Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අපි මෙම අවුරුද්දේ ජුනි මාසයේ අස්ගිරි ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැහැදිලිව භික්ෂූන් වහන්සේලාට අපහාස වන දේ කරන්න එපා. ශ්‍රද්ධාව, ඒ කියන්නෙ පැහැදීම මත සිදුවන දේට අවමන් වන පරිදි කටයුතු කරන්න එපා යැයි ආණ්ඩුවට පෙන්වා දුන්නා.
බලන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි යන මතය භික්ෂූන් වහන්සේලා වගේම 68%කට වැඩි බහුතර සිංහල බෞද්ධ ජනතාව අවධාරණය කරනවා. ඔවුන් කිසිවිටෙක තවත් ජාතියක්, ආගමක්, අවමානයට පත්වන පරිදි යම් දෙයක් සිදුවීමට කැමති නැහැ. 1815 අවුරුද්දේ සුදු පාලකයන් උඩරට ගිවිසුමේ 5 වගන්තියෙන්ද සියලුදෙනා අදහන බුද්ධාගමත්, දේව ආගමත්, භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානත් රැකගත යුතුයි යන මතය පිළිගත්තා.
නමුත් හිතාමතා භික්ෂූන් වහන්සේලා අපහසුවටත්, අවමානයටත් පත් කිරීමට කටයුතු කිරීමේ අලුත්ම උත්සාහයක් පෙනෙනවා.
ඇයි එක් ඇමතිවරයෙක් භික්ෂූන් වහන්සේලාත් රණවිරුවනුත් අවමානයට පත්වන ප්‍රකාශ කරලා සතියක් ගත වුණේ නැහැ. බෞද්ධ නොවන අන්‍යාගමික නියෝජ්‍ය ඇමතිවරයෙකු භික්ෂූන් වහන්සේලා නම්කර අවමන් සහගත ප්‍රකාශයක් කළා. ඒ තැනත්තාට අපගේ භික්ෂු සංස්ථාව වෙනුවෙන් එවැනි ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය කුමක්ද යන ප්රශ්නය ජනතාව අපෙන් විමසනවා.
එයින් සති දෙකක් ගත වුණේ නැහැ. තවත් කැබිනට් ඇමතිවරයෙක් චීවර දරන රස්තියාදුකාර භික්ෂූන් යනුවෙන් සඳහන් කළා. එක දිගටම මෙහෙම ප්‍රකාශ සිදුවන්නේ නම් ඒ ඇතුළත සැඟවුණු යම් කුපිත කරවීමක්, ද්වේශයක් සහ භේද කරවීමක් තිබෙන බව පැහැදිලියි. ඒ උත්සාහය තුළ තියෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලවා භික්ෂූන් පාලනය කිරීමට උත්සාහ කිරීමක්. බිය වැද්දීමේ තර්ජනයක්. එයින් තමන්ගේ ජාතිවාදී, ගෝත්රවාදී බටහිර චින්තනය රාජ්‍ය සම්මත කරගැනීමේ පෙළඹවීමක්.
ආණ්ඩුව පැත්තෙන් එක් වරක් ඒ වරද සිදුවුණාට පසු එය නිවැරදි කළා නම් හැමදාම මෙහෙම ප්‍රකාශ දේශපාලකයන් කරන්නේ නැහැ.
ඔය එක් ඇමතිවරයෙක් ගම්පහ පැත්තේ විදෙස් සංචාරකයන් සඳහා ඉදිකළ එක් භාවනා මධ්‍යස්ථානයක් සුඛෝපභෝගී සුපිරි මධ්‍යස්ථානයක් ලෙස දක්වා වැරදි අර්ථකථනයක් ලබාදෙමින් වරක් නැති අර්බුද මතු කළා. මෙවැනි අන්‍යාගමික, කතෝලික ඇතැමුන් කරන ප්‍රකාශ නිසා භික්ෂූන් වහන්සේලා පමණක් නෙවෙයි, කතෝලික ජනතාවත් දැඩි අපහසුවට පත් වෙනවා.
බෞද්ධයන් කෙරෙහි අනෙක් ආගම්වල ඇතැමුන් හැසිරෙන ආකාරය අපිට පෙනෙනවා. වාර්ගික සංහිඳියාව, ජාතික සංහිඳියාව ජනවාර්ගික අර්බුද කියලා ඒවා යටපත් කරලා බෞද්ධ මතය යටපත් කරන ස්වභාවයක් පෙනෙනවා. එවිට තම ජාතිය සහ ආගම වෙනුවෙන් එහි මුරදේවතාවුන් වහන්සේලා තමන්ගේ ජාතික වගකීම ඉටු කිරීමට යොමු වෙනවා. නමුත් මේක වරදක් ලෙස භික්ෂූන් වහන්සේලා පිට පටවා අනෙක් ආගම්වාදීන්ට අනුබල සැපයීම ජාතික ආගමික සංහිඳියාව නෙවෙයි. දැන් සිදුවන්නේ එයයි.
ඇයි නැත්තෙ. ලිඛිතව දන්වලා තියෙනවා. වාචිකව දන්වලා තියෙනවා. මෙතනට ආපුවාම ජනාධිපති, අගමැති, බුද්ධශාසන ඇමතිට පවා පෙන්වලා දීලා තියෙනවා. බුද්ධශාසන උපදේශක කමිටුවලට කියලා තියෙනවා. මේ හැමදෙයක්ම වෙන්නේ ඒවත් කරලා අවසන් වුණාට පස්සෙ නිසා මේවට රජයේ අනුග්‍රහයක් තියෙනවා කියන සාධාරණ සැකය භික්ෂූන් වහන්සේලාට තියෙනවා. එය නිවැරදි කිරීම රජයේ වගකීමක්. ඊනියා මත වපුරමින් ආණ්ඩුව නොමඟ යවන අය ගැන අපි වරින්වර ජනාධිපතිතුමා දැනුම්වත් කර තිබෙනවා. නමුත් පාලකයන්ට උපදෙස් දෙන අය සැබෑ සිංහල බෞද්ධයන් නෙවෙයි. ඔවුන්ගේ මානසිකත්වය තුළ ඇත්තේ විදේශීය රාජ්‍යයන් සතුටු කරවීමේ ගැතිකමක්. අපේ රටේ සංස්කෘතිය සහ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් සහ සංඝ රත්නයේ වගකීම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒත් පාලකයන් ඒ බව වටහාගෙනත් නැහැ. අර්බුදය ආරම්භ වන්නේ එතැනින්.
මියන්මාරයේ පදිංචිව සිටියද ඒ අය ඒ රටේ පුරවැසියන් නෙවෙයි. වෙනත් රටකින් එහි ගොස් පදිංචි වූ පිරිසක්. ඔය කියන අය හිතන තරම් හොඳ පිරිසක් හැටියට මියන්මාර් රජයවත් පිළිගන්නේ නැහැ. ඒ අය භික්ෂූන්ට සලකන ආකාරය විමසන විට අපට ඒ බව පැහැදිලි වෙනවා. අනික අසරණයන්ට පිහිට වන ආකාරය පිළිබඳ බෞද්ධ ධර්මය තරම් උගවන්වන වෙනත් ආගමක් තවත් නැහැ. කොහොම වුණත් මේක අධිකරණයේ දැනට නඩු කටයුත්තක් නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නම්. නමුත් අපි අපේ අස්ගිරි ප්රකාශනය මගින් මෙයට පෙරද මෙසේ පැමිණෙන අය ගැන සොයා බලා විධිමත්ව කටයුතු කරන්න යන ඉල්ලීම රජයෙන් කර තිබුණා. රජය ඇහුම්කන් දුන්නේ නැහැ.
මුලින් සරණාගතයන් කියා එනවිට රජය නිහඬව සිටියා. දේශපාලකයන් පෙන්වා දෙන විටත් නිහඬව හිටියා. නමුත් සරණාගතයන් නමින් මෙරටට රිංගාගෙන, රට තුළ වීසා නැතිව දහස් ගණනාවක් ඉන්නවා නම් රටවැසියන් වශයෙන් ජනතාවත්, භික්ෂූන් වහන්සේලාත් ඒ අවදානම පිළිබඳ රජය දැනුම්වත් කළ යුතු වෙනවා. නමුත් රජය ඒ වගකීම් මඟහැරීම නිසා ඇතිවන අප්‍රසන්න අශෝභන සිදුවීම්වල වගකීම බාරගත යුතුයි.
තම ආත්මලාභය තකා ජාතිය ආගම පාවාදීමට තරම් නිවට වන දේශපාලකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමග එන්ජීඕ නඩයක්ද ඉන්නවා. ඒ ඊනියා බටහිර ගැතියෝ අපට බුද්ධ ධර්මය උගන්වන්න එනවා. ඔවුන්ට ආගමක් ධර්මයක් නැහැ. මේක බහුජාතික බහුආගමිකකියන්නේ ජන්මයක් ජාතියක් ආගමක් නැති අයයි. ඒ අයට අපේ බුද්ධාගම ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද?
ඔව්. බුද්ධාගමට මුවා වී බුද්ධ දර්ශනයට පටහැණි යැයි යම් දේ ප්‍රචාරය කරමින් බුදුදහම යොදාගෙන බෞද්ධාගම අන් අය ඉදිරියේ අවඥාවට ලක්කරවීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. බෞද්ධයන් සහ භික්ෂූන් වහන්සේලා කියන්නේ බුදු හිමිගේ දර්ශනය නොපිළිපදින අය බවට රට පුරා ජනමතයක් ගෙනියන්නේ මේ අයයි.
භික්ෂුව සහ බෞද්ධයන් කුපිත කරවා ජාත්‍යන්තරයට වැරදි චිත්‍රයක් මවා පෑමේ උත්සාහයක් තියෙනවා. මේකට ආණ්ඩුව පැත්තෙන් සමහර දේශපාලකයන් සහ ජාතිවාදය පැත්තෙන් කොටියන්ද බටහිර පැත්තෙන් එන්ජීඕකාරයන්ද අනුබල සපයනවා. මේක මහා භයානක තත්ත්වයක්. මේ ඇත්ත අනාවරණය කරන නිසා හාමුදුරුවරු සහ සිංහල ජාතිය කුපිත කරවා, ඒ ආවේග ලාභයට විකිණීමේ ජාවාරමක් මේක.
දකුණේ සිංහල සංස්කෘතිය යාපනය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අවස්ථාවක ප්‍රදර්ශනය කළ සිසුන්ට හිංසා කළා. කිසිම එන්ජීඕ හෝ සිවිල් සංවිධානයක් එයට විරුද්ධව කතා කළාද? ආණ්ඩුවත් එය වහගන්ට උත්සාහ කළාට ඇත්ත අනාවරණය කළාද? නැගෙනහිර විශ්වවිද්‍යාලවල අර්බුද තියෙනවා. කිසිම සංහිඳියාකාරයෙක් කතා කරනවාද? කතා කරන්නේ නැහැ. පොලිස් නිලධාරීන් උතුරේ ඝාතනය වෙනවා. කිසිම මානව හිමිකම්කාරයෙක් කතා කරන්නේ නැහැ. අද කාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ දකුණේ භික්ෂූන් හැසිරෙන ආකාරය ගැන පුවත් මවන්න විතරයි. ඒවට ඇතැම් ජනමාධ්‍ය මගින්ද අඩු වැඩිය ඇති තරම් සපයනවා.
ඇතැම් ජනමාධ්‍ය සිදුවීම් ආශ්‍රිතව පුවත් වාර්තා කියවනවා නෙවෙයි. පුවත් කයිකතන්තර නිර්මාණය කරනවා. එතෙන්දි ඒවායේ වඩාත් පෙන්වීමට උත්සාහ කරන්නේ සිංහලයන් සහ භික්ෂූන් වහන්සේලා අන්තවාදී, කලහකාරී, ම්ලේච්ඡ පිරිසක් යන අපහාසාත්මක දැක්මක්.
පුවත් සිරස්තල මගින් ජනතාවට පත්තර මිලදී ගෙන බැලීමට ඇති නොහැකියාවක් තියෙනවා නම් ඒකටත් හොඳ අනුබලයක්. ඒත් අද ඒවායේ කරන්නේත්, පළ වූ වාර්තාව ඉදිරිපත් කරන එක නෙවෙයි. නිවේදකයා මගින් මාධ්‍ය ආයතනයේ ඕනෑ එපාකම් අනුව තමන්ගේ මතය අදහස් යෝජනා දක්වමින් ඒ පුවත් තවත් විකාශය කරවනවා. හොඳට අන්දවනවා. ඒවට තමන්ගේ අතින් කෑලි දමා විෂුවල් සපයනවා. එහෙම වෙන්න බැහැ. පාඨකයා හිතන දෙයක් හිතාවි. පාඨක අයිතිය තියෙන්නේ එතැනයි. අවශ්‍ය වන්නේ සිරස්තලය සහ ඒ තුළ ඇති පුවත් අනාවරණය කිරීම පමණයි. ජනමාධ්‍යයට තීරණ තීන්දු දෙන්න බැහැ. අනික මේ හිත හිතා කියවන්නේ විකෘති කරන්නේ අනුන් ලියන වාර්තායි. ඒවා අහපුවාම බලපුවාම ජනතාවට භික්ෂුව, සිංහල ජනතාව සහ බෞද්ධකම පිළිබඳ ඇති වන්නේ කලකිරීමක්. අඩුම තරමින් ඒ වාර්තාව හෝ ලිපිය ලියපු ලේඛකයාගේ නමවත් කියවන්න තරම් මේ අය මාධ්‍ය අයිතිය රැකදෙන්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. ඒක මොන මාධ්‍ය සම්ප්‍රදායක්ද? ඇයි එතනින් පිට වෙන්නේ, ඒ අයගේ හඬ මිස ලේඛකයාගේ දැක්ම නොවන නිසා.
සමහර අවස්ථාවලදී පෙන්විය යුතු සැබෑ දේ වසන් කරනවා. ජනතාව අසරණ වෙනවා. කොළඹ පාදක කරගනිමින් ඒ වටපිටාව තුළ මාධ්‍ය විශ්ලේෂණය වෙනවා. පිටපළාත්වලින් ලැබෙන මාධ්‍ය වාර්තා ප්‍රාදේශීය ලෙස සලකා පසෙකට විසි කරනවා. තෝරාගත්තත් සමහර මුද්‍රණවල ගලවනවා. නමුත් කොළඹ කේන්ද්‍ර කරගත් පුවත් මුල්තැනට එනවා. වැදගත් පුවතක් වුණත් ප්‍රාදේශීය නම් ඒවා යට වෙනවා. කොළඹ ජීවත්වන ඇත්තන්ගේ මතය රටේ මතය ලෙස විවරණය කරවනවා. හැමදාම එකම මුහුණු ටිකයි, එකම මත ටිකයි. අලුත් දෙයක් ජනතාවට නැහැ. ගමේ හඬ ඉදිරියට එන්නේ නැහැ.
මාධ්‍ය ඉදිරියේ පුවත් මැවිය හැකි දේශකයන්, දේශපාලකයන්, අරගලකරුවන්, ප්‍රකාශකයන් පිරිසක් කොළඹ අවටින් එබඳු මාධ්‍ය ආයතන හඳුනාගෙන සිටිනවා. ඇත්ත වුණත්, බොරු වුණත් ඔවුන්ගෙන් ගන්නා ප්‍රකාශය සමස්ත ජාතියේම මතය බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා.
මාධ්‍ය නියාමනය සඳහා වන කෙටුම්පත් සැකසීමේදී භික්ෂූන් වහන්සේලාගේත්, බුද්ධාගමේත් ගරුත්වයට සිදුවන හානිය වැළැක්වෙන නිර්ණායක සහ එකඟතාවන් ඒ මාධ්‍ය ආයතනයන්ට සකස් කර ඉදිරිපත් කරන ලෙස අපි බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක සභාව වශයෙන් යෝජනා කර තිබෙනවා.
අපටත් එහෙම ඇහෙනවා. ඉතින් අපි කියපු දේ ගැන එවැනි අභියෝග කරනවා නම් අපට කියන්න තියෙන්නේ අපගේ පොදු මතය ප්‍රසිද්ධ කර තියෙනවා. නැවත නැවත කියන්නට හෝ උත්තර බඳින්නට අප බැඳිලා නැහැ. අනික එතෙන්දි අපි අපේ මතය ඉදිරිපත් කළා නම් නැවත කියන්ට තියෙන්නෙත් ඒ ටිකමනෙ. අනික් ඔය හැම කෙනෙකුටම උත්තර බඳින්නට අපි සූදානම් නැහැ. ලංකාවේ ජාතික අනන්‍යතාව සහ භික්ෂුවගේ කාර්යභාරයත්, බුදුදහමේ හරයත් නොදන්නා මිනිසුන් සමග නොමනා සංවාදයකට අපි කැමති නැහැ. අද කලාකරුවාගේ සිට හැමදේම රටේ ජාතික අනන්‍යතාව විනාශ කරවන බලවේගයක් බවට යොදා ගන්නා තත්ත්වයක් දකින්න තියෙනවා.
පැහැදිලිවම. සිංහල බෞද්ධ ඒකීය
ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙදහස් පන්සිය වරසක් හඬ නැඟුවේ ගරුතර භික්ෂූන් වහන්සේලා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එදා සිට ඇති වූ සොලී, දෙමළ, ඉංග්‍රීසි, ලන්දේසි අරගලවලදී රට බේරාගත්තේ සිංහල රණකාමීන්.
එහෙමනම් මේ දෙපිරිස ජනතාවගේ ආදරය ලබෙනතුරු මේ රට බටහිරට අවශ්‍ය පරිදි ගිලගන්න උදුරාගන්න, විකුණාගන්න බැරි බව රටේ පාලකයන්ද බටහිර ගැත්තන්ද ඔය එන්ජීඕ සහ සිවිල් සංවිධානයන්ද දන්නවා. ඒ නිසා ලංකාව යටත් කරගැනීමට නම් කළ යුත්තේ පළමුව භික්ෂුවට පහරදිය යුතුයි. මඩ ගැසිය යුතුයි. දෙවනුව රණවිරුවන් මට්ටු කළ යුතුයි. අද සිදුවන්නේ මේ දෙක නෙවෙයි ද? එතකොට රට අරාජිකයි. අනාගමිකයි.
ඕවා මේ ඊයේ පෙරේදා අහන්ට ලැබුණු වචන මිස ඒ අයවත් ක්‍රියාවට පාවිච්චි නොකරන වචන ගොන්නක් විතරයි. ඔය යෝජනා කරන ඇත්තවුන්වත් භික්ෂුවට හෝ බුද්ධාගමට තබා සිංහල ජාතියටවත් ඒ අයගේ සංස්කෘතියට ගරු කරනවාද? භික්ෂූන් වහන්සේලා පවසන්නේ රට තුළ නැවත ජාතිවාදයක්, ආගම්වාදයක්, ගෝත්‍රවාදයක් ලේ සෙලවීමක් දක්වා වන යුද්ධයකට රට ගෙනියන තැනට මේ අනාගමික බහුආගමික ඇත්තන්ගේ මැදිහත් වීම් ගැන ආණ්ඩුව කල්පනාවෙන් කටයුතු කරන්න කියන එකයි.
නැහැ. අපට භික්ෂූන් වහන්සේලා හැටියට ජාතික දේශපාලනයක් තියෙනවා. අපි වසර දෙදහස් පන්සියයක් තිස්සේ කරන්නේ ඒකයි. භික්ෂුවට ජාති, ආගම්, පක්ෂ, පාට භේද නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd