නියඟය, ගංවතුර නිසා මෙරට බහුතර ජනතාවට ගෙවුණු සෑම වසරකදීම ව්‍යසනයන්ට මුහුණදීමට සිදුවිය. මේ නිසා සෑමදෙනෙකුගේම ඉල්ලීම වී තිබුණේ මෙම තත්ත්වයන්වලට මුහුණදීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. මීට අමතරව පොදුවේ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව හා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳවත් වර්තමානයේ රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ නිසා ඇතිවන නියං තත්ත්වයන්ට, ගංවතුර තත්ත්වයන්ට මුහුණදීම සඳහා රට තුළ සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය හා වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව 'අද' ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සමග කතාබහක නිරත විය.
නියඟය හා ගංවතුරට මුහුණදීම
නියඟය, ගංවතුර රට බරපතළ තත්ත්වයකට පත් කරන කාරණයක්. මොකද නියඟයක් ඉවර වුණාම ගංවතුරක් එනවා. ගංවතුරක් ඉවර වුණාම නියඟය. මේ නිසා නියඟයට මුහුණදෙන්න වැඩපිළිවෙළවල් සකස් කරන කොට ගංවතුරට මුහුණ දෙන්න සිදුවෙනවා. ගංවතුරට මුහුණ දෙන්න වැඩපිළිවෙළවල් සකස් කරන කොට නියඟයකට මුහුණ දෙන්න වෙනවා.මේ නිසා වාරිමාර්ග අමාත්‍යාංශයත් සමස්ත රජයත් විශාල පරිශ්‍රමයක්, වෑයමක් දරලා මුදල් අමාරුකම් රාශියක් මධ්‍ය‘යේ වාරිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා. මෙම වැඩපිළිවෙළට අනුව සෑම වැවක, ජලාශයකම වැඩි වතුර ප්‍රමාණයක් රඳවා ගැනීම සඳහා වෙල්ල ශක්තිමත් ආකාරයට උස් කරන්න තීරණය කළා. ඒ වගේම රළපනාවල් සකස් කර එය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. මේ සේරම සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුවයි.
පානීය ජල ගැටලුවට මුහුණදීම
පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගිං - නිල්වලා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්වෙලා තියෙන්නේ. මෙම ව්‍යාපෘතියටත් පෝට්සිටි ව්‍යාපෘතියට වගේම බාධා ඇති වුණා. ඒත් එම යෝජනා ක්‍රමය ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමත කරගත්තා.
මීට අමතරව අනුරාධපුර ප්‍ර‘දේශයට ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කරලා පුත්තලම ප්‍රදේශයේ ජනතාවට කෘෂිකාර්මික කටයුතුවලට ජලය සැපයීමට පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මොණරාගල ප්‍රදේශයේ ජනතාවගේ ජල ගැටලුව විසඳීම සඳහා කුඹුක්කන් ඔය ජල ව්‍යාපෘතිය ආරම්භ කරනවා. මේ හරහා මොණරාගල ජනතාවගෙන් 75% කට ජලය දෙන්න පුළුවන්. මීට අමතරව නැගෙනහිර පළාතේ ජල ගැටලුව විසඳීමට හැඩ ඔය ව්‍යාපෘතියත් මඩකලපුවේ ජල ගැටලුව විසඳීමට රූගම ජල ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කරනවා.මීට අමතරව ඉඟිනියාගල ප්‍ර‘දේශවල ජල ගැටලුව විසඳුමක් ලෙස සේනානායක සමුද්‍රය ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කරනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ.
වේලි ආරක්ෂණ හා ජලසම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය
මේ යටතේ දැනට වැව් 17 ක් ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. එනම් මහවිලච්චිය වැව රුපියල් මිලියන 189.64 ක වියදමකුත්, මහකනදරාව වැව රුපියල් මිලියන 92.16 ක මුදලකුත්, පදවිය වැව රුපියල් මිලියන 113.99 මුදලකුත්, අංගමුව වැව රුපියල් මිලියන 150.43 ක මුදලකුත්, උන්නච්චිය වැව රුපියල් මිලියන 66.50 කුත්, තෝපූර් වැව රුපියල් මිලියන 42 ක මුදලකුත් හා වාන් ඇළ රුපියල් මිලියන 60.15 ක මුදලකුත් වැය කරලා ප්‍රතිසංස්කරණය කර තියෙන්නේ.
මීට අමතරව ජනරංජන වැව රුපියල් මිලියන 94.32 ක මුදලකුත්, සොරබොර වැව රුපියල් මිලියන 17.54 ක මුදලකුත්, නවකිරි වැව රුපියල් මිලියන 77.44 මුදලකුත්, කචවිමඩු වැව රුපියල් මිලියන 84.34 කුත්, කොටටුකචචි වැව රුපියල් මිලියන 64.81 ක මුදලකුත්, බඳහිරිය වැව රුපියල් මිලියන 68.08 ක මුදල කුත්, රාජාංගණය වැව I කොටස රුපියල් මිලියන 245.72 ක මුදලකුත්, රාජංගණය II කොටස රුපියල් මිලියන 222.42 ක මුදලකුත්, මහනුවර රොසෙනෙත් වැව රුපියල් 21.41 ක මුදලකුත්, දුනුමඩලාව වැව රුපියල් මිලියන 38.20 ක මුදලකුත් වියදම් කරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ.
උමා ඔය ව්‍යාපෘතිය
දින 100 ආණ්ඩුව විසින් උමා ඔය ව්‍යාපෘතිය නවත්වලා තිබුණේ. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එම ව්‍යාපෘතිය ආරම්භ කරන්න හැකිවුණා. උමා ඔය හරහා ජනතාවට අසාධාරණයක් වුණා. එය සුළු පටු අසාධාරණයක් නොවෙයි. මොකද ඒ ප්‍ර‘දේශවල ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය ඇදවැටෙන තත්ත්වයකට පත්වුණා. මේ නිසා එම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාවට වන්දි ගෙවිය යුතුයි කියලා නියෝග ලැබෙන තත්ත්වයකටම එය බරපතළ වුණා.
මේ නිසා අපි කැබිනට් මණ්ඩලය හරහා මෙම ජනතාවට වන්දි ගෙවීම සිදුකරනවා. ඒත් තැනින් තැන පිකටින් සිදුවෙනවා. විරෝධතා එල්ල වෙනවා. ඒවාට හේතුව වන්දි ගෙවීමේදී ඇතිවන යම් යම් ප්‍රමාදයයි. නොසැලකිල්ලට ගත් මේ කරුණු සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් ඒවා මේවන විට යාවත්කාලීන කොට තිබෙනවා. ඒ වගේම අවතැන් වන පුද්ගලයන්ට වන්දි වශයෙන් අක්කර දෙකක් ලබාදෙන්න මම යෝජනා කළා. ඒත් විවිධ කාරණ නිසා ඒ ප්‍රමාණය අක්කරයක් බවට පත්වුණා.
උමා ඔය ව්‍යාපෘතියෙන් භූගත ජලයට හානිවීම
මේකට භාවිත කරන්නේ එංගලන්තයේ ඉඳල ප්‍රංශයට කපපු උමඟ සඳහා භාවිත කළ තාක්ෂණික මෙවලමයි. මේ ආකාරයට උමග හදලා සීල් කළේ නැත්නම් අනිවාර්යයෙන්ම ඛාදනය හා භූගත ජලමට්ටම පහත වැටෙනවා. ඒක නිසා මෙම ව්‍යාපෘතිය නිමවූ පසු භූගත ජලමට්ටම ඉහළ දැමීමට හා ඛාදනය සිදුවීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි. මේ ප්‍රදේශවල සාම්ප්‍රදායිකව භූගත පෑලීම් තියෙනවා. එංගලන්තය වගේම ලෝකයේ දියුණු රටවල, නගරවල තියෙන්නේ උමගවල්.
මේ නිසා මෙම උමග ගැන හිතන්න දෙයක් නැහැ. මොකද ලංකාවේ හදපු එකම උමගක්වත් කඩං වැටිලා නැහැ. රටතුළ ඇති වී තිබෙන තත්ත්වය මත මේ පිළිබඳව ජනතාව අදහස් දක්වනවා. විරෝධතා දක්වනවා. අධිකරණයට යනවා. හැබැයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය රජය කාලයේ. ඒ කාලයේදී මේ ගැන ලොකුවට විරෝධතා තිබුණේ නැහැ. මොකද ඒ කාලේ රාජ බිය, ගෝඨාභය බිය, චෝර බිය කියන බය තුනක් තිබුණා. මෙම ව්‍යාපෘතිය යටතේ අසාධාරණයට ලක්වන අයට වන්දි ලබාදීම සිදුකරනවා.
ජලය සුරැකීම
ජලය විකිණීම සඳහා වෙනම අමාත්‍යාංශයක් තියෙනවා. ජලය සුරැකීම තමයි අපේ අමාත්‍යාංශයේ වගකීම. ඒ සඳහා අප අමාත්‍යාංශය වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. භූගත ජලය රැකගැනීමත් අපගේ වගකීමක්. අපිට ඒ සඳහා භූගත ජලසම්පත් මණ්ඩලයක් තියෙනවා. අපගේ වැඩපිළිවෙළ යටතේ ගංගා ද්‍රෝණි 10 ක් සමීක්ෂණය කරන්න කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක් වියදම් වෙනවා. එතනදී අපි බලන්නේ ගංවතුරේදී හා නියඟයේදී අනුගමනය කළයුතු ක්‍රම‘වේද මොනවාද යන්නයි. මොකද අපි මෙතෙක් කළේ ගංවතුර ආවම සහනාධාර බෙදන එක, නියඟය ආවම ජලය බෙදන එක. ඒත් මෙම වැඩපිළිවෙළ යටතේ ඉන් එහා ගිය දේවල් කරන්න අපිට හැකියාව ලැබෙනවා.
මීට අමතරව රට තුළ දැනට නළ ළිං 10,000ක් විතර තියෙනවා. නළ ළිං භාවිතයේදී සිදුවන රසායනික ක්‍රියාවලිය හඳුනා ගැනීම සඳහා තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ සඳහා රුපියල් මිලියන 5000 ක් වියදම් කරනවා. දැනට එහි නියදියක් ලෙස මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව ප්‍ර‘දේශවල අදාළ සමීක්ෂණය ආරම්භ කර තියෙනවා. මෙහිදී රසායනික ක්‍රියාවලියක් සිදුවෙනවා නම් ඒ හරහා ප්‍රතිකාර කිරීමේ හැකියාවක් අපිට තියෙනවා.
ජලයේ සුරක්ෂිත භාවය
ජලය සුරැකීමේ හා සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයන් යටතේ රාජ්‍ය ආයතනයක් ලෙස ලබාගත හැකි ඉහළම විද්‍යාගාර සහතිකය මෙම මස 18 වැනි දින ලබාගත්තා. එය ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය ලෙස හැඳින්වෙනවා. ඒ වගේම යාපනය ප්‍ර‘දේශයේ කරදිය මතුවීමට එරෙහිව ජල පොකුණු හා ජල රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.
ඒ වගේම අනුරාධපුර ප්‍ර‘දේශයේ වකුගඩු රෝගීන් ඉලක්ක කරගෙන ජලය පරීක්ෂා කිරීමට විද්‍යාගාරයක් ඇති කරනවා. ඒ වගේම මුළු රටේම ජල සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ජංගම ජල පරීක්ෂණ රථ යොදාගෙන ජනතාවට සේවය කිරීමට සැලසුම් කර තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය
වර්තමානයේදී පක්ෂය දේශපාලන අර්බුදයකට මුහුණදීලා තියෙනවා. ඒක රහසක් නොවෙයි ප්‍රසිද්ධ රහසක්. ඒ දේශපාලන අර්බුදය පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැනවින් කළමනාකරණය කරනවා. මෙම කළමනාකරණය නිසා තමයි පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම කියන්නේ පක්ෂය කඩලා අලුත් පක්ෂයක් හදන්නේ නැහැ කියලා. පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති හා යටිකාරණා මත ප්‍රතිපත්තිමය විරෝධය දක්වන සියලුමදෙනාම පක්ෂය තුළ ගොනු වෙලා සිටින්නේ. මේ නිසා පක්ෂය කැඩිලා කියලා කාටවත් කියන්න බැහැ.