මෙවර දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී කාලයකට පසුව ආණ්ඩුවට මන්ත්‍රී ආසන කීපයක්ම අඩු වුණා. ජනතාව මුරුංගා අත්තේ තබාගෙන ඡන්දය ගන්න සමත්කම් දක්වන ආණ්ඩුවට පළමු වතාවට ජනතාව මුරුංගා අත්තේ තබන්නට බැරි වූ බවයි අපට නම් පේන්නේ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුරුංගා නෙළා ගන්නා ගමන් එහෙම හිතුවද දන්නේ නැහැ.