Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී දුම්රිය සේවාව පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. සම්පූර්ණයෙන් ඒ දේ කරන්න බැරි වුණත් යම් යම් කොටස් පෞද්ගලීකරණය කළා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙන්නේ ඒ දේවල් කරන්න නැහැ කියන පොරොන්දුව මත. ඒත් මේ ආණ්ඩුවත් දුම්රිය සේවාව පෞද්ගලීකරණය කරන්න සැලසුම් හදමින් සිටිනවා. මොකද දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ට සිදුකළ හැකි වැඩකොටස් මේ වනවිට ඉන්දීය සමාගම්වලට, චීන සමාගම්වලට පවරමින් සිටිනවා.
මෙහෙම විදේශීය සමාගම්වලට දුම්රිය වැඩකොටස් පැවරීම යටතේ පසුගිය ආණ්ඩුව මුහුදු බඩ දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 100 ක වේගයක් රඳවා ගන්න කියලා ඉන්දීය සමාගමක් වෙත දුම්රිය මාර්ගය සකස් කරන්න දුන්නා. මෙතනදී එක් කිලෝමීටරයක් හදන්න රුපියල් කෝටි 19 ක් වියදම් කරලා තිබුණා. උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නත් ඔවුන්ට ලබාදුන්නා. එතැනදී එක් කිලෝමීටරයක් සකස් කරන්න රුපියල් කෝටි 34 ක් වියදම් කරලා තිබුණා.
2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 88 ක් විනාශයට පත්වුණා. මේ නිසා මෙම මාර්ගය සකස් කරන්න විදේශ සමාගම් විශාල මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම වසර 03 ක් වගේ කාලයක් ගතවන බවටත් ප්‍රකාශ සිදු කරලා තිබුණා. එහෙම වෙලාවක අපේ දෙපාර්තමේන්තු සේවකයන් එක්වෙලා දින 57 ක් වැනි කාලයක් තුළදී කිලෝමීටර් 88 යථා තත්ත්වයට පත්කළා. ඒ සඳහා වියදම් වුණේ රුපියල් මිලියන 45 ක්. මේ ආකාරයට දක්ෂතා ඇති සේවක පිරිසක් අපට හිටියත් වර්තමාන ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුව සේම දුම්රිය මාර්ග ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දියාවට පවරනවා. මේ හරහා මෙරටේ ජනතාවගේ මුදල් අතිවිශාල ලෙස විනාශයට පත්වෙනවා.
මාතර-බෙලිඅත්ත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙන්නෙ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 278 වියදම් කරනවා. මෙහි දුර කිලෝමීටර් 26ක්. මේ අනුව කිලෝමීටරයක් සකස් කරන්න රුපියල් මිලියන 1603 ක් වැය කරනවා. මෙය ඉදිකරන චීන සමාගම මෙහි ඉදිකිරීම් ආරම්භ කරන්නෙ 2013 ජුලි මාසයේදී. වැඩ නිම කරන්න තිබුණේ මේ වසරේ ජූලි මාසයේදී. ඒත් අදාළ සමාගම විවිධ හේතු කියමින් එම කාලය මේ මාසය දක්වා දීර්ඝ කරගත්තා. ඒත් වැඩ නිමකළේ නැහැ. මේ නිසා ගිවිසුමට අනුව අපට ඩොලර් මිලියන 26 ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වෙනවා. ඒත් එම මුදල නොගෙවන ආකාරයට චීන සමාගම කටයුතු කරමින් සිටිනවා.
එතැනදී ඔවුන් සඳහන් කරන්නෙ, දුම්රිය මාර්ගයේ ගල් ඇතිරීමට කටයුතු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත් යන්ත්‍රය යම් යම් දෝෂවලට ලක්වන නිසා මෙම මාර්ගය ඉදිකිරීම ප්‍රමාද වුණා කියලයි. හැබැයි මෙතනදී කියන්න ඕන මෙවැනි යන්ත්‍ර දෙපාර්තමේන්තුවට තිබුණේ එකයි. ඒක මගින් තමයි දෙපාර්තමේන්තු වැඩ කටයුතු කළේ. ඒත් නීතිවිරෝධී ආකාරයට රජය සතු දේපොළක් චීන සමාගමට දුන්නා. එහෙම දීපූ නිසා අප රටට ලැබිය යුතු ප්‍රමාද ගාස්තු අතිවිශාල ප්‍රමාණයක් අපට අහිමි වන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.
මේ කටයුත්ත වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවෙන්නේ. පළමු අදියර මහව සිට අනුරාධපුරයටත්, දෙවැනි අදියර අනුරාධපුරයේ සිට වවුනියාව දක්වාත් ඉදි කරනවා. මෙය ඉන්දියානු සමාගමක් විසින් සිදුකරන්නේ. මෙහි දුර කිලෝමීටර් 96 ක්. වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 226 ක්. මෙතැනදී තියෙන ගැටලුව තමයි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් මීට ටික කාලයකට පෙර මහව සිට අඹන්පොළ දක්වා දුම්රිය මාර්ගය සකස් කළා. එම මාර්ගයේ පැයට කිලෝමීටර් 80 ක වේගයකින් ධාවනය කළ හැකියි.
මෙම මාර්ගය ඉදිකිරීමට ඉන්දියාවට පැවරීමත් සමග ඉන්දීය සමාගම දෙපාර්තමේන්තුව සකස් කළ මාර්ගයත් ගලවලා දාන්න වැඩ කටයුතු කළා. මෙය දැවැන්ත අපරාධයක්. වවුනියාවේ සිට ඕමන්තය දක්වා කිලෝමීටර් 3.5 ක දුර ප්‍රමාණය සකස් කළේ දෙපාර්තමේන්තු සේවකයන්. මෙම මාර්ගයේ එක් කිලෝමීටරයක් හදන්න වියදම් වුණේ රුපියල් මිලියන 4.5 යි. එම මාර්ගයේ දුම්රිය ධාවනය වේගය පැයට කිලෝමීටර් 70 ක් 80 ක්. එම මාර්ගයත් ගලවලා නැවත සකස් කරන්න කටයුතු කළා. මෙය මෙරටේ ආර්ථිකයට කරන දැවැන්ත අපරාධයක්.
මෙරටේ දුම්රිය මාර්ග ඉදිකිරීම සිදුවෙන්න ඕන මෙරටේ බලධාරීන්ට ඕන විදිහට. එහෙම නැත්නම් ජනතාවගේ ඉල්ලීම්වලට අනුව. ඒත් අද දවස වනවිට දුම්රිය මාර්ග ඉදිකිරීම් විදේශීය සමාගම්වලට ඕන ආකාරයට සිදුවන ආකාරයක් දක්නට ලැබෙනවා. ඉන්දීය සමාගමක් යෝජනා කරලා තියෙනවා කුරුණෑගල ඉඳල හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකරන්න කියලා. මෙම ඉල්ලීමට අනුව අදාළ ඉදිකිරීම් කරන්න අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් තියෙනවා.
දුම්රිය මාර්ග ඉදිකිරීමට පසුගිය කාලයේ ඉන්දීය සමාගම්වලට පිරිනැමුවා. මේ සඳහා අතිවිශාල මුදලක් වැය කළා. ඒත් මේ ආකාරයට ඉදිකළ දුම්රිය මාර්ගවල පීලි පිපිරීම්වලට ලක්වෙනවා. කැඩීම්වලට ලක්වෙනවා. ඒ වගේම සිල්පර කොට කැඩෙනවා. උතුරු දුම්රිය මාර්ගය ගත්තොත් මේ වනවිට සිල්පර කොට 60,000 කට වැඩිය කැඩිලා තියෙනවා. මොකද ඔවුන් භාවිත කරන අමුද්‍රව්‍ය ඉතාමත් බාල දේවල්. දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් රුපියල් කෝටි 7 ක් 8 ක් වියදම් කරලා ප්‍රමිතියෙන් යුත් මාර්ග ඉදිකරද්දී රුපියල් කෝටි 19 ක්, 30 ක් වැනි අතිවිශාල මුදලක් වියදම් කරලා විදේශ සමාගම්වලට කියලා දුම්රිය මාර්ගය ඉදිකරගෙන පසුගිය පාලකයන් සේම, වර්තමාන පාලකයනුත් මෙරටේ ජනතාවට බර පටවමින් සිටිනවා. මේ කරන විනාශයට දුම්රියක් කවදාවත් දැකලා නැති කවදාවත් දුම්රියක ගිහින් නැති ජනතාවටත් දුම්රිය වෙනුවෙන් අතිවිශාල මුදලක් බදු වශයෙන් ගෙවන්න සිදුවෙලා.
දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නෙ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් විසින්. ඒත් මේ වනවිට දුම්රිය මැදිරි 200 ක් අලුත්වැඩියා කරන්න පෞද්ගලික සමාගමකට පවරලා තියෙනවා. මෙතනදී එක් දුම්රිය මැදිරියක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් අදාළ සමාගමට රුපියල් මිලියන 100 ක් ලබාදීමට සැලසුම් කරලා තියෙන්නේ. මෙය බරපතළ මුදල් නාස්තියක්. මොකද පහසුකම් අඩු තත්ත්වයක් තුළ පවා දුම්රිය සේවකයන් ඉතාමත් අඩු මුදලකින් මැදිරි අලුත්වැඩියා කටයුතු කරනවා. ඒ වගේම කියන්න ඕන අපේ සේවකයන් මාසයකට දුම්රිය මැදිරි 30 ක් අලුත්වැඩියා කටයුතු කරනවා. ඒත් මේ සමාගම දුම්රිය මැදිරි හදන්න ගත්තට පස්සේ මාසයකට සකස් කරන්නේ දුම්රිය මැදිරි 5 යි. මේ අනුව දුම්රිය 200 අලුත්වැඩියා කටයුතු කරන්න අවුරුදු 03 කට වැඩි කාලයක් ගත වෙනවා.
පසුගිය කාලයේ ඉඳලම මෙම කටයුත්ත ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මොකද දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට පැවරීම යටතේ පෞද්ගලික සමාගම් තුනකට මැදිරි බදු දීලා තියෙනවා. මෙම මැදිරි බදු දීලා තියෙන්නේ යම් මුදලකට. ඒත් ඒ මුදල් එකතු කරගැනීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වගේම ආදළ සමාගම ගෙවීම් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. මේ නිසා දෙපාර්තමේන්තුව අතිවිශාල මුදලක් දිනපතා අහිමි වෙනවා. හැබැයි මෙම සමාගම අධික ලෙස ආදායම් ලබන්නෙ දුම්රිය දෙපාර්තමේන්තු, මාර්ග දෙපාර්තමේන්තු මැදිරි භාවිත කරමින්.
දුම්රිය පරිශ්‍රයන් තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගමක් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වනවිට රුපියල් ලක්ෂ 5060 ක් ගෙවන්න ඕන. ඒත් ඒ මුදල් අය කරගන්න පාලකයන් කටයුතු කරන්නෙ නැහැ. මෙයත් දෙපාර්තමේන්තුවට අතිවිශාල මුදලක් අහිමිවීමක්.
අප එදා ඉඳන්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, දුම්රිය ශක්තිමත් කරලා මෙරටේ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් දෙන්න කියලා. දෙපාර්තමේන්තු සතු දේපොළ පෞද්ගලීකරණය කරන විට ඒවා කරන්න එපා කියලා ඉල්ලුවා. වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයාගෙනුත් මෙම ඉල්ලීම කරලා තියෙනවා. මොකද ඇමතිවරයා වෘත්තීය සමිතිවලට කියනවා මම දුම්රිය සේවය පෞද්ගලීකරණය කරන්නෙ නැහැ කියලා. ඇමතිවරයා එහෙම කියමින් මැදිරි අලුත්වැඩියා කටයුතු කරන්න මාර්ග ඉදිකරන්න, දුම්රිය ගොඩනැගිලි ඉදිකරන්න, පෞද්ගලික අංශයට පවරමින් ඉන්නවා. දුම්රිය මැදිරි පවිත්‍රතා කටයුතු කරන එකත් පෞද්ගලික සමාගමකට පවරලා තියෙනවා. මේ අනුව දුම්රිය දෙපාර්තමේනතු සතු දේපොළ කොටසින් කොටස පෞද්ගලීකරණය කරමින් සිටිනවා. මේ නිසා පසුගිය ආණ්ඩුවට සේම යහපාලනය නමින් හඳුන්වාගන්නා වර්තමාන ආණ්ඩුවත් දිනෙන් දිනම දුම්රිය සේවය වළපල්ලට යවමින් සිටිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව රටපුරා තියෙන ඉඩම්වල අයිතිය තියෙන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා යටතේ. ඒත් මේ වනවිට ඉඩම්වල අයිතිය ප්‍රවාහන අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. මෙම පවරා ගැනීම යටතේ ගන්න ඉඩම්, ඉඩම් කච්චේරි පිහිටුවලා ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඡන්ද බලප්‍ර‘දේශයේ පදිංචි පුද්ගලයන්ට බෙදාදෙමින් සිටිනවා. හැබැයි දුම්රිය ආඥාපනතට අනුව මේ ඉඩම්වල අයිතිය තියෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවට. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපොළවලට අතිවිශාල අපරාධයක් සිදුවෙමින් තියෙනවා.
දුම්රිය සේවයේ පුහුණු ශ්‍රමිකයන්ගේ 50% කට වැඩි හිඟයක් තියෙනවා. ඒත් බඳවා ගැනීම සඳහා කිසිදු ක්‍රමවේදයක් නැහැ. වසර 12 කින් පුහුණු ශිල්පියෙකු බඳවාගෙන නැහැ. මේ නිසා දුම්රිය වැඩකටයුතු කරන්න ගියාම විවිධ දුෂ්කරතාවන්ට ලක්වෙනවා. පොදුවේ ගත්තම දෙපාර්තමේන්තුව තුළ පුහුණු තාක්ෂණ ශිල්පීන් 4,670 ක් සිටිය යුතු වුවත් සේවයේ යෙදී සිටින්නේ 2776 ක් වගේ ප්‍රමාණයක්. මේ අනුව පුහුණු තාක්ෂණ ශිල්පින්ගෙනුත් 50% ක ආසන්න අඩුකමක් තියෙනවා. තාක්ෂණ ශිල්පීන් පුහුණු කරන්න දුම්රිය කාර්මික විද්‍යාලය ඇති කරලා තිබුණත් එම ආයතනය විසින් මේ වනවිටත් ආදළ පුහුණු වෙනුවෙන් බඳවා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් නෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd