Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පුරාතන අපගේ මුතුන් මිත්තෝ සූර්යා දේවත්වයෙන් ඇදහූහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ සූර්යයා ඓන්ද්‍රීය ජීවියෙක් බවත්, ඉන් පුනර්ජීව ශක්තියක් (Sustainable Energy) උපදවන බවත්ය. නැගෙනහිරු, පවතින හිරු, බැස යන හිරු ලෝකයේ ත්‍රි මූර්තිය වෙයි. සූර්ය දිව්‍යරාජයා අදහන ගංගාව පැරණිතම යාගයක් වන අප, කොග්ගල වලස්මමුල්ලෙන් මාර්තු මස 23දා ලංකාවට ඇතුළු වන හිරු, අප්‍රේල් මස 13 වන දින ලංකාවේ මධ්‍ය පොළෝ තලේ වන මාතලේ නාලන්දා ගෙඩිගෙය අසලදී ලංකා පොළොවට මුදුන් වීම, සූර්ය මංගල්‍යය හා අලුත් අවුරුද්ද ලෙස උත්සවශ්‍රීයෙන් සමරන්නෙමු.
"NASA" ආයතනය විසින් නිකුත් කරන ද දත්ත මත වැඩිම සූර්ය කිරණ (Sun Radiation) පතිතවන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව නම් කොට ඇති අතරම වැඩිම බ්‍රහ්මදණ්ඩ කිරණ ශක්තියක් (Cosmic Rays Energy) පවතින ස්ථානයද ශ්‍රී ලංකාව වෙයි. 'ශ්‍රී' යන අක්ෂරයද සූර්ය සංකේතය ලෙස පැරණි පුස්කොළ පොත්වල සඳහන්ව ඇත.
'ශ්‍රී' අක්ෂරය ස්වස්ථික අක්ෂරයේ මූලාශ්‍ර වේ. එනම් ශ්‍රී ලංකාව සූර්යාගේ කේන්ද්‍රස්ථානයේදී සූර්ය වන්දනාව වසර 45,000 ක පෙර සිටම පැවැත්වූ අතර, ශ්‍රී ලාංකිකයෝ සූර්යාගෙන් පැවතෙන සූර්ය වංශිකයෝද වෙති. 'රා' යනු හිරුද "වත" යනු ගොතද අයුරින් සූර්ය පරපුර (Sun Generation) ලෙස පැරණි පොත් පත්වල සඳහන්ව ඇත.
සූර්ය ශක්තිය
හිරුගේ ශක්ති ධාරාව, එනම් සූර්ය බල ධාරාව කොටස් 32 කට බෙදා වර්ගීකරණය කළ ආදීතම සූර්ය වංශිකයෝ විසින් රචිත ලොව පැරණිතම ග්‍රන්ථය වනුයේ ශීවා ලිඛිත හෙවත් සූර්ය ලිත ලෙස පුරාණ පුස්තකයේ සඳහන් වෙයි. තවද බලංගොඩ ආනන්ද මෛත්රය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධිත "සූර්ය ශතකය" (Sun Century) නැමැති ග්රන්ථයෙහි සූර්යා වර්ගීකරණයකට ලක්කොට එය සංස්කෘත ශ්ලෝක අනුව කොටස් 06 කට බෙදා ඇත. රශ්මි වර්ණ,‚අශ්ව වර්ණ,‚අරුණු වර්ණ, රථ වර්ණ (සූර්ය බලය)‚මණ්ඩලය වර්ණ හා සූර්ය වර්ණ ලෙසත්ය.
මහ මෙව්නා පාලි - සිංහල පිරුවානා පොත් වහන්ගස්ගේ 16 පරිච්ඡේදයේ "සූර්ය පරිත්තං" (හිරු දෙවි පුතුට වදාළ දෙසුම) සඳහන්ව ඇත. ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ඉතාමත් වැදගත් පියවරක් ලෙස පුනර්ජීවී බලශක්තිය නිපදවීමේ වැඩපිළිවෙළ සඳහන් කළ හැකිය. මෙහිදී “සූර්ය බලසංග්‍රාමය” තේමාව යටතේ සූර්ය බල ශක්තිය නිපදවීමේ වැඩසටහන ඉතාමත් කාලෝචිත, ලෝකයේ නව තාක්ෂණය සමග අනාගතයට පියමන් කිරීමේ ප්‍රථම අදියර වේ. ජනාධිපවරයාගේ හා අගමැතිවරයාගේ දැඩි අවධානය හා උනන්දුව සමග මගපෙන්වීම, පුනර්ජීව බලශක්තිය ශ්‍රී ලංකාව තුළ නිපදවීමේ වැඩපිළිවෙළට ආශිර්වාදයක් වනු ඇත.
ඒවාගේම ඉදිරි කාලය තුළ පුනර්ජීව බලශක්තිය නිපදවීමේ යාන්ත්‍රණයක් ලෙස පාර්ලිමේන්තු බලතල සහිත ජාත්‍යන්තර උසස්ම ප්‍රමිතියේ ආයතනයක් ස්ථාපිත කළ යුතු වේ. පුනර්ජීව බලශක්තිය නිපදවීමේ විෙශ්ෂ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළට ගෙන්වීමත්‚ විදේශ විනිමය රට තුළ රැඳවීම මත දැනට පවතින ශීඝ්‍ර සංවර්ධනයට පුනර්ජීව බලශක්තිය උත්තේජනයක් වනු නොඅනුමානය.
විදුලි හා බලශක්ති අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේද ධෛර්යවත් කිරීම හා ඔවුන් තුළ පුනර්ජීව බලශක්තිය දියුණු කිරීම පිළිබඳ ඇති දැඩි විශ්වාසය හා අධ්‍යයනය ශ්‍රී ලංකාව තුළ විදුලි බල ශක්තිය තීරණය කිරීමේ නව ජය මාවතකි. 2020 වන විට පවතින විදුලිබල අර්බුදයට නිසි පිළිතුරක් ලෙස මෙම පුනර්ජීව බල ශක්තිය නිපදවීමේ 'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන මැනවින් උපගයෝගී වේ.
ඉදිරි වසර 3 තුළදී පමණක් 60% ප්‍රතිශතයකින් සූර්ය බල ශක්තිය නිපදවීමේ ප්රවණාතාවක් හෝ වැඩිවීමක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙනු ඇත. 'මාස්මටර් කාර්ඩ් රිසර්ච් සෙන්ටර්' (Master Card Research Center) 2015දී නිකුත් කරන පුවතට අනුව කොළඹ නගරය ලෝකගේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරය ලෙස නම් කොට ඇත. එම සංවර්ධනය තුළ 2020 වසර වන විට අතිවිශාල විදේශ සංචාරකයන් හා ආයෝජකයන් රට තුළට ගෙන ඒමක් පවතී. එවැනි තත්ත්වයකට මුහුණදීමට ඇති මූලිකම අවශ්‍යතාව වන්නේ බලශක්ති අවශ්‍යතාවයි.
ශ්‍රී ලංකාවට අැති වාසි
සූර්ය බල සංග්‍රාමය හා පුනර්ජීව බල ශක්තිය නිපදවීම ශ්‍රී ලංකාවට විශාල වශයෙන් වාසි අත්කර දුන්නේ ජනාධිපතිවරයාගේ පුනර්ජීව බල ශක්තිය නිපදවීම සම්බන්ධයෙන් පළමු අදියර ලෙසට ප්‍රංශයට ගොස්ම 2015 දෙසැම්බර් මස 12 වන දින පැරිස් ගිවිසුමට අත්සන් තැබීමය. එහිදී ප්‍රධාන රටවල් 178කගේ සාමූහික එකඟත්වය මත පැරිස් ගිවිසුමට අත්සන් තබා ගෝලීය උෂ්ණත්වය අවම කිරීම ඉතා වැදගත් බව අවධාරණය කර සිටින ලදී. එක්සත් ජාතීන්ගේ සම්මුති රාමුවට අවතීර්ණවීම ඉතා වැදගත්ය.
මේ වන විට ලෝකයේ සියලුම රටවල් විසින් මෙම ගිවිසුමට අත්සන් තබා පුනර්ජීව බල ශක්තිය නීපදවීම මගින්, පරිසරයට හානිකර කාබන්ඩයොක්සයිඩ් පිටවීම අවම කිරීම උදෙසා ඩීසල් හා ගල් අඟුරු (Diesel and Coal) විදුලි බලාගාරය ඉදිකිරීම අත්හැර දමයි. අද ලෝකයේ පවතින ඉතාමත් ලාභදායීම ශක්ති ක්‍රමවේදය සූර්ය බල ශක්තිය හා සුළං බලශක්තිය බව සනාථ කර ඇත.
කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව පරිසරයට පිටකිරීමේදී සිදුවන ක්‍රියාදාමය තුළ පාරිසරික විපර්යාස හා අධික වර්ෂාපතන‚ සුළි සුළං හා සුනාමි වැනි විනාශයන් මානව මිනිසා විසින් සිදුකරන ලද්දක් බවත් එය දෙවියන්ගේ සරදමක් නොවන බවට මාගේ දැඩි විශ්වාසය වී ඇත.
කාලීනව ලැබී ඇති තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන ප්‍රමාද නොවී මෙම පුනර්ජීවී බලශක්තිය ශ්‍රී ලංකාව තුළ නිපදවීමේ වැඩපිළිවෙළට ඔබ අප කාගේත් උපරිම සහයෝගය හා දායකත්වය ලබාදීම මතු පරපුරට කරනු ලබන ඉතාමත් ගෞරවනීය පිදුම් ලද්දකි. මේ මිහිපිට අප ජීවත් වන කාලය තුළ මතු පරපුරට ජීවත්වීමේ ස්වාභාවික පරිසරයක් සාදාදීම අපගේ පරම යුතුකමකි.
විශේෂයෙන් 2050 වන විට වාතයට නිරාවරණය වන කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය ගිගා ටොන් 42000ක් බවට විශේෂඥයන් විසින් අවධාරණය කරනු ලැබ ඇත. එසේ නම් සියලුම ශක්තීන් පුනර්ජීව බලශක්ති ක්‍රමවේදයට යොමු විය යුතුය. විශේෂයෙන් සූර්ය‚ සුළං‚ සාගර‚ පොළොව තුළ උෂ්ණත්වය හා කසළ මගින් ජනනය කරන ව්‍යාපෘති ආදිය ධෛර්වත් කිරීම වැදගත් වේ.
විශේෂයෙන් කොළඹ අවට ඉදිවන මහා පරීමාණ ගෙඩනැගිලි හා ව්‍යාපෘති මෙන්ම, මුහුද ගොඩ කර සාදන පෝර්ට් සිටි (Port City) වැනි ව්‍යාපෘති තුළින් රැකියා වැඩිවීම හා රට පොහොසත් වී ලෝකයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වීම වැඩි ඈතක නොවේ. නමුත් එම කාලය තුළ විදුලි ශක්තිය සැපයීම සංවිධානාත්මකව සිදු විය යුතුයි. එහි පළමු පියවර ලෙස 'සූර්ය සංග්‍රාමය' හැඳින්විය හැකිය.
මන්දයත් නැගී එන සියලුම ගොඩනැඟිලිවල සූර්ය තාක්ෂණය (Solar Technology) යටතේ එම විශාල ගොඩනැගිලි සූර්ය බල වීදුරු මගින් ආවරණය කළ හැකිය. ලෝකයේ සාම්ප්‍රදායික වීදුරු භාවිතය හිඟවෙමින් යන වකවානුවක ලෝකයේ ඉදිරියෙන්ම සිටින ඇමෝර්ෆෝස් සිලිකන් තාක්ෂණගේ [Amorphous Silicon (ASi) Technology] දැවැන්තයා ස්පාඤ්ඤයේ Onyx Solar Energy ආයතනය බව කීමට කැමැති අතර මෙම ඇමෝර්ෆෝස් විනිවිද තාක්ෂණය (Amorphous Silicon Transparency Technology) යොදා ඇති වීදුරු භාවිතය කදිම පිළිතුරකි.
නව ගොඩනැගිලිවල මෙම තාක්ෂණය උපගයෝගී කරගැනීම තුළ විශාල විදුලි උත්පාදනයක් කිරීමට හැකියාව ඇත. මෙහිදී ඉතාමත් වැදගත් සංධිස්ථානයක් ලෙස පෙන්නුම් කළ හැකි කරුණ නම් නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ නොසෙල්වෙන ස්ථාවරය වනුයේ සියලුම ගොඩනැගිලි සඳහා පුනර්ජීව ශක්තිය (Sustainable Power) 40% වඩා ඉක්මවා ගත යුතු බවය.
වැඩිදුරටත් නව තාක්ෂණයක් වන Building Integrated Photovoltaic (BIPV) ගොඩනැගිලි කවරය (Envelope) සූර්ය ශෛල මගින් ආවරණය කිරීම, ලෝකයේ අන්රටවල් දැනටමත් දියත් කර ඇති හරිත ගොඩනැගිලි (Garden Building) අදහස හා හරිත නිවාස (Garden House) යෝජිත ව්‍යාපෘති ලෙස ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ යුතු වේ.
ප්‍රථම සූර්ය සෛලය සොයා බැලීම 1839දී සිදු වුවත් 19 වන ශතකයේ අග භාගයෙහි මෙම සූර්ය සෛල යොදා බලශක්තිය නිපදවීම ආරම්භ විය. සිලිකන් නිධි සොයාගනිමින් මෙම සෛල නිෂ්පාදනය ලොව පුරා ප්‍රචලිතවීමට පටන් ගන්නේ 1970 දශකය තුළ ය.
වාසනාවකට මෙන් ශ්‍රී ලංකාව ගල් අඟුරු බලශක්තිය හා ඩීසල් (Fossil Fuel) ජෙනරේටර්ස් මගින් විදුලි බලාගාර පිහිටුවමින් ශ්‍රී ලංකාව තුළ විදුලිය සැපයීමට දායක වුවත් එය පරිසරයට අහිතකර බව හඳුනාගෙන, පුනර්ජීවී බශක්තිය නිපදවීමට විධිමත් සැලසුමක් නොකිරීම මහත් අවසනාවන්ත ඉරණමකි. මන්දයත් ගල් අඟුරු හා ඩීසල් ආනයනය කිරීම තුළ හා ගනුගදනු කිරීම තුළ විශාල වශයෙන් මූල්‍ය වංචා සිදුකිරීම හේතුකොටගෙන මෙම පුනර්ජීවි බලශක්ති මගින් බලශක්තිය ලබාගැනීම හිතකර වන බව අදවන විට මනාව පැහැදිලි වේ.
විශේෂයෙන්ම සූර්ය හා සුළං මගින් බලශක්තිය නිපදවීමේදී මුල් වතාවේදී පමණක් සිදුකරන ආයෝජනයක් විනා මූල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම නිරන්තරයෙන් සිදුනොවීම තුළ මූල්‍ය වංචා හා කොමිස් ගැසීම් සිදු නොවේ. ලෝකයේ පහළ වී ඇති ඉතාමත් ලාභ බලශක්තීන් අතර සූර්ය බලය හා සුළං බලශක්තිය ඇතුළත්ය. ලෝකය හා සසඳන විට පුනර්ජීවි බලශක්ති නිෂ්පාදනයෙහි ශ්‍රී ලංකාව ඉතාමත් පහළ මම්ටමක වර්තමානයේ පවතී. එනම් ලෝකගේ විශාලතම සූර්ය හා සුළං උද්‍යාන මෙ.වො 1000 ඉක්මවා ඇත.
විශාලතම සූර්ය බලාගාරය වර්ග 64 Kmට මෙ.වො. 1500ක් වන පරිදි චීනගේ පිහිටා ඇත. ඒවාගේම අසල්වැසි ඉන්දියාව, ඇමෙරිකාව හා යුරෝපය විශාල සුළං හා සූර්ය බලශක්ති බලාගාර පිහිටුවා ඇත. කෙසේ නමුත් තවමත් අප ප්‍රමාදවී නොමැති බවටත් ඉදිරි අනාගත පරපුරට ජීවත් විය හැකි පරිසරයක් සෑදීම අද ජීවත් වන අප සියලුදෙනාගේම වගකීමක් ලෙස නැවත නැවතත් කීමට කැමැත්තෙමි.
විද්‍යාවේ මිණුම් දණ්ඩ වන භෞතික විද්‍යාව තුළ අප සියලුදෙනාම නියැළී සිටියත් අපගේ මුතුන් මිත්තන් අතීතගේ කළ විශ්මකර්මයන් කිරීමට තවමත් ලාංකික අප අපොහොසත්වීම කනගාටුවට කරුණකි. තාක්ෂණය දියුණු වෙමින් පවතින නවීන ලෝකයට මූලික වශයෙන් අවශ්‍ය වන ශක්තිය විදුලි බල ශක්තිය වේ. එසේම නම් කොපමණ විදුලි ශක්තිය නිෂ්පාදනය කළත් එය මනාව කළමනාකරණය කිරීම තුළ හා භාවිත කිරීම තුළ රටේ සංවර්ධනගේ වර්ධනය ශීඝ්‍ර වනු ඇත.
2020 දී ලෝකය පුරා රැකියා මිලියන 24ක්
පුනර්ජීව විදුලි බලය නිපදවීම තුළ පසුගිය වසර 5 (2012-2017) ඇතුළත රැකියා දස ලක්ෂයක් (1 Million) උත්පාදනය කර ඇති අතර එම ප්‍රමාණය ලෝකය පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත. 2020 වන විට එම ප්‍රමාණය මිලියන 24ක් වනු ඇත. 'සූර්ය බල සංග්‍රාමය' තුළින් විශාල ප්‍රමාණයේ රැකියා හා පුනර්ජීව බලශක්ති තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ උත්පාදනයවීම ඒකාන්තයෙන්ම සිදු වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ වැඩි වන ජනගහනය හා විදුලි බල අවශ්‍යතාවේ ප්‍රවණතාව කඩිනම් කිරීමේ කදිම නිදසුනක් ලෙස පුනර්ජීව බලශක්තිය උත්පාදනය කිරීම දැක්විය හැකිය. ඉදිරි අනාගතගේදී පුනර්ජීව බලශක්තීන් ලෙස Bioenergy, Geothermal, Ocean, Solar and Wind බලශක්තීන් මහා පරිමාණ ව්‍යාපෘති වශයෙන් ඉදි කළ යුතු වේ.
මෙයට අදාළ විශාල මූල්‍යමය ප්‍රතිපාදන සියල්ල ජාත්‍යන්තර බලශක්ති ආයතන හා මූල්‍ය ආයතන සමග මහා පරිමාණ බල ශක්ති නිපදවන අපගේ කර්මාන්ත සම්බන්ධකර සම්මුතීන් වලට එළඹ ඉදිරි වසර තුළ මෙම ව්‍යාපෘති සියල්ලට අයෝජනයන් කැඳවීමට ජාත්‍යන්තර පුනර්ජීවී බල ශක්ති සම්මේලනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇත.
අදටත් ලෝකගේ දියුණු රටවල් මෙම පුනර්ජීව බලශක්තිය නිපදවීම තම ප්‍රධානම කර්තව්‍ය ලෙස සිදු කොට ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ (කැලිෆෝනියා) ප්‍රාන්තයේ පුනර්ජීව බලශක්තිය නිපදවන සෑම සමාගමකටම 66%ක සහන මුදලක් පළමු වසර අවසානගේදී බාරදෙනු ඇත. ව්‍යාපෘතියට යන වියදම මත එම සහනය බාරදෙනු ලැබේ.
ජාත්‍යන්තර පුනර්ජීව බල ශක්ති ආයතනය විසින් 24-05-2017 වන විට නිකුත් කරන ලද පුවතට අනුව මිලියන 9.8 ක රැකියා වර්ධනයක් ලෝකය පුරා සිදුවී ඇති අතර මෙම තත්ත්වය 2030 වන විට මිලියන 24 ඉක්මවා යන අතර එය පුනර්ජීවී බලශක්තිය තුළ පමණක් ඇති වන වර්ධනයක් වනු ඇත.
2016දී විශාල විදුලි බලාගාර ආශ්රිත රැකියා මිලියන 8.30 ඇති කරගෙන තිබුණද සූර්ය බල ශක්ති නිපදවීමෙන් (PV) පමණක් රැකියා වර්ධනය මිලියන 3.1ක්, 2016 වසර විට සිදුවී ඇතත් එය 2015 වසරට සාපේක්ෂ 12% රැකියා උත්පාදන වර්ධනයකි. මෙහිදී මූලික වශෙයන් චීනය, ඇමෙරිකාව හා ඉන්දියාව ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත.
සූර්ය බල ව්‍යාපෘතිය 17 ගුණයකින් පසුගිය වසර 3 ඇතුළත වැඩි වී ඇති අතර 2015 වසරට අනුව 24.5%කින් වැඩි වී ඇත. 'සූර්ය බල සංග්‍රාමය' (Utility Scale Solar Rear) මගින් ඉදිරි වසර තුළ 6%ක රැකියා වර්ධනයක් දකුණු ආසියාව තුළ ඇතිවීම කිසිම අන් බලවේගයකට නොවැළැක්විය හැකිය. එම තත්ත්වය මත විශාල ආර්ථික වර්ධනයක් සිදුවනු ඇත.
පුනර්ජීවී බලශක්තිය නිපදවීමේ ලෝක ප්‍රජාවගේ අවධානය හා උනන්දුව ඇති වූ වසර ෙලස 2015 වසර හැඳින්විය හැකිය. මෙහිදී 2015 දෙසැම්බර් මස ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුම හා ඉන් අනතුරුව 2016 වසරේදී පැවැති G7 හා G20 සමුළුවේදී ප්‍රධාන මාතෘකාව වූ මෙම ගෝලීය උෂ්ණත්වය හා පරිසර විපර්යාසය පිළිබඳව වීම විශේෂත්වයකි.
අප හිරුගෙන් වැඩ ගත් රටක්
ඉතිහාසයේ ලියැවෙන පෘතුගීසි ජාතික වස්කෝද ගාමාගේ පැමිණීමත් සමග 1496න් පසු පෘතුගීසි ආක්‍රමණය හා වසර 505ක විදේශීය යටත් විජිතය තුළ අප මව්බිමේ තිබුණු සියලු තාක්ෂණික දැනුම මොවුන්ද කොල්ලකා ගත් බවට සනාථ වී ඇත. වස්කෝද ගාමාගේ සගයෙකු වන ක්‍රිස්ටෝපර් 'කොලොම්බෝ' ගේ නාමය ලංකාවේ අගනුවරට නම් කිරීමත් එම කොලොම්බෝ නාමය පෘතුගාලයේ ලිස්බන් නුවර 'සෙන්ට්‍රෝ කොලම්බෝ' යනුවෙන්ද සඳහන්වීමත් අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පෙන්නුම් කර ඇත.
පුරාණ පුස්තකයේ සඳහන් වන එළිතැන්න, නුවරඑළිය, සීතාඑළිය, හාවාඑළිය, මහා කුඩුම්බිගල, සැළඑළිය වැනි සැලකිය යුතු ස්ථානවල සූර්ය බලාගාර ඇති කළ බවට ඉතිහාසය ඉඟිදක්වයි. ඒවාගේම ගෝකණ්ණයේ (ත්‍රිකුණාමල) ඉදිකර තිබූ අදටත් එහි ඉතිරිව තිබෙන උණු වතුර ළිං පොළොවේ උෂ්ණත්වයෙන්ද (GEOTHERMAL) බලශක්තිය නිපදවූ පළමු ජාතිය ශ්‍රී ලාංකිකයන් බවට සාක්ෂි දරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd