ක්‍රි.ව. 1931 අෙප්‍ර්ල් 04 දා උපත ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගීශ්වර, කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ 86 වැනි ඡන්මදිනය පසුගිය 04 දිනට යෙදී තිබුණි. මේ ඒ වෙනුවෙන් කෙරෙන කෘතවේදී පුණ්යානුමෝදනාවකි.
කන්ද උඩරට දෙවැනි රාජසිංහ රජු ප්‍රතිකාල් සේනාවට එරෙහිව කළ සටන ජයගත් පසු එය සංකේතවත් කිරීමට පිහිට වූ කුමාරසිංහ බෝධිය හෙවත් ‘ජය බෝධිය‘ අද වන විට සකල ලංකාවාසීන්ගේ පුදපූජා ලබමින් රට රැකුනොත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකෙන බව සංකේතවත් කරමින් සිටී.
පුදබිමක් වටා කටුකම්බි ගැසූ පමණින් බෞද්ධ භික්ෂුවකගේ ජාතික ශාසනික මෙහෙවර කිසිදිනෙක නැවැත්විය නොහැකි බව එදා පේරාෙදණිය නුවර මහාමාර්ගයට යාබද ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපතිව වැඩ විසු පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම නායක හිමියෝ නිතර සිහිපත් කළහ. එතකින් නිමා වූ ඒ උත්තුංග ජාතික මෙහවරට නැවත අතපොවන්නේ එහි වත්මන් නායක ධුරය දරන සිරිවිමල නායක හිමියන්ය.
ලාංකේය ඉතිහාසය භික්ෂුවකට උරුම කළේ බණ කීම හා පාංශුකූලය දීම පමණක් නොවේ. බණ කීම සඳහාත් ශාසනයක් තිබිය යුතු බවත්, ශාසනය යනු සිවුවනක් පිරිස වන අතර, සිංහල බෞද්ධයන් නොමැති කල ආගමත් ශාසනයත් නොපවතින බවත් වටහාගත් මහාවිහාරය වූයේද ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයයි.
පාලකයා දැහැමි කළ හැක්කේ භික්ෂූන් වහන්සේටය. රට බවභෝගයෙන් සශ්‍රීක වන්නේ පාලකයා දැහැමි වූ කලය. එයට මගපෙන්වීමට ගැටඹේ රාජෝපවනාරාම භික්ෂූන් වහන්සේලා එදාමෙදා ගන්නා උත්සාහය සුළුපටු නොවේ.
බම්බලපිටියේ වජිරාරාමයට පමණක් දෙවැනි වන ලංකාවේ ඇති විශාලතම ඉරුදින දහම්පාසල වශයෙන් මෙම පිංබිමේ ස්ථාපනය කර ඇති %ශ්‍රී විමලවංශ දහම්පාසල^ හැඳින්විය හැකිය. එය මේ තත්ත්වයට ගෙන ඒමට පූජ්‍ය සිරිවිමල නායක හිමියන් ගන්නා උත්සාහය මිල කළ නොහැකිය.
එසේම ධර්මචක්ර විද්යාපීඨද, සිවු දෙසින් වඩිනා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වූ %මහා නේවාසික භික්ෂු මධ්‍යස්ථානය^ද උන්වහන්සේගේ උත්සාහයන්ගේ තවත් ප්රතිඵලයකි. මේ පුදබිමට ලැබෙන සෑම පිං පඬුරක්ම නේවාසික හිමිවරුන් සහ සිවුදිගින් වඩිනා මහ සඟරුවනේත් සිවු පසය වෙනුවෙන්ම වැයකළ උන්වහන්සේ කිසිදිනෙක දේශපාලන වරදාන සහ වරප්රසාදයන්ට යටත් වූයේද නැති එඩිතර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.
අසාර්ථකවූ රජයන්ට සහාය පතා ප්‍රකාශයන් ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන්ගෙන් මෙම විහාරස්ථානය කිසිදිනෙක හිස් වූයේ නැත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මෙහි කටුකම්බි ගැසූවද එයද මෙම ස්ථානය ජාත්‍යන්තර ස්ථානයක් බවට පත්කිරීමට හේතු විය. බලයට පත්වන සෑම රාජ්‍ය නායකයෙකුම මෙම ස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගැනීම සිරිතකි. මෙම ස්ථානයට අවශ්‍ය වන්නේ මොනවාදැයි ඔවුහු ගරු නාහිමියන්ගෙන් විමසා සිටින අවස්ථාවලදී “ මට දෙන යමක් වෙන්නේ නම් එය රටට ලබාදෙන්න* යැයි උන්වහන්සේ දන්වා සිටියේය.
වරක් හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා මෙම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙම ස්ථානය දිව්‍යලෝකයක් ලෙස බැබළවිය හැකි යයි පවසා සිටියේය. උන්වහන්සේ එහිදී පවසා සිටියේ මෙය දිව්‍යලෝකයක් වෙනවාට වඩා රාජෝපවනාරාමය ලෙසින්ම පැවැතීම තම අපේක්ෂාව බවයි.
මෙම නායක හිමියන් ස්ථිර වචන ඇති මහා යතිවරයාණන් වහන්සේ නමකි. යමක් කීමට ඇතොත් ඒ තැනැත්තාගේ තරාතිරම උන්වහන්සේට වැදගත් නැත. පිරිත් නූල ගැට ගසන්නේද කීමට ඇති දේ කීමෙන් පසුය. නාහිමියන් කුමක් පැවසුවද එයට කාරුණිකව සවන් දීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත්, මහින්ද රාජපක්ෂ මහතාත් නිහතමානී වූහ. හැම පාලකයෙකුටම උන්වහන්සේ දුන් ඔවදන වූයේ &රටත් ජාතියත් රැකෙන පරිදි රට පාලනය කරන්න* යනුවෙනි.
වත්මන් ජනාධිපතිවරයාගේ ඇල් මැරුණු පාලනයේ ස්වභාවය දුටු උන්වහන්සේ වරක් එතුමා හමුවූ විට “ බණකීම හාමුදුරුවන්ට ඉතිරි කර මීට වඩා රට හොඳින් පාලනය කරන්නේ නම් යහපත්* යැයි පවසා සිටියේය. උන්වහන්සේගේ කෙඳිරිල්ලක් නැති උජුපටිපන්න ගුණයට පාලකයන් කැමති වූයේ නැත. ඒ ඔවුන්ගේ නොව රටේ අවාසනාව විය.
ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රට නැවත බෙදුම්වාදීන්ට පවරාදීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ඵෙතිහාසික සම්මතයට පිටුපා භික්ෂුව පාලනය කිරීම සඳහා වූ ගිහියන්ට පැවරූ භික්ෂු කථිකාවතත් උන්වහන්සේගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. සිරුරෙන් සිහින් වුවද හඬින් උත්තුංග වූ එදා උන්වහන්සේ එසේ ආරම්භ කළ සටන බොදු ලොව අවදි කළ ත්‍රෛනිකායික මහා භික්ෂු කතිකාවන්ගේ සමාරම්භයද විය.
එය කොෙතක් අභියෝගයක් වීද යත් වත්මන් ආණ්ඩුව විසින් අතරමග ඉදිකිරීම් නතර කළ මහවැලි නදියට සේදී යන විහාර භූමියේ බැම්ම නැවත ඉදිකර දීමට ඉදිරිපත් විය. &බැම්ම තිබුණොත් පන්සල රැකෙයි. එහෙත් ඒ සියල්ල රැකෙන්නේ රට රැකුණොත් පමණි* යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.
වරක් විදුලි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණ විහාරස්ථානයේ පාවිච්චිය වෙනුවෙන් සූර්ය බලශක්තිය සැපයීමට කැමැත්ත විමසා සිටියේය. කමක් නැතැයි උන්වහන්සේ පැවසූහ. එයින් පසු එතැන ඒ වෙනුවෙන් පුවරුවක් සවිකළ යුතු නිසා ඒ සඳහා සුදුසු තැනක් පෙන්වන ලෙස නායක හිමියන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේය. තම නම ප්‍රසිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් සූර්ය කෝෂද රැගෙන ආපසු යන ලෙස උන්වහන්සේ පිළිතුරු දුන්නේය. වැඩ මිස නම ප්‍රචාරය කර ගැනීමට උන්වහන්සේ කවදත් විරුද්ධ විය.
‘බුලතා සොරබොර වැව තනිවම බැන්ඳ බවත්, ඔහුගේ බිරිඳ වැවට යන පාර තැනූ අතර, එහෙත් ඔවුන් දෙදෙනා ඒ සඳහා නාමපුවරුවක් සවි කළේ නැති බවත්, යමක් කළ පසු දැවැන්ත පුවරු සවි කරන තමිල්නාඩු දේශපාලනය මෙරටට නොගැළපෙන බවත් උන්වහන්සේ එහිදී සිහිපත් කර දුන්නේය.
ගැටඹේ නායක හාමුදුරුවෝ සිවුපසයට ගිජු වන්නේ නැත. ධනය බෙදුවා මිස එය සඟවා තබා යතුරු කැරැල්ල අඳනකඩේ සඟවා ගත්තේද නැත. අසරණ දුගී මගී යාචකයන් අතර ඒවා උන්වහන්සේ බෙදා දුන්හ. ලැබෙන බොහෝ දේ උතුරු නැගෙනහිර දිළිඳු බවෙන් පිරි විහාරස්ථාන වෙත රැගෙන යාම උන්වහන්සේගේ පුරුද්දකි. නාහිමියන් භික්ෂු ගුණයෙන් පෝෂිතය.
තාන්න - මාන්න අපේක්ෂාවෙන් පිරිත් නූල් බැන්දේ නැත.කීමට ඇති දේ කෙටියෙන් නමුත් ඇඟටපතට දැනෙන්නට උන්වහන්සේ කීහ.
උන්වහන්සේට දිවා කල කටයුතු කිරීමට වෙනම කුටියක් නැත. විහාරස්ථානයට ඇතුළු වන විට පෙනෙනුයේ සිහින් සිරුරකින් සහ මඳ සිනහවකින් වැඩ හිඳිනා නායක හිමියන්ගේ රුවය. දන් ඇබිත්තක් වළඳන නිසා දානයෙන් පසු සැතපීමටද උන්වහන්සේට වුවමනාවක් නැත.හමුවීමට කලින් අවසර ගැනීමක්ද නැත. එනිසාම සෑම විටකදීම උන්වහන්සේ හමුවීමද අපහසු නැත.
එනිසාම දිනකට වැඩි දෙනකු උන්වහන්සේ හමුවී උපදෙස් අවවාද අනුශාසනා ලබයි. ඒ උන්වහන්සේගේ දින චර්යාවේ කොටසකි.
මෙවන් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා රටට දැයට සමයට මහා සම්පතකි. මහණකමත්, බණදහමත් සමග යුග මෙහෙවරක් ඉටු කරන උන්වහන්සේට තවදුරටත් චිරාත් කාලයක් ඒ කටයුතු පවත්වාගෙන යෑමට නමස්කාර පූර්වකව අප දිගාසිරි පතමු.
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය විජේතුංග රණසිංහ මහතාගේ ලිපියක් ඇසුරෙනි.)