Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
මගේ අධ්‍යාපන කේෂ්ත්‍ර ගතහොත් මාධ්‍යයට වඩා කළමනාකරණ, ව්‍යාපාර පරිපාලන වැනි කේෂ්ත්‍රයන් හදාරා තිබෙන්නේ. මම මූලික උපාධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තේ ජනසන්නිවේදනය සම්බන්ධයෙන්. ඉන් අනතුරුව මගේ ඉහළ අධ්‍යාපනය වශයෙන් ව්‍යාපාර පරිපාලනය හා කළමනාකරණ ක්ෂේත්රය මූලික කරගනිමින් පශ්චාත් උපාධිය එංගලන්තයේ කාඩීෆ් විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා. මිනිස්සුන්ට ආශාවන් හා කැමැත්තවල් තිබෙනවා. අපි කියනවා හොබීස් තියෙනවා කියලා. මම මාධ්‍ය කේෂ්ත්‍රය රැකියාවකට එහා ගිය කැමැත්තෙන් කරන දෙයක්. මගේ සහජ දක්ෂතාවක් හැකියාවක් තියෙන දෙයක් විදියට එහි නියැළුණා. එහිදී මම පරිපාලනමය කේෂ්ත්‍රයේ අංශ සඳහා මැදිහත් වුණා. උදාහරණයක් විදියට මම අමාත්‍යාංශ තුනක මාධ්‍ය ලේකම්වරයා විදියට වැඩ කළා. එම අමාත්‍යාංශවල මාධ්‍ය කටයුත්වලින් ඔබ්බට ගියපු වැඩසටහන් කළා. සන්නිවේදනය, මෙහෙයවීම, පරිපාලන කටයුතු විධිමත් කිරීම යන කාර්යයන් සඳහා මම දායක වුණා. මම හිතනවා තරුණයෙකුට ගන්න බැරි අත්දැකීම් සමුදායක් අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් මට ලබාගැනීමට හැකි වුණා.
මම මුලින්ම කටයුතු කළේ පෞද්ගලික අංශයේ. මගේ පළමු රැකියාව වුණේ ලිපිකරු රැකියාව. ලිපිකරුවා කියන රස්සාවේ ඉඳන් අවසානයේ මම පෞද්ගලික අංශයට සමුදෙනකොට විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විදියට හිටියේ. මම පුංචි තැන ඉඳන් ෆොටෝකොපි ගහන එක, ෆැක්ස් එක ගහන එක, ලියුම් ගෙනියන එක, ඒවා ග්‍රාෆ් කරන එකේ ඉඳන් අනෙකුත් සියලුම දේ සුවිශේෂී ප්‍රායෝගික අත්දැකීම් එක්ක මට ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. ඒ ඒ ක්ෂේත්රවල ඉන්න විශේෂඥයන්, විද්වතුන්ගේ දායකත්වය, ඇසුර ලැබුණා.
මට වාසනාවක් තිබුණා චම්පික රණවක ඇමතිවරයා වගේ පරිණත, ප්රබුද්ධ දේශපාලඥයෙකුගේ සෙවණේ වැඩ කරන්න. මට එතුමා යටතේ දේශපාලනිකව අවරුදු හතක් නිලධාරියෙක් විදියට ගත කරන්න ලැබුණා. එතුමා මා සමග සාකච්ඡා කරනකොට එතුමා සෘජුව සහ ව්‍යංගාර්ථයෙන් ඒ දේශපාලන අත්දැකීම අපි සමග බෙදා හදාගත්තා. ඒ සියලුම ආභාසයන් ලැබීම නිසා මට හිතුණා මේ පළාත් පාලන මැතිවරණය රටේ තීරණාත්මක පළාත් පාලන මැතිවරණයක් වෙනවා වගේම අපි වගේ තරුණයන්ට හොඳ ආරම්භයක් බවට මේක පත්වේවි කියලා. ඉතිං මම හිතුවා මම ඉපදුණු, හැදුණු වැඩුණු, සමාජ ආශ්‍රය පවත්වපු, මගේ දෙමාපියන්ගේ නෑදෑ පරම්පරාව ජීවත් වෙන, මම පොඩි කාලෙ ඉඳන් ආශ්‍රය කරපු යාළුවෝ ජීවත්වෙන ප්‍රදේශයෙන්ම මෙම දේශපාලනයට අවතීර්ණ වෙන්න. ආරම්භය එතැනින් පටන්ගන්න හිතුවා.
මම නාමයෝජනා අත්සන් කළේ දෙසැම්බර් 14 වැනිදා. එදා ඉඳන් මම මැතිවරණ භූමිකාවට අවශ්‍ය වටාපිටාව සැකසුවා. සැලසුම් සකස් කළා, මමත් මගේ යාළුවෝ කණ්ඩායමක් එක්ක ගම ගැන අධ්‍යයනයක් කළා, මට තියෙන අභියෝග මොනවාද, මට තියෙන පහසු අවස්ථා මොනවාද, මට තියෙන සම්පත් මොනවාද, මට නැති දේවල් මොනවාද, ඒවා කොහොමද මිනිස්සු එක්ක හුවමාරු කර ගන්නේ, ඒවා මිනිස්සු එක්ක සමීප කරගන්නේ කොහොමද, ඒ විදියට ඉතා විධිමත් වැදගත් දේශපාලන ව්‍යාපාරයක් කොහොමද කරන්නේ කියන එක අභියොගයක් වුණා. එම අභියෝගයට නිසි පරිදි සැලසුම් සකස් කරලා මම මුහුණ දුන්නා. පසුගිය දෙසැම්බර් 23 වැනිදා අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහත්වරුන් ඇතුළු තවත් සම්භාවනීය පිරිසකගේ මැතිවරණ කාර්යාලය මගේ නිවසේ ආරම්භ කළා. මහරගම, වත්තෙගෙදර වර්ග කිලෝමීටරයක භූමියක ගෙවල් 1680ක් තිබෙනවා. එහි ඡන්දදායකයන් 4809 දෙනෙක් සිටිනවා. 24 වැනිදා සිට මේ මොහොත දක්වා මේ හැම නිවසකම, හැම මනුස්සෙයක්ම මම මේ වනවිට එක පාරක් හෝ දෙපාරක් මුණගැහිලා අවසන්. මේ වනවිට යන්නේ දෙවැනි වටයේ අවසන් ගෙවල්වල පදිංචිකරුවන් මුණගැහෙන්න.
මට ඉතා සුවිශේෂී ජන ප්‍රසාදයක් ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන්, හිතවතුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, සමකාලීනයන්ගෙන් මේ වනවිට ලැබිලා තියෙනවා. වත්තෙගෙදර ප්‍රධාන රැලිය 30 වැනිදා පැවැත්වූවා. ඒ රැලියට සාගල රත්නායක, චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, නිමල් ආර්. පීරිස්, එරංග වැලිඅංගේ, ප්‍රේමරත්න ගුණසේකර වැනි බොහෝ පිරිසක් ආවා. ඒ වගේම වෙනදාට රැලිවලට නොයන, රැස්වීම්වලට නොයන ඡන්ද වේදිකා ළඟ වාඩිවෙලා හෝ හිටගෙන නොහිටින 500කට වැඩි පිරිසක් ඇවිල්ලා මට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. පසුගිය දවස් ටිකේ මට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් ඉහළයි. ගුණාත්මකයි. මේ දෙවල් ලබාදෙන්න මාත් එක්ක ඡන්ද ව්‍යාපාරයේ නියැළෙන අපේ ගමේ වැඩිහිටියන්, නෑදෑයන්, නැන්දලා, මාමලා, හිතවතුන් බොහෝ ශක්තියක් වෙලා තියෙනවා.
අනිත් දේශපාලන පක්ෂ එක්ක පළාත් පාලන මැතිවරණයේදී පොඩි වෙනසක් තියෙනවා. ගමේ ඉන්න පක්ෂය, කණ්ඩායම වැඩපිළිවෙළ මොකක් වුණත්, ගමේ තියෙන පුද්ගල චරිතය, එම පුද්ගල චරිතය ගොඩනගාගන්නා ප්‍රතිරූපය, මිනිස්සු එක්ක ගොඩනගාගන්නා විශ්වාසවන්තකම මත මේ පාර ගමේ ඡන්දය වෙනස් වෙනවා කියන එක මම ඔප්පු කරනවා.
උදාහරණයක් විදියට මහරගම ආසනය ඉතිහාසයේ කවදාවත් පසුගිය අවුරුදු 20-25 ඇතුළෙ එක්සත් ජාතික පක්ෂය ජයගෙන නැහැ. හැමදාම විපක්ෂයේ නැත්නම් එළියේ ඉඳලා තියෙන්නේ. හැබැයි මෙවර මම දැඩි විශ්වාසයකින් කියනවා පෙබරවාරි 11 වැනිදා පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ විශේෂත්වයක් තියෙනවා. ඒ ආණ්ඩුව අනාගතවාදී සැලසුමක් එක්ක, ශ්‍රී ලංකා වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, අනෙකුත් දේශපාලන කණ්ඩායම් වේවා අපි එම දේශපාලන කණ්ඩායම්වලට නෙමෙයි සේවය කරන්නේ. අපි සේවය කරන්නේ ප්‍රදේශවාසී මහජනතාවට. ඒ විශ්වාසය අපි මිනිස්සුන්ට දීලා තියෙනවා. ඒ විශ්වාසය මිනිස්සු ඉතාමත්
ඉස් මුදුනින් අපට බාරදීලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. අපි විශ්වාසය ගෞරවයෙන් සලකනවා. ගෞරවයෙන් ආරක්ෂා කරනවා. මට හෝ අනෙකුත් අපේක්ෂකයෙකුට මහරගම ඡන්ද දේශපාලනයේදී එක්සත් ජාතික පක්ෂයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද, වෙනත් විකල්ප කණ්ඩායමක්ද කියන ඡන්ද ආධාරකරුවන්ගේ ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන්නේ මේ ඔක්කොම ගමේ මිනිස්සු කියන හැඟීම. ඒ නිසා මේ පාර මහරගම සියලු ගම්වල මිනිස්සු එම ප්‍රතිපත්තියට, එම වැඩපිළිවෙළට, පුද්ගලයා වෙනුවෙන් ගම දිනවන සටන වෙනුවෙන් දායකත්වයක් ලබා දී තිබෙනවා.
මහරගම විශේෂත්වයක් තියෙනවා, උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාවක් එහි ජීවත්වෙන්නේ. මම ගෙවල් 1680කට විතර ගියා. ඒ අතිබහුතරයක් මිනිසුන්ගෙන් ගැටලුකාරී තැන් තිබුණා, ඉතාමත් අඩු වශයෙන්. හැබැයි අපි ඔවුන්ට කරුණු වටහලා දුන්නා. වංචාවට, දූෂණයට, භීෂණයට එරෙහිව සමාජ බලයක් හැදිය යුතුයි කියලා චම්පික රණවක ඇමතිතුමා ප්රමුඛ අපි තමයි 2014-11-18 වැනිදා අමාත්‍යාංශවලින්, තනතුරුවලින් එළියට බැස්සේ. අපි තමයි මේ වංචාව වුණ ගමන් අත්දෙක උස්සලා කිව්වේ වහාම මේකට පරීක්ෂණයක් කරන්න, මේ රටේ රාජ්‍ය මූල්‍යයට හානියක් අලාභයක් වෙලා තියෙනවා නම් එය පියවන්න, වැරදි කරපු හොරකම් කරපු අයට රටේ තියෙන නීතිය අනුව දඬුවම් දෙන්න. වහාම ඒවා පියවාගන්න කියලා. අපි ගමේ බලය පෙන්වන්න, ගම ඇතුළෙ තියෙන වැරැද්දට, දූෂණයට එරෙහි හඬ පෙන්වන්න අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා. අපි කියන්නේ වැරැද්ද වැරැද්ද විදියට දකින්නත්, හරි දේ හරි දේ විදියට දකින්නත් රටේ දේශපාලඥයා ප්රබුද්ධ වෙන්න ඕන. ඇතැම් ස්ථානවලදී අපට විවේචන ආවා. අපි ඔවුන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඔවුන් ඒ විශ්වාසය අපට දුන්නා. අපි මින් මතුවට ඒ විශ්වාසය රකිනවා. ඒක මේ කාලෙ විතරක් නෙමෙයි රටේ සිදුවන අනෙක් පාර හදද්දී, කොන්ත්රාත්වලදී, මිලදී ගැනීම්වලදි, ටෙන්ඩර්වලදී සියලුම වංචා දූෂණවලට විරුද්ධව, රැහැනිව අපි බලයක් විදියට ඉදිරියටත් පෙනී සිටිනවා.
පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වුණ වෙලාවේ ඔහුගේ මාධ්‍ය මෙහෙයුම සිදු කළේ මමත් 11 දෙනෙකුගේත් කණ්ඩායමක් විසින්. අපි එදා අවංකව සේවය කළා. අපේ රාජකාරිය ඉස්මුදුනෙන් අපට කළ හැකි මට්ටමින් අපි කළා. අපට ඒ වෙනුවෙන් ලැබුණු යම් කිසි තනතුරක් වූවාද, එම තනතුරුවලදීත් අපි ඉහළම සේවයක් කළා. ඡන්ද දේශපාලනයේදී එම සියලුම තනතුරුවලින් අපි ඉවත් වුණා. අපි දැක්කා විවිධ මාධ්‍යවල, විවිධ වේදිකාවල පක්ෂ නායකවරු විවිධ කතා කියනවා. හැබැයි මං හිතන්නේ මිනිස්සුන්ට අමතක නැහැ, අද රටේ ඉන්න මිනිස්සු වෙනදා හිටපු හෙංචයි දේශපාලනයේ යෙදී සිටින අය නෙමෙයි. උගත්, බුද්ධිමත් සමාජ තලයක් තියෙන මිනිස්සු ඉන්නේ. මම හිතනවා ඔවුන්ට මේවා තෝරලා බේරලා වටහාගෙන තීන්දුවක් ගන්න මහ ලොකු දවසක් යන්නේ නැහැ. එයට පිළිතුරු පෙබරවාරි 10 වැනිදා ඔවුන් ලබාදේවි.
මේ වෙලාවේ ක්ෂණිකව හොරු අල්ලන්න හෝ වංචාකාරයෝ, දූෂකයන් ඉන්නවා කියන්න තරම් ඇතැම් පාලකයන්, ඇතැම් දේශපාලඥයන් නිර්ලජ්ජිත විදියට කටයුතු කරනවා. හැබැයි ඒ සියලු දෙනාට පසුගිය අවුරුදු තුනක කාලයක් වරම තිබුණා, අවස්ථාව තිබුණා ඒ දේ කරලා පෙන්වන්න. අපි කියන්නේ ඒ දේ කළ යුතුයි. අන්තිම මොහොතේ මේක කරන්නැතිව තව ඉදිරියටත් කාලය තිබෙනවා. එදා ආණ්ඩුව පිහිටුවන්න මිනිස්සු බලය දුන්නේ වංචාවට, දූෂණයට, භීෂණයට එරෙහිව. එම අවස්ථාව ඉහළ ආර්ථික තත්ත්වය එක්ක ළඟා කරදෙන්න, එම පාලකයන්ට සහ ඒ දේශපාලඥයන්ට හැකියාව ලැබේවා. ඒ හැකියාවට ශක්තියක් වෙන්න අපි ගම ඇතුළෙ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
මට තියෙන්නේ වර්ග කිලෝමීටරයයි. ජාතික දේශපාලනයේදී එක්කෝ දිස්ත්‍රික්කයක්, පළාතක්, රටක් ලැබෙනවා. රට ගත්තාම වර්ග කිලෝමීටර් 65000 යි තියෙන්නෙ. වර්ග කිලෝමීටරය ඇතුළෙ අපට තියෙන යුතුකම බැනර්, පෝස්ටර්, ටීවී දැන්වීම් දාන එක නෙමෙයි. ගෙයින් ගෙට ගිහින් මිනිස්සු හඳුනාගෙන, මින්සුන්ගේ ප්‍රශ්න අඩුපාඩු හඳුනාගෙන, ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගෙන, ඔවුන් එක්ක ගම හදන වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීම. මෙතනදි බොරු පොරොන්දු දේශපාලනය කරන කෙනාට මතුවට දිනන්නත් බැහැ, මතුවට ගමේ නගරෙයේ ජීවත් වෙන්නත් බැහැ. ඔහු අනිවාර්යයෙන් සමාජයේ ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මේක පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණයකට වඩා හාත්පසින්ම වෙනස්. මේකෙ ජනප්‍රිය රැල්ල නෙමෙයි දිනන්නේ. ගම ඇතුළෙ ඉන්න ප්රබුද්ධ, උගත්, වැඩපිළිවෙළක් තියෙන කණ්ඩායම තමයි දිනන්නේ. ඒ වෙනුවෙන් තමයි මිනිස්සු පෙනී සිටින්නේ. වෙන මූණත් තහඩුවක් දාගෙන ආවත්, අපේක්ෂක ලාංඡනය වෙනුවට වෙන ලාංඡන දාගෙන ආවත්, වෙන මුද්‍රා තියාගෙන ආවත් ඔවුන්ට මේ ඡන්දෙදි ජයග්‍රහණය හිමි වෙන්නෙ නෑ. මිනිස්සු ඇත්ත දැන් හොඳටම අඳුනනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙළේදි කරන්නේ ගමත් එක්ක වැඩ කරන, ගමත් එක්ක සන්නිවේදනය කරන, ගමේ මිනිස්සු එක්ක සංවර්ධනයේ සාකච්ඡා සිදු කරන ව්‍යාපෘතියක්, වැඩපිළිවෙළක්.
ඒක තිබ්බත් අපි අපේ වැඩපිළිවෙළ කරනවා. නොතිබුණු එක අපි වාසියක් බවට පත් කරගත්තා. ඒ වාසිය අපට නෙමෙයි මිනිස්සුන්ට ලබාදෙන්න. බුද්ධාගමේ කියනවා දිට්ඨධම්මවේදනීය කර්ම පඩිසන් දෙනවා කියලා. බුදුන්ගේ කාලයේ තිබුණා සමාජයේ යම් කිසි ව්‍යසනයක් කරපු, සමාජයේ අසම්මත කටයුතු කරපු මිනිස්සු සමාජය විසින්, ස්වාභාවික ආපදාවලින්, සමාජයෙන් තුරන් කරලා දානවා. මේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමත් ඒ වගේ අවස්ථාවක් විදියටයි අපි දකින්නේ. ඔවුන් විසින්ම තාක්ෂණික වැරැද්දක් කරගත්තේ. එහෙම නැතිව වෙනත් අය කරපු දෙයක් නෙමෙයි. ඒකට ඔවුන් වෙන විකල්ප හෙව්වත් වැඩක් නැහැ. මැතිවරණ නීතිය අනුව ඒ කිසිම විකල්පයක් ඔවුන්ට නැහැ. ඔවුන් වෙන වෙන මූණත් තහඩුවලින් ආවට මැතිවරණ නීතිය අනුව, ස්වාධීන මැතිවරණ කොමිසමේ නීතිය අනුව වෙන කිසිවෙකුට එම පක්ෂය වෙනුවෙන් වෙන කණ්ඩායම්වලට පත්වෙන්න අවස්ථාව නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය ගම සංවර්ධනය වීම මිසක් දේශපාලන පක්ෂවල හෝ දේශපාලන කණ්ඩායම්වල හෝ දේශපාලඥයන්ගේ බඩගෝස්තරය ශක්තිමත් කරන්න නෙමෙයි. ඒ අවබෝධය වෙන නගර සභාවලට, ප්‍රාදේශිය සභාවලට, මහ නගර සභාවලට වඩා මහරගම නගර සභාවේ ඉන්න මිනිස්සුන්ට හොඳට තේරෙනවා. ඔවුන් ඒ තීන්දුව ලබාදෙයි කියන පූර්ණ විශ්වාසය අපට තියෙනවා.
මහජනතාවට අතීතයේ සේම අනාගතයේද සේවය කරන ආණ්ඩුවක්, කණ්ඩායම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී බිහිවෙනවා. එය හුදු ජනතා සේවය සඳහාම කටයුතු කරන ආණ්ඩුවක් බවට පත් වේවි. එය අනාගතවාදී රටේ නව්‍යකරණයේ ප්‍රතිපත්ති සකසන කණ්ඩායමක් බවට පත්වෙනවා. පළාත් පාලන මැතිවරණයේ තීන්දුව එයට පාර කපාවි.
මිනිස්කම රැකගෙන ගම හදන වැඩපිළිවෙළ එමගින් ඉදිරිපත් කර තිබෙනවා. අපේ අරමුණක් තිබෙනවා මිනිස්සු බුද්ධිමත් සමාජයක් තිබුණොත් තමයි දේශපාලනඥයන්ට විධිමත්ව වැඩ කරන්න පුළුවන් වටාපිටාවක් ඇති වෙන්නේ. සමාජය සුවිශේෂී මට්ටමට දියුණු කරන්නත් ඉන් ඉඩ ලැබෙනවා. අපේ උත්සාහය මහරගම නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානය හෙවත් මහා නගරය බවට නුදුරේදීම පත් කිරීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd