Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
නිදහස් අධ්‍යාපනය සහ පසුගිය අයවැයේදී අධ්‍යාපනයට ලබා දී ඇති ස්ථානය පිළිබඳ ආර්ථික ප්රජාතන්ත්රවාදය සඳහා සන්ධානය, ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය, ශ්‍රී ලංකා ගුරු සංගමය විශ්වවිද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනය, අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය,Centre for Social Concerns Ja-ela, Joint Plantation Trade Union Centre (JPTUC), Lanka Estate Workers Union (LEWU), Mannar Women's Development Federation, Movement for Land and Agricultural Reform, Muslim Women's Research and Action Forum, Organization for Elanka Refugee Rehabilitation (OfERRCeylon),Professional Educationists' Association, Suriya Women's Development Centre, Batticaloa, University Teachers for Dialogue and Democracy (UT4DD), Women's Action NetworkසහWomen and Media Collective යන සංවිධාන පොදු එළඹුමක් ලබාගත් අතර, මේ ඔවුන්ගේ විග්රහයට අනුව ඔවුන්ගේ දැක්ම ඇසුරින් තබනා සටහනකි.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 2017 අයවැය මගින් මෙරට අති බහුතරයක් වන සාමාන්‍ය ජනයාට දැඩි අසාධාරණයක් වන බව අපගේ නිරීක්ෂණය වේ. පොදුවේ ගත් කල ප්‍රාථමික, ද්විතීයීක සහ තෘතීයීක යන සෑම මට්ටමකදීම එක සමානව අධ්‍යාපනික අවස්ථා උදා කිරීම අප රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිතකොට ආරක්ෂා කිරීමේ පදනම වෙයි. බොහෝදෙනෙකුට වඩා හොඳ ජීවන තත්ත්වයන් කරා ළඟා වෙමින් සමාජ හා ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගමන් කිරීමට එය හේතු වූ බවද සත්‍යයකි.
වත්මන් අධ්‍යාපන පද්ධතිය සකස් කිරීම සඳහා පාදක වූ 1943 අධ්‍යාපන ප්රතිපත්තියෙහි මෙසේ සඳහන් වේ.
‘‘ප්‍රජාතාන්ත්‍රික සමාජයක සෑම මට්ටමකම අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුය. කුසලතා සහ හැකියාවන් යනු එක් සුවිශේෂී සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට පමණක් සීමා වන ඒවා නොවේ. මේ නිසාම සෑම සමාජ පද්ධතියකම එක සමාන අධ්‍යාපන අවස්ථා ජනතාව වෙනුවෙන් විවෘත කර තැබිය යුතුය..."
(ශ්‍රී ලංකා රජය, 1943)
එබැවින් අධ්‍යාපනය සම්බන්ධයෙන් සෑම පියවරක්ම ගත යුත්තේ සැමට සමාන හා නිදහස් අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුය යන පදනම මත පිහිටාය. කෙසේ වෙතත්, වත්මන් රජය මෙවර අයවැය මගින් මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හෑල්ලූවට ලක්කර ඇත. නිදහස් අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීමේ ඉඩකඩ බොහෝ දුරට එමගින් අහුරා දමා ඇත. 2017 අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන්කොට ඇති මුදල් ප්‍රමාණය අඩුකර ඇති අතරම පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වාසිදායක ලෙස මුදල් වෙන්කොට ඇති බව අපට පෙනී ගොස් ඇත. මෙය, රාජ්‍ය විශ්වවිද්‍යාල හා පාසල් වෙනුවෙන් වෙන් කරන්නට තිබුණු මුදල් ප්‍රමාණය පෞද්ගලික අංශයට පවරා දීමකි.
මෙවර අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව අඩු බව මුදල් අමාත්‍යවරයාද ප්‍රකාශකර ඇති අතර, ඒ සඳහා හේතු වශයෙන් ඉදිරිපත්කර ඇත්තේ ගියවර වෙන්කර තිබුණු මුදල් වියදම් කිරීමට හැකි නොවූ නිසා මෙවර එම තීරණය ගත් බවයි. තත්ත්වය මෙය නම්, තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් ගාස්තු හා වියදම් දැරීමට දෙමාපියන්ට බල කරන පාසල් පද්ධතියක් තවමත් පැවතීමේ පරස්පරය ප්‍රශ්න කිරීම සාධාරණය.
වත්මන් රජය බලයට පත් වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් එවක ලබාදුන් පොරොන්දු බොහොමයක් ඉටුකරන්නට අසමත් වී තිබේ. නිදසුනක් වශයෙන් සාර්ථක ගුරු පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම, ගුරුවරුන්ගේ වෘත්තීය අභිමානයට සුදුසු මට්ටමේ වැටුප් පරාසයක් සකස් කිරීම, දෙමාපියන් සහ සිසුන් හට අධ්‍යාපන වියදම් නිසා දරන්නට වන වියදම් ආශ්රිත ගැටලු සඳහා පිළියම් යෙදීම, වඩා හොඳ පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමේදී මතු වන ගැටලු විසඳීම, දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට අහිමිකරන අතිශය විභාග භීතිකාවක් මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම යනාදිය ඉන් කිහිපයක් පමණි. අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු අංගසම්පූර්ණ ප්‍රතිපත්ති මාලාවක්වත් සකස්කර ගැනීමට අසමත් වූ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන්නේ මෙවැන්නකි.
“2016 තුන්වන කාර්තුව අවසානය වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කොට තිබූ මුදලින් වැයකර තිබුණේ රු. මිලියන 38,850ක් පමණි. මෙම තත්ත්වය සුපරීක්ෂාකාරීව සලකා බැලූ අප විසින් 2017 වසර සඳහා රු. මිලියන 90,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරන ලදී.
(2017 අයවැය, රවී කරුණානායක, 2016 නොවැම්බර් 09).
මෙවැනි තීරණාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට පෙර වගකීම් සහගත විය යුතුය. මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැන්නකි.
"බොහෝවිට මුදල් අවශ්‍ය වන මොහොතේම මහා භාණ්ඩාගාරය මගින් එම මුදල් ප්‍රමාණය නිදහස්කර ගැනීමට හැකි නොවේ. මුදල් පරිහරණය කිරීමේ අගය පහත බැසීමට හේතු වී ඇත්තේ එම හේතුවයි" (2016 නොවැම්බර් 20).
මෙයින් අදහස් වන්නේ මුදල් අවශ්‍යතාවක් නිසැකවම ඇති නමුදු ගැටලුව පවතින්නේ මහා භාණ්ඩාගාරයේ ක්‍රියාකලාපය සහ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමාණවත් කැපවීමක් දැක්වීමට රජයට අවංක අවශ්‍යතාවක් නොමැතිකමයි.
ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරනු වෙනුවට විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් මහජනයා කොතරම් මුදලක් වැය කරන්නේද යන්න ගැන අදහසක් ඔවුන්ට ලබාදීම සඳහා වියදම් පත්‍රිකාවක් ලබාදීමට මූල්‍ය අමාත්‍යවරයා යෝජනා කරයි. කෙසේවෙතත්, පරිහරණය නොකරන ලද මුදලක් ඉතාම හිතුවක්කාරී ලෙස කපා හැරීමට තැත් කරන අතරවාරයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට කැප වීම වෙනුවට මෙවැනි උපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ හැකි නොවේ.
මේ සියල්ල සිදුවන්නේ ව්‍යාපාරික බදු සහන ලබාදීමට රජය යෝජනා කරන කාල වකවානුවකය. මෙලෙස ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ලබාදෙන සහන හිලවු කිරීමට යන මුදල සඳහා වියදම් පත්‍රිකා යවන්නේ කාටද යන්නද පැහැදිලි කළ යුතුය.
2017 අයවැය තුළ අධ්‍යාපනයට හිමි තැන
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාවට ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයෙහි සඳහන් වූ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීමේ පොරොන්දුව මෙවර අයවැය මගින් උල්ලංඝනය වී ඇත. අයවැය තක්සේරුවෙන් හෙළි වන වැදගත් කරුණක් වන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල සමස්තයක් ලෙස ගත් විට ආසන්න වශයෙන් රුපියල් බිලියන හතළිහකින් පමණ අඩුකර ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග යන අමාත්‍යාංශ, මධ්‍යම රජය සහ පළාත් සභා හරහා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යොදවනු ලැබේ. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සතුටුදායක මුදලක් අයවැයෙන් වෙන් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්ද, සමාජයේ අඩු වරප්‍රසාද භුක්ති විඳින පිරිස් වෙතද සම අධ්‍යාපන අවස්ථා ව්‍යාප්ත කිරීම සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය ආශ්රිත සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සිදු කළයුතු හෙයිනි. එවැනි වෙනසකට අධ්‍යාපන අමාත්‍යාංශයේ නායකත්වය අවශ්‍ය වේ. එහෙත් එවැනි පැතිකඩක් වෙත කිසිදු අවධානයක් මෙවර අයවැයෙන් යොමුකර ඇති බවක් නොපෙනේ. සත්‍ය වශයෙන්ම පෙනී යන කරුණක් වන්නේ 2017 අයවැය මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්රමාණයන්හී පහත බැසීමක් ඇති බවයි.
පළාත් මට්ටමේ අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණය
පසුගිය වසර හා සැසදීමේදී පළාත් මට්ටමේ පාසල් වෙනුවෙන් වෙන්කර ඇති මුදල මෙවර රු. බිලියන 10 කින් පහත බැස ඇති බව පෙනේ. නාගරික පාසල් සොයා යාම වෙනුවට තම පදිංචි ප්‍රදේශ ආශ්රිත හොඳ පාසල්වලට ඇතුළත් වීමට සිසුන්ට හැකි වන පරිදි මෙරට බහුතර ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුකරන පළාත් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා සාර්ථක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත් මෙවැනි සැලැස්මක් 2017 අයවැයෙන් නොපෙනේ.
අධ්‍යාපනය සඳහා වන අයවැය යෝජනා
ඕනෑම රජයක අපේක්ෂාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබාදෙන හොඳම දර්ශකයක් අයවැය යෝජනා විශ්ලේෂණය කිරීමෙන් ලබාගත හැක. විශේෂයෙන්ම, අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු සුවිශේෂී ප්‍රතිපත්ති ලේඛනයක් සකස් කොට නොමැති මෙවැනි පසුබිමකට මේ තත්ත්වය වඩාත් අදාළ වේ.
පහත 1 රූපයෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදලින් සැලකිය යුතු කොටසක් ගලා යන්නේ පෞද්ගලික ආයතන වෙත බවයි.
එම මුදලින් 16ක් ණය හා රක්ෂණාවරණ සඳහා වන අතර 45ක් වෙන් කොට ඇත්තේ පුද්ගල පරිගණක හා ටැබ්ලට් පරිගණක ගාස්තු වෙනුවෙනි. මේ අතරම, 2 රූපයේ පෙන්වා ඇති පරිදි රක්ෂණ හා ණය යෝජනා ක්‍රම ආශ්රිත බිඳවැටීම මගින් පෙනී යන්නේ මහජනතාව සතු මුදල් කොතරම්දුරට සීමිත පිරිසකගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කූට ලෙස වෙන් කිරීමක් සිදුවන්නේද යන වගයි.
මහජන සුභසාධනයට මුවා වී රාජ්‍ය මුදල් පෞද්ගලික අංශය වෙත ගලා යන තත්ත්වයක් නිර්මාණය කිරීමට එවැනි යෝජනා ක්‍රම මගින් පහසුවෙන්ම ඉඩ පෑදේ. නිදසුනක් වශයෙන්, සෞඛ්‍ය රක්ෂණාවරණ වෙනුවෙන් වෙන්කර ඇති මුදල් මගින් දරුවන් සඳහා වන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සේවා ආවරණය වේ. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එම මුදල් නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් වෙන් කිරීමයි.
පාසල් පද්ධතිය ආශ්රිත ඉගැන්වීම් කටයුතු, විෂය මාලා, අධ්‍යාපන අවස්ථා සඳහා ප්‍රවේශය සහ යටිතල පහසුකම් ක්‍රමවත් ආකාරයකට සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය දීර්ඝකාලීන දැක්මක් රජයට ඇති බවට ඉඟියක්ද නොලැබේ. රාජ්‍ය අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් මෙම අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන්කොට ඇති බවක් අපට නොසිතේ.
කුමක් සඳහාද?
කෙනෙකුට මෙවැනි ප්‍රශ්නයක් සිතට ගලා ඒම වැළැක්විය නොහැක. මහජනතාවගේ සම්පත් සහ රජයට අයත් ප්රාග්ධනය, ව්‍යාපාර වෙනුවෙන් අනවශ්‍ය ලෙස නාස්ති කරන්නේ ඇයි? රජය සේවය කරන්නේ කා සඳහාද? රජය කැප වන්නේ තම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමටද, නොඑසේ නම් සීමිත පන්තියක ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්ද?
මෙම අයවැය යටතේ 'වවුචර ක්‍රමය' මත පදනම් වූ අධ්‍යාපනික පද්ධතියක් හඳුන්වා දීමේ සූදානමක් පෙනෙන්නට ඇති නිසා අධ්‍යාපනය පෞද්ගලික සහ ලාභ ඉපැයීම අරමුණු කරගත් ව්‍යාපාරික ප්‍රයත්නයන්හී ග්‍රහණයට ලක්වීමට ඉඩක් ඇත. එසේම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, වර්ධනයක් ළඟාකර ගත හැකි ක්ෂේත්රයක් ලෙස භාවිත කිරීමේ ස්වභාවයක්ද දක්නට ලැබේ.
ලංකාවේ තත්ත්වය මෙය වුවද ගෝලීය පරිසරය තුළ පිළිගත් උපාය මාර්ගයක් වී ඇත්තේ තමන් සතුව ඇති සම්පත් හා ප්රාග්ධනය ආරක්ෂා කරගෙන දේශීය මට්ටමේ අභිලාසයන්ට මුල් තැන දෙමින් ක්රමානුකූල වර්ධනයක් කරා ගමන් කිරීමට උත්සාහ කිරීමයි (Stiglitz, 2016). දකුණු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ පුරවැසියන් නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව හඬනැගීම අප දකින තත්ත්වයකි. ගෝලීය යථාර්ථය මෙය වුවද වත්මන් රජය මේ සියලු කරුණු නොසලකා හරිමින් තම නව ලිබරල් අධ්‍යාපනික ප්‍රතිපත්ති ඉදිරියටම ගෙන යාමේ උත්සාහයක් අපි දකිමු. කෙසේ වෙතත් මෙවැනි ප්රතිගාමී අධ්‍යාපනික ප්රතිපත්තිවල අනිසි ප්‍රතිඵල දීර්ඝකාලීනව විඳින්නට සමස්ත ජාතියටම සිදුවනු නොඅනුමානය.
නිදහස් අධ්‍යාපනය සහ විරෝධය දැක්වීමේ අයිතිය සඳහා අපේ අරගලය
මහජනයාට හිතකර නොවන අයවැයක් සකස් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා පෙන්නුම්කර ඇත්තේ දේශපාලන ක්රමයේ ප්රජාතන්ත්ර සම්ප්රදායයන් අභියෝගයට ලක් කිරීමට කැමැත්තෙන් සිටින බවකි. ‘‘වගකීම්සහගත රජයක් වශයෙන් විවිධ දේශපාලනික මතාන්තර දරමින් විරෝධ වැකි පෙන්වමින් හඬ නගන කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවන්ට අනුව රටේ සංවර්ධන කටයුතු සිදුකළ නොහැකි බවද ඔහු කියයි.
එහෙත් අප දරන ආස්ථානය වන්නේ කූට ජාවාරම්කාරයන්ගේ සහ මුදල් පසුබස හඹා යන දේශපාලඥයන්ගේ ගොදුරක් බවට මෙරට අධ්‍යාපන පද්ධතිය පත්වීම වැළැක්විය යුතු බවයි. ප්‍රබල දේශපාලඥයන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස් අවඥාවට ලක් කරන මෙම ප්‍රබලම අමාත්‍යවරයා සිහිකැඳවිය යුතු කරුණ නම් ඔහුද සටන් පාඨ රැගත් දැන්වීම් ඔසවා ගෙන 6% ඉල්ලීමේ අරගලයට සම්බන්ධ වූ බවයි. මෙවැනි හෙළා දැකිය යුතු ප්රයත්නයන් නිසා සිදුවන්නේ නිදහස් හා සමාජ අධ්‍යාපනයක් සඳහා අපගේ අරගලයන් තව තවත් සවිමත් බව පමණි.
අධ්‍යාපනය වනාහී මීට වසර 70 කට පෙරාතුව සුවිශාල මහජන පිබිදීමක් තුළින් ළඟා කරගත් වටිනා උරුමයක් බව අමතක නොකළ යුතුය. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන ඒමට පියවර ගත් කාලයේ සිටම එහි නිදහස් බව රැක ගැනීමට අපි සටන් කළෙමු. එවැනි පසුබිමක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් සාධාරණ කැපවීමක් සිදුකිරීමට රජයට නොහැකි වීම අප දැඩි ලෙස හෙළා දකින බව අවධාරණය විය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd