යම් සුවිශේෂී වූහේතු කීපයක් මත ගබ්සාවකට ඇති අවස්ථාව සඳහා අවසර ලබාදෙන මෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව ස්ත්‍රී දූෂණය සහ ඥාතීන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා හෙවත් ව්‍යභිචාරය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකට ලක්වූ තැනැත්තියක වන වයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයෙකුගේ ගර්භිණීභාවය හා බරපතළ කලල දුබලතා යන අවස්ථාවලදී වෛද්‍ය හේතූන් මතගබ්සාවට අවසර ලබාදීමටද යෝජනා වී ඇත.
ආගමට අනුවගබ්සාව පාපයකි.එසේම සමාජ සදාචාරය පිරිහීමටත් සමාජය අයාලයේ යාමටත්මෙවැනි අවසරයක් ලබාදීම අනුබලයක් විය හැකි බවටද චෝදනාවකි.ඒ අතර ගබ්සාව ආගමට මෙන්ම රටේ සංස්කෘතියටද යම් හානිකර තත්ත්වයක් යැයි තවකෙකුගේ තර්කයකි.
මිනිසුන් වශයෙන් උපත ලබන නිසාම හිමිකමක් ලෙස තහවුරු වියයුතු ජීවත්වීමේ අයිතිය තවකෙකු අතින් මරාදැමීම සදාචාරය තුළද පාපයකි.නීතිය ඉදිරියේ වරදකි.හැදියාව අනුව තිරිසනාත්, මානවයාත් අතර වෙනස මනින මිනුම් දණ්ඩකි.
නීතියට අනුව ගබ්සාවක් යනු 'ගර්භිණීභාවය අවසන් කර ගැනීමකි. 'එහෙත් එය නීතියට පිටුපා දිනපතා සිදුවන බව අලුත් රහසක්ද නොවේ. එහිදී සංවාදයට පාත්රවන්නේ මගේ කුසේ සිටින දරුවා වෙනුවෙන් මට තීරණයක් ගැනීමට අයිතියක් නැතිද යන තර්කයකි.
නැතහොත් මමත්, මගේ බිරිඳත් සමග පවතින සමාජ සහ කායික බැඳීම් තුළ දරුවෙකු අවශ්‍යබව හෝ අනවශ්‍ය ආකාරයෙන් පිළිසිඳ ගත් දරුවා ගබ්සා කළ නොහැකි ඇයිද යන්න තවත් පිරිසකගේ මතයකි. ඒ අතර ඇතැම් ඊනියා බටහිර ගැති සංකල්පයන් අනුව ගබ්සාව පව්කාරකමක් හෝ සමාජ දූෂිත ක්‍රියාවක් නොවේ. ගබ්සා කිරීමේ අවස්ථාව කාන්තාවගේ අයිතියට යටත්ව සිදුවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
බහුතරයක්ගබ්සාවට කැමති නැත. එහෙත් තමන්ට සාධාරණ දැරිය නොහැකි හේතු මත දරු බරක් කරගැසීමටද කැමති නැත. එනිසාම උපත් පාලන ක්‍රම සඳහා කාන්තාවන් වැඩි අවධානය යොමු කරති. නමුත් අවාසනාවකට මෙන් කාන්තාවන් සඳහා භාවිත වන උපත් පාලන ක්‍රමයකදී විශ්වාසය තැබිය හැක්කේ 90%ක් බව එවැනි ක්‍රම හඳුන්වාදෙන වෛද්‍යවරුද පවසති. එසේ නම් තමන් කෙතරම් උත්සාහ කළද, ක්‍රම අනුගමනය කළද අනවශ්‍ය අවස්ථාවක නීත්යනුකූලවූ අඹු සැමි යුවළකට පිළිසිඳගන්නා සිඟිත්තා ගබ්සා කළයුතුද යන්න එම පවුල් සංස්ථාවේ තවත් තීරණාත්මක සංවාදිත කරුණකි.
නමුත් රජය මැදිහත්ව කාලීන වශයෙන් මෙන්ම යුගයේ පවතින සාධාරණ අවශ්‍යතාද අනුව යම් නිශ්චිත තීරණ අරමුණු සඳහා නෛතික වශයෙන් උචිත ප්‍රතිපාදන සම්මත කරගැනීම වැදගත් බව ජනතාව අවධාරණය කරති. හෑල්ලුවට හෝ බැහැර කිරීමට වඩා එයින් සිදුවිය හැකි යහපත් පසුබිම කෙරෙහිද අවධානය යොමු කිරීමෙන් මනුෂ්‍යත්වය අගයන උගත්, බුද්ධිමත් මෙන්ම යුගමෙහෙවරක් වශයෙන් පුද්ගලයා සම්බන්ධයෙන් නිසි වටිනාකමක් දකින සමාජය තුළ විය යුතු මෙහෙවරක් ලෙසද ඔවුහු අවධාරණය කරති.
මවගේ ජීවිතයට සිදුවිය හැකි හානියක් වැළැක්වීමේ අරමුණින් පමණක් වෛද්‍යවරයාගේ තීරණය මත කලලයක් ඉවත් කිරීමට දැනට නෛතිකප්රතිපාදන ඇත. ස්ත්‍රී දූෂණය වැළැක්විය නොහැකි තැනකදී සහ එනිසාම සිදුවිය හැකි දරුවෙකු පිළිසිඳ ගැනීමකදී විපතට පත් කාන්තාවක කුස පිළිසිඳ ගන්නා දරුවාගේ පියා ස්ත්‍රී දූෂකයෙකි. සමාජයද එම දරුවා අවජාතකයෙකු ලෙස නම් කරයි. උප්පැන්න සහතිකයේ පියාගේ නම යන කොටුව හිස්ව තැබුවේ ඇයිදැයි යම් දිනයක දරුවා අසන පැනය හමුවේ අසරණ වන්නේ ඒ මව සහ පවුල විනා ගබ්සාව එපා යැයි කියන කෘත්‍රිම සුචරිතවාදීන් නොවේ.
ගතවූ මහින්ද සන්ධාන ආණ්ඩුව සමයේ ස්ත්‍රී දූෂකයාට එම කාන්තාව විවාහ කරදියයුතු යැයි යෝජනාවක් ඇසුණි.එහෙත් එයින් ඇතිවිය හැකි වෙනත් සමාජ බලපෑම් සංස්කෘතික ගැටුම් මෙන්ම වෛවාහික අර්බුද සමග ඒ හඬ යටත්වීමද වාසනාවක් යැයි එහි පවතින අනිටු බලපෑම් හේතුවෙන් ජනතාව පෙන්වා දෙති.
රටතුළ දිනකට සිදුවන ගබ්සා කිරීම් සිය ගණනාවකි. කාටත් නොදැන හොරරහසේ කෙරෙන එවැනි ක්‍රියාවන් සඳහා දත්ත සෙවීමද විහින් රවටා ගැනීමකි. එය ඒ තරමට ආකූල අතර වෛද්‍යවරුන් පවසන්නේ මෙරට කාන්තාවන් වැඩි දෙනකු මියයාම හෝ හදිසි ආබාධයන්ට පත්වීමට සාවද්‍ය ගබ්සාව මූලික කරුණක් වී ඇති බවට සාක්ෂියකි.
සැබැවින්ම මේ නීති දෙස අප සදාචාරාත්මකව සහ කාලීන අවශ්‍යතාවන් සේ සලකා සංවාදයට ගතයුත්තේ මෙය සමාජ අර්බුදයක් බවට ඇති පත්ව සමයක එයට විසඳුම්ද සමාජයෙන්ම යෝජනා කළ යුතු හෙයිනි. හැමවිටම යමෙකුට කොතැනක හෝ රැඳී ගබ්සාව පව්කාරවැඩක් බවට චෝදනා කළ හැකිය. නැතහොත් ඇයි දරුවා හදාගන්න ඒ මවටබැරිද යනුවෙන් අපමණ කතාන්තරද ගෙතිය හැකිය.එහෙත් ඒ වචන හරඹය තමන්ගේ පවුලේදූ දරුවන් රැකගැනීමත් අභියෝගයක් ලෙස දකින හෝ වෙනත් සමාජ ආර්ථික සමාජ සංසිද්ධීන් නිසා මැසිවිලි නගන සමාජයක් කටට එනවාට කියන කතා මිස සැබැවින්ම ඉටුකළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද යන්න විමසිය යුතුය.
තවත් අතකින් සදාචාරයත්, මානව හිතවාදයත් පිළිබඳ කතා කරන සමාජයකපියා ඒඩ්ස්ආසාදිතයෙකු නිසා සිඟිති දරුවෙකු පාසලට ඇතුළත්කරගැනීමට කැමති වූයේ නැත්තේද මේ දහම් දිවයින තුළය.එම දරුවා සමග තම දරුවා පන්තියේ අසුන් ගැනීමත් දෙමවුපියෝ ප්‍රතික්ෂේප කළහ. එසේ නම් ජනතාව අනුන්ගේ කුසහොත් දරුවා ගොදුරුවන සමාජ ආර්ථික සහ මානසික අර්බුද වෙනුවෙන් කාරුණික විය හැකිද?බොහෝවිට නොවෙනවාද නොවිය හැකිය. එහෙත් ඒ සඳහා කියන තරමට ඉඩප්රස්ථා තිබෙන්නේදැයි හෘද සාක්ෂියෙන් විමසිය යුතුය.
එසේම හොර රහසේ සිදුවන ගැබ්ගැනීම් සහ ගබ්සා කිරීම් හේතුවෙන් කායික සහ මානසික වශයෙන් පමණක් නොව හොර වෛද්‍යවරුන්ට රුපියල් විසිතිස් දහස් ගණනින් මුදල් ගෙවමින් රැවටෙන, වැනසෙන ජීවිත කෙතරම්ද? එම කර්කෂ කතාව හැමදාමත් ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් ඇසිය යුතුද?
අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමට සමාජයට යුතුකමක් නැත. එහෙත් ගැබ්ගැනීම අධිකරණය දක්වා දුරදිග ගිය කතාබහක් වනවිට අසරණකමට පත්වන්නේ හිංසනයට ගොදුරුවූ පුද්ගලයා පමණක් නොව සමස්ත සමාජය බව මේවනවිට ගෞරවනීය සමාජයද පිළිගන්නා සත්‍යයකි. එසේනම් එවැනි අර්බුද අවම කිරීම සඳහා චර්යාවන් භාවිත නොවන තැනක වෛද්‍ය විද්‍යාව හෝ නීතිය අනුබලයක් කරගැනීම වරදක්ද යන්න මේවනවිට සමාජ කතිකාවතක් බවට පත්වීමද යහපත් ප්රවණතාවකි.
අනුන්ගේ නොහික්මුණු චර්යාවන් නිසා හිංසනයට පත් මිනිසුන් පත් ඛේදවාචකය සම්බන්ධ විසඳුම් සෙවීම රටට ඇති අභියෝගයකි. නැතහොත් යුවළකගේ කැමැත්තෙන් දරුවෙකු පිළිසිඳගත්තද පවතින යම් කලල දුබලතා නිසා එවනි ආබාධිත දරුවෙකු මෙලොවට බිහිකර, දරුවාත් එම පවුලත් නැත්තටම නැතිවන තැනට හිංසනයට පත්කරවන ක්‍රමයකට සමාජය අනුබල නොදිය යුතුය. අවුරුදු 16 ට අඩු දැරියක ගැබ් ගැනීමට තරම් නුසුදුසු නිසා සහ තවත් විශේෂ හේතු ගණනාවක් මත විවාහ වයස අවුරුදු 18 දක්වා නීතියද පිළිගැනීමට ලක්කර තිබේ.
හැමදාමත් හැමදේකටම මොනයම් හෝ තර්ක දක්වමින් එරෙහිවීමට වඩා ඒ අර්බුදය සියුම්ව විග්රහ කර වටහාගැනීම උගත්, ප්රබුද්ධ සමාජයක හැදියාව විය යුතුය. කෙතරම් යෝජනා චෝදනා ඇතත් අප්රතිකාරී ලෙස අගතියට පත්වන ගැහැනුන් සඳහා ගබ්සාවට අනුමැතිය ඉල්ලා සිටිය යුතු තැනට සිදුවන නිවැරදි කළ නොහැකි වරද සමාජය දැකිය යුතුය. ඒ වෙනුවෙන් වේදනාවට ගොදුරු වූ පුද්ගලයාට සහනයක් සමාජය මෙන්ම නීතියෙන්ද නොලැබෙන්නේ නම් එයද නුදුටු හෝ ආබාධිත කලලය විනාශ කිරීමට වඩා මහා පාප කර්මයක් බව පමණක් කිව යුතුය.
මෙය ආණ්ඩු පෙරළීමට හෝ වීදි බැසීමට හෝ බටහිර කුමන්ත්‍රණයක් යැයි චෝදනා මත මොරදී පෝස්ටර් ඔසවාගෙන විරෝධතා දක්වන අරගලයට වඩා ඇත්ත ඇති සැටියෙන් දකින ප්රබුද්ධ මතවාදී දැක්මක් බවට පත්කර ගැනීමට සමස්ත පාර්ලිමේන්තුවත්, ආගමික නායකයන් සහ සමාජ කණ්ඩායම්ද පසුබට නොවිය යුතුය.