Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යනවා. අනෙකුත් පක්ෂවලට වඩා විශාල ජනප්‍රියතාවයක් හා ජනතා ආකර්ෂණයක් ඉතා කෙටි කලකදී අප පක්ෂයට ලැබී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කළයුතු පළමු දිනයේදීම මුදල් තැන්පත් කිරීමට හැකියාව ලැබුණේ ඒ නිසා තමයි. කළුතර, ගාල්ල, ගම්පහ යන දිස්ත්‍රික්කවල මුල් දිනයේදීම ඇප මුදල් තැන්පත් කළා. ඉන්පසුව දෙවැනි දිනය යෙදුණු 28 වැනිදා කොළඹ, අනුරාධපුරය සහ පුත්තලම දිස්ත්‍රික්කවල තැන්පත් කළා. මෙම වැඩපිළිවෙළ 30 වැනිදා දක්වා අඛණ්ඩව ගෙනියනවා. ඉන්පසුව දෙසැම්බර් 03 පටන් ගෙන දෙසැම්බර් 13 දක්වා කෙරීගෙන යනවා. සියලුම දිස්ත්‍රික්ක ආවරණය කිරීමට සියලු කටයුතු යොදා අවසන් .
සම්මුඛ පරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යනවා. තවම අවසන් වී නැහැ. දැනට තිබෙන ඉල්ලීම අනුව කොට්ඨාසවලට අපේක්ෂකත්වයන් ලබාදීමේදී අප ගැටලුවකට මුහුණ දී තිබෙනවා. පොදුවේ සියලුදෙනාගේ හැඟීමක් තියෙනවා ජයග්‍රහණය ගන්න පුළුවන් කියලා. කොට්ඨාසවලින් සියයට හැත්තෑවක ජයග්‍රහණය අපට ලබාගන්න පුළුවන් කියන තක්සේරුව අපිට තියෙනවා.
ඇත්තටම මැතිවරණය පමා වීම අපිට වාසියක් තමයි. මොකද රජයේ අඩුපාඩු හා ජනතා විරෝධී ගමන ගැන ජනතාවට පැහැදිලි කිරීමට වැඩි අවස්ථාවක් ලැබුණා. රජය මෙම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ පරාජිත පදනමක සිටගෙනයි. මැතිවරණය කල්දාගන්න ඒ අය කරන්න පුළුවන් හැම උප්පරවැට්ටියක්ම කළා. මේ වන විට කරන්න දෙයක් නැති නිසා තමයි මැතිවරණය තියන්න යන්නේ. පෙත්සම්කරුවන් හය දෙනෙක් යොදාගෙන මැතිවරණය කල් දාන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොකු උත්සාහයක් ගත්තා. එක් පෙත්සම්කරුවෙක් පාරවල් කොන්ත්‍රාත් කරන කෙනෙක්. එක් අයෙක් සුළු ව්‍යාපාරිකයෙක්. ඒ අයට නඩු නිමිත්ත ගැන කිසිම දැනුමක් නැහැ. ෆයිසර් මුස්තාපාගේ තාත්තාගේ කාර්යාලයේ ඉන්න නීතිඥයෙක් තමයි මේකට යොදාගෙන තිබුණේ. දැන් ඒ අයට පෙනී ගොස් තිබෙනවා පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම අවාසියක් කියලා. මොකද එම 93න් අතිබහුතරය අපිට දිනන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. දැන් උත්සාහ දරනවා මෙයත් වෙනස් කරන්න. අගමැතිවරයා නීතිපති හමුවෙලා, නීතිපති උසාවි ගිහිල්ලා වාරණ නියෝගය ඉවත් කරවාගැනීමට ඒ අය දැවැන්ත උත්සාහයක් දරනවා. සියලු පළාත් පාලන ආයතනවල මැතිවරණ එක දිනක පැවැත්වීමට මේ අයට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් අපි ඒ කුමන අවස්ථාවකට වුවත් සාර්ථකව මුහුණ දෙනවා. අවශ්‍ය නීතිමය මැදිහත්වීම ක්ෂණිකව ගන්නවා. මේ දක්වා සෑම අවස්ථාවකදීම අපි එය පෙන්නුම් කර තිබෙනවා.
මේ පළාත් පාලන මැතිවරණය රජය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස ගන්න කියලා අපි ජනතාවට කියනවා. පළාත් පාලන ආයතනවලට පැවැත්වෙන මැතිවරණයක් විදියට මේක ගණන් ගන්න එපා. අවුරුදු දෙකහමාරකට පසුව ජනතාවට ලැබුණු අවස්ථාවක් මේක. රජය ගැන අදහසක් ප්‍රකාශ කරන්න. රජය ගැන තෘප්තියට පත්වෙනවාද, ප්‍රතික්ෂේප කරනවාද කියා ජනතාවට තීරණය කරන්න ලැබෙනවා. ඉතිහාසයේ කිසිම දිනෙක නොදුටු ආකාරයේ ඉහවහා ගිය දූෂණ පසුගිය අවුරුදු දෙකහමාර ඇතුළේ සිදුවුණා. ජනතාවගේ පාරම්පරික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමට උත්සාහ දැරීම, රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළක් ගෙන ඒම, උතුරේ මහවිරු දින පැවැත්වීම පසුගිය කෙටි කාලයේදී සිදුවුණා. උතුරේ ප්රභාකරන්ගේ පින්තූර ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාලවල පවා සැමරුම් පැවැත්වුණා. එල්.ටී.ටී.ඊ සුසාන භූමි අලුත්වැඩියා කරලා කොටි ත්රස්තවාදීන්ට ගරුබුහුමන් පැවැත්වුවා. අපි ජනතාවගෙන් අහන්නේ මේ වැඩපිළිවෙළ අනුමත කරනවාද, නැත්නම් ඒකට විරුද්ධව පෙළගැසෙනවාද කියලයි. ඒක නිසා තමයි මේ මැතිවරණය වැදගත් වෙන්නේ.
අපි සන්ධානයක් විදියට තරග කරන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් හුදකලාව මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නෑ. අපි අවුරුදු දෙකක් ඉතාමත් සුහදව ඵලදායී ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එකට වැඩ කළා. ඒ නිසා අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ සන්ධානයක් හැටියට. ලකුණ බොහෝදුරට පොහොට්ටුව වේවි කියලා හිතන්න පුළුවන්. එම සලකුණ ජනතා මනසේ තහවුරු වෙලා තියෙනවා. අපේ සන්ධානය තමයි නියම ආණ්ඩු විරෝධී බලවේගය.
සන්ධානයක් විදියට යනවා කියන එකේ කිසිම සැකයක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් පක්ෂ සමගයි අපි තරග කරන්නේ. මුල ඉඳන්ම එම ස්ථාවරයේ තමයි අපි හිටියේ. අපි පක්ෂ ගණනාවක් එකට වැඩ කරනවා. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ අපි ඔක්කොම එකටයි වැඩ කරන්නේ. ඒක රහසක් නෙවෙයි.
සෑම දිනකම වගේ ඉතාමත් සුහදව ගැටලු නැතිව අපි මේ ගැන සාකච්ඡා කරගෙන යනවා. ඉදිරි දවස් කිහිපයේදී එය අවසන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
අපි කිසිම අවස්ථාවකදී ආණ්ඩුවේ ඇමතිවරුන් සමග එකතුවීමක් සිදුවන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කණ්ඩායම ආණ්ඩුවේ කොටසක් හැටියට සිටින තාක් කල් අපිට ඔවුන් සමග කිසිසේත් එකතුවීමට බැහැ. ඒ ගැන හිතන්නවත් බැහැ. අපි ගෙනියන්නේ ආණ්ඩු විරෝධී සටනක්. ජනතාව තුළ අද තියෙන්නේ ආණ්ඩුව ගැන විරෝධයක් පමණක් නෙවෙයි විශාල වෛරයක්. එවැනි තත්ත්වයකදී අපිට ආණ්ඩුවේ කොටස්කාරයන් වෙන්න බැහැ. මේ රජයේ අන්තර්ගත කොටසක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි සන්ධානගත වුණොත් අපිත් ආණ්ඩුවේ කොටස්කරුවන් වෙනවා. අපි තමයි හීලෑ නොවුණු එකම විරුද්ධ පක්ෂය. ආණ්ඩු විරෝධී හඬ නගන්නේ අපි. ශ්‍රීලනිප ඇමතිවරුන් සමග එක්වුණොත් එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දියාරු වෙනවා. අපි ආණ්ඩුවට ගියොත් ජනතාවගේ අප ගැන තියෙන විශ්වාසනීයභාවය නැති වී යාවි. අපි කිසිසේත් එය කරන්නෑ. මේ ඇමතිවරුන් වෙන කිසිම දෙයක් කරන්න ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා කියලා ඔවුන් පැහැදිලි ස්ථාවරයකට එළඹෙන්න ඕන. එසේ වනතුරු අපිට ඔවුන් සමග සන්ධානගත වීම කිසිසේත් හිතන්නවත් බැහැ.
මම දන්න තරමට එහෙම මතයක් නැහැ. හැමෝම එක් හඬින් වගේ කියන්නේ එක්වෙන්න බැහැ කියලා. ගිය සැරේ අපි ගත් තීරණය වැරදියි කියලා හැමෝම වගේ පිළිගන්නවා. සිරිසේන මහත්තයා විශ්වාස කරලා අපි ලොකු විනාශයකට පත්වුණා. පැහැදිලිව එයා අපිව රැවැට්ටුවා. ගියවර සම්පූර්ණ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයුවේ මහින්ද රාජපක්ෂ මහතා. ඔහුගේ ජනප්‍රියභාවයෙන් ප්‍රයෝජන අරන් අපිව සම්පූර්ණයෙන්ම රැවටුවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තා. එහෙම කරපු පුද්ගලයෙක් නැවත විශ්වාස කරන්න පුළුවන්ද? ඒ නිසා තමයි අපේ පාක්ෂිකයන් හැමතැනම කියන්නේ රෑ වැටුණු වළේ දවල් නම් වැටෙන්න එපා කියලා. දෙවැනි වතාවට රැවටෙන්න එපා කියලා ජනතාවට පැහැදිලිව කියනවා.
පසුගිය දිනකදී මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයකදී කිව්වා අපේ ජනාධිපති අපි බලාගන්නම් කියලා. මෙතනදී හිටපු ජනාධිපතිවරයා අදහස් කළ දෙය ගැන බොහෝ දෙනා කතා වෙනවා. ඔබතුමා හිතන විදියට මහින්ද රාජපක්ෂ මහතා කුමක් අදහස් කරන්න ඇතිද?
එතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂය කරපු මගඩියට විරුද්ධව දැඩි පියවර ගන්නවා නම්, දැඩි දඬුවම් දෙනවා නම් ඒවාට අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා කියන එකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවීමට තවම අවස්ථාව තියෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවංකව නියම විදියට නියෝජනය කරනවා නම් ඒ තීරණය ගන්න ඕන. මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව ගෙනියන ආණ්ඩුවක් නෙමෙයි. දැන් ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පමණයි.
ජනතාවට ජීවත් වීමට නොහැකි වටපිටාවක් රටේ තියෙන්නේ.මිනිස්සුන්ට අද ජිවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිත් තිබෙනවා. ඒ අස්සේ ආණ්ඩුව ජනතා සම්පත් විකුණනමින් මුදල් සාක්කුවට දමා ගනිමින් ඉන්නවා. ඒක වසන් කිරීමට කරන්න පුළුවන් හැමදෙයක්ම ඒ අය කරනවා. කෝප් කමිටුවේ සාමාජිකයන් පර්පචුවල් ටෙෂරිස් සමාගමේ අයිතිකරුවන් හමුවෙන්නේ ඇයි? එහෙම කරන්න පුළුවන්ද? නඩුවක් අහන විනිශ්චයකාරයෙකුට පුළුවන්ද හවස්වරුවේ විත්තිකරුවෙක් ගෙදරට ගෙන්වලා හමුවෙන්න. මේවා දකින ජනතාව තුළ ආණ්ඩුව ගැන අතිවිශාල වෛරයක් තියෙන්නේ. ජනතාව බලා ඉන්නේ මේ රජය ගැන තියෙන කලකිරීම මැතිවරණයේදී ප්‍රකාශයට පත්කිරීමට තමයි.
මෙම කොමිෂන් සභාව පත් කළේ මෙම වංචාව පිළිබඳ සත්‍ය සොයා ගැනීමට. දෙසැම්බර් 08 වැනිදා වාර්තාව ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා. එම වාර්තාව ලැබුණු පසුව අනිවාර්යයෙන්ම නඩු පැවරීමක් සිදුවිය යුතුයි. එහි සටහන් කරුණු පදනම් කරගෙන මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් යවලා චෝදනා ලැබූවන් උසාවියට කැඳවලා දඬුවම් ලබාදෙන්න ඕන. අපි බලකරනවා එම ක්‍රමවේදය අනුව කටයුතු කළයුතු බවට. ඒක නොකරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වේවි. ආණ්ඩුවේ එම උත්සාහය වැළැක්වීමට අපි පැහැදිලිව ඉදිරිපත් වෙනවා. මහ බැංකු වංචාවට චෝදනා ලැබූවන් සියලුදෙනා ඉන්න ඕන හිරේ.
අපි කවුරුවත් නිහඬ වෙලා නැහැ. අපේ ස්ථාවරය ඉතාමත් පැහැදිලියි. ව්‍යවස්ථාවක් ගෙන ඒම අද දවසේ ප්රමුඛ කරුණක් නෙමෙයි. ඊට වඩා රටේ දැවෙන ප්‍රශ්න තියෙනවා. මේ ව්‍යවස්ථා සංහිඳියාව නෙමෙයි, තියෙන ප්‍රශ්න තවත් වැඩි කිරීමක් පමණයි. මේක ජනකොටස් අතර තවත් විරසකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක්. මහා සංඝරත්නයේ ස්ථාවරයේ අපි ඉන්නේ. අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය කියන්නේ අලුත් ව්‍යවස්ථාව ගෙන එන්න එපා කියලා. අපි පැහැදිලිව එම ස්ථාවරයේ ඉන්නවා.
පැහැදිලිව ආණ්ඩුවට එහෙම අදහසක් තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න ගියා. නමුත් රටේ විශාල විරෝධයක් එයට විරුද්ධව මතුවෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යන්නේ ඩයස්පෝරාව පිනවීමට පමණයි. ඒ අය තමයි මේ රජය පත් කළේ. ඔවුන් දැන් රජයට බල කරනවා ගේඨාභය අත්අඩංගුවට ගන්න කියලා. මේ ණය ගෙවීමක් ආණ්ඩුව කරන්නේ. අපි ඒවට ඉඩ තියන්නෙ නෑ. අපි නීති මාර්ගයෙන් හා දේශපාලන මාර්ගයෙන් එම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සියලු උත්සාහයන් දරනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී ඔහුගේ අණ පරිදි එල්ටීටීඊයට ආයුධ ගන්න පාස්කරලිංගම් භාණ්ඩාගාරයේ මුදල් ලබාදුන්නා. ඒ පාස්කරලිංගම් අද මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් විදියට වැඩ කරනවා. එසේ තිබියදී ත්‍රස්තවාදය විනාශ කරලා මේ රටට නිදහස ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ හිර කූඩුවේ දාන්න හදනවා. මේ මැතිවරණයේදී ජනතාවට තීන්දුවක් ගන්න වෙනවා ආණ්ඩුව කරන මෙවැනි දේවල් අනුමත කරනවාද කියලා. ඒ වගේම උතුරේ මහ විරු දින සැමරුම් පැවැත්වීමට විශ්වවිද්‍යාලවල හා වෙනත් තැන්වල සැමරුම් පැවැත්වුණා. එල්ටීටීඊ සුසාන භුමි අලුත්වැඩියා කරලා දෙනවා. දකුණේ පොලීසිය දාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, වෛද්‍යවරුන්ට, කම්කරුවන්ට පහර දෙනවා. ජාතික කොඩිය ඔසවන්න බැහැ කියපු උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධව ජනාධිපතිවරයා මේ දක්වා ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. උතුරයි, දකුණයි රටවල් දෙකක් විදියට දැන්මම ආණ්ඩුව පිළිගෙන තිබෙනවා. ඒවාට පිළියම් හා උත්තර නොදෙන ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන් ඇතුළු රජයේ නිලධාරීන් හිරේ දැමීමට සැලසුම් හදනවා. ජනතාවට ලැබුණු වෙනස එය පමණයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd