ජාත්‍යන්තර නීතිය යනු ස්වෛරී රටවල් අතර වන ගනුදෙනු ක්‍රියාකාරකම් සහ කටයුතු සම්බන්ධව එම රටවල් සම්මුතියෙන් සහ එකඟතාවෙන් ඇතිකරගත් අයිතිවාසිකම් සහ යුතුකම් දැක්වෙන බැඳීමක් වශයෙන් ලුහුඬින් හැඳින්විය හැකිය. ජාත්‍යන්තර නීතිය රටවල් අතර කලින් කල දවසින් දවස එකඟතාවන් මත වෙනස්වීමේ නැඹුරුවක්ද ඇති අතර කෙසේ වුවද සම්මුතියෙන්ම තීරණය වන නිශ්චිත වන නීතිමය ක්‍රමවේදයක්ද වෙයි.
රටවල් 194 ක සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතියේ කේන්ද්‍රස්ථානය වශයෙන් හැඳින්විය හැකිය. ජාත්‍යන්තර නීතිය ඇති කරගෙන ඇත්තේද අනුගමනය කිරීමට එකඟව ඇත්තේද එක්සත් ජාතීන්ගේ සංවිධානය හසුරුවතැයි කියන එකී රටවල් යැයි කිව හැකිය.
සාමාජික රටවල් 194 කින් සමන්විත එකී එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමූහිකව ලෝකයේ පැවැත්වම, සදාචාරත්වය සහ මානුෂික අයිතිවාසිකම් හා මානවයාගේ සාමකාමී අභිවෘද්ධියට තම සාමාජික රටවල් වල නියෝජනය මගින් එක් එක් රටවල් වලට පොදුවේ බලපාන නීතිරිති සමුදායක් දැනට ප්‍රකාශ කොට ලේඛනගත කොට ඇත.
එම නීතිරීති අතර මනුෂ්‍ය අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් ප්‍රකාශය ප්‍රධාන තැනක් ගන්නා අතර බොහෝ රටවල් ස්වකීය රාජ්‍ය ව්‍යවස්ථාවට එම ප්රකාශනයේ අඩංගු කරුණු කාරණා ව්‍යවස්ථාපිතව අඩංගු කොට ඇත.
එම නීතිරීති අනුගමනය කිරීමෙන් මානුෂීය වර්ධනය හා ලෝක ප්‍රජාවගේ වඩාත් ක්‍රමවත් ඵලදායී ශිෂ්ට සම්පන්න පැවැත්ම හා විනාශකාරී ගැටීම් සහමුලින්ම තුරන් කොට එක් එක් රටවල් හි ජීවත් වන සමස්ත ලෝක ප්‍රජාව සාමූහිකව එකමුතු වූ පවුලක් මෙන් සහයෝගයෙන් ජීවත්වීමේ අරමුණ ඇතිව ඉහත සංවිධානය පිහිටුවා එහි විවිධ කාර්ය අංශ තුළින් ජාත්‍යන්තර නීතියක්ද බිහිකොට ඇත.
ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිශ්චය මණ්ඩල අංශයක් ඇති කොට එකී විනිශ්චය මණ්ඩලයේ වරින් වර මෙතෙක් දී ඇති තීන්දු හා ප්‍රකාශ කර ඇති මත තුළින් ජාත්‍යන්තර නීතිය අද පවත්නා විකාශනය වී තිබෙන තත්ත්වය ඇති කොට ඇති බැව් කිව හැකිය.
එසේ වුවද, ජාත්‍යන්තර නීතිය රට අභ්‍යන්තරයක තිබෙන නීති පද්ධතිය මෙන්, අධිකරණ පද්ධතිය මෙන්, එම රටේ ජීවත් වන ජනතාවට බලපාන ආකාරයෙන් ලෝකයේ රටවල් වලට හෝ ලෝක ප්‍රජාවට බල නොපාන බැව් සැලකිය යුතුය. ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කළ යුතුම යැයිද විශේෂයෙන් එසේ කටයුතු නොකළහොත් නීතිය නොපිළිපැදීම මත කටයුතු කිරීමට බලයක් නැති බවද තවදුරටත් සඳහන් කළ යුතුය.
අපගේ මතකයට හා කුතුහලයට හා මවිතයට වරින් වර නැගෙන එක් ඉතා වැදගත් සිද්ධියක් වන්නේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ සංවිධානය බිහිකිරීමේ මූලික කටයුතුවල යෙදෙන අතරතුර 1945 ජූලි මස 07 වැනි දින හා 09 වැනි දින ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර මත පරමාණු බෝම්බ හෙළීමය. මෙතෙක් මිනිත්තු කිහිපයක් තුළ සිදු වූ දරුණුම මිනිස් ඝාතනය හා දේපොළ විනාශය එම ක්‍රියාව බව පැවසිය හැකිය.
පරමාණු බෝම්බය දැමීමට තරම් නොවැළැක්විය හැකි තත්ත්වයක් උදාවී නොතිබුණු බව දැන් කවුරුත් දන්නා කරුණකි. ජපානය ඒ අවස්ථාවේදී යටත්වීමට ඔන්න මෙන්න කියා තිබුණි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද බලයේ තරම පෙන්වීමට හා ,න්‍යෂ්ටික බලය උරගා බැලීමට, ඒසා විනාශයක් සිදුකරනු ලැබීය.
දැනුදු ඊශ්‍රාලයට පනවා ඇති තහනම් කොතෙකුත් තිබුණද එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හෝ ජාත්‍යන්තර නීතියේ තීරණ නොතකා පලස්තීනයට එරෙහිව නොයෙකුත් යුදමය හා දේශපාලනමය ක්‍රියාවලියක යෙදී සිටියි. වෙනත් දුබල රටක් ජාත්‍යන්තර නීතියට හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ තීරණවලට එවැනි ප්‍රතිචාරයක් දැක්වූවා නම් නොයෙකුත් ක්‍රම සහ විධි වලින් එම රට මැඬපවත්වනු ඇත.
අප රටේ ජනතාව බැට කෑ ත්‍රස්තවාදී යුද්ධය නිම කළ විගස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශය ආරම්භ කළ දෝෂාරෝපණ හා තහංචි මෙතෙක් නවතා නොමැත. අද දිනත් අප රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ බලපෑම් කරමින් සිටින්නේ ත්රස්තවාදීන් යුද්ධය අවසාන කිරීමේදී යම් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වූවාදැයි පරීක්ෂා කිරීමටය.
මෙම තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ නේටෝ සංවිධානයේ ක්රියාකාරීකම් සමග සසඳන විට ඊශ්‍රායලය සිය රට අහිමිව නොවිඳිනා දුක් විඳින පලස්තීනය සම්බන්ධව සිදුකරන ක්‍රියාකාරකම් හා සසඳන විට ඇමෙරිකා එක්සත් ජනපදය තම රටට ත්‍රස්තවාදියෙකු වශයෙන් කටයුතු කළ බවට චෝදනා ලැබූ ඔසාමා බින් ලාඩන් නැති කිරීමට ගත් ක්‍රියමාර්ගය හා සසඳන විට අභ්‍යන්තර සිවිල් අරගලයකදී ලෝකයේ බලවත් රටවල් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වූ ත්‍රස්ත හමුදාවක් පරාජය කිරීමට ගත් පියවර මෙලෙස දිගින් දිගටම විශ්ලේෂණය කිරීම පුදුම සහගතය.
ජාත්‍යන්තර නීතිය කිසිම රටකට තමන්ගේ එකඟත්වය නොමැතිව බල නොපායි. ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමටද රටක අධිකරණයට මෙන් බලයක් හෝ හැකියාවක් නොමැත. හැම රටක්ම ජාත්‍යන්තර නීතිය අනුගමනය කරනුයේ එම රටට යම් කිසි ආර්ථික හෝ දේශපාලන වාසියක් එම අවස්ථාවේදී හෝ පසුව හෝ ලබාගැනීමේ අරමුණ ඇතිවය.
තම රටට ආර්ථිකව හෝ දේශපාලනිකව හෝ යම් වාසියක් නොමැති නම් එක්සත් ජාතීන්ගේ තීන්දු තීරණ හෝ ජාත්‍යන්තර නීතිය හෝ පිළිනොපදින්නේය. එහෙත් අදාළ රට ආර්ථිකව හෝ දේශපාලනිකව වෙන යම් අවාසියක් සිදුවීමට ඉඩ ඇති අවස්ථාවකදී ජාත්‍යන්තර නීතිය හෝ එක්සත් ජාතීන්ගේ තීන්දු තීරණ හෝ පිළිපදින අවස්ථා ද ඇත. කෙසේ වුවද රට දුර්වල නම් බලවතුන්ගේ අධීක්ෂණයට යොමුවන අතර ජාත්‍යන්තර නීතියද යම් තදබල බලපෑම් ඇති කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇත.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර නීතියක් වර්ධනය වෙමින් තිබීම නොයෙකුත් අන්දමින් ලෝක ප්‍රජාවට සුබදායක දෙයක් බවද කිව යුතුය. ජාත්‍යන්තර නීති මූලධර්ම අනුව ලෝකයාගේ අභිවෘද්ධියට නොයෙකුත් සංවිධාන ඇති කර ඇති අතර විවිධ සේවාවන් වී ඇති බවත් විවිධ සේවාවන් සිදුවෙමින් පවතින බවත් අමතක කළ නොහැකිය.