Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
අඟහරුවාදා පාර්ලිමේන්තු සභාව උණුසුම් වූයේ තෙල් ප්රශ්නය නිසාය. තෙල් නොමැති වීම පිළිබඳ විපක්ෂයෙන් ප්‍රශ්න දෙකක් යොමු කළ අතර අයි.ඕ.සී. සමාගම ලංකාවේ පිහිටු වීම සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් ඇති විය. එම කාලයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ කරු ජයසූරිය මහතාය. සභාවේදී මේ ප්රශ්නය
මතු වූයේ මන්ත්රීවරන් වන විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර ඒ බව මූලාසනයේ සිට කථානායක කරු ජයසූරියට අභියෝග කරමින් ප්‍රකාශ කිරීමත් සමගය. ඒ සමගම කථානායකවරයා එය ප්‍රතික්ෂේප කරමින් වාසුට පිළිතුරු දෙන්නට විය.
මම කොහොමද ඒකට අහුවෙන්නේ. ඒක කැබිනට් මණ්ඩල තීරණයක්. ඒක ඉල්ලා අස්කරගන්න. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එහෙම කතා කරන්න එපා. කථානායකට චෝදනා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඔබතුමා බොහොම පහත් තත්ත්වයට වැටුණා නේද. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට අගෞරව කරමින් ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙහෙම කතාකරයි කියලා මම හිතුවේ නැහැ.
එදින පාර්ලිමේන්තුවේදී අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු අධිකරණ ක්ෂේත්රයට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය පැවැත්වූ අතර මෙහිදී විපක්ෂයෙන් විවාදයට එක්වෙමින් මන්ත්‍රී විජිත හේරත් අධිකරණ ඇමතිනී තලතාට චෝදනා කරන්නය වූයේ පොරොන්දු වූ කිසිවක් මෙතෙක් සිදු නොකළ බව කියමිනි. සෝඩා බෝතලේ ඇරිය වගේ කියමින් ඔහු එයට උදාහරණයක්ද භාවිත කළේය.
ආණ්ඩුව බලයට පත්වෙද්දි පැහැදිලිව පොරොන්දු වුණා අධිකරණ ව්‍යුහය කඩිනමින් වෙනස්කර නඩු කටයුතු අවසන් කරන්න පියවර ගන්නවා කියලා. මේක මුලින්ම කිව්වේ 2015 දී. ඒ දේ අදත් පුනරුච්චාරණය කරන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිදුවෙලා තියෙනවා.
මීට පෙර සිටි අධිකරණ ඇමතිවරයාත් විවිධ පොරොන්දු දුන්නා සහතික දුන්නා නමුත් කළේ නැහැ. නව ඇමතිතුමියත් ආවා ආපුගමන් බොහෝ සද්දෙට සෝඩා බොතලේ වගේ පෙන්නුවා. මෙච්චර කල් බැරිවුණ දේවල් කරනවා කියලා කිව්වා. යැයි විජිත එසේ අදහස් දක්වන විට තලතා නැගිට මූලාසනට පවසා සිටියේ විජිත අසත්‍ය දේ පවසන බවයි.
සභාපතිතුමනි මේවගේ බොරු කියන්න දෙන්න එපා. මේ සභාව නොමග යවමින් උත්තරීතර සභාවක බොරු, පච කියනවා කියලා හිනාවේවි.
මොකක්ද බොරුව.
සෝඩා බෝතලේ ඇරියවගේ කියලා කියපු එකද බොරුව. සෝඩා බෝතලේ ඇරියවගේ කියලා කිව්වේ උපමාවක්. ඒක තේරුණේ නැද්ද?. ඔබතුමිය සෝඩා බෝතලේට ආදේශ කළේ නැහැ. සෝඩා බෝතලේ ඇරියාවගේ ප්‍රකාශ නිකුත් කළා කියලා තමයි කිව්වේ. ඔබතුමිය වරදවා වටහා ගැනීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමිය කිසිසේත්ම සෝඩා බෝතලයකට සමාන නැහැ. සෝඩා බෝතලේ ඊට වඩා ලස්සනයි.
ඉල්ලන් කනවානේ ඇයි මේ ඉල්ලන් කන්නේ යැයි විජිත තලතාගෙන් ඇසුවේ සිනහවෙමිනි.
විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක අධිකරණ පද්ධතියේ සහ නීති පද්ධතියේ අක්‍රමිකතා පිළිබඳ විස්තර කරන්නට වූ අතර ඉන්පසුව අදහස් දැක්වූයේ මන්ත්‍රී සිසිර ජයකොඩි විසිනි. ඔහු කතා කරන විට මන්ත්‍රී බිමල් රත්නායක මූලාසනයට පැමිණ සිටි අතර සිසිර ජයකොඩිගේ කාලය අවසන් වීමට ආසන්න අවස්ථාවේදී මූලාසනය විසින් එය ඔහුට දැනුම් දෙන ලදී.
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා.
එසේ කියූ විට සිසිර එයට පිළිතුරු දුන්නේ චෝදනාත්මක ස්වරූපයෙනි.
ඔව් වෙලාව අඩුවෙන බව අපි දන්නවා.
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් මම විනාඩි පහක් ගන්නවා.
සිසිරගේ එම කතාවට මූලාසනයේ සිටි බිමල්ට කේන්ති ගිය අතර ඔහු ආවේගයෙන් කතා කළේය.
තමුන්නාන්සේට එහෙම වෙලාවක් ගන්න බැහැ. මූලාසනයයි වෙලාව වෙන් කරන්නේ.
බාධාකිරීම් මැද බිමල් එසේ කිවු අතර එය පැහැදිලි කරන්නට විය.
ඔබතුමාට මුලින් විනාඩි 12 කුත් තව විනාඩි 04 කුත් වෙන්කර තිබෙනවා. ඒ කාලය 5.03 ට අවසන් වෙනවා. ඊට අමතරව ගන්නේ කාගෙන්ද?.
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගෙන්.
ඒක ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මෙතැනට කියන්න අවශ්‍යයි.
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා ගියා. ඒක කියලා තමයි ගියේ ඔබතුමා දැන්නේ මූලාසනයට ආවේ. අපි එක්සත් ජාතික පක්ෂෙට බනින කොට වෙලාව සීමාවෙනවා....
ඒ විනාඩි හතර තමයි තමුන්නාන්සෙට එකතු කරලා තියෙන්නේ ඉතිරිය වාසුදේව මන්ත්‍රීතුමාට දීලා තියෙනවා.......
වාසුදේව මන්ත්‍රීතුමාට කොටසයි දුන්නේ මට තව වෙලාව තිබෙනවා....
මට තමුන්නාන්සේ සමග වාද කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමා වෙන කවුරුහරි ඉන්නවා නම් වෙලාව අරගෙන කතා කරන්න නැතිනම් කතාව නවත්වන්න...
අපි විපක්ෂෙ නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීතුමෙකුගෙන් වෙලාව දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට එක්ත් ජාතික පක්ෂෙට වෙලාව දෙන්න පුළුවන්. අපිට දෙන්න බැහැ. අපිට ලැජ්ජයි ජනතා විමුක්ති පෙරමුණ ගැන. සිසිර එසේ චෝදනා කරන විට බිමල්ට තවත් කේන්ති ගියේය.
මම මූලාසනේ ඉන්නෙ. ඒක තේරුම් ගන්න තමුන්නාන්සේ. පාර්ලිමේන්තුවට සුදුසු නැති වචන පාවිච්චි කරනවා මූලාසනයට අගෞරව කරනවා. මම මූලාසනයේ ඉද්දි පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. ඒක තමුන්නාන්සේ තේරුම් ගන්න. මම කනගාටු වෙනවා තමුන්නාන්සේගේ හැසීරීම ගැන කියූ බිමල් ඊළඟ කතිකයාට අදහස් දක්වන්නට අවසර ලබා දුන්නේය.
ගරු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා කතා කරන්න.
අජිත් මාන්නප්පෙරුම කතාව ආරම්භ කළේද එම සිද්ධිය පාදක කර ගනිමිනි.
මගේ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිතවත් මන්ත්‍රීතුමා අද කිපපු දේවල් ළමයින්ටත් උගන්වනවාද කියලා මම දන්නේ නැහැ. ඉතාම අසභ්‍ය වචන කුණුහරුප කියන්නේ.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ පැවසූ කතාව පිළිබඳ බොහෝ දෙනා අදහස් පළකර තිබූ අතර මෙය නැවත කරළියට පැමිණියේ බදාදා ව්‍යවස්ථා සභාවේදීය. ව්‍යවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ පිළිබඳ කතා කරන්නට විය.
'එක්කෙනෙක් පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කිව්වනේ. අනුර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා ඒ කෙනා කැටපෝලෙකින්වත් සෙල්ලම් කරපු පුද්ගලයෙක් නෙවෙයි කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමා විමල් වීරවංශගේ බෝම්බ කතාව හොඳයි කිවුවා. එහෙම කරන්න බැහැ. ඇමතිවරයෙක් විදිහට මේ ආණ්ඩුවේ ඉඳගෙන විමල් වීරවංශ මහත්තයාට බෝම්බ ගහන්න ඉඩදෙන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට බැහැ. කලින් බෝම්බ නඩුවෙත් නීතිඥයෙක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාලු. සමහර වෙලාවට මේ සැරෙත් බෝම්බ නඩුවක් ආවොත් ඒ නඩුව ගන්න බලාගෙන ඉන්නවාද දන්නේ නැහැ සුසිල් ප්රේමජයත්න මහත්තයා. කොහොම වුණත් විමල් වීරවංශ මහත්තයා බෝම්බ ගණනාවාක් ගැහුවනේ. ජනතා විමුක්ති පෙරමුණ කඩන්න බෝම්බ ගැහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවත් බෝම්බ ගැහුවා, ඒකෙන් එයත් නැති වුණා.'
තුෂාර ඉඳුනිල් එකදිගටම එසේ කතා කරගෙන යන විට එයට රංජිත් සොයිසා බාධා කරන්නට විය.
'මෙහොම කතා කරන්න දෙන්න බැහැ. මේක නවත්වන්න.* යැයි සොයිසා කියූ විට තුෂාර ඔහුට වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
'මෙයා හැරෙන්නට අනිත් හැමෝම වැදගත් මන්ත්‍රීවරුන් මේ සභාවේ ඉන්නේ.'
එවිට &මගේ තිබෙන නොවැදගත්කම මොකක්ද?* යැයි සොයිසා අසා සිටියේය.
තුෂාර එවිට පිළිතුරු දුන්නේ මෙසේය.
'මට විනාඩියයි තිබෙන්නේ. තමුන්නාන්සේගේ පම්පෝරිය මට විනාඩියෙන් කියන්න බැහැ. පොතක් ලියලා ඒක සභාගත කරන්නම්. තමුන්නාන්සේගේ චරිත සහතිකය මට විනාඩියෙන් දෙන්න බැහැ.
මේක වැදගත් සභාවක්. එතුමා සහ විමල් වීරවංශ හැරෙන්නට අනික් සියලුදෙනාම වැදගත් මන්ත්‍රීවරුන් ඉන්න සභාවක්. ඒ නිසා විශේෂයෙන් මම ඉල්ලනවා වීරවංශ මේ පාර්ලිමේන්තුවේ පළමු වැනි ගේට්ටුවේ සිට පූර්ණ පරීක්ෂාවකට ලක් කරන්න කියලා. හැම ගේට්ටුවකින්ම පරීක්ෂා කරලා විමල් වීරවංශ මේ සභාවට ගන්න කියලා මම ඉල්ලනවා. මේ සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි මම එහෙම ඉල්ලන්නේ.'
ලුණුගම්වෙහෙර, සද්ධාතිස්සපුර %සදිසිගම^ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට පැමිණ සිටි පිරිසකට එතෙක් රහසක්ව පැවැති කිසියම් සිද්ධියක් කරළියට ආවේ සියල්ලන් මවිතයට පත් කරමිනි. දිගු කලක් මුළුල්ලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රබලයන් 5දෙනෙකු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමග එක්වීම එම සිද්ධියයි.
ලුණුගම්වෙහෙර ප්‍රා‘දේශීය සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු වන විජිත උභයවර්ණ සහ චන්ද්‍රසිරි සිරිවර්ධන, එහි හිටපු මන්ත්‍රීවරයෙකු වන නාමල් වීරසිංහ, ප්‍රා‘දේශීය සභා අපේක්ෂකයෙකු වන අජිත් රුහුණගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවේදක සමන් ගමගේ යන අය සමග තවත් ප්‍ර‘දේශවාසී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක් වූහ. සජිත් කීවේ %කිසිම පෞද්ගලික වරදානයක්^ වරප්‍රසාදයක් නැතිව මේ පිරිස මා සමග එක්වුණේ මගේ වේගවත් සංවර්ධන සැලැස්මේ කොටස් කරුවන් වෙන්නයි^ කියාය. %පැති මාරු කළත් ඒ අය කලින් හිටපු පැත්තේ අයට බණින්න, මඩ ගහන්න මං ඒ අයව පාවිච්චි කරන්නේ නෑ. පරණ අතීතය අමතක කරලා අපි අලුත් ගමනක් යමු^ සජිත් කියද්දී විශාල අත්පොළසන් හඬක් නැගුණේය. උත්සවය අවසන් වූ වහාම සජිත් කළේ මේ පිරිස හා ප්‍ර‘දේශයේ මහජන නියෝජිතයන් සමග ලුණුගම්වෙහෙර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමයි. ප්‍ර‘දේශය තුළ මෙතෙක් ඉටු නොවූ සංවර්ධන ක්‍රියාමාර්ග ඉඩම් හා නිවාස ප්‍රශ්න ගැන සාකච්ඡා වන අතර සජිත් ඇසුවේ %පසුගිය ආණ්ඩුව කාලේ මේ දේවල්වලට ප්‍රමුඛතාව නොලැබෙන්න හේතුව මොකක්ද?* කියාය. %මොනව කරන්නද සර්, ඒ දවස්වල ප්‍රමුඛතාව දුන්නේ මෙගා ප්රොජෙක්ට්වලටයි. මෙගා ඩීල්වලටයි විතරනේ, එහිදී ලැබුණු පිළිතුර විය.
රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සඳුදා උමාඔය ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය. එම ව්‍යාපෘතියේ සියලු කටයුතු 2018 වසර අවසන් වීමට පෙර නිමාවට පත් කළ හැකි බවයි එම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ඉරාන නියෝජිතයන් ප්‍රකාශ කර තිබුණේ. එමෙන්ම භූමියේ ඇති වී තිබූ පැලීම් හා ජල කාන්දු සිදුවන ස්ථාන නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඉංජිනේරුවරුන්ගෙන් විමසා සිටියේ නැවතත් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවහොත් ක්රිරයාත්මක කිරීමට ඇති සැලසුම් පිළිබඳයි. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ එවැනි බලපෑමක් නැවත ඇති නොවන පරිදි ඉදිකිරීම් සිදු කර ඇති බවයි.
මේ අතර උමාඔය ව්‍යාපෘතියේ භූ පැලීම් පිළිසකර කිරීමේ කටයුතු සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය හා දූවිලි මුසු වීමෙන් පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී වැඩි අවධානයක් යොමු කළේය. ඉරාන රජයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී එම ගැටලුව විසඳීමට අවශ්‍ය සම්පත් හා මූල්‍ය ප්‍රතිපාදන ජල සම්පාදන මණ්ඩලය වෙත ලබා දීමට හැකි විය. එමෙන්ම ජල පිරිපහදුවක් කඩිනමින් පිහිටු වීමට රුපියල් මිලියන 15ක මුදලක්ද ලබා දුන් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
සියල්ල නිමා වී ඇල්ල ප්‍රදේශයේ පිහිටි නවාතැනට පැමිණෙමින් සිටියදී ඔහුගේ නෙත ගැටුනේ කුඹුරක සී සාමින් සිටින ගොවි මහතුන් කිහිප දෙනෙකි. ඉන් පසු වහා සරමක් ඇඳ ගත් අමාත්‍යවරයාද කුඹුරට ගොඩ වූයේ ගොවීන් මවිතයට පත් කරමිනි. ඔවුන් කියා සිටියේ මෙහෙ ඉන්න ඇමතිවරු තියා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් කුඹුරක් අසලටවත් නොපැමිණෙන බවයි.
ගොවීන් හැගීම්බරව එසේ විවිධ දේ කියද්දී නඟුල අතට ගත් ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා සී සාන්නට පටන් ගත්තේය. ඒ අතර ඔහුගේ විසින් බිරිඳ මෙම දර්ශනය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලදී. මේ අතර මගෙ හෑම හොඳදැයි ඇමතිවරයා ගොවි මහතුන්ගෙන් විමසා සිටියේය. ගොවීන් කියා සිටියේ සී සෑමේ වරදක් නොමැති වුවද අඬහැරය පාන්නට නම් තව ටිකක් හුරු විය යුතුයි කියාය. එහිදී සිනා මුසු මුවින් ඊට පිළිතුරු දුන් රංගේ බණ්ඩාර මහතා පැයකට ආසන්න කාලයක් සීසෑමේ නිරත වීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගියේ ගොවි ගෙවිලියන් විසින් පිළියෙල කර දුන් කහට කෝප්පයක්ද පානය කිරීමෙන් අනතුරුවය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහමැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර වසර දෙකකට වැඩි කාලයක් මන්ත්‍රී ධුරය දැරූ ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කළේ ගිය සතියේය. ගාල්ල දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවේ ඊළඟට සිටි හිටපු අමාත්‍ය පියසේන ගමගේට මන්ත්‍රීවරයෙකු වීමේ පින පෑදුණි. පසුගිය සතිය පුරා දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූ මෙම සිද්ධියෙන් පසුව සියලු දෙනා බලා සිටියේ පියසේන ගමගේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන දිනය පිළිබඳවය. බ්‍රහස්පතින්දා සවස 2.00ට පැමිණ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන්නැයි පියසේන ගමගේට පාර්ලිමේන්තුවෙන් දන්වා තිබුණි. ඉන්පසුව හිටපු ඇමතිවරයාගේ පවුලේ උදවිය හා හිතවතුන් එම වෙලාව ගැන ජ්‍යෝතිෂවේදීන්ගෙන් විමසීමක් කළේය. රාහු කාලය පවතින වේලාවක් පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇතැයි ජ්‍යෝතිෂවේදීන්ගේ අදහස විය. ඒ ගැන යළිත් පාර්ලිමේන්තුවට දැන් වූ පියසේන ගමගේ වෙනත් දිනයක් ලබාදිය හැකිදැයි විමසා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ න්යායපත්රය දෙස බලා අද පෙරවරු 10ට පැමිණ දිවුරුම් දීම සිදුකරන ලෙස පාර්ලිමේන්තුවෙන් දැන්වීය. එම වෙලාව ගැටලුවක් නැති බව ජ්‍යෝතිෂවේදීන්ගේ අදහස විය.
බදාදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට කම්කරු රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීර එක් විය. එම මාධ්‍ය හමුව ආරම්භ වීමට පෙර ඇමතිවරයා සිය හිතවතෙකුට දුරකථන ඇමතුමක් ගත් අතර රූපවාහිනී ආයතන රඳවා තිබූ කැමරාවල එම සංවාදය සටහන් විය.
අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ ලේකම්වරයෙකු හමුවී ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා රහසේ කියන්නට විය.
“හරි ශාක්‍ය. මම ඇමතිතුමියට දැන් කතා කළා.දැන් ටෙන්ඩර්ස් හෝල්ඩ් කරලා තියෙනවලු. ඉක්මනට බලලා ටෙන්ඩර් එකක් දාන්න කිව්වා ඔයාට. ඔව් ඔව් දැන් කෝල් කරලලු තියෙන්නේ. ඉන්ද්‍රජිත් විජේසූරිය කියලා ඉන්නවා ඇමතිතුමියගේ ලේකම් කෙනෙක්. එයාව ගිහින් හම්බවෙලා ඔයාගේ මේවා එක දාන්න ටක්ගාලා හරිද? එයාගේ අමත්‍යාංශයට යන්න විදේශ සේවා එකට. ඉන්ද්‍රජිත් විජේසූරිය ළඟට ගිහින් මට කෝල් එකක් දෙන්න.* යනුවෙන් පවසා රවීන්ද්‍ර සමරවීර දුරකථනය පසෙකින් තැබුවේය. ඔහු සිතා සිටියේ කිසිවෙකුට එම සංවාදය නෑසුණු බවය. එහෙත් සමාජ ජාල ඔස්සේ හා මාධ්‍ය ඔස්සේ මෙය ප්‍රසිද්ධ වූ අතර මේ ගැන විමසන අයට උත්තර බැඳීමටද ඔහුට සිදු විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ජනතා රැලියේ සංවිධාන කටයුතු මේ දිනවල සිදුවෙයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ බොහෝ පිරිසක් විවිධ වගකීම් දරමින් සම්බන්ධ වී සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කුඩා රැස්වීම් පැවැත්වීමට වෙනම මන්ත්‍රී කණ්ඩායමක් එක්ව සිටිති. එස්.එම්. චන්ද්‍රසේන කොළඹට වැඩිපුර නෑවිත් රැලියේ බර කරට ගෙන තිබීම හේතුවෙන් ඩී.ඒ රාජපක්ෂ ගුණසමරුවටද ඔහුට සහභාගි වීමට නොහැකි විය. පසුගිය සතිය පුරා විමලවීර දිසානායකද කුඩා කුඩා රැස්වීම් ගණනාවකට එක් විය. ඔහු සමග පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
'සර් මේ දවස්වල අනුරාධපුරයට වහින්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. ඒ හින්දා මිනිස්සු ඉන්නේ හේන්වල නැත්නම් කුඹුරුවල. ආණ්ඩුව ගැන පුදුම තරහකින් ඒ මිනිස්සු ඉන්නේ. වගාවක් කරගන්න තියෙන කාලය හින්දා රැස්වීම්වලට මිනිස්සු එනවා අඩුයි. ඒත් ඡන්දෙදි අපිත් එක්ක තමයි ඉන්නේ* මේ දිනවල අනුරාධපුරයේ ඇති වී තිබෙන තත්ත්වය පළාත් සභා මන්ත්‍රිවරයෙක් විමලවීරට පැහැදිලි කළේය.
'මාත් දන්නවා ගොවි මිනිස්සුන්ගේ දුක. වැස්ස නැතිව ඒ මිනිස්සු හිටියේ හරිම අමාරුවෙන්. ආණ්ඩුවෙන් ගොවියාට කියල මොකක්ද කළේ. කෘෂිකර්ම ඇමති ඉන්න දිස්ත්‍රික්කයේ ඉන්න ගොවියො ටික ගැනවත් බලන්න ඒ අයට බැරිවුණා' විමලවීර කීවේය.
අනුරාධපුරයේ බහුතර ජනතාව මේ දිනවල ගොවිබිම්වල සිටින නිසා 12 වැනිදා රැස්වීමේ ජනතාවගේ අඩුවක් දැකිය හැකිවනු ඇතැයි පිරිස සාකච්ඡා කරන්නට විය. එහෙත් හැකි තරම් ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඉදිරි දින කිහිපයේදීද කුඩා රැස්වීම් පැවැත්විය යුතු බව විමලවීර අනෙකුත් මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේය.
බදාදා පාර්ලිමේන්තුවේදී රංජිත් සොයිසා, පවිත්‍රා, රමේෂ් පතිරණ කතාබහ කරමින් සිටියදී මහින්ද ඔවුන් සමග කතාබහ කළේය. පසුව මහින්දට පාර්ලිමේන්තු ආලින්දයේදී දිනේෂ් හා විමල් හමුවිය. අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඈත්ව එම සාකච්ඡාව විනාඩි 10ක් පමණ සිදුකළ අතර කුමක් සාකච්ඡා වූයේදැයි හෙළි නොකිරීමට තිදෙනාම වගබලා ගත්තේය. පාර්ලිමේන්තු භෝජනාගාරයේ මහින්ද කෑම කන අතරේදී අනුර යාපා හා සුසිල් පැමිණ කතා කළේය. ටික වේලාවක් එම සාකච්ඡාව යන විට චන්දිම වීරක්කොඩි එම ස්ථානයට පැමිණියේය. චන්දිම එතරම් ගණන් නොගත් බව මහින්දගේ හැසිරීමෙන් දැකිය හැකි විය. පවතින තෙල් අර්බුදය ගැන සුසිල් හා අනුර යාපා කතා කළ අතර,
'මම ඇමති වෙලා ඉන්න කාලයේ ගෑස් සමාගමක් බදු දෙන්න යෝජනා වුණා. මං ඒකෙන් ආණ්ඩුවට වැඩි කොටසක් තියෙන විදියට ගිවිසුම හැදුවා. ඒ වුණාට පස්සේ ආණ්ඩුව ඒක වෙනස් කළා* චන්දිම කතාවට එක්වෙමින් කීවේය.
එම ප්‍රකාශය එතරම් ගණන් නොගත් මහින්ද
“ආණ්ඩුවේ ඉඳගෙන ඔයාලා ඕවා කියල වැඩක් නැහැ* යැයි කීවේය. පසුව පාර්ලිමේන්තු පුස්තකාලයේදී මහින්දට රංජිත් අලුවිහාරේ හමු විය.
'මං එනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුහුද පැත්ත බලාගෙන හිටියා. අපි බස් එනකම් කෝච්චි එනකම් බලා ඉන්නවා වගේ ඒ අයත් නැව එනකම් බලාගෙන ඉදලා* පියල් නිශාන්ත කීවේය. එලෙස කතා කරමින් සිටියදී හකීම් පැමිණ මහින්ද හමුවිය. 'කොහොමද දැන් කාන්තා නියෝජනය හොයා ගත්තද? අපිට නම් ලිස්ට් එකට දාන්න බැරිතරම් කාන්තාවෝ ඉන්නවා* මහින්ද කීවේය.
ඒකාබද්ධ විපක්ෂයට ඉන්දියාවේ සහාය තියෙන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි බැසිල් රාජපක්ෂයි, ප්‍රසන්න රණතුංගයි ඉන්දියානු කාන්තාවන් දෙන්නෙක් කසාද බැදලා තියෙන නිසා බව ඌව මහ ඇමති චාමර සම්පත් පසුගිය සිකුරාදා පැවසූ ප්‍රකාශය රූපවාහිනියේ විකාශය විය. මෙය දුටු සැනින් ප්‍රසන්න බැසිල්ට කතා කළේය. 'සර් අපිටත් හොරෙන් තවත් මොකක්හරි කසාදයක් කරගත්තද?* ප්‍රසන්න ඇසූ විට 'නෑ. ඇයි මොකෝ ප්‍රසන්න එහෙම කිව්වේ?'
'සර් ඉන්දියාවේ ගෑනු කෙනෙක් කසාද බැන්දා කියලා ඌව මහ ඇමති චාමර කියල තියෙනවා. ඉතිං මං හිතුවෙ අපිට හොරෙන් මොනවහරි කරගත්තවත්ද කියලා' ප්‍රසන්න කියූ විට සිනාසුණු බැසිල් “මොකද්ද ඒ කතාව. මං දන්නෙ නැහැ* පැවසීය.
'මමයි සර්රුයි ඉන්දියාවෙන් කසාද බැඳලා තියෙන නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයට ඉන්දියාවේ සහාය තියෙන්නේ කියලා තියෙන්නේ* ප්‍රසන්න සිද්ධිය පැහැදිලි කළ විට
'ඔය මෝඩයන්ට උත්තර දෙන්න යන්න එපා ප්‍රසන්න* බැසිල් කීවේය.
හේවාහැට ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලමණ්ඩල රැස්වීම මහින්දානන්ද සංවිධානය කර තිබුණි. එම රැස්වීමකට ප්‍රසන්නට සහ ඉන්දික අනුරුද්ධට ආරාධනා කර තිබුණි. පේරාදෙණිය ගෙස්ට් හවුසයකින් උදේ ආහාර ලබාගත් ඔවුන් කතාවට වැටුණි.
“මට මේ දවල්වල හරි වැඩක්නේ වෙලා තියෙන්නේ මන්ත්‍රීතුමා' ප්‍රසන්න කතාව ආරම්භ කළේය.
'ඒ මොකද්ද මන්ත්‍රීතුමා* මහින්දානන්ද ඇසීය.
'මට අපේ නෝනගේ උප්පැන්න සහතිකය තැන් තැන්වල අරන් යන්න වෙලානේ' ප්‍රසන්න කී විට
'ඇයි මොකද්ද වෙලා තියෙන්නේ?* මහින්දානන්ද විමසීය.
'අපේ නෝනා ඉන්දියාවේ කෙනෙක් කියලා ඌවේ මහ ඇමති කියල තියෙනවා. එයා ලංකාවේ ඉපදුන දෙමළ ජාතික කාන්තාවක් තමයි. ඕක මට හංගන්න දෙයක් නැහැ. වැඩේ කියන්නේ බැසිල් ඇමතිතුමාත් මේකට පටවලාගෙනනේ. මං කෝකටත් බැසිල් ඇමතිතුමාට කතා කරලා ඇහුවා අපිට හොරෙන් මොකක්හරි කරගත්තද කියලා' ප්‍රසන්න විස්තර කරද්දී පිරිස සිනහසෙන්නට වූහ.
මේ අතර කතාව වෙනතකට යවා දේශපාලනය ගැන කතා විය.
'අපිට අපේක්ෂක ලැයිස්තු හදද්දී ලොකු කණ්ඩායම් ඉල්ලනවා. ඒ නිසා ජනතාවගේ කැමැත්ත පේනවා* ‘ප්‍රසන්න පැවසීය.
'චන්ද්‍රිකා ආපු නිසා ගම්පහ බලපෑමක් නැද්ද?' යි මහින්දාන්නද ඇසීය.
'අපි පසුගිය මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේම ආසන විදියට ගත්තොත් අපි දිනුම්. ආසන කිහිපයක් විතරයි අපි පරාද වුණේ. මෙවර කොට්ඨාස විදියට තිබ්බාම එහි වාසිය කොහෙමත් අපිට එනවා. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළේ චන්ද්‍රිකාට ලොකු බලපෑමක් කරන්න බැහැ* ප්‍රසන්න කීය.
ඩී.ඒ. රාජපක්ෂ පනස්වැනි ගුණසමරු පිංකම සඳුදා හා අඟහරුවදා මැදමුලන නිවසේදී පැවැත්විණි. සඳුදා රාත්‍රියේ පැවති පිරිත් පිංකමට මහින්ද, බැසිල්, චමල්, ගෝඨභය, නාමල් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. එහි සිටියදී මෛත්‍රීපාල සිරිසේනගෙන් චමල්ට දුරකථන ඇමතුමක් ලැබුණි. ඩී.ඒ. රාජපක්ෂ උපහාරය සඳහා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම ඉල්ලා තිබුණු අතර, ඒ සඳහා අවසර දුන් බව මෛත්‍රී කීවේය. තමන්ට මෛත්‍රී කතා කළ බව චමල් අනිත් පිරිසට පැවසීය. මෛත්‍රී පැවසූ සියලු තොරතුරු හෙළිකිරීමට චමල් ඉක්මන් නොවුණු අතර, එය රහසක් වශයෙන් තබාගැනීමට පරිස්සම් විය. රාත්‍රිය වනවිට පවිත්‍රා, මහින්දානන්ද, රෝහිත ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් එක්ව සිටියහ. ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයේ සිදුකළ සංචාරය ගැන මහින්ද එහිදී විස්තර කළේය.
&මට ඊළඟ වතාවේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා ඒ ප්‍රාන්තයේ මහ ඇමති කිව්වා. ඊළඟ පාර මට ජනාධිපති වෙන්න බැරි විදියට ව්‍යවස්ථාව වෙනස් කරපු විත්තිය ඒ අය දැනගෙන හිටියෙ නැහැ* මහින්ද කී විට පිරිස සිනහසෙන්නට වූහ. පසුවදා උදෑසන ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර සිදුකෙරුණි. ගාමිණී ජයලත් ලියූ ‘මැදමුලන මහරුක කෘතිය මෙහිදී එළිදැක්විණි.
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ තෙල් ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමු කරමිනි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග තෙල් හිඟයට බලපෑ කරුණු කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය. ඒ අතරේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කතා කරන්නට වූයේ “මේකෙන් වෙන්නේ ජනාධිපතිතුමා අපහසුතාවට පත් වීම. මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට...” යැයි පවසමින් අර්ජුන රණතුංගටද චෝදනාවක්ද එල්ල කරමිනි.
ඒ සමගම කැබිනට්ටුව උණුසුම් විය. අමාත්‍ය අර්ජුනගේ අදහස් අනුමත කළ පාඨලී චම්පික ඇමතිවරයා පැවසුවේ මේ ප්රශ්නය සුළුවෙන් තැකිය නොහැකි බවයි.
“මේ ප්‍රශ්නෙදි තෙල් ස්ටොක් එකක් තියාගත්තේ නැති එක ප්‍රශ්නයක්. නමුත් අමතක කරන්න එපා මේක මාෆියාවක්. මේක ලේසියට ගන්න එපා. මගේ කාලෙත් මේ මාෆියාව ක්‍රියාත්මක වුණා. අපි දැන් බලන්න ඕන මේ ප්‍රශ්නේ විසඳාගැනීම. ප්‍රශ්න තනියම එනවා නෙමෙයි, එකිනෙකට බැඳී එන්නේ...* යනුවෙන් පාඨලී පැවසීය. ඊට
පසුව සාකච්ඡාවට එක්වූයේ දයා ගමගේය.
“අර්ජුන රණතුංග ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා, බාලතෙල් මේ රටට නොගෙනාපු එක ගැන. අද මෙහෙම වුණාට කලින් නම් බාලතෙල් අපේ රටට ගෙනාවා. ඒ වෙලාවලදී පළමුවැනි ටෙස්ට් එක ෆේල් වුණත් දෙවැනි ටෙස්ට් එකත් ෆේල් වුණත් ඊට පස්සේ තුන්වැනි ටෙස්ට් එකක් කරලා ඒක පාස් කරලා තෙල් ටික ලංකාවට ගෙනාපු අවස්ථා තිබුණා” යැයි ඔහු කීවේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා දෙසද බලමිනි.
“අපේ කාලේ මේ වගේ ප්‍රශ්න වුණේ නැහැ....” යැයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පැවසීය.
නැවත වරක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා අදහස් දැක්වූයේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉලක්ක කරගනිමිනි.
“ජනාධිපතිතුමනි, මම කියන්නේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. එස්.එම්.එස්. එකක් ගියා ස්ට්‍රයික් එකක් එනවා කියලා. ඒක ගැන පරීක්ෂණයක් කරන්න. අපි දැන් හදන්නේ කොහොමහරි මේ ප්රශ්නය විසඳා ගන්න. ඒ අස්සේ දයාසිරි ඇමැතිතුමා බොර දියේ මාළු බාන්න හදන එක ගැන මම කනගාටු වෙනවා. එතුමාට එතුමාගේ අමාත්‍යාංශය කරගන්න බැහැ.....” යනුවෙන් පැවසීය.
කෙසේ වුවද කැබිනට් රැස්වීමෙන් දින දෙකකට පසු තෙල් නැවක් ශ්‍රී ලංකාවට පැමිණියේ සතියක් තිස්සේ අර්ජුන ඇමතිවරයාට තිබූ පීඩනය යාන්තම් අඩු කරමිනි.
පෙට්‍රල් අර්බුදය රට පුරා පැතිරි යද්දී ඒ වෙනුවෙන් කුමක් හෝ කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කළහ. ඒ අනුව අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වීම සඳහා පාපැදිවලින් යාම හොඳ බව ඔවුන්ගේ අදහස විය. පාර්ලිමේන්තුවට යන මාර්ගයේ පාපැදිවලින් යෑමට හැකිදැයි තරුණ මන්ත්‍රීවරු මහින්දගෙන් ඇසූහ. ව්‍යායාම් කරන තමන්ට එය ගැටලුවක් නැති බව මහින්ද කීවේය. ඉන් පසුව පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පිහිටි %දියත උයන^ අසලට මහින්ද ඇතුළු මන්ත්‍රීවරු වාහනවලින් පැමිණියහ. ඉන් පසුව මන්ත්‍රීවරයෙකු ගෙනැවිත් තිබුණු පාපැදිවලට නැගුණු ඔවුහු පාර්ලිමේන්තු පාරේ ඉදිරියට ගියහ. කථානායක නිල නිවස අසලට යන විට පොලීසිය විසින් මන්ත්‍රීවරුන්ගේ ගමන නතර කරන ලදී. &මන්ත්‍රීතුමන්ලාට බයිසිකල්වලින් මේ විදියට යන්න දෙන්න බැහැ* උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
'දැන් ඉතිං පෙට්‍රල් ගහන්නත් නෑනේ. අපට බයිසිකල්වලින් තමයි එන්න වෙලා තියෙන්නේ* මහින්ද කීවේය.
'ඔයගොල්ලෝ ඇමතිතුමාට කියලා තෙල් අරන් දෙන්න. එතකොට අපිත් අපේ වාහනවල යන්නම්* මහින්දානන්ද පැවසූ අතර, පොලීසියට ඉවත් වීමට සිදුවිය.
ඉන්පසුව මහින්ද, නාමල්, රමේෂ්, ශෙහාන්, ජානක, කාංචන, චානක ඇතුළු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දක්වා ගමන් කළහ. මහජන පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුහු තමන්ට පොලීසිය සිදුකළ බාධා කිරීම ගැන පැමිණිලි කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd