මෙවර මහ මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම දිස්ත්‍රික්කය තුළ විශේෂ අවධානයක් දිනාගත් චරිතයක් වී තිබේ. දිනෙන් දින ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වටා විශාල පිරිසක් එක්වන බව දක්නට ලැබුණු නිසාමඒ මහතාගේ මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡාකළෙමු. මේ එහි සංවාද සටහනයි.
Q ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය කෙසේද?
ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත පිබිදීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව පිළිබඳ, ඔවුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳ අපැහැදිලිතාවට පත්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් එ.ජා.ප.ය වටා එක්වුණා.මම සහභාගී වුණ ජනරැලිවලදී විශේෂයෙන්ම අත්තනගල්ලේදී පවා සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් අප සමග එකතු වුණා.ඒ නිසා එජාපයේ ජයග්‍රහණය ඉතාම පැහැදිලියි. ජනතාව තුළ විශාල වශයෙන් බලාපොරොත්තු ඇතිවෙලා තිබෙනවා.
Q අනිකුත් පාක්ෂිකයන් බොහෝමයක් ඔබ සමග එකතුවන්නේ ඔබේ පෞරුෂය නිසාද?
ගතවුණු අවුරුදු දහයකට ආසන්න කාලය තුළ ඉතාම පිරිසුදු දේශපාලනයක නිරත වුණා. අපේ පරපුරේ ගෞරවයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගෞරවයත් මම ආරක්ෂා කළා. ඒ නිසා මා වටා තරුණ පිරිසක් වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්, අනිකුත් පක්ෂවල පිරිස්ද මා සමග එකතු වෙනවා.එයට හේතුව කුමක් වුණත් තරුණ දේශපාලඥයෙක් ලෙස මම ආදර්ශයක් ලබාදී තිබෙනවා.
Q ගම්පහින් එක වෙන්න අවස්ථාව ඔබට ලැබේවිද?
මම හිතනවා මට ජනතාවගේ වරම් ලැබේවි කියලා. මොකද මම යන හැමතැනම එ.ජා.ප.යේ පුද්ගලයන් මෙන්ම, අනිකුත් පුද්ගලයන්ගේද කැමැත්ත තිබෙනවා. ඔබ කියන කාරණය ඡන්දෙන් පසුව තමයි තීරණය කරන්න පුළුවන්. ඉතාම උණුසුම් පිළිගැනීමක්, මා පිළිබ‘ඳ විශ්වාසයක්, ගෞරවයක්, ඔවුන් සතුව තිබෙනවා. එය කඩ නොකොට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමටයි මම බලාපොරොත්තු වෙන්නෙ.මා වැඩිම මනාප ලබන බව මා සමග තරග කරන සෑම අපේක්ෂකයෙක්ම මට සඳහන් කරන දෙයක්. ජනමතය ප්‍රකාශ වුණවිට අපි එය බලමු.
Q ඉදිරි පාර්ලිමේන්තුවෙන් ගම්පහට ඉටුකිරීමට ඔබ බලාපොරොත්තු වෙන්නේමොනවාද?
විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළ වගේම ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්රකාශනය දෙස බැලූවිටත් ගම්පහ ප්රමුඛ කරගත් වැඩපිළිවෙළක් දියත් කිරීමට හැකියාව තිබෙනවා.මගේ ප්රමුඛ අරමුණ තමයි තරුණ ප්‍රජාවගේ රැකියා අවශ්‍යතාව සම්පූර්ණ කිරීම. ඔවුන්ට ගෞරවනීය ලෙස නිරතවීමට පුළුවන් වැදගත් රැකියා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තාක්ෂණික වශයෙන් ඉදිරියට යාමටත් දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසුගිය දිනක මට හැකියාව ලැබුණා ගූගල් සමාගම සමග එක්ව අධිවේගී අන්තර්ජාල පහසුකම් අපේ රටට නොමිලේ ලබාගන්න. දෙසැම්බර් මාසයේදී එය රටපුරා ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ආයෝජන කලාප තිබෙන්නේ. ඒ ශාලා නැවත පණනංවන්නත් මම බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් මට තිබෙනවා.
Q තමන්ගේ ආසනය පැරදුණොත් එවැනි කිසිම කෙනෙකුට ඇමති ධුරයක් ලබාදෙන්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණා. එය ඔබටත් වලංගුද?
බියගම ආසනයේ ජයග්‍රහණය ඉතාම පැහැදිලියි. මේ වනවිට මගේ මැතිවරණ කාලසීමා තුළ පැවැත්වූ ජනහමු තුළදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දහස් ගණනක් ඒකරාශී වුණා.ඒ වගේම බියගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සංවිධානයක් නැහැ. දේශපාලන වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා මගේ ආසනයේ ජයග්‍රහණය පැහැදිලියි.
Q පාතාලය නැවත හිස ඔසවා ඇති බව පැවසෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඔබේ වගකීම කෙබඳුද?
කිසිදු ආකාරයක පාතාලයකට නැගී සිටින්නට අපි ඉඩක් ලබාදෙන්නේ නැහැ.විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි පාතාලය යළි හිස ඔසවනවා කියලා මේ වැරදි මතයක් හදන්න මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරනවා.ඉතාම පැහැදිලියි ඒ දේශපාලන අපේක්ෂාවන්. අපට මතකයි පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලෙ ජූලම්පිටියේ අමරෙලා, වම්බොට්ටලා සහ තව බොහෝ පිරිස් රාජපක්ෂ බලාධිකාරිය අතට ගෙන ඉතාම පීඩාකාරී ලෙස හැසිරුණා.ඒ වගේම පාතාලයේ නරුමයන් දේශපාලන සුරතලුන් බවට ඔවුන් පත්කරගත්තා.
Q රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවාද?
ඇත්තෙන්ම. මේවනවිට රණවිරැ විශේෂ වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීමට අප සුදානමින් සිටිනවා. නව ආණ්ඩුව යටතේ එය සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
පොදු සේවාවන් රජයේ සේවාවන් වගේම පෞද්ගලික අංශයේ සේවාවන්ද ලබාගැනීමේදී රණවිරැවන්ට පහසුවක් වන අයුරිනුයි මෙය සකසා තිබෙන්නේ.
ඒවගේම ආබාධිත රණවිරැවන් සහ මියගිය රණවිරැවන්ගේ පවුල් වලටත් මෙය හඳුන්වා දෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරැ පවුල්වල සුභසාධනය ඉහල නැංවීමටත් එම පවුල්වල දරැවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීමටත් මම වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා.
Q මීළඟ ආණ්ඩුවේ ඔබේ ඇමති ධුරය කුමක් වේවිද?
ඒක තීරණය කරන්නෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. මට ලැබෙන ඕනෑම තනතුරකින් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්නත් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නත් මම සැදී පැහැදි සිටිනවා.
ලබාදෙන ඕනෑම අමාත්‍යාංශයක් හරහා සාර්ථකව, වගකීම් සහගතව උපරිම සේවාවක් සලසන්නත්, රටක් විදිහට ඉදිරියට යාම සඳහා එම අමාත්‍යාංශය මෙහෙයවීමටත් මට හැකියාව සහ දැනුම තිබෙනවා.එය තීරණය කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. අමාත්‍ය ධුරයක් නොලැබුණත් ජනතා සේවය උපරිමයෙන් සිදුකිරීමට මම උත්සාහ කරනවා