නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන මූලික පියවර වශයෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මේ වනවිට පත්කර අවසන්ය. මහජන අදහස් වීමසීමේ කමිටු වාර්තාවද මේ සතිය වනවිට පාර්ලිමේන්තුවට ලැබීමට නියමිතය. මෙවැනි තත්ත්වයක් තුළදී ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණෙන් අදහස් විමසීමක් කිරීමට එහි ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
Q ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉදිරි කටයුතු සඳහා ඔබ පක්ෂයේ දායකත්වය කෙසේද?
එයට අදාළ මෙහෙයුම් කමිටුවේ අපි සාමාජිකත්වය දරනවා. ඒ තුළ අනුර දිසානායක මහතා සහ බිමල් රත්නායක මහතා අපේ පක්ෂය නියෝජනය කරනවා. ඒ වගේම ව්‍යවස්ථා සභාවේ උපසභාපතිවරයෙකු ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා කටයුතු කරනවා. ව්‍යවස්ථා මණ්ඩලයේ යාන්ත්රණයට අපි සම්බන්ධ වී සිටිනවා. නව ව්‍යවස්ථාවක් ඇති කරගන්න අපි මේ කමිටුව හරහා මැදිහත් වෙනවා.
Q ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් විමසීම සාර්ථකයි කියා සිතනවාද?
මහජන අදහස් විමසන එක හොඳයි. නමුත් එය දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක වුණේ සීමාසහිත කාලයක්. ඒ හරහා බිම් මට්ටමේ ජනතාවට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.
Q ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වෙනස් විය යුතු හෝ එක්විය යුතු කාරණා තිබෙනවාද?
ක්‍රියාවලිය පිළිබඳ දීර්ඝ විවාදයක් පාර්ලිමේන්තුවේදී ඇතිවුණා. මුලදී අගමැතිවරයාට අත්තනෝමතික බලයක් ලැබෙන ආකාරයේ ව්‍යුහයක් යෝජනා කර තිබුණේ. එයට අපි විරුද්ධ වුණා. ඊට පසුව ආණ්ඩුවම එය සංශෝධනය කළා. ඉන්පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලවයි මෙම මණ්ඩලය පිහිටුවා තිබෙන්නේ. දැන් තිබෙන්නේ ව්‍යවස්ථාවේ අඩංගු වීම් පිළිබඳව කතා කිරීමයි.
Q නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය?
ඇත්තටම දැන් තිබෙන ව්‍යවස්ථාව අවුරුදු තිස් හතක් තරම් පැරණියි. එය අප රටේ වැඩිම කාලයක් එක දිගට පැවති ව්‍යවස්ථාව. සමාජය ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් සමග දැන් බොහෝ දේවල් යල් පැනගොස් තිබෙනවා. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව තදින්ම තිබෙනවා. ලෝකයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අලුත් සංකල්ප අලුත් මූලධර්ම ඇවිත් තිබෙනවා. 78 ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම භාෂාව සම්බන්ධයෙන් තිබෙන වගන්ති ජාතික සමගියට බාධාවන්. ඒවා වහාම වෙනස් විය යුතුයි. නීතියෙන් භාෂාවේ සම අයිතිය තහවුරු කළ යුතුයි. එවැනි වෙනස් විය යුතු කරුණු ගණනාවක් පවතින ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒ නිසා අපගේ ස්ථාවරය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින් සකස් විය යුතුයි කියන එකයි.
Q 1978 ව්‍යවස්ථාවේ හඳුනාගත් දුර්වලතා මොනවාද?
ප්‍රධාන ගැටලුවක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. එය වෙනස් විය යුතුයි. 19 වැනි සංශෝධනයෙන් එහි යම් අඩුවීමක් වුණාට එය මුළුමනින්ම අහෝසි වෙලා නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවෙන් විධායක ක්‍රමය මුළුමනින්ම අහෝසි විය යුතුයි. 19 වැනි ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳ යම් වෙනසක් සිදුවුණාට එය බොහෝ අඩුපාඩු සහිතවයි සිදුවුණේ. ඒ නිසා අප දකින්නේ නව ව්‍යවස්ථාවකින් නිශ්චිතව විද්‍යාත්මක පදනමක් මත අප රටේ අමාත්‍යවරුන්ගේ ගණන සීමා කළ යුතුයි. ලෝකයේ සමහර රටවල අන්තර්ජාල පහසුකම් මූලික අයිතියක් ලෙස පිළිගෙන තිබෙනවා. එවැනි අලුත් දෙවල් එකතු කළ යුතුයි. දැන් ලෝකය වෙනස් වෙලා තිබෙන්නේ. එවැනි කාරණාත් මූලික අයිතියට එකතු විය යුතුයි. වගේම නීති පිළිබඳ ගත් විට අප රටේ අපරාධ සම්බන්ධයෙන් හෝ වෙනත් සමාජ කටයුතු සම්බන්ධයෙන් තිබෙන නීතිවලට අදාළ වෙනස්කම් සිදුවිය යුතුයි. මේ ආදී වෙනස්කම් ගණනාවක් ඇති විය යුතුයි.
Q අලුතින්ම නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතුයි කියා හිතනවද?
අනිවාර්යෙන්ම අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතුයි. තිබෙන එකට පැච් අලව අලවා ඉඳලා වැඩක් නැහැ. පසුගිය ආණ්ඩුවේ 2010 මැතිවරණ පොරොන්දුවක් විදියට ජී.එල්. පීරිස් මහත්තයා කීවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා, ඒක සම්මත කරන්න තුනෙන් දෙකෙන් බලය දෙන්න කියලා. එහෙම අලුත් එකක් ඔවුන් ගෙනාවෙ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා පොරොන්දු වුණා. ලංකාවේදී පමණක් නොවේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලත් ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා පවසා තිබෙනවා. ඔවුන්ට ජන වරම දී තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය යුතුයි කියලා, ජනවරමට පයින් ගහන්න ඔවුන්ට අයිතියක් නැහැ.
Q උපරිම ආකාරයෙන් බලය බෙදීමකට ගොස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණොත් එයට ඔබේ පක්ෂයේ සහාය ලැබෙනවද?
උපරිමයෙන් බලය බෙදනවා කියලා වචනයෙන් සඳහන් කළාට එහි අර්ථය කුමක්ද කියලා පැහැදිලි කරලා නැහැ. අපි දකින්නේ බලය බෙදන එක කළ යුත්තේ පුද්ගලයාටයි. ඒ කියන්නේ බලය පැවරෙන්න ඕන පුරවැසියාට. ඇත්තටම අප රටේ පුරවැසියාට බලයක් නැහැ. පුරවැසියා බල රහිත කරලා තිබෙන්නේ. පළාත් සභා ඇති කළත් එහි බලය පවරා තිබෙන්නේ මහ ඇමති සහ තවත් නිලධාරී පෙළැන්තියකටයි විතරයි. එසේ නොවේ, පුරවැසියාට ඇති අයිතිය, දේශපාලනයේ තිබෙන අයිතිය, තීන්දු තීරණවලට හවුල් වීමේ අයිතිය වැනි පුරවැසියාගේ බලය තහවුරු වන බලය බෙදාහැරීමක් තමයි අපි බලය බෙදාහැරීම යනුවෙන් අදහස් කරන්නේ.
Q පුරවැසියාට බලය ලබාදිය යුතුය යනුවෙන් ඔබ අපේක්ෂා කරන සංකල්පය සිදුකරන ක්‍රමවේදය කුමක්ද?
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතික ප්‍රශ්නයට විසඳුමක් වෙලා නැහැ. අපි එදත් කීවා මේක උත්තරයක් වෙන්නේ නැහැ කියලා. අද එය ප්‍රායෝගිකව තේරිලා තියෙනවා 13 වැනි සංශෝධනය උත්තරයක් නෙමෙයි කියලා. ඒ නිසා අනාගතයේදීත් පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි කියලයි අපි දකින්නේ.
පුරවැසියාට බලය ලැබෙනවා කියන්නේ, සිංහලද දෙමළද මුස්ලිම්ද කියල භේදයක් නැතිව බලය බෙදන එකයි. නීතිය සමානයි. නීතියේ අාධිපත්‍ය හැමෝටම පොදුයි. ව්‍යවස්ථාෙව් මේ කාරණය තහවුරු වෙන වගන්ති ඇතුළත් වෙනවා වගේම මේ සඳහා ප්‍රා‘යෝගිකව ක්රියාකාරීත්වයක් තිබිය යුතු වෙනවා. පුරවැසියාට බලය ලැබිය යුත්තේ එවැනි ක්‍රමවේද ඔස්සේයි. මොකක් හෝ ව්‍යුහයක් හදල ඒකෙ නිලයක් ගත්ත ගමන් මෙය සිදුවෙන්නේ නැහැ. ඒ නිලය හම්බ වෙන්නේ ටික දෙනෙකුටයි.
අනිත් කාරණය තමයි රටේ තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහය ව්‍යවස්ථාවෙන් තහවුරු වෙන්න ඕන. පාර්ලිමේන්තුව තමයි ඉහළින්ම තිබෙන මධ්‍යගත ආයතනය. ඊට පසුව තියෙන්නේ ගම, ගමේ තිබෙන ප්‍රාදේශීය සභාව, නගරයේ තිබෙන නගර සභාව තුළ ප්‍රා‘දේශීය වශයෙන් තිබෙන සැබෑ ජනතා මතය නියෝජනය විය යුතුයි. දැන් එහෙම එකක් නැහැ. ප්‍රා‘දේශීය සභාව කියන ආයතනය මීට වඩා සවිබල ගැන්වෙන්න ඕන. එවිට තමයි ගමේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න එතැන කතා වෙලා, තීන්දු අරගෙන ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලන බලය කියන එක අපි දකින්නේ ගම් මට්ටමට විමධ්‍යගත වෙන්න ඕන එකක් හැටියටයි.
Q නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණ කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අදහස කුමක්ද?
වඩාත්ම සාධාරණ හා ප්රජාතන්ත්රවාදී ක්‍රමය තමයි සියලුම ජනතාවගෙන් අදහස් විමසන එක. අදහස් විමසනවා කීවට සාමාන්‍ය ජනතාව අදහස් දෙන්නේ නැහැ. ඕන නම් විද්වතුන් වෘත්තිකයන් අදහස් යෝජනා ලිඛිතව එවයි. ගම් මට්ටමට ගොස් ව්‍යවස්ථාව ගැන දැනුවත් කරන ක්‍රියාවලියක් අවශ්‍යයි.
Q නව ව්‍යවස්ථාව නිර්මාණ කිරීමට පෙර ඒ පිළිබඳව සැබෑ සමාජ සංවාදයක් ඇති විය යුතු නොවේද?
මෙය හරියට ෆුට් බෝලයක් වගේ වෙලා. එක එක්කෙනා තමන්ට ඕන විදියට සෙල්ලම් කරනවා. ඇමෙරිකාව ඔවුන්ට ඕන විදියට සෙල්ලම් කරනවා. ආණ්ඩුව ආණ්ඩුවට ඕන විදියට සෙල්ලම් කරනවා. තවත් සමහරු මෙය පාවාදීමක් කියලා ඔවුන්ගේ දේශපාලන උවමනාවට සෙල්ලම් කරනවා. උතුරේ ජාතිවාදී කණ්ඩායම් තමන්ට ඕන විදියට මෙය පාවිච්චි කරගන්නවා. ඇත්තටම මේක මෙරට ඇති වෙච්ච මහා දැවැන්ත සමාජ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙන් පස්සේ ඒකෙන් පීඩාවට පත් වෙච්ච ඇත්ත ජනතාවක් සිටිනවා.
ඉන් බහුතරය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව. සිංහල මුස්ලිම් ජනතාවත් සිටිනවා. ඇත්තටම එසේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටුකරලීමේ අවංක වැඩපිළිවෙළක් තවම නැහැ. දැන් කරන්නේ ජිනීවාවලින් බේරෙන්න උත්තර හොයනවා. ආණ්ඩුව කරන්නේ ඒක. ආණ්ඩුවට අවංක උවමනාවක් තිබුණ නම් කරන්න තිබුණේ ඇමෙරිකාවේ යෝජනාවල එල්ලෙන එක නෙවෙයි. ආණ්ඩුවට කරන්න තිබුණේ ඊට කලින් මීට මැදිහත් වෙලා, මේ වෙනුවෙන් පියවර ගන්නවා කියලා සත්‍ය කොමිසමක් පිහිටුවලා ලංකාව වෙනුවෙන් අවංක යෝජනාවලියක් ඉදිරිපත් කරන එකයි. ඇමෙරිකාව දාපු යෝජනාවල එල්ලෙන්න වුණේම මේක ඇඟ බේරගන්න කරන උත්සාහයක් නිසා.
Q නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට යෝජනාවලියක් තියෙනවද?
දැනටමත් අපිට යම් යම් යෝජනා තිබෙනවා. දැනට අපි යෝජනා 20 ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ජාතික මට්ටමින් යම් සංවාදයකට ලක්කරලා තිබෙනවා. එය ව්‍යවස්ථාවක් එනතුරු සිටිය යුතු දේවල් නොවෙයි. කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු දේවල්. ව්‍යවස්ථාවක් හැදීම සඳහා ආණ්ඩුව යම් ආරම්භයක් දෙනවා නම් අපට පුළුවන් ඇතුළත් විය යුතු යෝජනා ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න.