Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
දිනපතා පුවත්පත්වල සිරස්තල එකිනෙකට වෙනස් සිද්ධීන්ගෙන් සමන්විත වීම සාමාන්‍ය සිරිතයි. සාමාන්‍ය රීතිය ඉක්මවා යමින් යම්කිසි සිද්ධියක් දිනපතාම අවධානයට ලක්වේ නම් ඒ ගැන වැඩිදුර විමසා බැලීම සුදුසුය. උදයංග වීරතුංග සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කරන අරගලය මේ දිනවල වඩාත් උණුසුම් මාතෘකාව බවට පත්ව තිබේ. උදයංග හා මහේන්ද්‍රන් යන දෙදෙනා පසුබිම් කරගෙන හටගත් මතභේදය මේ වන විට රටෙහි දේශපාලන ගමන්මග තීරණාත්මක සන්ධිස්ථානයක් කරාගෙන යන තත්ත්වයක් දක්වා පරිණාමය වෙමින් පවතින ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. මෙම පුද්ගලයන් දෙදෙනා නීතිය හමුවට ගෙන ඒමට ඇති හැකියාව කෙබඳුද යන්න පිළිබඳ මෙම විග්‍රහය ගෙන එනු ලබන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා සමගිනි.
මිග් යානා ගනුදෙනුව
මේ වන විට විවාදයට තුඩු දී ඇති මිග් යානා සිද්ධිය සැකෙවින් මෙසේය. ශ්‍රී ලංකා රජය විසින් රුසියාවෙන් මිලට ගත් මිග් ජෙට් යානා යල්පිනූ හා ගෙවූ මිලට නොවටිනා ඒවා බවට චෝදනා එල්ල විය. ඒ චෝදනාවන්හි ප්‍රධාන වගඋත්තරකරු වූයේ එවකට රුසියානු තානාපතිව සිටි උදයංග වීරතුංග නමැත්තාය.
වර්තමානයේ අතිශයින් විවාදයට පාත්රව ඇති මිග් යානා සිද්ධිය හා පර්පචුෙවල් ට්‍රෙෂරීස් සිද්ධිය පෙර සඳහන් කළ විවාදාපන්න සිද්ධීන්ගේ කුලකයටම අයත් තවත් එක් ජවනිකාවක් මිස අලුත් සිද්ධියක් නොවන බව පැහැදිලිය. ඉහතින් සඳහන් කළ දූෂණ හා වංචාවන් කාලය විසින් ගිලගත් පරිද්දෙන්ම මිග් යානා සිද්ධිය හා පර්පචුෙවල් ට්‍රෙෂරීස් සිද්ධිය කාලයේ වැලිතලාවට යටවනු මිසක යුක්තියක් ඉටු නොවනු ඇති බව සම්භාවිතා න්‍යාය අනුව වැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළ හැකිය.
උදයංග වීරතුංග සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනා හැකි ඉක්මනින් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු කටයුතු ආරම්භ කරනු ඇති බවට රජය නිතර නිතර ජනතාවට පොරොන්දු වෙයි. නමුත් මෙරටින් පැන ගොස් සැඟව සිටින උදයංග හෝ අර්ජුන් මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම ඔවුන්ට එරෙහිව නීති කෘත්‍යයන් අවසන් කර යුක්තිය ඉෂ්ටකර පෙන්වීම හිතන තරම් පහසු නැත.
අපි අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ සිද්ධියේ වැදගත් සන්ධිස්ථාන සුළු මොහොතකට සිහිපත් කරමු. අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ආර්ථිකය ගැන අබමල් රේණුවකවත් උනන්දුවක් ඇතැයි සිතිය නොහැකි සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු හදිසියේම මෙරටට පැමිණ මහ බැංකු අධිපතිකම බාරගනියි. මහ බැංකුව කිසිදු සාධාරණ හේතුවක් මත අර්ජුන් මහේන්ද්‍රන්ගේ සමීපතම ඥාතියෙකු වන අර්ජුන් ඇලෝෂියස්ගේ පර්පචුෙවල් ට්‍රෙෂරීස් සමාගම වෙත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි. පර්පචුෙවල් යන්නේ අර්ථය සදාකාලික නැතහොත් ස්ථිර යන්නයි. එයින් පර්පචුෙවල් ට්‍රෙෂරීස් සමාගම වාර්තාගත ලාභයක් ලබන අතර, මහ බැංකුව පාඩු පිට පාඩු ලබයි.
මේ අවාසනාවන්ත සිද්ධිය කාලයේ වැලිතලාව යට සැඟව අමතකව යන්නට නියමිතව තිබුණු එකකි. නමුත් දෛවයේ සරදමකට මෙන් සිද්ධිය පිළිබඳව දන්නා දෙදෙනෙක් ඉදිරිපත්ව ජනමාධ්‍යයන්ගේ අවධානය ඒ වෙත ගෙන එති. එයින් ඇතිවන කැලඹීම කොතෙක්ද යත් මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබෙයි. කොමිෂන් සභාවෙන් කරන ලද පරීක්ෂණයන් අනුව විශාල මූල්‍ය වංචාවක් හෙළිවෙයි. අර්ජුන් මහේන්ද්‍රන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දී නිරුපද්‍රිතව මෙරටින් පිටව යයි. එසේ මෙරටින් පිටව ගොස් සිංගප්පූරුවට සැපත් වෙයි. මේ පිළිබඳ ජනතාවගේ අප්‍රසාදය තීව්ර වීමත් සමග පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි අධිපති අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබේ. මේ අතර, තමන් සිංගප්පූරු ජාතිකයෙකු වන බැවින් ලංකාවේ නීතියට තමන් යටත් නොවන බව අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කළ බවට ප්‍රසිද්ධ වෙයි.
මේ සිද්ධීන් පෙළගැස්ම සාමාන්‍ය බුද්ධියෙන් හා වටහා ගැනීමේ ශක්තියෙන් යුතු පුද්ගලයෙකු විසින් වරක් හෝ දෙවරක් කියවා බැලුවහොත් වටිනා සබඳතාවන් රාශියක් වටහාගත හැකිය. ඉන් පළමුවැනි සබඳතාව නම් විදේශිකයෙකු වෙත මහ බැංකුවේ අධිපති තනතුර ලැබීම හා ඔහු මහ බැංකුවේ මුදල් වංචාකර තමන් ලංකාවේ පුරවැසියෙකු නොවන නිසා මෙරට නීතියට යටත් නොවන බවට වහසිබස් කීමයි. දෙවැන්න නම් ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව තමන් විසින් සිදුකළ බව හෙළිදරව් කිරීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් නිරුපද්‍රිතව රටින් බැහැරව යාමයි. මහ බැංකු මූල්‍ය වංචාව මෙරට සිටින පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බවටත් අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඊට බළල් අත් ලෙස සහභාගි කරවා ගත් බවටත් සාධාරණ පුද්ගලයෙකුට සැක පහළ වෙයි. අර්ජුන් මහේන්ද්‍රන්ට විදේශගත වන්නට ඉඩ හැරීම අශ්වයාට පැන යන්නට ඉඩදී ඉස්තාලය වසා දැමීමක් බවද පෙනී යයි.
අර්ජුන් මහේන්ද්‍රන් හා උදයංග වීරතුංග යන දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය සතු හැකියාව මෙතැන් සිට විශ්ලේෂණය කර පෙන්වීම සුදුසුය. විදේශගතව හෝ විදේශයකට පලාගොස් සිටින අයෙකු අපරාධ නඩු කටයුත්තකට ගෙන්වා ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර නීතිය හා උදර්පණ නීතිය යන නීතින් සෘජුව බලපායි.
වෙනත් රටකට පලා ගොස් සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් ඉල්ලා සිටින රාජ්‍යය හෙවත් අයදුම් කරන රාජ්‍යය වෙත යැවීමේ යුතුකමක් ජාත්‍යන්තර චාරිත්රමය නීතිය තුළ නොවීය. චාරිත්රමය ජාත්‍යන්තර නීතිය අනුව අපරාධකරුවන්, සැකකරුවන් හෝ චූදිතයින් රැඳී සිටින රාජ්‍ය රක්ෂස්ථාන සපයන රාජ්‍යය Asylum state නම් වෙයි.
රක්ෂස්ථාන සපයන රාජ්‍යයන්හි රැකවරණය ඉල්ලා සිටින පුද්ගලයන් ප්රධානකොටම කොට්ඨාස තුනකි. (අ) සැකකරුවන් චූදිතයන් හා අපරාධකරුවන් (ආ) දේශපාලන රැකවරණය ඉල්ලා සිටින අය (ඇ) සරණාගතයන්.
මෙම කොට්ඨා තුනට අයත් වූවන්ගෙන් අයදුම් කරන රාජ්‍යයන් වඩාත් ඕනෑකමින් ඉල්ලා සිටිනුයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටිනවුන් තමන් වෙත එවන ලෙසයි. එහි අරමුණ නම් දේශපාලන සතුරන්ගෙන් වඩා කාර්යක්ෂම ලෙස පළිගැනීමයි. මේ හේතුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටින අය සම්බන්ධයෙන් වඩා සානුකම්පිත පදනමකින් සලකා බැලීමට දහනව වන සියවසේ සිට ජාත්‍යන්තර නීතිය පරිණාමය විය. කෙසේ වෙතත් අපරාධකරුවන් අයදුම්කරන රාජ්‍ය වෙත භාරකරවිය යුතුද යන්න තීරණය කිරීම සඳහා ද්වි අපරාධ රීතිය නම් මූලධර්මයක් අන්තර්ජාතික නීතිය තුළ වර්ධනය විය. ද්වි අපරාධ නීතිය අනුව සැකකරුවෙකු හෝ චූදිතයෙකු ඉල්ලා සිටින රාජ්‍ය වෙත භාරදීම සඳහා අදාළ ක්‍රියාව උදර්පණීය වරදක් විය යුතුය.
යම් ක්‍රියාවක් උදර්පණීය වරදක් වීම සඳහා කොන්දේසි ගණනාවක් තෘප්ත විය යුතුය. (අ) අදාළ ක්‍රියාව අයදුම්කරන රාජ්‍යය තුළ වරදක් විය යුතුය. (ආ) අදාළ ක්‍රියාව රක්ෂස්ථාන දෙන රාජ්‍යය තුළ වරදක් විය යුතුය. (ඇ) එකී ක්‍රියාව අවම වශයෙන් එක් අවුරුද්දක්වත් බන්ධනාගාරගත කළ හැකි වරදක් විය යුතුය. එසේම යම් උදර්පණීය වරදකට සම්බන්ධ වූවෙකු ඉල්ලා සිටින රාජ්‍යය වෙත බාරදුන් පසු එම රාජ්‍යය තවත් වැදගත් කොන්දේසියකට යටත් වෙයි. එම කොන්දේසිය නම්, නිශ්චය කරගත් උදර්පණීය වරදට හැර වෙනත් වරදකට චූදිතයා වරදකරු කළ නොහැකි බවයි. යම් හෙයකින් උදර්පණීය වරද හැර වෙනත් උදර්පණීය වරදකට චූදිතයාට දඬුවම් කළ හැකි බව පසුව අනාවරණය වුවහොත් කළ යුතුව තිබුණේ චූදිතයා නැවතත් රක්ෂස්ථාන දෙන රාජ්‍යය වෙත යවා නැවත උදර්පණය කරන ලෙස ඉල්ලීමයි.
ජාත්‍යන්තර චාරිත්රමය නීතියෙහි උදර්පණය පිළිබඳව පවත්නා වියවුල් සහගත ස්වරූපය නිසාම අපරාධකරුවන් රටකින් රටකට මාරුකර යැවීම කාර්යක්ෂම ලෙස ඉටුකළ නොහැකි විය. එසේම දහනවන සියවස අවසානයෙහිදී නෞකා ගමනාගමනය කාර්යක්ෂම වීම හේතුකොටගෙන අපරාධකරුවන් වෙන රටකට පලාගොස් සැඟවීම කරදරයක් බවට පත් විය. ඒ අනුව උදර්පණය නැතහොත් අපරාධ නඩුවලදී අන්‍යෝන්‍ය ලෙස සහයෝගය දැක්වීම පිළිබඳව ගිවිසුම් ඇතිකර ගනු ලැබීය.
1959 වර්ෂයේදී යුරෝපා රාජ්‍යයන් ඇතිකර ගන්නා ලද මෙවැනි ගිවිසුමක් අති සාර්ථකත්වයට පත්ව සාමාජික රාජ්‍ය 47ක් දක්වා වර්ධනය විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව කලක් පැවත ඉන් නිදහස ලද රාජ්‍යයන්ගෙන් පොදු රාජ්‍ය මණ්ඩලය සමන්විත වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නිෙයා්ජිතයන් 1986 වර්ෂයේදී සිම්බාබ්වේහි හරාරේ නුවරට රැස්ව අපරාධ නඩුවලදී අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබාදීමේ ප්රතිපත්තියකට මුල පිරූහ. හරාරේහිදී ආරම්භ කළ ඒ අලුත් වැඩපිළිවෙළ පසුකාලීනව තව තවත් විධිමත් කරනු ලැබීය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර අපරාධකරුවන් රාජ්‍යයන් අතර මාරුකර යැවීම පෙරට වඩා කාර්යක්ෂම හා විශ්වසනීය ලෙස සිදුකළ හැකිය.
ශ්‍රී ලංකාවේ පවත්නා නීති ක්‍රමය අනුව ජාත්‍යන්තර නීතියේ පවත්නා ගිවිසුම් හෝ රීතීන් කිසිවක් මෙරට නීතිය තුළින් නැවත හඳුන්වා දෙනතුරු මෙරට තුළ වලංගු නීතියක් බවට පත් නොවෙයි. ඒ හේතුවෙන් උදර්පණීය හා අපරාධ නඩු කටයුතු වලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීම යන ක්‍රියාවන් විධිමත් කිරීමට 1977 අංක 8 දරන උදර්පණ පනත හඳුන්වා දෙනු ලැබීය. උදර්පණීය වැරදි හෙවත් වෙනත් රාජ්‍යයක් සැකකරු ඉල්ලා සිටින විට යැවිය යුතු වැරදි මෙයාකාරයෙන් පනතේ 6(1) වගන්තියෙන් විස්තර කර දෙනු ලැබේ.
‘‘6(1) යම් නාමෝද්දිෂ්ට පොදු රාජ්‍ය මණ්ඩලීය රටකදී හෝ යම් සන්ධාන රාජ්‍යයකදී හෝ යම් තැනැත්තකු යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවේද ඒ වරද,
(අ) සන්ධාන රාජ්‍යයක නීතියට විරුද්ධ වරදක් සම්බන්ධයෙන් වූ විට, උදර්පණ වැඩපිළිවෙළෙහි විධිවිධාන සලසනු ලැබ ඇත්තාවූ වරදක් නම්,
(ආ) නාමෝද්දිෂ්ට පොදු රාජ්‍ය මණ්ඩලීය රටක නීතියට විරුද්ධ වරදක් සම්බන්ධයෙන් වූ විට, ... උපලේඛනයේ දක්වා ඇති යම් විස්තරයකට අයත්වන්නා වූ සහ එම නීතිය යටතේ මාස දොළහකට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදක් නම්, සහ
(ඇ) කවර වරදක් සම්බන්ධයෙන් වූ විට, වරද සංයුක්ත කරන ක්‍රියාව... හෝ නොකර හැරීම, නැතහොත් ක්‍රියාවට හෝ නොකර හැරීමට සමාන දෙය ශ්‍රී ලංකාව හෝ
ශ්‍රී ලංකාවෙන් පිටත හෝ සිදු වුවහොත්,
ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධ වරදක් වේ නම්, මේ පනතේ කාර්යයන් සඳහා උදර්පණීය වරදක් වන්නේය.*
අපරාධ නඩු කටයුතුවලදී අන්‍යෝන්‍ය නීති සහය ලබාගැනීමේ පනත
උදර්පණ පනතෙන් පසුව නැවත 2002 අංක 25 දරන අපරාධ නඩු කටයුතුවලදී අන්‍යෝන්‍ය නීති සහාය ලබා ගැනීමේ පනත සම්මත කරනු ලැබීය. එම පනතේ 3 වැනි වගන්තිය අනුව අපරාධකරුවන් පමණක් නොව සාක්ෂිකරුවන් ගෙන්වීම වැනි ක්රියාවන්ටද අන්‍යෝන්‍ය ජාත්‍යන්තර සහාය ලබාගත හැකිය.
විදේශගතව සිටින අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සැලකුවහොත් කාණ්ඩ තුනකට අයත් රාජ්‍යයන් හඳුනාගත හැකිය.
(අ) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්.
(ආ) උදර්පණීය සම්මුතියකින් ශ්‍රී ලංකාව සමග බැඳුණු වෙනත් රටක්.
(ඇ) ශ්‍රී ලංකාව සමග උදර්පණීය සම්මුතියකින් බැඳීමක් නැති රටවල්.
මෙයින් අවසානයට දැක්වූ වර්ගයේ රටක සැඟවී සිටින අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීම පහසු නැත. මන්දයත් එම අවස්ථාවෙහි අපරාධකරු මෙරටට එවීමට කිසිදු ගිවිසුමකින් එම රාජ්‍යය බැඳී නොමැති බැවිනි.
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින තාක් කල් ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට එවීමෙහි බරපතළ අමාරුකමක් නොමැති නමුත්, ඔහු මෙරට සමග උදර්පණීය ගිවිසුමක් නොමැති රාජ්‍යයකට පලා ගියහොත් ඇතිවනුයේ විසඳුම් නොමැති අර්බුදයකි. ඔහු වෙනත් රටකට පලා යාම වැළැක්වීමද හිතන තරම් පහසු කාර්යයක් නොවනු ඇත.
අෙනක් අතට විදේශ රටක සැඟවී සිටින සැකකරුවෙකු හෝ චූදිතයෙකු මෙරටට ගෙන්වා ගැනීමට අනුගමනය කළයුතු කාර්ය පටිපාටියද සෑහෙන වෙහෙසකර එකකි. එසේම එබඳු කාර්යයක් සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාපටිපාටීන් එකක් නොව කිහිපයක්ම හඳුනාගත හැකිය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(6) වගන්තිය අනුව අපරාධයක් සම්බන්ධව තොරතුරු දන්නා අයෙකු තමන් වෙත කැඳවීමට අපරාධ විමර්ශනය භාර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඇත. ඔහු එම නියෝගය ඩී.එච්. එල්. වැනි බාරදීමේ ක්‍රියාවලියක් හරහා සැකකරු වෙත යැවිය යුතුය. සැකකරු එම නියෝගය බාර නොගෙන ආපසු හරවා යැවුවහොත් අතපිසදාගෙන නිකං සිටීමට පොලිස් නිලධාරීන්ට සිදුවනු ඇත.
විදේශගත සැකකරුවෙකු ගෙන්වන දෙවන ක්‍රමය නම් මහේස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්ද සමගින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවක් මගින් සැකකරු මෙරටට ගෙන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමයි. මෙයද පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කළ යුත්තකි. එහිදී සැකකරු ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන මෙන් නියෝග කිරීමට මහේස්ත්රාත්වරයාට බලය ඇත. තුන්වැනි ක්‍රමය වනුයේ චූදිතයාට එරෙහිව මහාධිකරණයේ නඩුවක් පවත්නා අවස්ථාවයි. එහිදී අදාළ නියෝගය නිකුත් කරනුයේ මහාධිකරණ විනිසුරුවරයෙකු විසිනි.
උදර්පණය නැතහොත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ ක්‍රියාවලියේ වඩාත් අසීරු කොටස ආරම්භ වනුයේ උදර්පණය කරවා ගැනීම පිළිබඳ අධිකරණ නියෝගය නිකුත් කිරීමත් සමඟය. මෙවැනි නියෝගයක් තමන්ට එරෙහිව නිකුත් කරන ලද බව විදේශගතව සිටින සැකකරුවන්ට ස්වකීය ඥාති මිත්රාදීන්ගෙන්ද ජනමාධ්යයන්ගෙන්ද ඉක්මනින්ම දැනගන්නට ලැබීම සාමාන්‍ය දෙයකි. උදර්පණය පිළිබඳ කාර්ය පටිපාටිය තුළ ඔහුට වෙනත් ස්ථානයකට පැන ගැනීමට ඇති හැකියාව බෙහෙවින්ම වැඩිය.
අපි දැන් උදර්පණය පිළිබඳ පොදු කාර්ය පටිපාටිය උදාහරණයක් ඇසුරෙන් සලකා බලමු. අදාළ නඩුව මහාධිකරණයේ පවතී නම් එහි පළමුවැනි පියවර වන්නේ සැකකරු විදේශගතව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට උදර්පණය කළයුතු බවටත් කරුණු තහවුරු කිරීමයි. ඒ කරුණු තහවුරු කිරීමෙන් අධිකරණය සෑහීමට පත්වුවහොත් ඊට අදාළ නියෝගය මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇත. නියෝගය ප්‍රකාශයට පත්කළ පසු එය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ නියෝගය විෂය භාර අමාත්‍යවරයාට යොමු කළ යුතුය. අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පසු අධිකරණ අමාත්‍යාංශය විසින් එම නියෝගය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
එලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු නියෝගය සැකකරුට රක්ෂස්ථාන සපයන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිකුත් කළ යුතුය. තානාපතිවරයා එය රක්ෂස්ථාන සපයන රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයට නිකුත් කළ යුතුය. එම රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ නියෝගය එරටෙහි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට යොමු කළ යුතුය. එම රටෙහි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් අදාළ නියෝගය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා කරන්නේ නම් සැකකරු සිටිතැයි කියන බලප්‍රදේශයෙහි නිසි බලය ඇති අධිකරණයට එම කරුණ පිළිබඳව සුදුසු නියෝගයක් සඳහා යොමු කළ යුතුය.
රක්ෂස්ථාන සපයන රටෙහි නිසි බලය ඇති අධිකරණයට අදාළ නියෝගය ලැබුණු පසු සැකකරුට විරුද්ධව උදර්පණ නඩු කටයුත්තක් ආරම්භ කළයුතුය. එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන උදර්පණීය වරදක් ඔහුට විරුද්ධව ඇත්ද යන්න සලකා බැලෙනු ඇති අතර, එහිදී ඔහු උදර්පණීය වරදකට චෝදනා ලැබිය යුතු බව පැහැදිලිව ඔප්පු විය යුතුය. ඔහු උදර්පණීය වරදකට චෝදනා ලැබිය යුතු නැති බව පෙනී යන්නේ නම් ක්‍රියාවලියේ මෙම කොටසෙහිදී චූදිත නිදහස් වනු ඇත. ඔහු උදර්පණීය වරදකට චෝදනා ලැබිය යුතු බව ඔප්පු වුවහොත් ඔහු මෙරටට උදර්පණය කරනු පිණිස එරටෙහි අදාළ බලධාරීන් වෙත භාර කරවනු ඇත. උදර්පණය හෙවත් විදේශ රටක සැඟව සිටින සැකකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීම කෙතරම් අපහසුද යන්න ඔප්පුකර පෙන්වීමට මීටත් වඩා කරුණු ඉදිරිපත් කිරීම අනවශ්‍යය.
මහ බැංකුව හිස් කරවීමට අවශ්‍ය උදවිය ඒ කටයුත්තට විදේශිකයෙකුම යොදවා ගත්තේ මන්ද යන්න දැන් කාහටත් පැහැදිලිය. කෙසේ නමුත් අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයෙකු වූ පළියට මෙරට අපරාධ නීතියට යටත් නොවන්නේය යන තර්කය පදනම් විරහිතය. ඒ මහා අපරාධයේ සැලසුම්කරුවන්ට වැරදුණු තැනත් හරියටම එතැනය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd