Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පළාත් පාලන සභික සංඛ්‍යාව නිකුත් වීමත් සමග සියලුම දේශපාලන පක්ෂ පුංචි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටියි. දෙසැම්බර් මාසයේදී නාමයෝජනා කැඳවීමට නියමිත බැවින් මේ දිනවල පක්ෂ සියල්ලම අපේක්ෂකයන් තෝරා ගැනීමට කාලය වැයකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයද මේ වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කර ඇත. කොළඹ මහ නගර සභාවේ බලය මෙවරද එක්සක් ජාතික පක්ෂය සතුකර ගැනීමේ අරමුණෙන් කොළඹ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. මේ පිළිබඳ සැලසුම් සකස් කිරීමේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ මන්ත්‍රී රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙනි.
ඇමති ඉරාන්, මන්ත්‍රී මුජුබර්, රෝසි ඇතුළු කොළඹ එජාප ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණි.
'වෙනදා වගේම මේසැරෙත් අපි කොළඹ දිනන්න කටයුතු කරන්න අවශ්‍යයි* රවි කරුණානායක සාකච්ඡාව ආරම්භ කළේය.
'කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඉහළ ගිය එක තමයි ප්රශ්නය. අපේ ක්‍රියාකාරී සමාජිකාවෝ හැමෝම දාන්න වෙනවා' රෝසි සේනානායක පුංචි මැතිවරණයේ ස්වභාවයද පැහැදිලි කරන්නට විය.
'මේසැරේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩියි. කොට්ඨාස ක්‍රමයත් තියෙන නිසා ටිකක් අමාරුයි. මොකද මෙහෙම කරන පළමුවැනි සැරේනේ. අපි මහන්සි වෙන්න වෙනවා* ඉරාන් තත්ත්වය පැහැදිලි කළේ එලෙසය.
කොහොම වුණත් අපි මුලින්ම වැඩට බහින්න ඕන. ඒවගේම අපේ ලැයිස්තුවේ හොඳට දේශපාලනය කරන අය වගේම උගත් බුද්ධිමත් වැදගත් පිරිසකුත් ඉන්න ඕන. ලැයිස්තුව හදන්න කලින් මේ ටික අපි ඉවර කරගන්න වෙනවා. රෝසියි, ඉරානුයි, මුජුබයි ඒක බලන්න.
දෙසැම්බර් පටන්ගන්න කලින් අපි කොළඹ වැඩ ටික කරන්න පටන්ගමු. අනිත් පක්ෂ තාම පටන් අරගෙන නැහැ. ඒකෙ වාසිය අපි ගනිමු.*
රවිගේ යෝජනාවට කොළඹ දිනවන්න කණ්ඩායම එකඟ විය.
නව ව්‍යවස්ථාව පිළිබඳ සුබවාදී මෙන්ම එයට විරුද්ධව විවිධ අදහස් පළවෙමින් පවතී. අගමැති රනිල් වික්‍රමසිංහ සමග තරුණ තරුණියන් පිරිසකගේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අතර එය වෘත්තීය පුහුණු පාඨමාලා සම්බන්ධ සාකච්ඡාවක් විය. එසේ වුවද සාකච්ඡාව අවසන් වීමෙන් පසුව තරුණ තරුණියෝ නව ව්‍යවස්ථාව පිළිබඳවද අගමැති රනිල්ගෙන් විමසූහ.
&අගමැතිතුමා ව්‍යවස්ථාව හදන වැඩපිළිවෙළ සිදුවෙනවාද? එහෙම නැත්නම් ඒක නතර කර ගන්නවාද?*
තරුණ තරුණියන්ගේ පැනයට අගමැති රනිල් පිළිතුරු දුන්නේ මෙසේය.
&අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ රටේ තරුණ පරපුර වෙනුවෙන්. ඒ නිසා ඔයාලා හැමෝම මහන්සි වෙලා හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න. තරුණ පරපුරට අවශ්‍ය හොඳම ව්‍යවස්ථාව හදාගන්න. ඒකට අපි අන්තර්ජාලය හරහාත් අදහස් ගන්න ඉන්නේ. ෆේස්බුක් යන අයටත් ව්‍යවස්ථාවට අදහස් දෙන්න පුළුවන්. මට අවශ්‍ය විදියට ව්‍යස්ථාව හදාගන්න හදනවා කියලා සමහරු කියනවා. මට අවශ්‍ය ව්‍යවස්ථාව 78 දී හදාගත්තා. දැන් මට අවශ්‍ය නැහැ. තරුණ පරපුරට අවශ්‍ය ව්‍යවස්ථාව හදාගන්න.*
ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙස වූ %ලංකා ඊ නිව්ස්^ වෙබ් අවඩිය ආණ්ඩුව විසින්ම තහනම් කර තිබීම මේ දිනවල නිතර කතාබහට ලක්ව තිබේ.
පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ පිළිබඳ අදහස් පළනොවුවද මන්ත්‍රීවරුන්, ඇමතිවරු මේ පිළිබඳ කතා කරති. ආණ්ඩුව නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ මන්ත්‍රීවරයෙකු සහ ජවිපේ තරුණ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයේදී මේ පිළිබඳ සංවාදයේ යෙදී තිබිණි.
'ඊ - නිව්ස් තහනම් කරපු එක ගැන ඔයාලා මොකුත් කතා කළේ නැත්තේ ඇයි? අපි නම් ආණ්ඩුවේ නිසා කතා කරන්න බැහැ. ඇයි ඔයාලා කතා කළේ නැත්තේ* ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයා එසේ අසන විට ජවිපේ මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නකි.
'මම හිතුවේ රංජන් කතා කරයි කියාලා. එයා කතා කළේ නැද්ද? අපි පක්ෂය ඇතුළේ ඒ ගැන කතා කරලා මොනවා හරි කරන්නම්. ඒත් ඒකෙන් අපටත් ගහනවනේ. අපි කොහොමද ඒ ගැන කතා කරන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා.*
අයවැය විවාද පැවැත්වෙන බැවින් මෙවර කැබිනට් හමුව පැවැත්වුවේද පාර්ලිමේන්තුවේදීය. කැබිනට් හමුවට පෙර ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාමරයේදී පැය එකහමාරක පමණ සාකච්ඡාවක් පැවැත්වූ අතර එයට වෙනත් කිසිවෙකු සහභාගි නොවිණි.
කෙසේ වුවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා හමාරකර පිටතට පැමිණ තිබුණේ සිනහමුසු මුහුණින්ය. සාකච්ඡාවෙන් පසුව කැබිනට් හමුව පැවැති කාරක සභා කාමරයට ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් දෙදෙනාම එකවර පැමිණියේය.
මේ අතර උදෑසනම පාර්ලිමේන්තු පැමිණ සිටි සුසිල් කැබිනට් හමුවට ප්‍රථම අගමැති හමුවීමේ අපේක්ෂාවෙන් පිටතට පැමිණ තිබිණි.
'අගමැතිතුමා යන්නෙ මොන 'ලිෆ්ට්^ එකේද?' සුසිල් එසේ ඇසුවේ ඒ අසල සිටි පොලිස් නිලධාරියෙකුගෙනි. එසේ විමසන විටත් අගමැති පහළට ගොස් සිටි බැවින් සුසිල්ට අගමැති හමුවීමට නොහැකි විය.
ඒ සමගම පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණි අකිල හා අර්ජුන සමග සුසිල් ද කැබිනට් හමුවට සහභාගි වීමට යෑමට විදුලි සෝපානයෙන් පහළ තට්ටුවට ඇතුළු විය. කම්කරු රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීරද එම විදුලි සෝපානයටම පැමිණියේය.
ඔහු දුටු අකිලට එකවරම මතක් වූයේ රවීන්ද්‍ර සමරවීර පසුගිය සතියේදී මාධ්‍ය හමුවක් අතරතුර දුරකථන ඇමතුමකින් ටෙන්ඩරයක් පිළිබඳ කතා කරනු දුටු සිදුවීමකි.
'මෙයාට හරි වැඩක් තමයි වුණේ නේද?* අකිල එසේ ඇසූ විට රවීන්ද්‍ර සිනාසුනා පමණි.
'මොකද්ද වුණේ?* අර්ජුන එවිට ඇසුවේය.
'මාධ්‍ය හමුවක් තියලා එතැනදී කෝල් එකක් දීලා ටෙන්ඩර් එකක් ගැන කතා කරලා. කාටවත් ඇහෙන්නේ නැහැ කියලා හිතලා තියෙන්න. ඒත් ඔක්කොම කැමරාවල රෙකෝඩ් වෙලා.'
එය ඇසූ සුසිල් පුදුම වී රවීන්ද්‍රට උපදෙසක් ලබාදුනි.
'හම්මෝ එහෙම කරන්න එපා. මාධ්‍ය හමුවකට යනවා නම් ෆෝන් %ඕෆ්^ කරගෙන යන්න. නැත්නම් හරිම ලෙඩ තමයි වැටෙන්නෙ.'
සුසිල් එය පවසා අවසන් වනවිට සෝපානය පහළ තට්ටුවට පැමිණ තිබූ අතර ඇමතිවරු කැබිනට් හමුව පැවැත්වෙන ශාලාවට ගියහ.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මෙම සතිය පුරාවටම පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, උදෑසන සිට රාත්‍රිය වනතුරු පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීම හේතුවෙන් උදෑසන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අඩු මට්ටමක පැවැතිණි.
පාර්ලිමේන්තුවේ උදෑසන කාලය වෙන්ව තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වෙනුවන් අමාත්‍යවරුන්ගේ පිළිතුරු ලබාදීමටය. දිනකට ප්‍රශ්න 15ක් පමණ යොමුව තිබුණද, මන්ත්‍රීවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් බොහෝ ප්‍රශ්න සඳහා පිළිතුරු සභාගත කිරීමට සිදුවිය.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ඇමති අකිලට ප්‍රශ්න 04ක් යොමුවී තිබුණද, පැමිණ සිටියේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. ඔහුට පිළිතුරු දුන් අකිල ඉතිරි ප්‍රශ්න සභාගත කළේය.
පසුව ඉහළ පෙළේ අසුන් ගෙන සිට ඇමති රුවන් සහ මන්ත්‍රී ආශු අසලට ගිය ඇමති අකිල ඔවුන්ට පැවසුවේ, 'අපි මැරීගෙන එනවා මේවට උත්තර දෙන්න. ඒත් එයාලා නෑනේ* කියාය.
රුවන්ට සහ ආශුට පමණක් ඇසෙන ලෙස අකිල එය පැවසුවද, ඒ අවස්ථාවේ රුවන්ගේ මයික්‍රෆෝන සක්‍රීය වී තිබූ නිසා එය කාටත් ඇසිණි.
'ඔන්න මයික් එක ඔන් වෙලා* ආශු කියූ විට අකිල එය විසන්ධි කළේය.
කථානායක කරු ජයසූරියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු විශේෂ එක්දින වැඩමුළුවක් බදාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට අලුතින් එක්වූ ආධුනික නිලධාරීන් සහ නිලධාරිනියන් වෙනුවෙනි.
දේශපාලකයන් කවර තීන්දු ගනු ලැබුවද, එම තීරණ ක්‍රියාත්මක කරවීමේ පරිපාලන හස්තය ක්‍රියාත්මක කරන ඉහළම නිලධාරීන් ලෙස විශාල වගකීමකට බැඳෙන පරිපාලන සේවයට එක්වන සියලු දෙනා යම් හෙයකින් අසාර්ථක වුවහොත් කුමන වැදගත් දේශපාලන තීරණයක් වුවද නිශ්ඵල වනු ඇති බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.
දේශපාලඥයන්ට මෙන්ම නිලධාරීන්ටද හෘදය සාක්ෂියට එකඟව රට වෙනුවෙන් සේවය කර පිරිසුදු දෑතින් සමුගෙන යෑමට හැකි නම් වාසනාවන්ත රටක් බිහිවනු ඇති බවද හෙතෙම පැවසීය.
සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති ජනපති, අගමැති, කථානායක යන තිදෙනාම අසුන්ගත් තවත් වැදගත් උත්සව සභාවන් දෙකක් වූයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් සංවිධානය කෙරුණු 2015 වසරේ මූල්‍ය පාලන නීති රෙගුලාසි අකුරටම පිළිපදින ලද ආයතන ඇගයීමේ උත්සවය සහ ඇගයීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මානය හිමිකර ගත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම්ට එම සම්මානය සංඛේතාත්මකව ජනපති අතින් පිරිනැමීම උදෙසා පැවැති උත්සවයයි.
නව නාවික හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත පැමිණ කථානායකවරයා හමුවීමද පසුගිය බදාදා සිදුවූ අතර, නාවික හමුදාපතිවරයා වෙත විශේෂ භෝජන සංග්‍රහයක්ද කථානායකවරයා විසින් පිරිනමන ලදී.
නිමල් සිරිපාල ඇමතිවරයා දුම්රියවල වෙළෙඳාම් තහනම් කිරීම නිසා බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිති. එම වෙළෙන්දන් අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කළද, විසඳුමක් නොලැබිණි.
නිමල් සිරිපාලගේ තීරණයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සිඟාකමින් විරෝධය පළ කිරීමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පියවර ගෙන තිබිණි.
එහෙත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු පැමිණ විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් පිටත්ව ගියහ. ඉන් පසුව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා සවස නිමල් සිරිපාල හමුවූහ.
“අපට ලිස්ට් එක දෙන්න. ඒක අනුව සාමාන්යධිකාරිතුමා ඇතුළු නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා වෙළෙඳාම් කරන්න ඉඩ දෙන්න පුළුවන්. කොළඹට විස්සයි, මරදානෙට දහයයි වගෙම අනිත් පළාත්වල ඉන්න විදියට වෙළෙඳාම් කරන්න දෙන්නම්' නිමල් කීවේය.
ඉන්පසුව වෙළෙන්දන් ප්‍රමාණය ඇතුළත් නාමලේඛනය දී සුනිල් ඇතුළු පිරිස පිටත්ව ගියහ. දින කිහිපයක් ගතවුවද ඇමතිවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි. පසුව බ්‍රහස්පතින්දා උදෑසන සුනිල් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ නිල නිවසට යළි ගියහ. “මම මේ ගැන නිමල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරන්නම්. අපි විසඳුමක් දෙන්න බලන්නම්' එහිදී මෛත්‍රීපාල කීවේය.
ඒකාබද්ධ විපක්ෂයෙන් සැදුම්ලත් සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණ මීට කලකට පෙර ගත් තීරණය මත ඡන්ද පදනමක් ඇති සුදුසු අපේක්ෂකයන් හඳුනාගෙන ලැයිස්තු එවන ලෙස දිස්ත්‍රික් නායකයන්ට දැනුම්දී තිබිණි.
හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළත් වන සේ කේවල ක්‍රමය යටතේ ජයග්‍රහණය කළ හැකි ගම පිළිගත් නම් ලැයිස්තුවක් පක්ෂයට ලැබිණි.
එහෙත් මේ දිනවල පක්ෂ නායකත්වය සමග මත ගැටුමක සිටින පියසිරි විජේනායක පවසා ඇත්තේ, සන්ධානයක් ලෙස නොව තනිවම තරග කළ යුතු බවයි.
පියසිරිගේ ස්ථාවරයේ ජ.නි.පෙ. තවත් නායකයන් කිහිප දෙනෙකු සිටින බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් විමල් වීරවංශ ඇතුළු ප්‍රධානීන්ගේ ස්ථාවරය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සන්ධානයකින් මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදුකෙරිණි. ආසන්න වශයෙන් අපේක්ෂකයන් 400ක් පමණ තෝරා ගැනීම ජනිපෙ නායකන්ගේ අපේක්ෂාව වී තිබේ. මන්නාරම, අම්පාර, වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක 22කට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
“අපි මැතිවරණය කරන්නෙ කාගෙන්වත් ඡන්දේ ඉල්ලගෙන යන විදියට නෙමෙයි. රට ඉස්සරහ තියාගෙන තමයි අපි ඡන්දේ ඉල්ලන්නෙ. රට ඉදිරියේ තියෙන කේන්ද්‍රීයම ප්රශ්නය මුල්කර ගෙන තමයි ජනතාවට කරුණු කිව යුත්තේ. රනිල්ගේ බෙදුම්වාදි පෙඩරල් ව්‍යවස්ථා පැකේජයක් එනවා. රට බෙදන වැඩපිළිවෙළ වේගවත් වෙලා තිබෙනවා. සිංගප්පූරු මූලධර්ම අනුව පළාත් සභා ස්වයං පාලනයකට ගෙන යන්න තමයි රනිල් උත්සාහ කරන්නෙ. ඒ නිසා මේ ව්‍යවස්ථාවට විරුද්ධ සටනේ මූලිකයන් විදියට ඔබ ගමට යන්න ඕන. රට රකින ගමන් ගමේ සංවර්ධනයේ නියමුවන් වන්න. එවිට අනෙකුත් අපේක්ෂකයන් අතරින් ඔබ වෙනස්ව පෙනේවි* යනුවෙන් 14 වැනිදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට මෙම පිරිස කැඳවා විමල් කීවේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම්ව පවතිද්දී නැවත වතාවක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමත් සමග මැතිවරණය පැවැත්වීම පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව තිබේ.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සීමා නිර්ණය පිළිබඳ ගැටලුවක් මුල්කරගෙනය. මේ පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ප්‍රමාණයක් ජ.වි.පෙ. නායකයන්ටද දැනගන්නට ලැබිණි.
'ආණ්ඩුව දිගටම ඡන්දය කල් දාන්න උත්සාහයක හිටියා. දැන් ආයෙත් වටයකින් ඒ උත්සාහය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ සැරේ ඍජුවම මෛත්‍රී පාර්ශ්වයෙන් තමයි මේ නඩුව දාලා තියෙන්නේ. මට නීතිඥයෙක් මේ ගැන කතා කරලා කිව්වා. පෙත්සම්කරුවන් අතර ලක්ෂ්මන් යාපාගේ, ඩිලාන් පෙරේරාගේ, දයාසිරි ජයසේකරගේ හිතවත්තු ඉන්නවා කියලා දැනගන්න ලැබුණා” විජිත හේරත් කියා සිටියේය.
'දිගින් දිගටම මේ විදියට ඡන්දය කල් දාන්න ඉඩ දෙන්න බැහැ. මේ ගැන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා” අනුර දිසානායක කියා සිටියේය.
මෙම පෙත්සම ගොනු කිරීමත් සමග බොහෝ පිරිසක් ජ.වි.පෙ. නායකයන්ට ඇමතුම් ලබාදෙමින් මේ පිළිබඳ මැදිහත්වීමක් කළ හැකිදැයි විමසීය. ජවිපෙ නායකයන් මේ පිළිබඳ සාකච්ඡා කර මෙම පෙත්සම සඳහා අතරමැදි පාර්ශ්වකරුවෙකු වශයෙන් සහභාගි වීමට හැකිදැයි සොයා බැලීය.
නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මැදිහත්කරුවෙකු ලෙස නඩුවට සහභාගි වීමට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම ආරම්භ කෙරිණි.
'අභියාචනාධිකරණයේ මේ පෙත්සම දාලා තියෙන්නේ ඕනෑකමින්මයි. මේ නඩුවට කාලය ගන්නත් පුළුවන්. වෙන අයට මැදිහත්වෙන්නත් සීමාකම් තියෙනවා. මේක ආණ්ඩුව ප්ලෑන් කරලා කරපු එකක් බව හොඳටම පැහැදිලියි. සීමානිර්ණ වාර්තාව දාලා ඕන තරම් කල් තිබුණා නඩු දාන්න. ඒත් නඩු දැම්මේ නැහැ. දැන් මේ ඡන්දෙ ළංවෙලා නඩු දාන්නේ කල් දාගන්න ඕන නිසාමයි” සුනිල් වටගල පැහැදිලි කළේය.
16 වැනිදා පැවැති පෙත්සම විභාගයේදී ජ.වි.පෙ. වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන කරුණු දැක්වීය. පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා දේශපාලන පක්ෂවලට මැදිහත්වීමට විරෝධය පළ කළද, මෙය දේශපාලන පක්ෂවලට බලපාන කරුණක් බැවින් නඩු විභාගය සඳහා මැදිහත්වීමට අනෙක් පාර්ශ්වකරුවන්ට අවස්ථාව ලබාදීමට විනිසුරුවරයා අවස්ථාව ලබාදුන්නේය.
ඒ අනුව ලබන 22 වැනිදා පෙත්සම නැවත සලකා බැලීමට නියමිතය. අධිකරණයෙන් පිටතට පැමිණි ජ.වි.පෙ. නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ ඡන්ද කල් දැමීමේ උත්සාහය පරාජයට පත් කරන බවයි. ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කියා සිටියේ &මේ ආණ්ඩුවේ උවමනාවත්, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවත් නොවේ” යනුවෙනි.
චීන සූපවේදී සංගම් උත්සවයේදී ආණ්ඩුවේ හොරු ගැන කතාබහක්...
ශ්‍රී ලංකා - චීන සූපවේදීන්ගේ සංගමය පිහිටුවීමේ උත්සවය පසුගිය 14 වැනිදා කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. මේ අවස්ථාවට චීන තානාපතිවරයා විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි වූ අතර, ජ.වි.පෙ. නියෝජනය කරමින් එහි ප්රචාරක ලේකම් විජිත හේරත්, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ යන මන්ත්‍රීවරු සහභාගි වූහ.
සංචාරක අමාත්‍යවරයා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පා.ම. විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද හෝටල් ක්ෂේත්රයේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් උත්සවය අමතා කතා කළේ බිමල් රත්නායක මන්ත්‍රීවරයාය.
උත්සවය අවසන් වීමෙන් පසුව බිමල් රත්නායක සහ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරුන් දෙදෙනා අසලට පැමිණි උත්සවයට සහභාගි වූ අමුත්තෝ කිහිපදෙනෙක්ම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කතාබහක නිරත වූහ. බොහෝදෙනෙකු කියා සිටියේ, &මේ වගේ තැනකට ආවත් දේශපාලඥයන්ගේ කතාවලින් ගන්න දෙයක් නැහැ. ඔබතුමාලගේ කතාවල විතරයි හරයක් තියෙන්නෙ” යනුවෙනි. එක් අයෙකු මෙලෙස කියා සිටියේය. ‘&දීස් පීපල් ආර් රොබර්ස්. වී ඩෝන්ට් තින්ක් එබවුට් දෙම්..*
වන්නිල ඇත්තන්ගෙන් සමන්ත විද්‍යාරත්න පිළිබඳ වර්ණනාවක්...
‘%ජීවයේ අයිතිය’ මෑතකදී බිහිවූ පරිසර සංවිධානයකි. එහි කැඳවුම්කාරත්වය දරනුයේ ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නය. එම සංවිධානය මගින් ‘%මධ්‍යම කඳුකරයේ විනාශය, රටේ අනාගත මරණය^ නමින් සම්මන්ත්රණ මාලාවක් රට පුරා පවත්වමින් තිබේ. මෙම සම්මන්ත්රණ මාලාව සඳහා පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි, වෛද්‍ය ප්‍රසන්න කුරේ, පරිසරවේදී සම්පත් ආරියසේන, කථිකාචාර්ය එන්.පී. ගොඩිගමුව, මහාචාර්ය ජිනදාස කටුපොත යන අය දේශකයන් ලෙස සහභාගි වූ අතර, විශේෂ ආරාධිතයෙක්ද සම්මන්ත්රණ කිහිපයක් සඳහා සහභාගි විය. ඒ ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිල ඇත්තන්ය. ඔහු පසුගිය 11 වැනිදා මාතර පැවැති සම්මන්ත්‍රණයටද සහභාගි විය.
තමන් ඉතා ඕනෑකමින් මෙම සම්මන්ත්රණ මාලාවට සහභාගි වන බවත්, ඒ වෙනුවෙන් ආරාධනා කළ සමන්ත විද්‍යාරත්නට ස්තුතිවන්ත වන බවත් පැවසූ ඔහු, තමන්ගේ භාෂාවෙන් සමන්ත විද්‍යාරත්න පිළිබඳ අපූරු වර්ණනාවක් කළේය.
&ඇත්ත තැනින්ම මේ ඇත්තෝ මාම කැජ්ජක් සතුටු තැන මංදො වෙනවා. හතරවෙනි වාර පොජ්ජටත් මේ දකුණු පළාත් පොජ්ජට මංගච්චලා මාතර පෝරුගම් පොජ්ජේ අද දවස් පොජ්ජෙ මේ උත්සව පොජ්ජට සහභාගි තැන මන්ද වෙන්න මන්දො වෙච්ච එකම. ඉතින් මේ තැනට මේ ඇත්තන්ට ආරාධනා පොජ්ජ මන්දො කෙරුවෙ මේ සමන්ත විද්‍යාරත්න කියන මේ ඇත්ලන්ගෙ හිත්ලාපු ඒ මන්ත්‍රී හූරා. ඒ ඇත්තො කාල වැජ්ජක් ඉඳති බාලා මේ ඇත්තො හිත්ලාන මන්ත්‍රී හූරෙක්. ඉතින් ඒ ඇත්තො මන්දො කෙරුවොත් මන්දො කරන්නෙත් මේ වාගේ රට පොජ්ජට ජාති පොජ්ජට ආගම් පොජ්ජට වරිග පොජ්ජට ගැලපුම් පොජ්ජ මන්දො කරන වැඩපිළිවෙළකට. ඉතින් ඇත්ත තැනින්ම මේ ඇත්තො හිත්ලානව” ඔහු කියා සිටියේය.
පවිත්‍රාගේ වයස විස්සද, තිහද, හතළිහද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය සිකුරාදා පැවැත්විණි.
පවිත්‍රාගේ උපන්දිනය යෙදී තිබුණේද එදිනටය. &බර්ත්ඩේ ගර්ල් වෙනුවෙන් කේක් කපමු* කියා මහින්ද කේක් ගෙඩියක් ගෙනාවේය. මගේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨයාට ඉස්සෙල්ලාම කේක් කෑල්ල කවන* බවකී පවිත්‍රා වාසුදේවට කේක් කැව්වාය. දිස්ත්‍රික්කයේ සහෝදරයාට යැයි කියා රංජිත්ද සොයිසාට ඊළඟ කෑල්ල කැව්වාය. &දැන් ඉතිං වයස කීයද? විස්සද, තිහද, හතළිහද* මහින්ද ඇසීය. &සර් ඕන් නැති ප්‍රශ්නනේ අහන්නේ. ගැනු අය කවදාවත් වයස කියනවද* පවිත්‍රාගේ පිළිතුර විය.
පවිත්‍රා ජනාධිපතිතුමාට කවන්න, ජනාධිපතිතුමාට කවන්න යැයි අනෙකුත් මන්ත්‍රීවරු කෑගහන්න වූයේ මේ අතරය.පවිත්‍රා දීසියකට කේක්කෑල්ලක් තබා මහින්දට පිළිගන්වද්දී ඇයි කවන්නැද්ද කියා අනෙක් මන්ත්‍රීවරු ඇසූහ.“මට ඒක කරන්න බැහැ. සර්ට මං කොහොමද කේක් කවන්නේ*පවිත්‍රා කීවාය.
ඉන්පසුව මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූයේ අනුරාධපුර රැස්වීමේ සංවිධාන කටයුතු ගැනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා ගැන මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් පළ කළහ.“මොන යෝජනා ආවත් එකතුවෙන එක ගැනනම් මිනිස්සුන්ගේ ලොකු විරෝධයක් තියෙනවා. මිනිස්සු ඒකට කැමති නැහැ*. පවිත්‍රා හා ප්‍රසන්න රණතුංග එකවර කීහ. “යෝජනා එන්න පුළුවන්. අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරලා තීන්දුවක් ගනිමු. ගියවතාවේ වුණු දේවල් අපිට මතකයි. අපි ගියපාර මොන ප්‍රශ්න තිබුණත් නිහතමානීව ශ්‍රී ලංකා එකෙන් ඉල්ලුවා. ඒ නිසා පක්ෂ නායකයො විදියට තීන්දුවක් ගන්නැතිව මන්ත්‍රී කණ්ඩායම විදිහට තීන්දුවක් ගමු*. මහින්දගේ පිළිතුර විය.
අන්න දුමින්ද ඇමතිතුමා ටවුන් එකේ ඇවිදනවාලු
අනුරාධපුරයේ රැස්වීමට සහභාගිවීම සඳහා මහින්ද ඇතුළු පිරිස සෙනසුරාදා සවස කොළඹින් පිටත් වූහ. ඉරිදා උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් ඔවුන් රුවන්වැලිසෑයටද ගියේය. රුවන්වැලිසෑය වැඳපුදා ගන්නා අතරතුරදී ජනතාව පැමිණ මහින්ද සමග කතා කරන්නට වූහ.&සර් මොන යෝජනා ආවත් එකතුවෙන්න නම් එපා. සර්ලා වෙනම තරග කරන්න* එම ජනතාව මහින්ද පසුපස පැමිණ ඉල්ලා සිටියහ.
රැළිය සාර්ථක කරගැනීම සඳහා එස්.එම්. ඇතුළු සංවිධායකයන් වෙනමම බාරහාර වී තිබුණි. රැලියට වැඩි ජනතාවක් පැමිණ සිටීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සිටියේ සතුටෙනි. අනුරාධපුරයේ තිබෙන විශාල ක්‍රීඩාංගණයක් වන සල්ගාදු ක්‍රීඩා පිටිය පිරී ඉතිරී යන පරිදි ජනතාව රොක්වී සිටියහ. මෙම ක්‍රීඩාංගණය ජනතාවගෙන් පුරවා තිබුණහොත් තමන් අමුඩගසා එන බවට දුමින්ද දිසානායක මීට පෙර අභියෝගය කර තිබුණි. රැලියේ සාර්ථකත්වය ගැන මන්ත්‍රීවරුන් කතාකරමින් සිටියදී “අන්න දුමින්ද ඇමතිතුමා ටවුන් එකේ ඇවිදනවාලු* එක් මන්ත්‍රීවරයෙකු කීවේය. &ඇයි ඒ මොකටද?* &අමුඩ ලේන්සුවක් හොයන්නලු. අමුඩ ලේන්සුවෙන් තමයි දැන් එයාට යන්න වෙලා තියෙන්නේ* මන්ත්‍රීවරයෙකු පැවසූ විට “එයා කරලා තියෙන වැඩවල හැටියට අමුඩ ලේන්සුවකින් ඕක වහගන්න ලැබෙන් නැහැ* තවත් මන්ත්‍රීවරයෙකු කීවේය. මහින්ද කොළඹ ආවේ පසුවදා කැකිරාවේ පැවති රැස්වීමකටද සහභාගි වෙමිනි.
පුංචි ඡන්දය කල්දැමීමේ උත්සාහයට එරෙහිව බැසිල්ගේ ක්ෂණික මෙහෙයුම
බැසිල්ට එරෙහි ලිත් නඩුව කොළඹ මහාධිකරණයේදී බදාදා සවස 1.30ට කැඳවා තිබිණි.
අධිකරණය හමුවේ පෙනී සිටීමට යන අතරතුර මැතිවරණ කොමිසමේ නිලධාරියෙකුගෙන් බැසිල්ට රහසිගත ඇමතුමක් ලැබිණි. පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට අද (16දා) පෙත්සමක් ගොනු කරන්න යන බව එම ඇමතුමෙන් කියැවිණි.
සීමානිර්ණයට විරුද්ධව පෙත්සම ඉදිරිපත් කළේ ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකුගේ ඍජු නියෝජිතයන් පිරිසක් බව එවෙලෙහිම දැනගන්න තරම් බැසිල් වේගවත් විය.
පෙත්සමේ වැඩේ දුරදිග ගියොත් ඡන්දය කල්යන නිසා මෙය වහාම වැළැක්විය යුතු බව ක්ෂණිකව තේරුම් ගත් බැසිල්, පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට එම අවස්ථාවේදීම දුරකථනයෙන් ඇමතීමට කටයුතු කළේය.
&සාගර ..... ඉක්මනින් අභියාචනාධිකරණයට යන්න...*
&ඇයි සර් හදිස්සියෙ....* සාගර බැසිල්ගෙන් ඇසීය.
&කට්ටිය එකතු වෙලා ආයෙත් ඡන්දය කල්දාන්න තව ටිකකින් අභියාචනාධිකරණයට පෙත්සමක් බාර දෙනවා. ඔයා ඉක්මනින් ගිහින් ඒකට විරුද්ධව කරුණු දක්වන්න. තවත් අපේ කාවහරි ඡන්දෙ කල්දානවට විරුද්ධව ඉදිරිපත් කරවන්න* යැයි ක්‍රියාත්මක කළ යුතු ක්ෂණික මෙහෙයුම බැසිල් සාගරට පැහැදිලි කළේය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සාගර, පෙත්සමට විරුද්ධව අභියාචනාධිකරණයේ පෙනී සිටීම විතරක් නොව පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සිටින නීතිඥවරියකවද පෙත්සමක විරුද්ධව ඉදිරිපත් කළේය.
ඇය වෙනුවෙන් පෙනී සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංවිධානයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න වීම විශේෂත්වයකි.
ඡන්දය කල්දැමීමේ උත්සාහයට විරුද්ධව බැසිල්ගේ මෙහෙයුම සාර්ථක වූ බව කාටත් වැටහුණේ සිකුරාදා යළි කැඳවපු පෙත්සමට විරුද්ධ නඩුවේ විරෝධතා ගොනුකිරීමට අභියාචනාධිකරණයෙන් අවසර ලැබීමත් සමගය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd