ආණ්ඩුව නියම මාර්ගයේ ගමන් නොකරන බව සඳහන් කරමින් ජාත්‍යන්තරය මෙන්ම විපක්ෂයත් ආණ්ඩුවට නොයෙක් චෝදනා එල්ල කරනවා. මේ අතර පසුගියදා කොළඹ පිටත අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කරමින් ජනපතිවරයා බසයක් ධාවනය කරමින් ජනතාවගේ අවධානය දිනාගැනීමටත් සමත්වුණා.
නමුත් ඊයේ (13 දා) මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත සුඛෝපභෝගී බස් රථ 50ක් ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනපතිවරයා වෙල්ගම ඇමතිවරයාට සුක්කානම බාරදී මගියෙක් බවට පත්වුණා. වෙල්ගම ඇමතිවරයා බස්රිය ධාවනය කරන ආකාරය ගැන විමසිල්ලෙන් සිටි ජනපතිවරයා ‘වෙල්ගම අපි යන පාර හරිද’ කියා විමසුවත්ද දන්නේ නෑ.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය