නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ විවාදය ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. අද (31දා) සහ හෙට (01දා) එම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. නව ව්‍යවස්ථාව පිළිබඳව ඊයේ (30දා) දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ අදහස් පහතින් දැක්වේ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
නිදහසින් පසුව අවස්ථා දෙකක ව්‍යවස්ථා සම්පාදනය කළා. නමුත් ඒ අවස්ථා දෙකේදීම සියලුම පක්ෂ සම්බන්ධ වුණේ නැහැ. සිංහල, ද්‍රවිඩ ඇතුළු සියලුම ජාතීන් එක්ව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සූදානම් වීම ඓතිහාසිකව අවස්ථාවක්.
යුද්දෙ පවතින කාලෙදිත් මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ 13 වැනි සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබාදෙනවා කියලා.
රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. මේ වන විට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් නිකුත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක් පමණයි. අවශ්‍ය ආකාරයට එය වෙනස් කරන්න මේ සභාවට හැකියාව තිබෙනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහම ආරක්ෂා කරන්න රජය බැඳිලා ඉන්නවා. එය වෙනස් කරන්න අපි කැමති නැහැ.
ප්‍රධාන පක්ෂ දෙක ඉතිහාසයේ සිට අනවශ්‍ය ලෙස විරුද්ධ වීම් නිසා තිස් අවුරුදු යුද්ධයකට රට ඇදුණා. පටු දේශපාලනික වාසි ගන්නේ නැතිව රටේ ජාතික ප්‍රශ්නයකට විසඳුමක් ලබාදෙන්න අපි එකතු වෙමු.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ වෙනස් කළ යුතු දේවල් තිබෙනවා නම් අපි වෙනස් කරමු. අපිට අවශ්‍ය ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නිර්මාණය කරන්න. ඒ සඳහා දායක වෙමු.
පා.ම සුමන්තිරන්
දමිළ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ යෝජනාවන්ට එකඟ වෙනවා. එය ඓතිහාසික අවස්ථාවක්. එකඟතාවට පැමිණීමේ අරමුණ ඇතිව මෙම යෝජනා සලකා බලන්න අපි සූදානම්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේ පවසනවා. ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවටත් පොරොන්දු වුණා. ඒ දේවල් සිදුකරන්නයි අපි උත්සාහ කරන්නේ.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණයේදී පැවසුවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව. මේ නිසා 2015 ජනාධිපතිවරණයට ඡන්දය ලබාදුන් අයගෙන් 97෴කට වඩා ඡන්දය ලබාදී තියෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට. මෙවැනි විශාල බලවරමක් මීට පෙර අපේ රටේ ඇතිවෙලා නැහැ. එවැනි බලවරමක් අපි ඉවත දමන්නේ කෙසේද? එසේ කළ හැකිද? ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කළේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික කැමැත්තෙන්. මේ අවස්ථාවලදී කිසිම මන්ත්‍රීවරයෙක් ඒ සඳහා විරුද්ධ වුණේ නැහැ.
මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුනොවේ නම් මන්ත්‍රීවරුන් එසේ කරයිද? ඒ නිසා පාර්ලිමේන්තුව තුළ තිබෙනවාට වඩා වැරදි දෙයක් මහජනතාව කියන එක වැරදියි.
ශ්‍රී ලංකාව අන්‍යාගමික රාජ්‍යයක් විය යුතු බව අපි යෝජනා කරනවා. මම බෞද්ධයෙක් නෙවෙයි. මම මේ රටේ දෙවැනි පුරවැසියා කියල කියන්න මම කැමතිද? පුරවැසියන් සියලුදෙනාට සමානව සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි අපේ අදහස. නමුත් බෞද්ධ ජනතාව තමන්ගේ ආගමට ප්‍රධාන තැන අවශ්‍යයි කියලා හිතනවා නම් එය අපිට ප්‍රශ්නයක් නැහැ. සමානාත්මතාවට ගරු කරන බෞද්ධයෝ කොහොමද කියන්නේ බෞද්ධයන්ට පළමු තැනත්, අනිත් ආගම්වලට දෙවැනි, තෙවැනි තැනත් ලබාදෙන්න කියලා.
කොහොම වුණත් බෞද්ධ ඔබලාගේ අදහස බෞද්ධාගමට මූලිකත්වය නම් අපි එයට විරුද්ධ නැහැ. බණ්ඩාරනායක මහතා ලිපි 06 ක් පුවත්පතකට ලියමින් සඳහන් කර තිබෙනවා ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විය යුතුයි කියා. රාජ්‍ය සම්බන්ධයෙන් අප පක්ෂයේ අදහසත් එයයි. නමුත් ෆෙඩරල් බව සඳහන් කරමින් රට තුළ වැරදි මතයක් හදනවා. අපි පැහැදිලිව සඳහන් කර තිබෙනවා අපේ රට එක රටක් විය යුතු බව. අපි වගකීමෙන් තමයි එය කියන්නේ.
අපේ රටේ විවිධ ජනකොටස් ජීවත් වෙනවා. අපේ රට එක රටක් ලෙස පැවතීමට නම් හැකි තරම් බලය බෙදිය යුතුයි. ඒ නිසයි අපි මේ ආකාරයට බලය බෙදීමක් ඉල්ලන්නේ. ලෝකයේ කිසිම රටක කිසිම පුරවැසියෙක් දෙවැනි පුරවැසියෙක් වෙන්න කැමති නැහැ. අපි මේ රටට ආදරෙයි. නමුත් මේ කාරණය සිදුනොවන තුරු අපිට ආඩම්බරයෙන් ශ්‍රී ලාංකිකයන් කියලා කියන්න බැහැ. දෙමළ ජාතික සන්ධානය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට එක්වෙන්නේ අන්න ඒ විදිහට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයේ ඉන්න කාලයේ බලය බෙදීමෙන් ඔබ්බට ගිය ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු එකල කැබිනට් මණ්ඩලය එයට එකඟ වුණා. වර්තමානයේ අපි ඒකීය රාජ්‍යයකට එකඟවී තිබෙනවා. නමුත් ඒ වගන්තියවත් එම කෙටුම්පතේ තිබුණේ නැහැ. එහෙම වෙද්දී කොහොමද මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිස විරුද්ධ වෙන්නේ. ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරන්නේ ඇයි? රටේ සියලුම ජනතාවට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමයි අපේ අරමුණ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
අපේ රටේ ඉතිහාසයෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීම් සිදුවුණත් පුළුල් වූ මහජන කතිකාවක් ඇති වුණේ නැහැ. එය ඇතිකිරීම සඳහායි මේ විවාදය පවත්වන්නේ. ව්‍යවස්ථාව පිළිබඳ තිරසාර එකඟතාවකට පැමිණ නැහැ.
නමුත් මේ පිළිබඳ විවිධ වැරදි මත සමාජගත වී තිබෙනවා.
පක්ෂවල සහ පුද්ගලයන්ගේ අදහස් ඇතුළත් යෝජනාවන් මේ වාර්තාවට ගොනුකර තිබෙනවා. ඒ හැරෙන්නට අපි කිසිම අවසන් තීරණයක් අරගෙන නැහැ.
බලය බෙදීම පිළිබඳ සෑම රාජ්‍ය නායකයෙක්ම ජනතාවට විවිධ බලාපොරොත්තු දුන්නත් එය ඉෂ්ට වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි හැමදාම මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කිව්වා. මේ සියල්ල පිළිබඳව පැහැදිලි එකඟතාවකට පැමිණිය යුතුයි.
යුද්‘ධෙ තියෙන කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු අපේ කැබිනට් මණ්ඩලය කිව්වේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. බලය බෙදන්න අපි එකඟ වුණා. ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි කියන කාරණයට සියලුම පක්ෂ එකඟයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳ විවිධ කතාබහක් තියෙනවා. නමුත් එය ශ්‍රේෂ්ඨාධිකරණ තුළින් පත් කරන්න කියලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. සෑම පළාතකම මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරු ගැන කිව්වා. ආණ්ඩුකාරවරයාගේ ග්රහණයෙන් පළාත් සභාව මුදාගත යුතුයි. එය උතුරේ පමණක් නොව දකුණේ මහ ඇමතිවරුන් පවා කියන දෙයක්.
ඒ වගේම පවතින ව්‍යවස්ථාවේ 01 සිට 09 දක්වා වගන්ති වෙනස් නොකළ යුතුයි කියා නිදහස් පක්ෂය තරයේ කියා සිටිනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා කලබල විය යුතු නැහැ.
බිමල් රත්නායක
අපේ රටේ වසර 2500ක ඉතිහාසය තුළ රටේ ජනතාව අනුමත කරන රට පාලනය කරන්නා වූ නීතියක් නැහැ. ආසියාවේ පරණම ප්රජාතන්ත්රවාදය තියෙන රටක් කියලා
ශ්‍රී ලංකාව හැඳින්වූවත් ජනතාව සම්මත නොකළ ව්‍යවස්ථාවකින් පාලනය වන රටක් කියලා අපේ රට හඳුන්වන්න පුළුවන්.
අපේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එය ජනතාවගෙන් සම්මත විය යුතුයි කියලා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරනවා.
නව ව්‍යවස්ථාවකින් ආර්ථික, සමාජයීය ගැටලු විසඳන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන්. 1994 සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ සෑම අපේක්ෂකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල පොරොන්දු දුන්නා.
විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒකාධිපතිවරයෙක් බිහි වුණා. දූෂිතයෝ බිහිකරපු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපති ධුරය නැති පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ක්‍රමයක් ඇති විය යුතුයි.
ව්‍යවස්ථාවට එරෙහිව උද්ඝෝෂණය කරන කණ්ඩායම් දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඔවුන් බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා මතයක් අරගෙන යනවා. මේ රටේ මොන ආගමික නායකයද, දේශපාලන නායකයද කිව්වේ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.
මේ රටේ කවුරුත් ඉල්ලන්නේ නැති දෙයක් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්නේ මොන ආණ්ඩුවද. ජනතා විමුක්ති පෙරමුණ විදිහට ව්‍යවස්ථාව ගැන අපි එකඟ වුණ කාරණා තිබෙනවා. එකඟ නොවුණ කාරණාත් තිබෙනවා. බිල්ලෝ මවලා ඒකාධිපති විධායකය ආරක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
පා.ම. දිනේෂ් ගුණවර්ධන
ඒකීය රාජ්‍යයක් මුල්කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි අපිට තිබෙන්නේ. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් හැටියට අපි කරුණු ඉදිරිපත් කළා. මේ වාර්තාවේ තිබෙන කිසිම දෙයෙකට අපි එකඟ නැහැ. ඒකීය රාජ්‍ය අහෝසි කිරීමේ යෝජනාවක් මේ අතුරු වාර්තාවේ අන්තර්ගත කර තිබෙනවා.
මල්වතු අස්ගිරි ඇතුළු සංඝ සභා මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වගේම මෙම යෝජනා මත අතුරු ව්‍යවස්ථාවක් හදන්න එපා කියලා සංඝරත්නය කියා තිබෙනවා. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියන තීරණය මේ රටේ වගකියන සංඝ සභා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
භික්ෂූන් වහන්සේලාගේ මෙම කරුණු පැහැදිලි කිරීම අපි අගය කරනවා. ඒ වගේම මෙම වාර්තාවට අපි අන් පැහැදිලි කිරීම් ලිඛිතවම එකතු කරලා තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් අපේ රට කැබලි බවට පත්වේවි. පළාත් ඒකාබද්ධ නොකළ යුතුයි. නමුත් පළාත් ඒකාබද්ධ කරන ලෙස ඉල්ලනවා. මේවාට අපි එකඟ නැහැ.
එම මතය මත හිඳිමින් මේ වාර්තාව අපි ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය කිසිදු විරෝධයක් දක්වලා නැහැ. එහෙනම් මේ වාර්තාව ඒ දෙගොල්ලන්ගේ වාර්තාවක්. රටට හානිකර, විනාශකාරී අපේ ජාතියේ පැවැත්මට හානි කරන ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කරන්න එපා කියලා ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි ඉල්ලා සිටිනවා. රටේ ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය නැති වී තිබෙන්නේ.
උතුරට වඩා දෙමළ ජනතාව ජීවත් වන්නේ සිංහල ජනතාව සමග. ඒ නිසා වෙනම රාජ්‍යයක් සඳහා වෙන් වීමට කටයුතු කිරීම භයානක තත්ත්වයක්.