සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමේ තීරණය වහාම ඉවත්කරගන්නා ලෙස රජයට බලකරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන නගර උද්ඝෝෂණ මාලාවේ සබරගමුව පළාත් විරෝධතා වැඩසටහන ඊයේ (13දා) රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
දහවල් 1 ට පමණ පේරාදෙණිය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විශාල ප්රමාණයකගේ සහභාගිත්වයෙන් රත්නපුර ඔරලෝසු කණුව අසලදී වීදි නාට්‍ය සංදර්ශනයක් සහ විරෝධතා උද්ඝෝෂණයක්ද පැවැත්විණි.