Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
2015 අගෝස්තු 15 වන විටත් පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැරලා තිබුණා. වෙනත් හේතු නිසා මැතිවරණය පැවැත්විය යුතු කාල සීමාව ඉක්මවා ගිහින් තිබුණා. මෙවර මැතිවරණය පැවැත්වුණේ අවුරුදු තුනකට පස්සේ. මෙම මැතිවරණය ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සිදුවුණා. අරගල කිරීමට සිදුවුණා. මේ මැතිවරණය ජාතික සංවිධාන විදියට අපි භාවිත කළේ මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ජනතාවගේ මතය විමසන මැතිවරණයක් ලෙස යොදා ගැනීමටයි. ගමේ පාරට කොන්ක්‍රීට් දාන එක, ලයිට් දාන එක, බෝක්කුව හදන එක පැත්තකින් තියලා යහපාලන ආණ්ඩුවේ අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනමත විචාරණයක් බවට පත් කළ යුතු බවයි අපේ තේමා පාඨය වුණේ. අපේ සටන් පාඨය වුණේ මේ රට බෙදන ව්‍යවස්ථාව පැරදවීම වෙනුවෙන්, ජාතික සම්පත් විකිණීමට එරෙහිව, බැඳුම්කර වංචාවට එරෙහිව සහ රට රකින, රට හදන ගමේ පුංචි ආණ්ඩුවක් පත්කර ගැනීමට ඡන්දය පාවිච්චි කරන්න යන්නයි. මේ සටන් පාඨ ඔස්සේ ආණ්ඩුවට විරුද්ධව රටේ ජනතාව පෙළගැස්සුවා. මිනිස්සු රට පිළිබඳව හිතලා තමයි ඡන්දෙ දුන්නේ. මේක සෘජුවම ආණ්ඩුවේ ප්‍රබල පරාජයක්. කිසිම ආණ්ඩුවක් විධායක, පාර්ලිමේන්තු, පළාත් සභා බලය තියාගෙන ඔහොම පරාද වුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව හිතන්න ඕන රට බෙදීමට විරුද්ධව, ෆෙඩරල්වාදයට විරුද්ධව, රණවිරු දඩයමට විරුද්ධව, ජාතික සම්පත් විකිණීමට විරුද්ධව ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව.
විපක්ෂයේ දේශපාලඥයන් මහ මැතිවරණයක් ඉල්ලුවට ව්‍යවස්ථාපිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එහෙම මහ මැතිවරණයක් දෙන්න බැහැ. නමුත් අපි සමාජ ව්‍යාපාරයක් විදියට කියන්නේ ජනාධිපතිවරණයක් රටට දෙන්න කියලයි. 2020 ජනවාරි 08 වන විට ජනාධිපතිවරණයක් කැඳවලා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඕන. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය කැමති නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කෙසේවත් කැමති නැහැ පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ගේ අගමැති ධුරය නැතිකර ගන්නට. අපිට ඉල්ලන්න පුළුවන් ජනාධිපතිවරණයක් දෙන්න කියලා. අවුරුදු හතරෙන් පස්සෙ ජනාධිපතිවරණයක් කැඳවන්න බැඳිල නැහැ. මෙතනදී මුළු රටම පෙළගැහෙන්න ඕන ජනාධිපතිවරණයක් ඉල්ලලා. බටහිරට ඕන විදියට ජනාධිපතිවරයා තෝරන්නේ කියන අර්බුදයත් ආණ්ඩුව පාර්ශ්වයේ තියෙනවා. රටට හතුරු බලවේග එක් පැත්තකටත්, රටට මිතුරු බලවේග එක් පැත්තකටත් ලෙස පාර්ශ්ව දෙකයි තියෙන්නේ. මේ රටේ දැන් වෙන දෙයක් තියෙන්න බැහැ. අතරමැද්දේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන භාගයක් ප්රගතිශීලී වෙලා භාගයක් ප්රතිගාමී වෙලා ඉන්න බැහැ. ඒ නිසා දැන් ජනාධිපතිවරණයක් ගේන්න ඕන. ඒක ගල උඩ සටනක්. ඒ සටනේදී රටට මිතුරු බලවේගය සහ රටට හතුරු බලවේගය පමණයි සිටිය යුත්තේ.
රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව හා වෙනත් සංවිධාන එකතු වී 2018දී ලැබූ ජනජය හමුවේ 2020දී කොහොමද අභියෝගය ජයගන්නේ කියලා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ රට ගමන් කරන අභාග්‍ය සම්පන්න අඳුරු ඉරණමෙන් මුදවා ගන්න ඕන. එතනදී ජාතික වගකීමක් ලෙස ජාතික මතවාදයක් නිර්මාණය කිරීමට ජාතික සංවිධානවලට යුතුකමක් තිබෙනවා. 1948 සිට මේ දක්වා මේ රට කාබාසිනියා කළ, මේ රට පරිපීඩක තත්ත්වයට පත් කළ ඉසව්වෙන් ඈත්වෙලා මේ රට හදන, රට රකින ජාතික වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවන්න ඕන. මෙතෙක් කලක් පෞද්ගලික න්යායපත්ර දිනවීම පමණයි සිදුව තිබෙන්නේ. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදි පෙළගැහෙන්න ඕන රට හදන, රට රකින නායකත්වයක් සහිත රට හදන, ගම හදන, පුළුල් ජාතික උපයාමාර්ගීය වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරා ගෙනයන්න ඕන. එහෙම වුණොත් තමයි රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා අප සමාජයේ ඉන් බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, දේශපාලඥයන් එක්ක, ජාතිකවාදී මතයක් දරන විවිධ කණ්ඩායම් එක්ක සමාජමය කතිකාවතක් දැනට කරගෙන යනවා. දැනට බොහෝදුරට එම වැඩපිළිවෙළ සාර්ථක වෙලා තිබෙනවා. ඉදිරියේදි මේ ජාතික බලවේග සියල්ල එක මිටකට එකතුකරලා අපි පෙන්වනවා. රට රකින, රට හදන නායකත්වයක් ජයග්‍රහණය කරවන්න අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් හදනවා. එයට අවශ්‍ය වටපිටාව අපි සකස් කරලා තියෙනවා.
විවිධ හේතු නිසා ජාතික සංවිධාන විසිරිලා ඉන්නවා තමයි. ජාතික න්‍යාය පත්රයකට මේ රට පෙළගැහුනේ නැහැ. 2005දී මහින්ද මහත්තයා දිනවනකොට ජාතික බලවේග සියල්ල එකමිටකට එකට එකතු වුණා. එහි අරමුණ වුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදය යුදමය හා දේශපාලනිකව සහමුලින්ම පරාජය කිරීම. නමුත් එම යුදමය පරාජයෙන් පසුව ජාතික සංවිධානවල අරමුණු ඉවර වුණා. නැවත 2015 පසුව යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව රණවිරු දඩයමට විරුද්ධව ජාතික සංවිධානවලට එකට පෙළගැහෙන්න වුණා. ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා එකතුවෙන්න සිදුවුණා. ඒ නිසා දැනට ප්‍රබල වුවමනාවක් තියෙනවා ජාතික මතයක් දරන සියලු ජාතික සංවිධාන එක මිටකට එකතුවෙලා ජාතිකවාදී මතය බලගන්වන්න අවශ්‍ය වටපිටාව එක්සත්ව පෙළගැසීමට. මේ වන විට ජාතික සංවිධානවල අරමුණ වෙන්න ඕන එය පමණයි. ජාතික සංවිධාන කඩා බිඳ දැමීමට ආණ්ඩුවට හා විදේශීය බලවේග විසින් නොයෙක් උපායයන් යොදමින් ඉන්නවා. එකක් තමයි විවිධ න්‍යාය පත්රවලට ජාතික සංවිධාන ගැටගසන්න ඔවුන් උත්සාහ කරනවා. ජාතික සංවිධාන කියූ විට මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහනවා. බෞද්ධයෝ විදියට සියලු ජාතීන්ට, සියලු ආගම්වලට අපි ගරු කරන්න ඕන. බුදුන් වහන්සේ කියල නැහැ සිංහල බෞද්ධයෝ විතරක් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා. බුදුන් වහන්සේ කියල තියෙන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා. අපි සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ආධ්‍යාත්මික ශක්තියෙන් යුතුව සියලු ජාතීන්ට සලකනවා. සියලු ආගම්වලට ගරු කරනවා. අනිත් අයට අපි තළා පෙළන්න යන්නෑ. නමුත් මෑතකදී සමහර ජාතික සංවිධාන විසින් ජාතිවාදී කලකෝලාහල ඇතිකරන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග ජාතික සමගිය කඩා ඉහිරුවන තැනට ඇද දාලා තියෙනවා. උදාහරණයක් විදියට මෑත කාලයේ ඇතිවුණු සිද්ධිදාමය මේ රටට උරුම කර දුන්නේ සැනසීමක් නෙවෙයි. මේ විදියේ ජාතිවාදී, අන්තවාදී ක්‍රියාවන්ගෙන් රටට උරුම කරලා දෙන්නේ වැනසීමක් විතරයි. ඉතිහාසය පුරා අපිට අත්දැකීම් තියෙනවා. 1983 ජූලි කලබල ඇති කළේ එවකට තිබුණු ආණ්ඩුව විසින්. වාමාංශික පක්ෂ හා වෙනත් පක්ෂ තහනම් කරලා අවුරුදු ගාණකට පස්සෙ ඇත්ත ඇති සැටියෙන් එළිවුණා. අත්තනෝමතික පාලනයකට යන්න පුළුවන් අවශ්‍ය දේශපාලන බලය ඩැහැගැනීම වෙනුවෙන් ආණ්ඩුව ඕනම දෙයක් කරනවා. 82 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණ පෙත්සමක් දාලා තිබුණා. එම ඡන්ද පෙත්සම දිනුවා නම් ඒ අවස්ථාවේදී ජේ.ආර්.ට ජනාධිපති ධුරයෙන් යන්න වෙනවා. මේක දැනගෙන තමයි ජයවර්ධන උන්නැහේ සකල බල කණ්ඩායම කළු ජූලියක් ඇති කළේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා යහපාලන ආණ්ඩුව විසින් රඟ දැක්වූයේ ජයවර්ධන උන්නැහේගේ නාටකයමද කියලා. ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් පුංචි ඡන්දයෙන් එල්ලවුණා. ඒ තත්ත්වය පළාත් පාලන ආයතන පිහිටුවන්නෙත් නැතිව ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ විරෝධතා පැන නැගුණහොත් මේ රට දේශපාලනික වශයෙන් අරාජික වෙනවා. අපි හොරකමට, දූෂණයට විරුද්ධ නම් කවුරු වැරදි කළත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු විය යුතුයි. ඒ පිළිබඳව අපිට හොඳ කශේරුකාවක් තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ජීවත් වෙන්න ඕන. ඔහු අරාබිකාරයෙකු වශයෙන් ජීවත් වෙන්න ගියොත් තමයි අවුල් වියවුල් ඇතිවෙන්නේ. මේ රටේ මුසිල්ම් අන්තවාදයක්, ජිහාඩ් අන්තවාදයක් තියෙනවා. ඒක ඇති සැටියෙන් අපි දකින්න ඕන. ඒකට හරියන්න සිංහල බෞද්ධ අන්තවාදයක් අපි ගොඩනගලා හරියන්නෑ. අන්තවාදයට වැට බඳින්න රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි. ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමේදී වෙනත් ආගම්වලට ගහලා, කෝවිල්වලට, පල්ලිවලට ගහලා බැහැ. ඒ සඳහා එකතු වීමක් අවශ්‍යයි.
පසුගිය යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය, යුදමය නායකත්වය, පරිපාලන නායකත්වය බලපෑවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ යුදමය නායකත්වය දුන්න දේශපාලන නායකත්වයේ කොටසක්. හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා කියන එක පැත්තකින් තියන්නකෝ. නමුත් ඔහු නිවැරදි විදියට යුදමය නායකත්වයක් දුන්නා. විශ්‍රාම යන්න හිටිය සරත් ෆොන්සේකා වගේ අය ගෙන්වලා තනතුරුවල පිහිටුවලා යුද්ධය හරියට නිවැරදිව කළා. ඒ වන විට ත්‍රිවිධ හමුදාව අඩපණ වෙලා තිබුණේ. හැබැයි ඔවුන් ඒ සියල්ල යථාතත්ත්වයට ගෙනැල්ලා එල්ටීටීය පරාජය කළා. වර්තමාන ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු තෑගි අරන් ගිය අය. සමහර ආරක්ෂක ලේකම්ලා ප්රභාකරන්ගේ උපන් දිනයට පිස්තෝල තෑගි වශයෙන් දීල තිබුණා. අපිට ඒ අය ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා දැන් කුමන්ත්‍රණයක් යනවා යුද්ධය දිනපු දේශපාලන නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන. පහත් විදියේ ප්‍රචාර දියත් කර තිබෙනවා. ඒවා පෞද්ගලික පළිගැනීම්. චෝදනා තියෙනවා නම් ඒවා අධිකරණය හරහා ඔප්පු කළ යුතුයි. මේ ආණ්ඩුව බලයට ආවේ දෙමළ ඩයස්පෝරාවේ මුදල් වියදම් කරලා. අපිට මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව සාධනීය විවේචනයක් තියෙනවා. පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන් කළ තක්කඩි ක්‍රියා සොයා බැලුවේ නැහැ. ඔවුන්ට නිදහස ලබා දී තිබුණා. ඒක තමයි පරාජයට හේතු වුණේ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාව ජාතික සංවිධානවල අපේක්ෂාව වී තිබෙනවා. ඒ සම්බන්ධව ඔහු මුණගැසී අපගේ අදහස ඉදිරිපත් කළා. ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව රටේ ජනතාවට දැනුම් දිය හැකියි.
සුද්දෝ 1815 මේ රට අත්පත් කරගත්තේ මද්දුම බණ්ඩාරගේ, ඇහැලේපොළ කුමාරිහාමිගේ මානව හිමිකම් ගැන කතා කරලා. දියේ ගිල්වා මැරූ ඇහැලේපොළ කුමාරිහාමිගේ මානව අයිතිවාසිකම් කතා කරලා තමයි 1815 මාර්තු 02 වැනිදා උඩරට ගිවිසුම අත්සන් කළේ. නමුත් ඊට පසුව මානව හිමිකම් සුරකිනවා කියා පැමිණි බටහිර බලවතුන් 1818 පළමු නිදහස් අරගලයේදී ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මැරුවා. ගස්, සත්තු, මිනිස්සු ගිනි තැබුවා. එවැනි රටවල් තමයි ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය පරාද කිරීම වැරදියි කියන්නේ. 1983 සිට එල්ටීටිඊ සංවිධානය සියලු ජාතීන්ට එරෙහිව දියත් කළ ක_රත්වය ගැන බැලුවොත් කවුද මානව හිමිකම් කඩ කළේ කියලා පේනවා. නමුත් බටහිර බලවතුන්ට එය පැහැදිලි කරදීමට ආණ්ඩුවේ වගකිවයුතු අයෙක් නැහැ. මංගල සමරවීර වගේ අය තමයි ජිනීවා ගිහින් කිව්වේ යුද අපරාධ වෙලා තියෙනවා, ඒ ගැන හොයන්න ඕන කියලා. හමුදාව යුද අපරාධ කළේ නැහැ. රජයේ වගකීම වෙන්න ඕන රණවිරුවන් බේරාගන්න එක. නමුත් පැහැදිලිව ඒක පේන්න නෑ. ආණ්ඩුව මේ හමුදාවෙන් ගන්නේ ප්රභාකරන් මරපු වාඩුව තමයි. රටට හතුරු රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුවී රටට අහිතකර පනත් සම්මත කර ගන්නවා. දෙමළ ඩයස්පෝරාව ආණ්ඩුවේ බෙල්ලට තොණ්ඩුව දාලා තියෙන නිසා සෘජු තීරණ ගන්න බැහැ. ඒ නිසා තමයි අද ජිනීවාවලදී රණවිරුවන්ට විරුද්ධව යෝජනා සම්මත වෙන්නේ. නමුත් සත්‍ය කරුණු දැක්වීමට සරත් වීරසේකර ඇතුළු දේශප්‍රේමීන් පිරිසක් ජිනීවාවලට ගියා. ඊට අමතරව ශ්‍රී ලාංකික ගෝලීය සංසදය විසින් 18 වැනිදා රණවිරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි. මෙරට දේශප්‍රේමීන් පිරිසක් එදිනම සැසිවාරය පැවැත්වෙන ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ආණ්ඩුව කළයුතු කාර්යභාරය තමයි ඔවුන් සිදුකරන්නේ. ජාතියේ ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. ජාතික සංවිධානවලට මේ සඳහා පෙළගැසීමට යුතුකමක් තිබෙනවා. ජිනීවාවලට විරුද්ධව මෙරට තුළදී ජාතික සංවිධාන කරන සියලු ක්‍රියාකාරකම් යටපත් කිරීමට ආණ්ඩුව සෑමවිටම උත්සාහ කරනවා. හොඳම උදාහරණය තමයි මහනුවර කලබල ඇතිවූ මොහොතේ ඇඳිරි නීතිය දාගෙන, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි අක්‍රිය කර පාර්ලිමේන්තුවේදී බලහත්කාරයෙන් අතුරුදන් වූවන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්රඥප්තිය සම්මත කර ගත්තා. අතුරුදන් වූවන් සොයා බැලීමේ කාර්යාලයට නිමල්කා ප්‍රනාන්දු පත්කර ගත්තා. නිමල්කා ප්‍රනාන්දු ගැන සිරිසේන උන්නැහේ දන්නැද්ද? පසුගිය කාලයේ ඇය කාගේ වුවමනාවක්ද ඉටු කළේ කියලා රටම දන්නවා. මේ පත්කිරීමට ජනාධිපතිවරයා සෘජුවම වගකියන්න ඕන. හැබැයි 1815 ගිවිසුමට අත්සන් කළ කැප්පෙටිපොළ අදිකාරම් 1818 දී සුද්දන්ගේ තුවක්කු පවා අතහැරලා රට හැදෙන පැත්තට ඔහු එකතු වුණා. අපිට පුංචි විශ්වාසයක් තිබුණා මෛත්‍රීපාල සිරිසේනට කැප්පෙටිපොළගේ භූමිකාවෙන් කොටසක් හරි ඉටුකරන්න ශක්තිය තියේවි කියලා. නමුත් එවැනි ශක්තියක් ඔහු සතුව නොමැති බව දැන් පැහැදිලියි. රට ගැන හිතලා ඔහුට හැරෙන්න තවමත් අවස්ථාව තිබෙනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න තවමත් ඔහුට අවස්ථාව තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ නැණ නුවණ පහළ වේවා කියලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd