Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අපනයන රටකට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයකි. පසුගිය වසර 15ක කාලය තුළ ලංකාවේ අපනයන ක්ෂේත්රය දැඩි පසුබෑමකට ලක්ව ඇත. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල අපනයන වටිනාකම 2000 වසරේ සිට 2015 වසර වනවිට 33'සිට 12.8'දක්වා පහළ වැටී තිබේ.
2014 සිට 2016 කාලය ඇතුළත අපනයන ආදායමද ඩොලර් බිලියන 11.1 සිට ඩොලර් බිලියන 10.3 දක්වා පහළ වැටී ඇත. අපනයන ප්‍රවර්ධනය සිය ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණක් බව පවසන වත්මන් රජය, විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා ශ්‍රී ලාංකික අපනයනකරුවන් විදේශයන්හිදී මුහුණ දෙන බාධක ඉවත් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.
අපනයන තරගකාරීත්වය අඩාළ කරන වෙළෙඳ බාධක විදේශයන්ට පමණක් සීමා නොවේ. දේශීය වෙළෙඳ බාධකද අපනයන ප්‍රවර්ධනයට විශාල බාධාවක් විය හැක. මෙම කෙටි ලිපියෙන් පෙන්වා දෙන්නේ අපනයනකරුවන් සිය රට තුළ මුහුණදෙන, රජයට පහසුවෙන් විසඳිය හැකි, එහෙත් අඩු අවධානයක් යොමුව ඇති දේශීය වෙළෙඳ බාධකයක් වන, 'කාලීන සහ විශ්වාසදායක තොරතුරු ලබාගැනීමට ඇති අපහසුතාව' පිළිබඳවයි.
මෙම 'තොරතුරු හිඟකම' නිසා වැඩිපුරම පීඩා විඳින්නේ කෘෂි අපනයනකරුවෝය. අපනයන ප්‍රවර්ධනය කිරීමට නම් අපනයනකරුවන්ට කාලීන සහ විශ්වාසදායී තොරතුරු පහසුවෙන් සහ ඉක්මනින් ලබාදීමට පියවර ගැනීම ඉතා වැදගත් බව මේ හරහා පෙන්වා දී ඇත.
මොනවද මේ තොරතුරු?
රටක ආනයන සහ අපනයන, අණපනත් රැසකට නතු වන අතර, මෙම අණපනත්වල අනුකූල බව අධීක්ෂණය කිරීමට රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වේ. මෙම අණපනත්වල අරමුණ වන්නේ ආනයනයේදී සහ අපනයනයේදී එම භාණ්ඩවලින් මිනිසුන්ට, සතුන්ට සහ පරිසරයට වන හානිය අවම කර ගැනීමයි.
උදාහරණයක් ලෙස විදේශයන්හි සිට ආනයනය කරන කෘෂි භාණ්ඩ හරහා ආගන්තුක පළිබෝධ මෙරටට පැමිණීම වළක්වන රෙගුලාසි කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශාක නිරෝධායන සේවය පිළිබඳ ආයතනය මගින් ක්‍රියාත්මක වේ. එසේම මෙරටට ආවේණික ශාක අවසරයකින් තොරව විදේශයන්ට අපනයනය වළක්වන රෙගුලාසි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි.
මෙම අණපනත් සහ ඒවාට අනුකූල බව තහවුරු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය, ඒ සඳහා ගතවන කාලය, පිරිවැය/ගාස්තු, අදාළ අයදුම්පත්, ක්‍රමවේදයන් සහ ඒ සඳහා සම්බන්ධ කරගත යුතු නිලධාරීන් සහ ආයතන පිළිබඳ තොරතුරු අපනයනකරුවෙකුට ඉතා වැදගත් වේ.
බොහෝ අපනයනකරුවන් සිය නිෂ්පාදන සඳහා ආනයනය කරන ලද අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ භාවිත කරයි. උදාහරණයක් ලෙස කෘෂි අපනයන නිෂ්පාදනයට බීජ, පැළ වර්ග, පොහොර, කෘමිනාශක, වල්නාශක, යන්ත්‍ර සූත්‍ර ආනයනය වැදගත් වේ. එබැවින් අපනයනවල සාර්ථකත්වය සඳහා ආනයන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරුද වැදගත් වේ.
තොරතුරු පිළිබඳ ගැටලුව නිසා අපනයන ක්ෂේත්රයට වන අහිතකර බලපෑම
කෘෂි භාණ්ඩවල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය රැකගැනීම ජනතාවගේ සෞඛ්‍ය සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් වන බැවින්, කෘෂි ආනයන සහ අපනයන අනෙකුත් භාණ්ඩවලට වඩා වැඩි නීති සහ රෙගුලාසි සමූහයකට යටත්ව කළ යුතු වේ.
මෙම රෙගුලාසිවලට අනුකූලව අපනයන සහ ආනයන කිරීමට ව්‍යාපාරිකයන් දිරිගැන්වීම අදාළ රාජ්‍ය ආයතනවල යුතුකමකි.
මෙහිදී එම අණපනත් සහ ක්‍රියාපටිපාටි පිළිබඳ විශ්වාසදායී තොරතුරු නිසි කලට අපනයනකරුවන්ට ලබාදීම එම ආයතනවල වගකීමකි.
එහෙත් වෙරිටේ ආයතනය කෘෂි අපනයන පිළිබඳ කළ පර්යේෂණයකින් හෙළි වූයේ මෙම තොරතුරු ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවයි.
කාලීන සහ විශ්වාසදායී තොරතුරු නොමැති වීම නිසා ආනයන සහ අපනයන ක්‍රියාවලියේ විනිවිදභාවය අඩු වන අතර, මෙය නීති උල්ලංඝනය කරමින් වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන්ට සහ ඔවුනට උල්පන්දම් දෙමින් තම මඩිය තර කරගන්නා නිලධාරීන්ට තෝතැන්නක් සදා දෙයි.
මේ නිසා, ලංකාවේ අපනයන ප්‍රතිරූපයට විශාල හානියක් විය හැකි අතර, ලංකාවේ අපනයන විදේශ රටවල තහනමකට පවා ලක්වීමට එමගින් ඉඩ සලසා දෙයි.
රෙගුලාසි සහ ක්‍රියාපටිපාටිවල වන වෙනස්වීම් පිළිබඳ නිසි කලට අපනයනකරුවන් දැනුවත් කිරීමට රාජ්‍ය ආයතන කටයුතු නොකිරීම විශාල ගැටලුවකි. මෙවැනි අවස්ථාවල අපනයන භාණ්ඩ රෙගුලාසි සමග අනුගත නොවීම නිසා හෝ අදාළ ලියකියවිලි නොමැති වීම නිසා ගුවන්තොටුපොළේදී/වරායේදී අදාළ රාජ්‍ය ආයතන විසින් රඳවාගැනීම නිසා වන ප්‍රමාදයන් අපනයන තරගකාරීත්වයට අහිතකර ලෙස බලපායි.
මෙම ප්‍රමාදයන් කල් තබාගත නොහැකි කෘෂි භෝග අපනයනවල තරගකාරීත්වයට දැඩිව බලපායි. ප්‍රමාද වන සෑම මිනිත්තුවක් පාසාම ඉහත කී භෝගවල නැවුම්භාවය මෙන්ම ගුණාත්මකභාවය පහළ යෑම මීට හේතුවයි.
මෙවැනි ප්‍රමාදයන් නිසා අපහසුතාවට පත්වන අපනයනකරුවන් නිලධාරීන්ට අමතර මුදලක් ලබා දී හෝ තම අපනයන නියමිත වෙලාවට ගැනුම්කරු අතට පත් කිරීමට උත්සාහ දරයි. මෙවැනි අමතර වියදම්ද අපනයන තරගකාරීත්වයට අහිතකර ලෙස බලපායි.
වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීමට පැකිළෙන රාජ්‍ය ආයතන
වෙබ් අඩවි පහසුවෙන් හා අඩු පිරිවැයකින් තොරතුරු පළ කිරීමේ ක්‍රම අතර මුල් තැනක් ගන්නේ ඕනෑම පුද්ගලයෙකුට ස්ථානය හෝ වෙලාව නොතකා අවශ්‍ය කරුණු පහසුවෙන් දැනගැනීමට එයින් ඉඩකඩ සැලසෙන බැවිනි. වෙබ් අඩවි හරහා තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව නිසා වැඩි සහනයක් ලැබෙන්නේ කොළඹින් පිට සිටින ව්‍යාපාරිකයන්ටය. තොරතුරු ලබාගැනීමට කොළඹට පැමිණ නාස්ති කිරීමට සිදුවන කාලය සහ පිරිවැය මෙමගින් විශාල ලෙස අඩු කර ගත හැක.
වර්තමානය වන විට ආනයන අපනයන නියාමනය කරන රාජ්‍ය ආයතන සියල්ලටම පාහේ වෙබ් අඩවියක් පවති. එහෙත් අවාසනාවකට මෙන් මෙම වෙබ් අඩවි හරහා අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට අවැසි තොරතුරු ලබාදීමට මෙම ආයතන අසමත් වී ඇත.
වෙරිටේ පර්යේෂණ ආයතනය මගින් කෘෂි නිෂ්පාදන ආනයන හා අපනයන සම්බන්ධ රෙගුලාසි නියාමනය කරන කාර්යාංශ කිහිපයක වෙබ් අඩවිවල ඇති තොරතුරු පිළිබඳ 2017 වසරේ මැයි මාසයේදී කළ සමීක්ෂණයකින් පෙනී ගියේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් දැඩි පසුගාමීත්වයක් දක්වන බවයි. (වගුව 1 බලන්න).
පහත වගුවෙන් පෙන්වා දී ඇත්තේ කෘෂි භෝග වෙළෙඳාමට අදාළව තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි පිළිබඳ සිදුකළ මූලික තොරතුරු විගණනයේදී හෙළි වූ කරුණුයි. කොළ පැහැති කොටුවලින් වෙබ් අඩවි මගින් අත්‍යවශ්‍ය ප්‍රාථමික තොරතුරු ඉදිරිපත් කර තිබීමට පියවර ගෙන ඇති බව දක්වන අතර, තොරතුරු ලබාදීමට කිසිදු උත්සාහයක් දරා නොතිබීම රතු පැහැති කොටුවලින් දක්වා ඇත.
තොරතුරුවල යාවත්කාලීන බව කොළ පැහැති හරි ලකුණකින් දක්වා ඇති අතර, රතු පැහැති කතිර සලකුණෙන් කියැවෙන්නේ ලබා දී ඇති තොරතුරු යාවත්කාලීන නොවන බවයි.
ඉහත සමීක්ෂණයෙන් හෙළි වූ ප්‍රධාන කරුණක් නම් බොහෝ රාජ්‍ය ආයතනවලට අදාළ වෙබ් අඩවි තිබුණද ඒවායෙහි ඇති තොරතුරු සීමිත වන බව සහ බොහෝ තොරතුරු යල් පැනගිය ඒවා බවයි. සම්බන්ධීකරණ තොරතුරු, අයදුම්පත්, රෙගුලාසි, ක්‍රියාපටිපාටි හා ගාස්තු වැනි ප්‍රාථමික තොරතුරු පවා සිය වෙබ් අඩවි හරහා ලබාදීමට මෙම ආයතන අසමත් වී ඇත. (වැඩිදුර තොරතුරු සඳහා 01 වගුව ද, විශ්ලේෂණය සඳහා 02 වගුව ද බලන්න)
මෙම මූලික තොරතුරු පිළිබඳ සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු 02 වගුවෙහි සරල ආකාරයෙන් දක්වා ඇත.
02 වගුවෙන් පෙන්වා දෙන පරිදි, ආයතනයට අදාළ වෙබ් අඩවියෙන් හෝ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙහි වෙබ් අඩවියෙන් (gic.gov.lk) විධිමත් ලෙස තොරතුරු ලබා දීමට උත්සාහයක් දරා ඇත්තේ ආයතන අඩකට මඳක් වැඩි ප්රතිශතයකි. මෙම ලබා දී ඇති තොරතුරුවලින්ද තුනෙන් එකක් පමණ යල් පැනගිය, භාවිතයට ගත නොහැකි තොරතුරු වේ.
සමස්තයක් වශයෙන් ගත් කල, 01 වගුවේ අවධානයට ලක් කළ දත්ත 42 ක් අතුරින් යාවත්කාලීන තොරතුරු ලෙස දැක්විය හැක්කේ 38'ක් වැනි සුළු ප්රතිශතියකි. 62%ක් වූ සෙසු තොරතුරු ලබාගැනීමට නම් එම ආයතන වෙත පෞද්ගලිකව පැමිණිය යුතු අතර, නිවැරදි දුරකථන අංක සහ අදාළ නිලධාරීන් පිළිබඳ තොරතුරු වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාවක් ඇත්නම් එම තොරතුරු දුරකථනය මගින් දැන ගත හැක.
තොරතුරු ගැටලුවට රජයෙන් දැනට යෝජිත විසඳුම්
නිසි කලට නිරවද්‍ය තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාව ගැටලුවක් ලෙස වත්මන් රජය පිළිගෙන තිබේ. බොහෝ කලක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු නොවිණි. මෙම ගැටලුව ප්‍රමාද වී හෝ රජයේ අවධානයට ලක් වීම ප්‍රශංසනීය කරුණකි.
එපමණක් නොව පසුගිය අය වැය යෝජනා අතර මෙයට විසඳුමක් ද රජය විසින් ඉදිරිපත් කරන ලදී.
ජාතික වෙළෙඳ තොරතුරු කේන්්ද්රරය (ජා.වෙ.තො.කේ.) නමින් වෙබ් අඩවියක් ස්ථාපනය කිරීම එම විසඳුමයි. මෙම තොරතුරු කේන්ද්‍රය හරහා වෙළෙඳුන්ට එකම ස්ථානයකින්, අන්තර්ජාලය හරහා වැඩි පරිශ්‍රමයක් නොයොදා අදාළ නීති රෙගුලාසි, ගාස්තු හා ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත.
බංග්ලාදේශය, මියන්මාරය, ඉන්දියාව හා කාම්බෝජය වැනි බොහෝ රටවල් ආනයනයේදී සහ අපනයනයේදී පැන නඟින අනේකවිධ තොරතුරු ගැටලුවලට විසඳුමක් ලෙස මෙවැනි තොරතුරු කේන්ද්‍ර පිහිටුවීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ඉතිහාසය දෙස හැරී බැලූ විට නම් මෙවන් යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැඩි සැකසංකා මතු වේ. බොහෝ විට මෙවැනි සාධනීය විසඳුම් රාජ්‍ය නිලතන්ත්‍රයේ නිද්‍රාශීලීභාවය හා වගවීමක් නොමැතිකම හමුවේ අසාර්ථක වූ අවස්ථා බොහෝ ඇත.
එසේම යෝජිත තොරතුරු කේන්ද්‍රය රජය විසින් තොරතුරු කේන්ද්‍රගත කිරීමට තැබූ ප්‍රථම පියවර ද නොවේ. 2007 වසරේදී ශ්‍රී ලංකා රේගුව විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයෙහි 'USAID& සහායද ඇතිව ආනයන සහ අපනයනවලට අදාළ රෙගුලාසි පිළිබඳ දත්ත ඇතුළත් තොරතුරු කේන්ද්‍රයක් පිහිටුවන ලදී.
මෙහි අභිප්‍රාය වූයේ මුද්‍රිත පිටපත් ලෙස විවිධ ආයතනවල විසිරී පවතින ලියවිලි හරහා තොරතුරු ලබා ගැනීමේදී වෙළෙඳුන් මෙන්ම රේගු නිලධාරීන්ද මුහුණදෙන අපහසුතා අවම කර ගැනීමයි. තරගකාරීත්වය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 'TCP& යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යායාමය ක්‍රියාවට නැංවීම පිණිස සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදුවිය.
මෙම ව්‍යාපෘතිය යටතේ මහත් පරිශ්‍රමයක් දරා අදාළ සියලු නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි එකතු කර ඒවා වර්ගීකරණය කොට ඩිජිටල්කරණය කර කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ස්ථාපිත කරන ලදී. මෙම දත්ත ගබඩාවේ තොරතුරු රේගු වෙබ් අඩවිය (customs.gov.lk) ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීමේ පහසුව සලසා දෙන ලදී.
මෙසේ අතිමහත් වෙහෙසක් සහ වියදමක් දරා ස්ථාපිත කෙරුණු අතිශයින් ඵලදායී මෙම දත්ත ගබඩාව අදාළ ආයතනවල නිලධාරීන් මැනවින් නඩත්තු නොකිරීම හේතුවෙන් අද වනවිට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත. මෙය සැබවින්ම ඛේදජනකය.
රෙගුලාසි පිළිබඳ දත්ත ඇතුළත් වෙබ් අඩවිය මගින් ලත් අත්දැකීම් යෝජිත තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීමට ප්‍රථම සැලකිය යුතු වැදගත් කරුණක් පිළිබඳව පෙරවදනක් සපයයි. එනම් දැනට පවතින වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීමට පැකිළෙන සහ තොරතුරු සීමිතකම නිසා පීඩා විඳින අපනයනකරුවන්ගෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබන්නට පුරුදු වී සිටින නිලධාරීන් සිටින පරිසරයක මෙවැනි සංකීර්ණ තොරතුරු කේන්ද්‍රයක් පිහිටුවීම මගින් තොරතුරු ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගත නොහැකි බවයි.
එම ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමට නම් රාජ්‍ය නිල තන්ත්රයෙහි තොරතුරු ලබා දීමට ඇති අකමැත්ත සහ/හෝ අසමත් බව යන ගැටලු විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බව මෙම විශ්ලේෂණය පෙන්වා දෙයි. එසේ නොවුවහොත් යෝජිත තොරතුරු කේන්ද්‍රයටද ඊට පෙර ස්ථාපිත රෙගුලාසි දත්ත ගබඩාවට අත් වූ ඉරණම ම අත් වනු ඇත.
වෙරිටේ පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ සහ ආසියා කලාපයේ ආර්ථික, නෛතික, දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි පර්යේෂණ හා විශ්ලේෂණ කටයුතුවල නියුතු වේ. අදහස්, යෝජනා හෝ වැඩිදුර තොරතුරු පිණිස [email protected] වෙත ලියන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd