ලෝක මැයි දනය අද (01දාට) යෙදී තිබේ. මැයි දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන විසින් මැයි රැලි 19 ක් හා පෙළපාලි 15ක් පැවැත්වීමට නියමිතය. මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අම්පාර නගරයේදීත්, ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අනුර කුමාර දිසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත්, ප්රජාතත්ත්රවාදී පක්ෂයේ මැයි දින රැළිය එහි පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.