විශ්වවිද්යාලතුළ ක්‍රියාත්මකවන නවකවදය හේතුවෙන් තරුණ තරුණියන්ගේ අනාගතය විකෘතිවන බවත්, එබැවින් එය සපුරාම ප්‍රතික්ෂේප කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි. මේපිළිබඳ සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව අපි ඔහුගෙන් විමසුවෙමු.
Q මේ දිනවල ජාතික යොවුන් පෙරමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙනවා. මේපිළිබඳව මුලින්ම පැවසුවොත්?
යොවුන් පෙරමුණේ තරුණ තරුණියන්ගේ ශාඛා සමිති දිවයිනපුරාම පිහිටුවලා, යොවුන් ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීමට අපි මේදිනවල කටයුකු කරනවා. මේවනවිට රටේ ආසන 160 න් බොහොමයක මේකටයුතු සිදුකර තිබෙනවා. එම කටයුතු අවසානයේ දිස්ත්‍රික් මණ්ඩලත්, පසුව ජාතික බලමණ්ඩලයත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. පසුගිය සතියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේකටයුතු සිදුකළා. පොළොන්නරුව, පුත්තලම, කළුතර ගම්පහ ආදී දිස්ත්‍රික්කවල මේකටයුතු සිදුකර අවසන්.
Q පක්ෂ සංවිධානයට අමතරව තරුණ තරුණියන්ගේ හැකියාවන් වර්ධනයට යොමුවන්නේ අවම වශයෙන්. මේසම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ ඇයි?
දේශපාලන වැඩසටහන් කරනගමන් තරුණ තරුණියන්ගේ ආර්ථිකය නංවාලීමේ වැඩසටහන්වලටත් අපි සම්බන්ධවෙනවා. එහිදී විශේෂයෙන්ම ස්වයං රැකියා සඳහා රුපියල් ලක්ෂ දෙකක ණයක් ලබාදීමේ කටයුතු අපි ආරම්භ කළා. එහිදී රුපියල් 50,000 ක් ප්‍රදානයක් විදිහටත්, එක්ලක්ෂ පනස් දහසක් නැවත ගෙවීමේ පදනම මතත් අපි තරුණ තරුණියන්ට ලබාදෙනවා.
වෘත්තීය හැකියාව දියුණුකරගත් තරුණ තරුණියන්ට මේ මුදල් භාවිතකරන්න පුළුවන්. ගම්මට්ටමේ ආර්ථිකය ඉහළ දැමීමේ අරමුණින් අපි මේ කටයුත්ත සිදුකරන්නේ.
Q නවකවදය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ජාතික යොවුන් පෙරමුණ විදිහට නවකවදයට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. එම සියලු කටයුතු අපි හෙළාදකිනවා. රටේ ඉන්න තරුණ තරුණියන්ගේ මානසික මට්ටම විකෘතිකරලා තරුණ තරුණියන් රටට බරක් වෙන විදිහට කටයුතු කිරීම ගැන අපි විරුද්ධයි. මේවෙනුවෙන් ඇතැම් දේශපාලඥයන් වගේම දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙනවා කියන දේ බොහොම පැහැදිලියි.නවක වදයෙන් මුදවාගැනීම සඳහා පාසල් මට්ටමින් සහ විශ්වවිද්‍යාල මට්ටමින් තරුණ තරුණියන් දැනුවත්කරන්න අපි තීරණය කළා.
ඒවගේම නවකවදය පමණක් නොව වධකාගාර පවා පවත්වාගෙන ගිය පිරිසක් සම්බන්ධ විස්තර පවා අපට අහන්න දකින්න ලැබුණා. මේඅනුව තරුණ සිත් කොයිතරම් දුරට විකෘතිකරලා තියෙනවාද කියලා පැහැදිලියි. මේවා පිටුපස සිටින්නේ දේශපාලන හස්ත. මේනිසා මෙවැනි සිදුවීම්වලට සම්බන්ධවන තරුණ තරුණියන්ට අපි පැහැදිලිව කියන්නේ ඔබේ යහළුවාගේ යෙහෙළියගේ අනාගතය පාවාදෙන්න එපා .
Q නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් තරුණයන්ගේ අදහස කුමක්ද?
නව ව්‍යවස්ථාව කියන්නේ රට ඉල්ලපු දෙයක්. 1994 පටන් පැවැති සෑම මැතිවරණයකදීම රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ ජනතාව සිටියා. මේනිසා තරුණ තරුණියන් ඇතුළු ජනතාව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යහපත් ආකල්පයක සිටිනවා. නව ව්‍යවස්ථාව පිළිබඳ අපි තරුණ තරුණියන් දැනුවත් කරනවා. රටේ සංහිඳියාව, ප්රජාතන්ත්රවාදය, රටේ විධායක ජනපති ක්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම, මැතිවරණ ක්‍රමවේදය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ අපි ජනතාව දැනුවත් කරනවා.
ඒවගේම ඇතැමුන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසත්‍ය පතුරුවා ඔවුන් නොමඟයවන්න කටයුතු කරනවා. රට බෙදෙයි, රට පාවා දෙයි කියමින් මොවුන් අනවශ්‍ය බොරු ප්‍රචාර ගෙනියනවා. මේනිසා අපි රටට ඇත්ත කාරණය පැහැදිලි කරනවා. එතකොට හැමෝම මේ කාරණය තේරුම් ගනීවි.
Q වෛද්‍යවරයෙකු ලෙස රටතුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීම අනුමත කරනවාද?
දැනට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට තිබෙන්නේ සයිටම් ආයතනයයි. එහි ප්‍රමිතිය අඩුනම්, ප්‍රමිතිය බාලයිනම් එහි ප්‍රමිතිය වැඩිකරන්නට ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. රටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරමින් රටේ විශ්වවිද්‍යාල වහන්න අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ.
රජයේ වෛද්‍ය විද්‍යාල අටක් තිබෙනවා. ඒ එකකට දරුවන් 200 බැගින් ඇතුළත් වුණත් එකවර 800කට පමණයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙන්නේ.
ඒවගේම ප්‍රමාණයක් වසරකට විදෙස් රටවල වෛද්‍ය පීඨවලට එකතුවෙනවා. ඒ දරුවන් නැවත වතාවක් ලංකාවට ඇවිත් විභාගවලට පෙනී ඉඳලා වෛද්‍යවරුන් බවට පත්වෙනවා.
නමුත් ප්රශ්නය වෙන්නේ මේතරුණ තරුණියන් බිල්ලට දීලා ඔවුන් දේශපාලන අතකොලු බවට පත්කරගෙන තිබෙනවා. සයිටම් එක එපා නම් ඒගැන තීරණයක් ගන්න එක වෙනම කතාවක්. නමුත් මේ තරුණ තරුණියන්ව දේශපාන අතකොලු බවට පත්කරගැනීම අනුමත කරන්න බැහැ. මොකද ඔවුන්ගේ අධ්‍යපනය වෙනුවෙන් වෙන්කර තිබෙන කාලය අහිමිවෙනවා මෙවැනි ක්‍රියා නිසා.
මේරටේ බදුගෙවන ජනතාවගේ සල්ලිවලින් තමයි රජයේ විශ්වවිද්‍යාලවල දරුවන් ඉගෙනගන්නේ. වෛද්‍ය විද්‍යාලය වුණත් එහෙමයි. සාමාන්‍යයෙන් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න එක දරුවෙක් වෙනුවෙන් ලක්ෂ 100 ක පමණ ප්‍රමාණයක් වියදම් කරනවා. කඩාකප්පල්කාරී වැඩකරන විට ඒ දරුවෙකු වෙනුවෙන් දිනකට වියදම් කරන මුදල් අහිමිවෙන්නේ රටේ ජනතාවටයි. ඒනිසා මේකාරණය ගැන හිතන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකදදේශපාලනඥයන්ට රටේ අනාගතය බිල්ලට දෙන්න ඉඩදෙන්න බැහැ.
Q බාහිර උපාධි කප්පාදුවකට ආණ්ඩුව සූදානම්වන බවට සිසුන් චෝදනා කරනවා?
අධ්‍යාපනය ඇයි කප්පාදු කරන්නේ? ළමයින්ට ඉගෙනගන්න අවස්ථාව දියයුතුයි. පාසල් ගිහින් ටියුෂන් යන ළමයි ඉද්දි අපි බාහිර උපාධිය කප්පාදු කිරීමේ තේරුමක් නැහැනේ. ළමයින්ට ඉගෙනගන්න තිබෙන අවස්ථාතවතව වැඩිකරනවා වෙනුවට අඩුකරන්න අවශ්‍ය නැහැනේ.
Q ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේ වැඩපිළිවෙළට ඔබ එකඟද?
මහින්ද රාජපක්ෂ යුගයේ ආණ්ඩුපක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙකුටම ප්‍රාඩෝ එකක් දුන්නා. කිසිකෙනෙක් කතාකළේ නැහැ. දැන් මේරටේ ප්රජාතන්ත්රවාදය වැඩි නිසා හැමෝම කතාකරන්න පටන්ගෙන තියෙනවා. එදා ලබාදෙද්දි කතානොකරපු අය ඇයි අද කතාකරන්නේ කියන ප්රශ්නය තමයි මට තිබෙන්නේ.
එදා ප්‍රාඩෝ ගත්ත මැති ඇමතිවරුත් අද විරුද්ධවෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්යාලයෙන් ඉවත්වෙද්දි වාහන 728 ක් තිබුණා. ඒකෙන් 175කට වෙච්චි දෙයක් නැහැ. ඒවා අතුරුදන්. මේගැන ඇයි කවුරුත් කතානොකරන්නේ.
මේක තමයි අපට තිබෙන ප්‍රශ්නටය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. ඒක මුදල්ද වාහන ද කියන කාරණය අපට අදාළ නැහැ.
Q කොළඹ කුණු ජාඇලට ගෙන ඒම සම්බන්ධයෙන් ජනතාව විරෝධය දක්වනවා. ඔබ මෙය විසඳීමට මැදිහත්වුණාද?
මීතොටමුල්ල ජනතාව අත්විදින සහ අත්විඳපු ඒ අමිහිරි අත්දැකීම පැහැදිලිව පෙනෙනවා. ඒප්‍රදේශවල ඉන්න ජනතාව අසරණවෙලා ඉන්නේ. ඔවුන්ගේ හදවත්වල තිබෙන ගැටලු අපට තේරෙනවා. නමුත් නිසි කළමනාකරණයක් නැතිව, නිසි ක්‍රමවේදයක් නැතිව ජාඇල ප්‍රදේශයට කුණු ගෙනැවිත් දැම්මොත් එහි ජීවත්වෙන ජනතාවට ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා.
සමාජීය වශයෙන්, සෞඛ්‍ය වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් ඔවුන් අසරණවෙනවා. මේනිසා මේරටේ සම්පතක් වෙන කුණු සම්පත කළමනාකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුවෙනවා. කුණු කොහේ තිබුණත් එහෙට මෙහෙට දාන එක නොවෙයි වියයුත්තේ, කුණු ප්‍රතිචක්‍රිකරණය කරන්න, විදුලිය නිෂ්පාදනය කරන්න වගේ වැඩපිළිවෙළක් සකස්කරන්න අවශ්‍යයි.
අලුත් කුණු ගෙනැවිත් ජාඇල ප්‍රදේශයේ ගොඩගැසීමක් කළොත් ඒක නියම විසඳුමක් නොවෙයි,එවිට ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වෙනවා. එවිට එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයන් විදිහට අපිත් අසරණ වෙනවා. මේනිසා එවැන්නක් නොවේවි කියා අපි බලාපොරොත්තුවෙනවා.
මේසම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළා. සෑම අංශයක් සමගම සාකච්ඡා කළා. ජනාතාවට හිතෛෂී වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයි කියලා අපිබලාපොරොත්තු වෙනවා.