ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන ගණනාවක් බත්තරමුල්ල හන්දිය ආසන්නයේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලට රැගෙන ගියේ මේ මෑතකදීය. මෙම නව ප්රවිෂ්ටය තුළින් රටේ ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව 'අද' පුවත්පත හා සංවාදයකට එක්වූයේ ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු 2014 වසරේ සිට ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කරයි. සුහුරුපායේ පස්වෙනි මහලේ පිහිටි ඔහුගේ නිල කාර්යාලයේදී අප විසින් අසනලද ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
Q ආගමන විගමන දෙපාර්තමේන්තුව සුහුරුපායට රැගෙන ඒමෙන් ලද වාසි මොනවාද?
2016 වසරේ අගෝස්තු මාසේ අපි සුහුරුපායට පැමිණියා. ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් හතක් වෙන්කර තිබෙනවා. ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය, වීසා නිකුත් කිරීමේ අංශය, පුරවැසි සහතික නිකුත් කිරීමේ අංශය යනාදී මහජනතාවට සුලබව සේවා ලබාගතයුතු අංශමෙහි පහළ මාලවල ස්ථානගත කරලා තියෙනවා.
මෙහි ඉහළ මාලවල ඇති අවශේෂ තට්ටු පරිපාලනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මෙම වෙන්කිරීම් කරලා තියෙන්නේ මහජනතාවගේ පහසුවත්, නිලධාරීන්ගේ පහසුවත් යන කාරණා දෙකම පිළිබඳව දැනුවත් වීමකින්. සුහුරුපායේ මෙම ආයතනය පිහිටුවීම, මීට පෙර පුංචි බොරැල්ලේ ආයතනය පැවති තත්ත්වයට වඩා ඉහළ ප්රවර්ධනයක්.
Q ගමේ ජනතාව තවදුරටත් ගුවන් ගමන්බලපත්‍ර ලබාගැනීමට බත්තරමුල්ලට පැමිණිය යුතුද?
අපේ ප්‍රධාන කාර්යාලය අනුබද්ධිත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හතරක් දැනට පිහිටුවලා තියෙනවා. මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල එම ප්‍රාදේශීය කාර්යාල පිහිටි නගරයි. මේ ප්‍රාදේශීය කාර්යාල හරහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරනවා. ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම, ගමන් බලපත්‍ර සංශෝධනය සඳහා අයදුම්පත් බාරගැනීම සහ ඒවා මුද්‍රණයකොට නිකුත් කිරීම යනාදිය ඊට ඇතුළත්. ඒවායේ සිද්ධ වෙන්නේ සාමාන්‍ය සේවය පමණයි.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පමණයි එක්දින සේවය සිදුකරන්නේ. මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යනාදී ආයතනවලට සම්බන්ධිත රාජකාරිවලටත් ජනතාව ප්‍රධාන කාර්යාලයට පැමිණෙනවා. හැබැයි ප්‍රාදේශීය කාර්යාලවලින් හෝ සිදුකරන සේවාවන් ලබාගැනීමට කෙනෙකු කොළඹ බත්තරමුල්ලේ පිහිටි අපේ ප්‍රධාන කාර්යාලයට ආවොත් ඒක ප්‍රාදේශීය කාර්යාලයෙන් කරගන්න කියලා අපි හරවලා යවන්නේ නැහැ. අපි අපේ සේවාව උපරිමයෙන්ම ලබාදෙනවා.
Q ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ඉන්න තැරැව්කරුවන්ගෙන් මහජනතාව ගලවාගන්න බැරිද?
තමන්ගේ අවශ්‍යතා සරල ආකාරයෙන් ඉටුකිරීමේ විධිවිධාන අපි සකස් කරලා තියෙන්නේ. අපි මහජනතාව දැනුවත් කිරීම විවිධාකාරයෙන් කරනවා. අපේ වෙබ් අඩවිය තියෙනවා. ප්‍රාදේශීය කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ වගේම ජනමාධ්‍ය තුළින් අපි දැනුවත් කිරීම් කරනවා. 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්රයේදුරකථන අංකයට කතා කිරීමෙන් අපේ වෙබ් අඩවියේ යාවත්කාලීන තොරතුරු ලබාගන්නත් පුළුවන්.
අයදුම්පත් පිරවීමේදී එහිම සඳහන් උපදෙස් නිසිපරිදි පිළිපැදීම අත්‍යවශ්‍යයයි. එවිට තැරැව්කරුවන්ගේ මැදිහත්වීම්වලට අහුවෙන්න ඕන නෑ. ඕනෑම ප්‍රශ්නයක් අපේ ආයතනයේ නිලධාරී මහතෙකුගෙන් විමසන්න. රජයේ ගාස්තු පමණක් ගෙවලා ඊට අදාළ රිසිට්පත ලබාගැනීමත් මහජනතාව අනිවාර්යෙන්ම කළයුතු දේවල්. තැරැව්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තහනම් කරලයි තියෙන්නේ.
ආයතනය අවට ඉන්න මේ තැරැව්කරුවන් ඉවත් කිරීමට මහජනතාවගේ සහයෝගයත් අත්‍යාවශ්‍යයි. ඕනෑම චෝදනාවක් නිර්ණාමිකව හෝ මට දන්වන්න. ඒකට මම ක්ෂණිකව පියවර ගන්නවා. ගමන් බලපත්‍රයක් ලබාගන්න උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත අවශ්‍යයයි. ඡායාරූපය ලබාගන්න යන ඡායාරූප ශාලාව අප දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් විය යුතුයි. මොකද එම ඡායාරූපය අපට ලැබෙන්නේ ඔන්ලයින් සිස්ටම් එකකින් නිසා. අපේ ප්රමිතීන් පිළිබඳව අදාළ ඡායාරූප ශාලාත් අපි දැනුවත් කරලා තියෙන්නේ.
තොරතුරු දැන ගැනීමට මහජනතාවට අවශ්‍ය කරන නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකථන අංකත් අපේ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා.
Q ගුවන් ගමන් බලපත්‍රයක් ලංකාවේදී අස්ථානගතවීමක් හෝ විදේශයකදී අස්ථානගත වීමක් වුවහොත් කළයුතු පළමු දේ කුමක්ද?
ගමන් බලපත්‍රය අනිවාර්යෙන්මතමන්ගේ භාරයේ තබාගත යුතු ලියවිල්ලක්. නීත්‍යානුකූල නොවන ආකාරයට අන්සතු කිරීම වරදක් ලෙසයි සලකන්නේ. එසේ ගමන් බලපත්‍රය අස්ථානගත වුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතුයි. එම පැමිණිල්ලේ පිටපතක් එම තැනැත්තා හෝ තැනැත්තිය ළඟ තබාගත යුතුයි. එම නැතිවුණු අවස්ථාවේ සිට කිසියම් පුද්ගලයෙක් එම ගමන් බලපත්‍රය වැරදි විදියට පාවිච්චි කළොත් ගමන් බලපත්‍රය දරන්නා තමයි එම වරදට වගකිව යුතු වන්නේ.
විදේශයකදී තැතිවුවහොත් එම රටේ පොලීසියක පැමිණිල්ලක් දමා පිටපතක් ළඟ තබා යුතුයි. ගමන් බලපත්‍රයක් නැතිවූ වහාම අන්තර්ජාතික දත්ත පද්ධතියට එම ගමන් බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කරනවා. එම බලපත්‍රය තවත් කෙනෙකු පාවිච්චි කළොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමේ ප්‍රතිපාදන සැකසිලා තියෙනවා. එම රටේ තානාපති කාර්යාලය හරහා ඔහුට හෝ ඇයට අලුත් ගමන් බලපත්‍රයක් ලබාගත හැකියි. අලුත් ගමන් බලපත්‍රය ලැබෙන තෙක් එම තැනැත්තා හෝ තැනැත්තිය එම රටේ නැවතී සිටිය යුතු වෙනවා.
Q ලාංකේය ගමන්බලපත්‍රයේ ආරක්ෂිත බව කෙබඳුද?
දැනට තියෙන ජාත්‍යන්තර තත්ත්වයත් එක්ක බැලුවාම අපේ ගමන් බලපත්‍රය ඉහළ ප්‍රමිතියක තියෙනවා. එම නිසාම මෙම ගමන් බලපත්‍ර‘යේ සාවද්‍ය වෙනස් කිරීම් කළ නොහැකියි. 2018 වසරේ මැද භාගය වන විට මෙම ගමන් බලපත්‍රය අන්තර්ජාතික තාක්ෂණ ප්රවණතාවලට අනුගතව තවදුරටත් යාවත්කාලීන කිරීමේ සැලසුම් සකස්කරලා අවසානයි.
Q කැනඩාවේ ටොරෙන්ටෝවල ඇති තානාපති කාර්යාල ශාඛාවකින් සියලුම රටවලට වලංගු ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කළ ලාංකිකයෙකුට වැරදීමකින් ලංකාවෙන් ලබාදීලා තියෙන්නේ මැදපෙරදිගට වෙන්වූ ගමන් බලපත්‍රයක්. එම වරද නිවැරදි කරන්න කාර්යාලයේ සේවිකාව අලුත් ගමන් බලපත්‍රයකට අවශ්‍ය ඩොලර් 280 නැවත ගෙවා ඉල්ලුම් කරන්නැයි එම පුද්ගලයාට කිව්වලු. මේක හරිද?
නැහැ. මෙහෙම වරදක් දෙපාර්තමේන්තුවේ අත්වැරැද්දකින් වුවහොත් එය නිවැරදි කරන්න නැවත ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ ගමන් බලපත්‍රය අදාළ ලේඛන සමග නැවත අපට එවීමයි එම පුද්ගලයා කළයුතුවන්නේ.
Q විදේශයක ඉන්න ලාංකිකයෙකුට තමාගේ ගමන් බලපත්‍රය අලුත් කරගන්න කොපමණ කාලයක් අවශ්‍යද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත සකස් කිරීමේ ඉල්ලුම්පත ලැබුණාට පස්සෙ සති දෙකකින් අපේ කටයුතු නිමකර දෙන්න පුළුවන්.
Q දැනට ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ ගාස්තු කවරේද?
සති දෙකක සාමාන්‍ය සේවාව යටතේ මැදපෙරදිගට ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 1000ක් අයකරනවා. එහි එක්දින සේවයට රුපියල් 2500ක් අයකරනවා. සියලුම රටවල්වලට ගමන් බලපත්‍රයේ එක්දින සේවයට රුපියල් 10,000ක් අය කරනවා. සියලුම රටවල් සඳහා සාමාන්‍ය සේවයට රුපියල් 3000ක් අයකරනවා.
Q ගුවන් ගමන් බලපත්‍රය හා බැඳුණු වෙනත් කරුණුමොනවාද?
නව ඡායාරූප මුද්‍රණ ක්‍රම‘වේදය හා ඇඟිලි සලකුණු ක්‍රම‘වේදයන්ට අමතරව කුඩා දරුවන්ගේ ගමන් බලපත්‍ර නැවත වෙනම සකස් කිරීමක් කරනවා. ඩුබායි සහ ඉන්දියාව යන රටවලට දරුවන්ගේ වෙනම ගමන් බලපත්‍ර අවශ්‍යයි. මෙම දරුවන්ගේ ගමන් බලපත්‍ර වසර තුනකට වරක් නැවත යාවත්කාලීන කළයුතුයි.
ලංකාවේ ගමන් බලපත්‍රයට සංචාරකයන් ලෙස යන අයට On arrival වීසා ලබාදෙන්නේ සිංගප්පූරුව හා මාලදිවයිනට පමණයි. මීට අමතරව තවත් රටවල් කිහිපයක් රාජතාන්ත්‍රික නිලධාරී ගමන් බලපත්‍රවලට On arrival වීසා ලබාදෙනවා.
සටහන / ඡායාරූප - පද්මකුමා පී.මෙත්තසේන