වා ගනිමින් අර්බුද ඇතිවීම වැළැක්වීමට කටයුතු කළා.
අනෙක් අතට එදා වැඩිහිටියන් ලෙස සමාජයේ දුටු සහ අත්විඳි සුහදතාව වෙනුවට එය අපෙන් වෙන්වූ බවක් පෙනෙනවා. ඇතැම්විට කාන්තාවන් අඳින ඇඳුම පැලඳුම හිතන්න. ඒවා දකින ඇතැමුන් තුළ ඔවුන්ගේ සැබෑ අනන්‍යතාව පිළිබඳ ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා. මෙවැනි දේ පෙන්වාදීම ගැන කිසිවෙකු උරණ විය යුතු නැහැ. ගම්පොළ බැංකුවකට හමුදා නිලධාරියෙකු එම ඇඳුමෙන් පැමිණ යම් මුදල් වංචාවක යෙදුණු බව අවුරුදු දෙකකට ඉස්සර ඇසුණා.
ආරක්ෂාව වෙනුවෙන් ඇති ෆුල් ෆේස් හෙල්මටය පවා මුහුණ හඳුනාගත යුතු නිසා තහනම් කිරීමට නීති හැදුණා. ජනතාව මේ දේ දිහා මධ්‍යස්ථව බලනවා.
හොඳයි මෙහෙම හිතන්න. ගමට සෙත් පැතීමට රාත්‍රියේ පිරිත් සඡ්ඣායනය යොදා ගැනීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගත්තා. විහාරස්ථාන කටයුතු සඳහා එය මධ්‍යම රාත්‍රිය දක්වා පාවිච්චි කළා. නමුත් ඇතැමුන් එයට එරෙහිව පරිසර සහ මහජන පීඩා යටතේ අධිකරණයට ගියා. අවසානයේදී ඒවා තහනම් කිරීමට නීති සකස් වුණා.
රටේ නීතිය පොදු අයිතිවාසිකම් වශයෙන් ආරක්ෂා විය යුතු බව අප සිතනවා. එය ආගම් ජාති වශයෙන් බෙදිය යුතු නැහැයි කියන මතයේ සිට අපි එම තීන්දුව අගය කරනවා. ආගම ඇදහීමේ අයිතිය සහ ආගමික නිදහස කියන්නේ සංස්කෘතික අයිතියක් වුවත්, එතෙනදි පොදු අයිතිවාසිකම් යටතේ පවතින අවස්ථාව ගැන සිතිය යුතුයි. අපි බෞද්ධයන් වශයෙන් ඒ අයිතිය ඉල්ලා වීදි බැස්සේ නැහැ. එයට ගරුකර එය පිළිගත්තා.
එදා ලොරි රියදුරුගේ ප්‍රශ්නයේදි පොලීසිය නීතිය අකුරට කළා නම් හරි. එතෙනදි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දැඩි සාත්තු ඒකකයේ වේදනා විඳින අතර, පහර දුන් අයට පොලීසියෙන් ඇප ලබාදීමට එරෙහි වීම සම්බන්ධයෙන් ඔහු මිය ගිය පසු ජනතාව වීදි බැස්සා. එහිදී ඇතිවූ ප්රකෝපකාරී ආවේගශීලී ප්රචණ්ඩත්වය මේ අර්බුදයට අනුබල පිරුවා. පොලීසිය නිවැරදිව රාජකාරිය කළා නම් ජනතාව ආවේගශීලී වන්නේ නැහැ. එහෙම නම් මේක ජාතිවාදයක් දක්වා පරිවර්තනය වූයේ ඒ හේතුව නිසා බව කිව යුතුයි.
පන්සල් තුළ අරගලකාරීන් සංවිධානය කළා යැයි ඇතැමුන් චෝදනා කරනවා.
තම ජාතියට ගමට එල්ලවන අර්බුදවලදී ඒ පිළිබඳ නායකත්වය දුන්නේ ගමේ පන්සලයි. එතෙනදි ගමේ පන්සලේ ගණ්ටාරය ඒ කාලයෙත් නාදකර ජනතාවට ඒ බව දැනුම් දුන්නා. එහෙමනම් අදටත් මෙවැනි අවස්ථාවලදී ගැමියා පන්සල රැකගැනීමටත්, අර්බුදය සමනය කිරීමටත් එතැනදී එකතුවීම ස්වාභාවික සිද්ධියක්. පන්සලට එකතු වූ අය ප්රහාරයන් එල්ල කළ බව මුසාවක්. ඒ ජාතිවාදය ඇවිලවීමට උනන්දුවන අය රට ගිනි තැබූ හැටි.
මෙම තත්ත්වය ව්‍යාප්ත වන විට ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය පිළිබඳ ජනතාව තුළ චෝදනාවක් තියෙනවා. සමහර අවස්ථාවල අපි කඩිනම් පියවර ගත්තා යැයි කියන්නට මහපාරේ ගිය මිනිසුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථවල ගිය අයත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් සිද්ධිය තවත් උණසුම් වුණා. නිදොස් මිනිසුන් එවැනි අසාධාරණ ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම හානි කරයි. එතෙනදි ජනතාව සාධාරණ විනිශ්චයක් අපේක්ෂා කරනවා.
අන්තවාදී හෝ මූලධර්මවාදී වචන බෞද්ධයන්ට අදාළ නැහැ. මෙතෙනදි බෞද්ධයන්ගේ ආගමට, සිංහල ජාතියට විපත් හානිකර තත්ත්වයකදී ඇතිවන සැකසංකා අනුව යොමුවීමට ඔවුන් කටයුතු කරනවා. ඒ තමන්ගේ ජාතියට, ආගමට වෙනත් ආගමික මූලධර්මවාදීන් අන්තවාදීන් හෝ මතධාරීන් විසින් සිදුකළ හැකි බලපෑම් හේතුවෙන් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමටයි. බටහිර එන්ජීඕ මෙන්ම දේශපාලකයන් සහ ඇතැම් පාලකයන් මෙය වැරදි ආකාරයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කරනවා. මෙය රටේ ජාතික ආර්ථිකයටත්, සහජීවනයටත් ජාත්‍යන්තර මට්ටමෙන් විශාල කළු පැල්ලමක් ඇති කළ අවස්ථාවක්.
අපි මේ ගැන ගතවූ දිනවල දිනපතා පැවති ආගමික දේශපාලන සහ නිලධාරීන්ගේ සාකච්ඡාවලදී පෙන්වා දුන්නා. එතෙනදි මේක ජාති ආගම් භේදයක් නොව ආවේගකාරී පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ අවාසනාවන්ත සිදුවීමක් බවට ජාත්‍යන්තරය දක්වා දැනුම්වත් කිරීමේ ක්‍රමයකට යන්න යැයි එම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා.
නමුත් අද දක්වාම මුස්ලිම් ජාතිකයන්ගේ නියෝජනය තුළ ඒ දේ අප දුටුවේ නැහැ. ඔවුන් ඒ ප්රශ්නය මඟහරිනවා. අපි කියන්නේ තවදුරටත් මෙය ජාතිවාදයක් නොව ආවේගය විසින් සිදුකළ ව්‍යසනයක් හැටියටයි. මොකද මුස්ලිම් පමණක් නොව සිංහල ජනතාවටත් ඔවුන්ගේ දේපළවලටත් විහාරස්ථානවලටත් මුස්ලිම් ජාතිකයන් විසින් හානිකර ඇති බව අපට පෙනෙනවා.
අපේ භික්ෂූන් වහන්සේලාට හෝ බෞද්ධයන්ට යමෙකු ජාතිවාදීන්, ආගම්වාදීන් යැයි චෝදනා කරනවා. ඒත් අමතක කරන්න එපා අද මහනුවර මීනාමක්කම් පල්ලියට ඒ ඉඩම දීලා තියෙන්නෙත් අස්ගිරිය පන්සලෙන්. රටපුරා එවැනි තැන් සියදහස් ගණනාවක් තියෙනවා. සිංහල බෞද්ධයන් තුළ අන්තවාදය නැහැ. ආගම්වාදය නැහැ. සහජීවනය අපේක්ෂාවෙන් නගරයේ එවැනි සුවිශේෂී වටිනාකමක් ඇති විහාර දේවාලගම් පනතට අයත් දේ ලබාදී තිබෙනවා.
මුස්ලිම්වරුන් සමග පවතින ආර්ථික සංසිද්ධි මත ඔවුන් කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව ආගම්වාදය බවට
ආර්ථික ක්‍රියාවලියට වඩා ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළ කඩවලට එරෙහිව යම් බලපෑම් තිබිය හැකියි. නමුත් එදා අතීතයට යමු. මුස්ලිම්වරු ලංකාවට ආවේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එයින් පස්සෙ ඔවුන් ලංකාවේ වෙළඳාම් කටයුතුවලට දැඩි ලෙස අතපෙව්වා. ඒ අතර මනිබඩු වෙළෙන්දෝ, පොට්ටනිකාරයෝ වශයෙන් අය ගමට ඇවිත් වෙළෙඳ කටයුතුවල යෙදුණා. ඔවුන් බිර්ලා යන නමින් හැඳින්වුණා. පසුකාලීනව මේ බිර්ලාවරුන් %බිල්ලා^ යනුවෙන් බස්වහරට එකතු වුණා.
එත් එදා ඔවුන්ගෙන් බඩු මිලදී ගත්තේ බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ සහජීවනය එදා සිට තිබුණා. ඔවුන් විදේශිකයන් යැයි පන්නා දැමීමට ගැමියා එදා කටයුතු කළේ නැහැ. ඔවුන් ආරක්ෂා කළා. නවාතැන් දුන්නා. පන්සලේ නවාතැන් දෙන විට ගැමියා ආහාරපාන සැපයුවා. බිර්ලාලා ගම සමග එදා ගනුදෙනු කළේ එහෙමයි. ඔවුන් ගොඩනැගුණේ එහෙමයි. එදා මුස්ලිම් ආර්ථිකය ව්‍යාපාර ශක්තිමත් කළේ අපේ සිංහල ජාතිය බව කිවයුතු නැහැ. එහෙම භේදයක් එදාවත් තිබුණේ නැහැ.
ඒ වගේම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ මෙරට 70%ක් වූ සිංහල ජනතාව අතයි. ඒ කියන්නේ ඔවුන් තමන් උපයන මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා යොදවන ආකාරය සහ ගනුදෙනු කරන ව්‍යාපාරික ස්ථාන අනුව එය තීරණය වෙනවා. එතෙනදි ඒ පිළිබඳ කිසිවෙකුට චෝදනා කරන්න බැහැ. එය තමන්ගේ කැමත්ත.
අනෙක අනගාරික ධර්මපාලතුමා ගැන හිතන්න. එතුමා පැවසුවේ “සිංහලයනි, ගොන්තඩියනි. උපයන දෙයින් මත්පැන් බී නැති නාස්ති නොකර මුස්ලිම්වරුන් මෙන් දියුණුවීමට උත්සාහ කරපල්ලා* යනුවෙන් පණිවුඩයක්. දිරිගැන්වීමක්. එතෙනදි මුස්ලිම්වරු පාගා දමන්ට යැයි කියලා උපදෙස් දුන්නේ නැහැ.
ඒ නිසා තමන්ගේ ආර්ථිකයත්, ව්‍යාපාරත් දියුණු කර ගන්නේ කොහොමද කියන එකත්, ඒවාට තියෙන අවස්ථාව සහ ඒ අවස්ථාවන් අහිමිව ඇත්තේ කොහොමද කියන එකත් ව්‍යාපාරිකයන් සිහි බුද්ධියෙන් තීරණය කළයුතු දෙයක්. එවිට ජනතාව තුළ විශ්වාසය තහවුරු වෙයි.
ආරක්ෂක කණ්ඩායම් නිතරම ගම තුළ රඳවා තැබිය නොහැකියි. ගම් මට්ටමේ වගකීම් දැරිය හැකි පන්සල, පාසල, පල්ලිය, කෝවිල ආදී ස්ථාන එකතුකර ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සහභාගිත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. එතෙනදි ගම නියෝජනය කරන නිලධාරීන්ට එහි වගකීමත්, රාජ්‍ය පැත්තෙන් සම්බන්ධීකරණය කිරීමට අවස්ථාවත් දිය යුතුයි.
ආගමික වශයෙන් මහ නාහිමිවරුන් හමුවී උපදෙස් ගත්තද ඒවා ක්‍රියාත්මක වන බව පෙනෙන්නට නැහැ කියන දේ අපි ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. එනිසා උන්වහන්සේලාගේ සම්බන්ධීකරණයෙන්, රාජ්‍ය නායකයන් දේශපාලන නායකයන්ගේ දායකත්වයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කළ යුතුයි කියන යෝජනාව කළා. එයට නිලධාරීන් නොව ජාතික, ආගමික වගකීම් දරන අය පත් කළ යුතු බවද පෙන්වා දුන්නා.
මේ වන විට මහනුවර සිදුවීම සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත් කළා. එහෙත් එය ප්‍රාදේශීය මට්ටමේ විමර්ශනයක් පමණයි. අර්බුදය ජාතික මට්ටමින් එතැනම තිබෙනවා. එනිසා රටටම ගැළපෙන ආකාරයෙන් මේ අර්බුදය විසඳා ගත හැකි ක්‍රමයක් කෙරෙහි අඛණ්ඩ ක්‍රියාවලියක අවශ්‍යතාව දැනෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd