ඓතිහාසික මහ නුවර ශ්රී දළදා මාළිගාවේ පැවැත්වෙන ඇසළ මහ පෙරහරේ දළදා කරඬුව වඩමවාගෙන යාමේ වාසනාව වසර ගණනක් පටන් හිමිව ඇත්තේ නැඳුන්ගමුවේ ඇත්රජාටයි.
දළදා කරඬුව වැඩමවාගෙන යාම සඳහා ගම්පහ නැඳුන්ගමුවේ සිට මහනුවරටම පයින්ම ගමන් කිරීම ඇත් රජු සිදු කරයි. මෙම ගමන බොහෝ දෙනෙකු පාරමිතා පා ගමන ලෙසින්ද අර්ථ දක්වයි.
පසුගිය 31 දා ආගමික වතාවත්වලින් පසුව සිය පාරමිතා පා ගමන ආරම්භ කළ අැත් රජු ඊයේ (7) දා රාත්රී 9.00ට පමණ මාළිගාවට ළඟා වූයේය. මෙවර ඇත් රජු සිය ගමන සිදුකළේ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේ වෙන අතර මාළිගාවට ළගාවීමෙන් පසුව සිය හොඬය ඔසවා ආරක්ෂක නිලධාරීන්ට ආචාර කළේය.
පසුව මාළිඟාව ඉදිරිපිටට පැමිණ තුන් වරක්ම මාළිගාවට ආචාර කරමින් සිය ගමන නිමා කළේය.
සමන් විජය බණ්ඩාර