මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතා පිළිබඳ දැනුවත්භාවයක් තිබිය හැකිය. එහෙත් මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ හසල දැනුමක් සහිත ෂෙල්ටන් අබේවික්‍රම මහතාගෙන් ශ්‍රී ලංකාව නිසි සේවාවක් ලබා ගත්තේද යන්න ගැටලුවකි.
ඇමෙරිකාවේ මිනෙසෝටා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඒ මහතා මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ වැදගත් ලිපි, පර්යේෂණ වාර්තා හා ග්රන්ථ රාශියක් රචනා කළ පුද්ගලයෙකි. ඔහු මාධ්‍ය ක්ෂේ්ත්රය බුදුදහම හා සමගාමීව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ බොහෝ අවස්ථාවලදී පවසා තිබේ.
මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතා ශ්‍රී ලංකාවට පැමිණ පසුගිය සඳුදා (04දා) නැවතත් දිවයිනෙන් පිටත්ව ගියේය. මේ ඔහු දිවයිනෙන් පිටත්ව යෑමට මත්තෙන් 'අද' පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි.
Q ජාත්‍යන්තරය හා බැලූ විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ප්‍රමාණවත්ද?
ජාත්‍යන්තරය හා බැලුවාම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට ඇත්තේ පහළම නිදහසක්. ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා සසඳා බැලීමේදී අපි ඉන්නේ ඉතාමත්ම පහළ ස්ථානයක. සිංගප්පූරුවෙත්, ජපානයේත් මාධ්‍ය නිදහස ඉහළ ස්ථානයක තිබෙනවා. ජපානයේ ජනතාවට සාපේක්ෂව ඔවුන්ට බොහෝ පුවත්පත් තිබෙනවා. ජපානයේ පුවත්පතක් තිබෙනවා එය කෝටි ගණනක් ජනතාව බලනවා. ජපානයේ මිනිස්සුන්ට පුවත්පත් සමග බොහොම ළැඳියාවක් තිබෙනවා. අපේ මිනිස්සුන්ට ඒ ළැඳියාව නෑ.
Q ලංකාවේ ජාතික පුවත්පත් පිළිබඳ ඔබගේ අදහස?
ලංකාවේ හොඳ පත්තර තිබෙන්නේ ඉතාම අතළොස්සයි. මිනිස්සු ඇතැම් පත්තර ගන්නේ දැන්වීම් කියවන්න. ලංකාවේ බොහෝ පුවත්පත් නිස්සාරණ කරුණු, ලිංගිකත්වය වැනි කාරණා සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ලබා දෙනවා. මිනිස්සු කියවන්න කැමති අනෙක් අයගේ වැරදි.
ස්වභාව ධර්මය, මිනිස්සුන්ට උදව් කරන ආකාරය ගැන ලංකාවේ පුවත්පත්වල පළවෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් අතීතය හා බලද්දි එය තරමක් දුරට වෙනස් වෙලා තිබෙනවා.
බුදු දහමේ තිබෙන හැටියට සෑම දෙයක්ම ලියන්න බෑ. හරි වචනය, හරි ජීවිකාව, හරි ක්‍රියාමාර්ග ගැනයි ජනතාව දැනුවත් කළ යුත්තේ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි පුවත්පත්වලට ක්‍රියාකරන්න බෑ.
Q ලංකාවේ පුවත්පත්වල ගුණාත්මක බව ඉහළ නංවා ගත හැක්කේ කෙසේද?
නිස්සාරණ කරුණු කතා කිරීම උචිත නෑ. ප්රවෘත්ති පත්‍ර කලාවේදී බුදු දහම අනුව කටයුතු කරනවා නම් බොහෝ ගැටලු අවම කර ගන්න පුළුවන්.මෙයින් කියන්නේ නෑ ආණ්ඩුවට පන්දම් අල්ලන්න කියලා. තමා දැන ගත යුතුයි කෙසේද දේවල් පළ කරන්නේ කියලා. නිදහස තිබෙනවා කියා සෑම දෙයක්ම පළ කිරීමත් වැරදියි. ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය පාලනය කිරීමත් වැරදියි.
Q ලෝකයේ මාධ්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට තිබෙන පහසුකම් අනුව ලංකාවේ මාධ්‍ය හැසිරීම ඔබ දකින්නේ කසේද?
ලෝකය හා බැලුවාම අපට සැලකිය යුතු පහසුකම් තිබෙනවා. මේ වනවිට කිසිම ප්‍රවෘත්තියක් අපට හංගන්න බෑ. අන්තර්ජාලය හරහා ප්රවෘත්ති අවශ්‍ය තරම් ලබා ගත හැකියි. සත්‍ය පළ කිරීමට තැනක් කාලයක් තිබෙනවා. බුදු හාමුදුරුවොත් ඇතැම් වෙලාවට ප්‍රශ්න අහද්දි නිශ්ශබ්දව හිටියාලු. ඇයි නිශ්ශබ්දව ඉන්නේ කියලා ඇහුවම ඒ මිනිහට ඒක කීමෙන් පළක් නෑ කියලා උන්වහන්සේ පිළිතුරු දෙනවා.
ලියන්නට පෙර ඔබ සිතා බලන්න ඕන. ඒක තමයි ප්‍රඥාවන්ත මාධ්‍ය භාවිතය කියන්නේ. පනින්න පෙර සිතා බලනු යනුවෙන් ආදි කියමනක් තිබෙන්නේ ඒ නිසානේ. අපි හිතමු ආණ්ඩුව විවේචනය කරන්න ඕන කියලා. එහෙනම් අපි දෙපැත්තෙන්ම අදහස් ගන්න ඕන. මාධ්‍ය ආචාර ධර්ම අනුව හැසිරිය යුතුයි. එවිට ගැටලු ඇති වෙන්නේ නෑ.
Q වර්තමානයේ සමාජ මාධ්‍ය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ සමග සාම්ප්‍රදායික මාධ්‍යවල පැවැත්ම ස්ථාවර කරගන්නේ කසේද?
ඒ සඳහා අප සෑම විටම සත්‍ය ඉදිරිපත් කළ යුතුයි. වල් ගොනාගේ නිදහස ලබා ගෙන මාධ්‍ය කතා කළ යුතු නෑ. ලංකාව වගේ රටවල මිනිස්සු නිස්සාරණ කරුණු සඳහා කැමතියි තමයි. මොකද අපි පංච ස්කන්ධයකින් සමන්විත ජනතාවක්නේ.
බටහිර දේ අප සෑම විටම ගත යුතු නෑ. අපට ගැළපෙන දේ තෝරා ගත යුතුයි. සියුම් ලෙස මිනිසුන්ට තොරතුරු දීමයි වැදගත් වන්නේ. ඇත්ත ප්‍රකාශ කරන්න තැනක් වෙලාවක් තිබෙනවා. අසත්‍ය කාරණා සඳහා නෙමෙයි පුවත්පතේ ඉඩ වෙන්කළ යුත්තේ.
Q දේශපාලනයත් සමග ගැටීමේදී මාධ්‍ය හැසිරවීම සිදු කළ යුත්තේ කෙසේද?
අපි දේශපාලනය නැතිව මධ්‍යස්ථව කටයුතු කළොත් ප්‍රශ්න ගොඩක් අඩු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු නෑ. වගකීමෙන් කටයුතු කළ යුතුයි. මාධ්‍යවේදීන් තමන්ගේ වාසියට අනුව කටයුතු නොකළ යුතුයි. බුද්ධාගමට අනුව යමක් සත්‍ය වෙන්නේ තමන් අත්හදා බැලීමක් සිදු කිරීමෙනුයි. මාධ්‍යයත් යම්කිසි තොරතුරක් වාර්තා කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපි මධ්‍යම ප්‍රතිපදාවේ කටයුතු කරන්නේ නම් ගැටලුවක් ඇති වෙන්නේ නෑ.
Q වර්තමානයේදී බොහෝ දෙනෙක් පවසන්නේ අනාගතයේදී පත්තර නැති වෙයි කියලා. අනාගත පුවත්පත් කලාව කුමන දිශානතියකට පියවර නගයිද?
පත්තර කියන දේ තවත් වෙනස් වේවි. බොහේ විට එය ඔන්ලයින් මාධ්‍යයක් බවට පත් වේවි. පත්තර බෙදීම නවතීවි. පත්තර සමාජ සේවයක් බවට පත් වේවි. පත්තර කියන දේ ලාභ මාධ්‍යයෙන් තොරව කටයුතු කළ යුතුයි.දැන් මාධ්‍ය කියන්නේ ඉන්ටර්නෙට්.
ඡායාරූප - ශමීර රාජපක්ෂ