බොදුබල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන, ඊයෙත් පෙරේදත් මේ දින ගණනාව ඇතුළේ ඉතාම භයානක තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ මොහොත වෙද්දිත් මහනුවර, තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිංහලයෝ එක තැනක රැස්වෙනවා. මුස්ලිම් කණඩායම් තව තැනක රැස් වෙනවා. මොකද්දෝ නොවිය යුතු තැනකට නොයෙක් බලවේග එකතුවෙමින් තියෙනවා.
අපි අද ගතකරන්නේ ඉතාම සංකීර්ණ වගේම කනගාටුදායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක. දවසින් දවස රට ඇතුළේ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රචණ්ඩකාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වුණ සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ. මේ සිදුවීම්වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල, මුස්ලිම් කියල භේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. මොකද හේතුව ආවේගශීලීව හා ප්‍රචණ්ඩත්වයෙන් කලහකාරී බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.
හරියටම ගිය මාසෙ 22 කුමාරසිංහ නමැති පුද්ගලයෙකු තමන් පදවාගෙන යන ලොරි රථය තුළදී ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනවා. කුමාරසිංහ නමැති පුද්ගලයාට වයස අවුරුදු 42යි. ඔහු රියදුරෙකු විදියට සේවය කරනවා. ඔහුගේ අම්මා අංශභාග රෝගියෙක්. තාත්තා දියවැඩියාව නිසා කකුලක් අයින් කරලා. කුමාරසිංහට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඔහුගේ බාල දරුවා මන්දමානසික දරුවෙක්.
එහෙම තියෙද්දිත් මේ කුමාරසිංහට හැකි වෙනවා ඒ පළාතේ ජනතාවගේ ආදරණීය චරිතයක් වෙන්න. ඔහු පන්සල එක්ක සමීපයි. මුස්ලිම් මිනිස්සුන්ටත් උදව් කරනවා. සිංහල මිනිස්සුන්ටත් උදව් කරනවා. රියදුරු වෘත්තිය කරගෙන ජීවිතේ ගැටගහගෙන ගිය මනුස්සයෙක්. ඔහු ලොරිය පාරෙ එළවගෙන එනවා. පසුපසින් ආපු ත්රීවිලර් රථයක් දිගින් දිගටම හෝන් ගහනව වාහනේ ඉදියට ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් ලොරි රථයක් එහෙම ඉස්සර කරන්න අමාරුයි. ඒ වගේම ලොරි රථ රියදුරන් ඉඩ දෙන්නේ ඔහු ආරක්ෂිත නම් පමණයි. අවාසනාවකට මේ ත්‍රිරෝද රථයට ඉඩ නොදුන් නිසා ත්‍රිරෝද රථයේ සිටි පිරිස ලොරි රථය හඹාගෙන යනවා. ලොරිය නතර කරන්නේ සිංහ පිරවුම්හලේ. ලොරිය නතර කරපු ගමන් පසුපස ත්රීවිලර් එකේ ආපු තරුණයෝ හතරදෙනාම ඒ පිරවුම්හලේ මුරකරුගේ පුටුව අරගෙන ඇයි ඉස්සර කරන්න ඉඩ නොදුන්නේ කියල පුටුව කැඩෙනකම් ලොරියේ රියදුරාගේ ඔළුවට පහර දෙනවා. බෝතල්වලින් ගහනවා. ඊට පසුව දවස් නවයක් රෝහල් ගතවෙලා ඉඳල අවාසනාවන්ත ලෙස ඔහු මිය යනවා.
මේ වගේ සිද්ධීන් ඕනෑම ජන කණ්ඩායමක් තුළ සිද්ධවෙන්න පුළුවන්. මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, බැණගන්නවා. බුදු හාමුදුරුවෝ පවා මේ ගැන ෙද්ශනා කරලා තියෙනවා. 'කුද්දෝ අත්තං නජානාති, කුද්දෝ ධම්මං න පස්සතී'. මිනිස්සු කිපුණට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි වුණොත් අර්ථයක්, ධර්මයක් මුකුත් දකින්නෙ නෑ. මිනිස්සු මිනිස්සුන්ව මරන්නේ. එකට බොනගමන් මරන්නේ. දැන් මෙතැන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක්. මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීලා. එහෙම දෙයක් වුණහම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ. මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුළෙ පුරුදු කරල තියෙන්නේ එහෙමයි. මුස්ලිම් කෙනත් මනුස්සයෙක්, සිංහල කෙනත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නේ. මූ මුස්ලිම්, මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ, මේකෙන් කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ කියන තැනට වැටිල. අපි පළමුවෙන්ම චෝදනා කරනවා මේ ඇතිවෙච්ච සහ ඇතිවන සිද්ධිවලට සම්පූර්ණයෙන්ම මේ රටේ අගමැතිවරය සහ පොලීසිය වගකිවයුතුයි කියලා. හේතුව පොලීසිය මේ වෙද්දි මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයෝ අත්අඩංගුවට අරගෙන ඉන්නෙ. හැබැයි, අපි දන්නවා අන්තර්ජාලයේ හැමතැනම මේ මාධ්‍යවලට බණිනවා. මාධ්‍යවලට බැණල වැඩක් නෑ. එක්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන මේක පළකරන්න කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරුවා නම්, තෙල්දෙණිය සිද්ධියේදි මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා, පුද්ගලයෙකුට පහරදීල තියෙනවා, රෝහල්ගත කළා, දින ගණනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් වුණා, ඒ පහර දීපු කණ්ඩායම පොලිස් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා මේ තරුණ කොටස් අතර ආවේග මතුවෙන්නේ නෑ.
මමත් ඒ මළගෙදර ගියා රාත්‍රියේ. ඒ පන්සලේ හාමුදුරුවෝ අපට කීවා &ඥානසාර හාමුදුරුවනේ මේ ප්‍රශ්නෙ අපි හොඳින් විසඳගෙන තියෙන්නේ, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනවා, ගහපු අය අත්අඩංගුවට අරගෙන තියෙනවා, දැන් අපේ වගකීම වෙලා තියෙන්නෙ කාටවත් ගහල බැණල ගෙවල් ගිනි තියන එක නෙමෙයි, ඒක මෝඩකමක්. පන්සලේ හාමුදුරුවෝ හැටියට මම මහන්සි වෙන්නෙ අම්මා අංශභාග රෝගියෙක්. තාත්තගෙ කකුල කපලා එයා දියවැඩියා රෝගියෙක්. මන්දමානසික ළමයෙක් ඉන්නවා. අට වසරෙ ඉගෙන ගන්න දුවෙක් ඉන්නවා. මේ පිරිමියා නැතිකමින් වැන්දඹු වෙච්ච කාන්තාව ඇතුළු පිරිස ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ අය අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද? මේ මිනිස්සු කෑ ගහල දවස් දෙක තුනකින් යන්න යාවි*
ඕක තමයි හාමුදුරුවන්ගෙ මතය.
අපි කීවා,
'හාමුදුරුවනේ ඒක තමයි ඇත්ත. ඒක තමයි විය යුත්තේ. දැන් වෙච්ච සිදුවීම වුණා. මෙවැනි දේවල් නොවෙන තැනට අපි වග බලාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවක් කරමු. කිසිම කෙනෙක් කලබලයක් ඇති කරගන්න එපා. කලබල ඇති කරගන්න හැම වෙලාවකම මේ රට වැටෙනවා. ඒක අපිට අවාසියි. අපිට අත්දැකීම් බොහොමයක් තියෙනවා. මොකද මේ කතාකරන බොහෝ දේවල් දේශපාලකයො මතුපිටින් කතා කළාට ඒ අය හිතනවා රටේ මේ ප්‍රශ්න ඇති වුෙණ් නම් කියලා. කෙසේ හෝ වේවා පොලීසිය මේ දේ රටට හෙළිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්. රටට මේක කීව නම් කෙනෙක් මැරුණා, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනවා කියලා මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. නමුත් මේක රටට ගියේ නෑ. කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ.
දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කලකෝලහල පටන් අරගෙන තියෙනවා. කඩවල්වලට ගහලා. මිනිස්සුන්ට ගහලා. මේක කළයුත්තක් නෙමෙයි. ඒ නිසා කරුණාකරල අපි කියනවා මේ රටේ දඟලන, නගරම්පාන, චණ්ඩිකම්පාන සියලුම පාර්ශ්ව කරුණාකරල නවතින්න. මොකදහේතුව මේ රට තියෙන්නේ ඉතාම භයානක තැනක. එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනවා. සාකච්ඡා විතරයි. රට එක තැන හිරවෙලා උගුරෙ කට්ටක් හිර වුණා වගේ. උඩට ගන්නත්, බෑ පහළට ගන්නත් බෑ. තීන්දු ගන්න කෙනෙක් නෑ, අයාලේ යනවා. එවැනි තත්ත්වයක් ඇතුළෙ අපි දන්නෙ නෑ මේ බලවේග ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද කියල. එක පැත්තකින් ඇමරිකානු තානාපති කාර්යාලය, බටහිර යුරෝපීය තානාපති කාර්යාලවල චන්ද්‍රිකා නෝනට, මනෝ ගනේෂන්ට විශාල සල්ලි ප්‍රමාණයක් පොම්ප කරල තියෙනවා සංහිඳියාව හදන්න. දැන් මේ අවුරුදු තුන ඇතුළෙ සංහිඳියාව හදන්න පුළුවන් වෙලා තියෙනවද? සංහිඳියාව නාමයෙන් නාළිකා ඇරියා කියලා, චිත්‍රපට පෙන්නුවා කියලා, සංහිඳියාව නාමයෙන් හෝටල්වල ඇඳල පැලඳල මීටින් තිබ්බ කියලා සංහිඳියාව හදන්න බෑ. ඒ නිසා ඒ තානාපති කාර්යාලවලටත්, චන්ද්‍රිකා නෝනටත්, මනෝ ගනේෂන්ටත්, මේ සංහිඳියාව ගැන පම්පෝරි ගහන ලොකු උන්නැහේලටත් සංහිඳියාව හදන හැටි අපි උගන්නන්නම්. සංහිඳියාව හදන්නේ කොහොමද කියලා අපි ගිංතොටදී පෙන්නුවා. රට තුළ ඇතිවෙච්චි යම් සිද්ධීන්වලදී අපේ භාවිතාවන් ඇතුළෙ අපි ඔප්පු කරල පෙන්නුවා සංහිඳියාව හදන්නේ කොහොමද කියලා. සාකච්ඡාව විතරයි. අපරාදෙ ඒ සල්ලිවලින් බතල කොටුවක් හැදුනව නම් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බා. අර අංගොඩ රෝලහේ බෙහෙත් සැරට දුක් විඳින මිනිස්සුන්ට තැඹිලි ටිකක් ගෙනිහින් දෙන්න තිබ්බා. ඒ නිසා මේ බොරු සංහිඳියා බෝඩ් ලෑලි අතරේ සිංහලයොත් ගහ ගන්නවා, මුස්ලිම් මිනිස්සුත් ගහ ගන්නවා. කවද්ද මේක නතර වෙන්නේ. ඒ නිසා අපි මේ රට කරවන උදවියටත්, රට කරන උදවියටත්, ඒවායේ ඉන්න උපදේශක මණ්ඩලයටත්, සිංහල මුස්ලිම් කියල ෙභ්දයක් නෑ සියලු දේශපාලන නායකයන්ට කියනවා කරුණාකරල මේ ඇතිවෙන සිද්ධි ගැන දැකල කිඹුල් කඳුළු හෙළල, කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්රශ්නය මගහරින්න එපා. කරුණාකරල එක මේසෙකට එන්න, කාලයක් බොදුබල සේනාවට මේව බැර කළා. සමහරුන්ට නින්ද යන්නෙ නෑ මේක ඉවර කරනකම්. අලුත්ගම අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණා. අපි අදත් කියනවා ඒ ගැන හොයන්න කියලා. අපි කියනවා වහාම අපිත් සහයෝගෙ දෙන්නම්, මේක නිවන්න, සංසුන් වෙන්න. බිල්ඩිම් ගිනි තිබ්බා කියල මේක නවතින්නෙ නෑ. ඒවට තට්ටු ගණන් ගහන්න සල්ලි ලැබෙයි.
ඒ නිසා අපි කරුණාකරල කියනවා. මේ ගැන සාකච්ඡාවක් කරන්න. කොමිසමක් පත්කරන්න. මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුළින් විසඳගමු. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු.