Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පසුගිය කාලය පුරා තමන්ගේ පුරවැසිභාවය සම්බන්ධව ආන්දෝලනයකට ලක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ අදහස් දැනගැනීම සඳහා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q පසුගිය දින කිහිපයේදී අධිකරණ කටයුතු නිසා කාර්යබහුල වෙන්නැති නේද?
මේ රටේ සියලු පුරවැසියන්ට තිබෙන අයිතියක් හැටියට අභියාචනාධිකරණය දුන්නු තීරණය පිළිබඳව සාධාරණයක් ඉෂ්ට කරගන්න අවස්ථාවක ලැබුණා. එතැනින් අපේ ඇපිල් එක දිගටම විභාග කරන්න අවස්ථාව ලැබුණා. අනිවාර්යයෙන් බොහෝ කරුණු ඉදිරියේදී එළිදැක්වේවි. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදී සේවය තවත් ලබාදෙනවා.
ඒ වගේම පසුගිය දවස්වල කරන්න බැරිවුණු කටයුතු දවස් හතරකදී විතර තදබල ලෙස කරන්න වෙලා තිබෙනවා. දෙරණ 'ස්ටාර්සිටි' ඒකේ අපි ෆයිනල් ඉන්නවා. එහි එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ මම. තව දවස් තුනයි තියෙන්නේ. ඒ දවස් තුනේ මැරිලා අපට රියසල් කරන්න වෙනවා. ඒක අපි අනිවාර්යයෙන් ජයගන්නවා.
20න් පසුව මම සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. මගේ ගාල්ල ජනතාව දැන් බලන් ඉන්නවා මම එනකල්. ඒ අය අදම ලෑස්ති කරන්න කිව්වා. අදම ඒ අයට ඕනලු මාව ගෙන්න ගන්න. මම කිව්වා පොඩ්ඩක් ඉන්න මම 20න් පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම එනවා කියලා.
Q ඒ කියන්නෙ රියලිටි තරගයක් නිසා මෙතෙක් කල් ගාල්ලේ ජනතාව අමතක වෙලාද හිටියේ?
නෑ, නෑ. මේක මාස දෙකක කතාන්දරයක්නේ. ඒකට දවස් තුන හතර වැඩකරනවා. එහෙනම් රන්ජන් රාමනායක ඇමතිකම් කරන්නේ කොහොමද? මගේ ප්‍රතිවාදියා විදියට ඉන්නේ එයානේ. ඒක බලපාන්නේ මං සාරියක් අඳින නිසාද? මම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරියක්. මට තියෙන්නේ ජනතාව වෙනුවෙන් පෞද්ගලික මට්ටමින් කරන දේවල් විතරයි. රජයේ ඇමතිධුරයක් දරන කෙනෙකුට ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා.
එතුමා එහා පැත්තේ ඉන්නවානම් මම මේ පැත්තේ ඉන්නවානම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ. බොහෝ වෙලාවට හවස හයෙන් පස්සේ දර්ශන ගතකිරීම් දාගන්නේ. උදේ වරුවක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නෑ අපට. මම දේශපාලනය විතරක් කරගෙන ඉන්න කොට මිනිස්සු හිතන්නේ මේ අයට වෙන මොකුත් කරන්න බැහැ කියලා. මගේ දක්ෂකම් පෙන්වන්න අවස්ථාව ලැබුණු එක ගැන මම සතුටු වෙනවා.
Q දැනට මන්ත්‍රීධුරය ලබාගෙන වසර දෙකක් පමණ වෙනවා. ගාල්ලේ ජනතාවට ඔබ මොනවගේ සේවයක්ද මේ කාලය තුළදී කරලා තියෙන්නේ?
මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා ඉඳලයි මගේ සේවය පටන් ගත්තේ. මම ගාල්ල දිස්ත්‍රිකයේ ජනතාවට අවුරුදු පහක් වැඩකරලා තමයි මන්ත්‍රී කෙනෙක් වුණේ. යහපාලනයට එකතුවෙලා ඉන්න මන්ත්‍රී කෙනෙක්ගෙන් මේ ප්රශ්නය ඇහුවානම් මීට වඩා හොඳට උත්තර දේවි. අපි ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ.
ඒකාබද්ධයේ අයට රජයෙන් කිසිම උදව්වක් දෙන්නෙ නැහැ. රජයෙන් කිසිම දෙයක් කරගන්න අවස්ථාවක් දෙන්නෙ නැහැ. නමුත් මම පෞද්ගලික මට්ටමින් තමයි මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්නේ. අඩුතරමින් පාර්ලිමේන්තුවේ කතාකරන්න වෙලාවක්වත් දෙන්නෙ නැහැ.
Q නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු කතාකරන වෙලාව තීරණය කරන්නේ පක්ෂ නායක රැස්වීමේදී නේද?
පක්ෂ නායක රැස්වීමේදී අපි 51 දෙනාට විනාඩි 45ක් දුන්නාම කොහොමද කතා කරන්නේ. 51 දෙනා අතර විනාඩි 45 බෙදන ආකාරය මට කියලා දෙන්න. නමුත් ඒ අයට පුළුවන් හැම වෙලේම අපි ඉල්ලුවොත් දෙනවා. විනාඩි පහක් හරි දෙනවා. නමුත් අපේ හදවතේ හිරවෙලා තියෙන, ජනතාව වෙනුවෙන් කියාගන්න තියෙන දෙවල් කියන්න ඉඩ නොදීම මුළු ඒකාබද්ධ විපක්ෂයටම කරන අසාධාරණයක්. සැබෑ විපක්ෂය හැටියට වැඩි මන්ත්‍රී ගණනක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයට.
නමුත් අඩු මන්ත්‍රී ගණනක් ඉන්න දෙමළ සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණට පැය දෙක, තුන දෙනවා කතා කරන්න. අපේ විනාඩි 45 පනස් එක් දෙනෙක් අතරේ කොහොම බෙදන්නද? හුඟක් වෙලාවට අපි කතාකරලා එක්කෙනෙකුට දෙන්නෙකුට අවස්ථාව දෙනවා. අපි අකමැත්තෙන් නෙවෙයි ඒක කරන්නේ.
මගේ ප්‍රොජක්ට් එකක් දැම්මොත් යූ.එන්.පී. එකෙන් කැන්සල් කරනවා. එහෙම නැත්නම් ඒ අය අපට කරන්න දෙන්නෙ නැහැ. ජනතාවට වැඩක් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ අපේ රජයක් තියෙන්න ඕන. අපි ඒක දිනාගන්න තමයි මේ මහන්සි වෙන්නේ.
Q දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කටයුතු කොහොමද?
ගාල්ල දිස්ත්‍රික්කය තමයි ඉහළින්ම ඉන්නේ. ගාල්ලේ ජනතාව කියන්නේ අපට මොනවා නොකළත් කමක් නැහැ ආණ්ඩුව හදලා දෙන්න කියලයි. එකම ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්තයාව ගේන්න කියන එකයි. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ගේන්න කියන එකයි. වෙන ආණ්ඩුවකට ඔබතුමිය යන්න නම් එපා කියලා ජනතාව කියනවා. වෙන ඒවාට ගිහින් ජැක් ගහන්නනම්, ඇමතිකම් ගන්නනම් යන්න එපා, අපට වැඩ නොකළට කමක් නෑ කියලා ජනතාව කියනවා.
අපට මොනවා නොකළත් මේ අසාධාරණ රජයට එරෙහිව වැඩකරන්න කියනවා. ඔබතුමියගේ හඬ අපට අවශ්‍යයි. ඔබතුමිය දකින්න අපි ආසයි කියනවා. ඉතිං මම පෞද්ගලික මට්ටමින් කරන්න පුළුවන් දෙවල් කරනවා. ඒ විදියට පෞද්ගලික මට්ටමින් කොතරම් කියලා කරන්නද. අපි හොරකම් කරලා නැහැ. දැන් ඩීල්කාරයෝ ඉන්නවා. කාර් පර්මිට් එක පවා විකුණා ගන්න මිනිස්සුනේ අද දේශපාලනය කරන්නේ.
මම අභියෝගයක් කරනවා මේ රටේ කිසිම කෙනෙකුට මට ඇඟිල්ල දික්කරලා කියන්න බැහැ එක රුපියලක් වංචා කරලා හරි හොරකම් කරලා හරි තියෙනවා කියලා. මම ඒ අතින් අතිපිරිසුදුයි. මම චැලේන්ජ් කරනවා එන්න ඉස්සරහට ඇවිත් කියන්න ගීතා කුමාරසිංහ මොකක් හරි කළානම්. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ තමයි සංවිධායකකම් කළේ. ඒ වෙලාවේ අපි අතින් වියදම් කරලා දේශපාලනය කළේ. ඡන්දයක් කරද්දිවත් කාගෙන්වත් අපි වාහනයක්වත් ඉල්ලලා නැහැ.
Q එහෙම දේශපාලනය කරනවානම් ඇයි මන්ත්‍රීධුරය ඉවත් කිරීමට පිරිසක් උනන්දු වන්නේ? ඔවුන් සමග පෞද්ගලික තරහක් තිබෙනවාද?
මෙතැනදී මම කාටවත් බණින්න යන්නෙ නැහැ. වැඩක් නැහැනේ. දැන් දුකෙන් ඉන්න මිනිස්සුන්ට තව දේවල් කරන්න යන එක පවුනේ. මට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීමේ රහ තියෙන කට්ටියක් ඉන්නවා. මම මේකට ආවේ විශාල ව්‍යාපාර කරලා, ජාත්‍යන්තර ව්‍යාපාර කරලා කලාකාරියක් හැටියටයි. හෙට මේ මොනවා නැතිවුණත් ගීතා කුමාරසිංහව නැතිවෙන්නෙ නැහැ.
මට වුණු සිද්ධිය සාමාන්‍ය පුරවැසියෙකුට වුණානම්, ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මට කරන්න දෙවල් ඉතුරු වෙලා තිබෙනවා. සමහරු හිඟන්නො වගේ ආපු අය අද ගොඩක් කෝටිපතියෝ වෙලා තියෙනවානේ. එහෙම අය මේකේ රහ දන්නවානේ. රැස්කර ගන්න පුළුවන් දේවල් දන්නවා ඇතිනේ. අනේ මම එහෙම දෙවල් දන්නෙත් නැහැ, කරලත් නැහැ.
මම ගාල්ලෙන් පාර්ලිමේන්තු ආවේ ඡන්දෙ දිනලා. මම කාටවත් බොරු පොරොන්දු දීලා නැහැ. කාටත් හොඳින් කතාකර ගෙන වැඩ කරනවා. ගාල්ලේ ජනතාව මාව තෝරා පත්කර ගත්තා. ජනතාව මට පහළ ලැයිස්තුවේ අය පරාද කළාට මට කරන්න දෙයක් නැහැ. ඒ අය හොඳින් හිටියානම් ජනතාව ආදරෙන් සලකාවිනේ.
මට වඩා දේශපාලන අත්දැකීම් තියෙන අයනේ. කණ්ඩායම් නායකයා විදියට පියසේන ගමගේ මහතා සිටියදී තමයි මගේ නාම යෝජනා බාරදුන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමා තමයි වගකියන්න ඕන.
මන්ත්‍රීකම නැතිවුණොත් ආණ්ඩුවෙ අයට ජීවත් වෙන්න බැරිව වගේ ඉන්නේ. කවුරුහරි මරලා හරි මන්ත්‍රීකම ගන්න තමයි ඒ අය උත්සාහ කරන්නේ. මට එහෙම එකක් නැහැ.
මට හැමවෙලාවේම ලොකු පෙෂර් එකක් දෙන්න ඒ අය බලන්නේ. කට්ටියක් බලනවා මාව පැත්තකට තියලා බලන්න. ලිස්ට් එකේ ඉන්න අය බලනවා ඊළඟට එන්නේ කොහොමද කියලා. ඒ අය වෘත්තීය දේශපාලඥයන්. තමන්ගේ ජීවත්වීම සඳහා රස්සාව හැටියට ඒ අය දේශපාලනය කරන්නේ.
දේශපාලනයෙන් කාලාබීලා නමක් හදාගන්න බලනවා. දේශපාලනය නැතිනම් ඒ අයට පිස්සු වගේ. ඒ අයට එතැනින් එහාට ජීවිතයක් නැහැ. මොනවා කරන්නද? දේශපාලනයෙන් ඒ අය ලොකු ව්‍යාපාරිකයන් බවට පත්වෙලා තිබෙනවා. මම ස්විස් ජාතිකයෙකු සමග විවාහ වූ බව ඇත්ත.
පුරවැසිභාවය අහිමිකර ගැනීම ගැන ඔහු මාත් එක්ක හොඳටම අමනාප වෙලා ඉන්නේ. පුරවැසිභාවය අහිමිකර ගැනීම ගැන හිතට ලොකු අප්සට් එකක් වෙලා. මම අවුරුදු තිස්ගාණක් ඔහු සමග විවාහවෙලා සිටියා. මට ස්විස් පුරවැසිභාවය ලැබුණෙ විවාහය නිසයි.
මම බඳින්න කලින් මගේ මහත්තයාගෙන් පොරොන්දු තුනක් ගත්තා. එකක් මගේ නම කවදාවත් වෙනස් කරන්නෙ නැහැ කියලා. සාමාන්‍යයෙන් විවාහ වූ කෙනාගේ නම කාන්තාව ගන්නවා. මම ගත්තෙත් නැහැ, ගන්නෙත් නැහැ කිව්වා. කිසිම හේතුවක් නිසා මගේ ආගම වෙනස් කරන්නෙ නැහැ කිව්වා.
තුන්වැනි කාරණය මොනම හේතුවක් නිසාවත් මම ස්විස්ටර්න්තයේ පදිංචියට යන්නෙ නැහැ කිව්වා. මම විවාහ වෙලා අවුරුදු තිස්ගාණක් ඇතුළත මම ස්විස්ටර්ලන්යේ ජීවත්වෙලා තියෙන්නේ ඉතා ෙකටි කාලයයි. ගීතා සමන්මලී කුමාරසිංහ නමට මම හරි ආදරෙයි. මේ රටේ මිනිස්සු මාව දන්නේ ගීතා කුමාරසිංහ කියලා. මට ඕන මෙහේ කලා කටයුතු කරන්න. මේක මගේ රට. මම මේ රටට ආදරේ කෙනෙක්.
ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු බැඳලා මෙහේ ව්‍යපාර කරපු නිසා 16,000කට රස්සා දුන්නා. ඒ පිරිසෙන් පවුල් ලක්ෂ තුන හතරක් යැපෙනවා. මම කොහේ ගියත් තරුණියෝ අපි රන්මල් එකේ, අපි නෙළුම් පැෂන් එකේ වැඩකළේ කියනවා. කොයි පැත්තේ ගියත් දෙතුන් දෙනෙක් හම්බවෙනවා. මම ඒ අතින් රටට ලොකු සේවයක් කරලා තිබෙනවා. රටට විශාල ධනයක් හොයලා දීලා තියෙනවා. ඒකෙන් මේ රටේ ජීවත් වන ජනතාවට නරකක් වෙලා නැහැ.
පසුගිය කාලය පුරා ගැටලුවට මුහුණ දුන් අවස්ථාවේ සිට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගෙන් මොනවගේ සහායක්ද ලැබුණෙ?
හැම තප්පරේම ධෛර්යයක් දුන්නා. එක මන්ත්‍රී කෙනෙක් කතාකරලා තියද්දි තව මන්ත්‍රී කෙනෙක් කතා කරනවා. මේ 51 දෙනා අතර තිබුණා පුදුමාකාර සහායක්. ඒක හරියට පවුලක් වගේ. දැන් මොකද කරන්නේ, අද මොකද වුණේ, අද මොකද වෙන්නේ, ඔබතුමිය යන්න, ඩොකියුමන්ට් එක මම වාහනෙන් එවන්නම් කියලා ඒ අය නිතරම කියනවා.
විශේෂයෙන් මතක් කරන්න ඕන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පරුම, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. ජී.එල්. පීරිස් වැනි මහත්වරුන්. නාමල් රාජපක්ෂ මහත්මයා හැමවෙලාවේම අක්කේ බයවෙන්න එපා ඔයා වැරැද්දක් කරලා නැහැ කියලා මාව ධෛර්යයමත් කළා. ඒ වගේම මම ජීවිතයට දැකලා අහලා නැති අය මගේ උදව්වට ආවා. නීතිඥවරු විස්සක් තිහක් විතර මම වෙනුවෙන් පෙනී සිටින්න අවා.
මම ඒ අයව දැකලවත් තිබුණෙ නැහැ. මම එකහිතින් ඉන්න කෙනෙක් කියලා ඒ අය දන්න නිසා ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා මට මෙහෙම සහායක් දුන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නොවන අයත් උදව් කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය කාන්තාවක් විදියට මේක ගැන පුදුම විදියට කනගාටු වුණා. එයා දේශපාලනයට ආපු නැති කෙනෙක් හින්දා මං පුදුම වුණා ගැහැනියකට ප්‍රශ්නක් වුණාම සංවේදී වීම ගැන.
Q ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එවැනි ධෛර්යක් ලැබුණෙ නැද්ද?
දහදොළොස් දෙනෙක්ම ඉන්නවා පෞද්ගලිකව කතාකරලා දුක සැප විමසපු. ඒ සියලු දෙනාම දන්නවා මෙම ගැටලුව තියෙන පාර්ලිමේන්තුවේ තව ගොඩක් අය ඉන්නවා කියලා. ඒ අයගේ ප්‍රමාණය කීයද කියලා කියන්න බැහැ. හුඟදෙනෙක් දන්න ප්‍රසිද්ධ රහසක් ඒක. දෙමළ සන්ධානයේ වැඩි පිරිසක් ඉන්නවා. මට වළකපපු මිනිහෙක් ඉන්නවානම් ඒ වළේ එයා වැටෙනවා. අපි අනිත් අයගේ ඒවා ගැන හොයන්න කලියෙන් තමන්ගේ එක හදාගන්න ඕන.
Q ගාලු දිස්ත්‍රික් සමස්ත ලැයිස්තුව අවලංගු වියහැකි බවට මතයක් පැතිර යනවා?
ඕක එක්සත් ජාතික පක්ෂය විසින් හදන කතාවක්. ඒ අය බොරදියේ මාළු බාන්න හදනවා. ඌරෝ කැකුණ තලන කොට හඹන් කුකුළන්ට රජ මඟුල්ලු.
Q මොකද්ද ඉදිරි සැලසුම් එහෙම?
දැනට කලාට වඩා දහගුණයක් වැඩියෙන් මහජන සේවය කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන දහයේම මගේ හිතවත් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය මම වෙනමම තියාගෙන ඉන්නෙ. මට හිනිඳුමට විතරක් විශේෂ නියෝජිතයන් තුන්දෙනක් ඉන්නවා. ඒ අයට තමයි මගේ පළමු පණිවිඩය කියන්නේ. ඒ අය දැන් සූදානම් වෙනවා රැස්වීම් මාලාවක් තියන්න. ආසනයේ ප්රතිසංවිධාන කටයුතු කරන්න. මට ඡන්දේ දීපු මිනිස්සු වෙනුවෙන් ලැබුණු අවස්ථාවක් මේක.
මේ සටන මම කවදාවත් අතහරින්නෙ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ දිගටම රැඳීඉදිමින් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මගේ හඬ අවදි කරනවා. ජනතාව වෙනුවෙන්, සමස්ත ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් මම කතා කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd