අටවැනි දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකොට ඇති විජය පුවත්පත් සමාගමේ ප්‍රදර්ශන කුටියට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේය. මෙහිදී කුටියේ ප්‍රදර්ශනය සඳහා තබා තිබූ ශ්‍රී ලංකාවේ පළමු ‘බ්‍රේල්’ පුවත්පත වන ‘විජය බ්‍රේල්’ පුවත්පත පිළීබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වීය.
රටේ දෘෂ්‍යාබාධිත ප්‍රජාව පිළිබඳව විශේෂ අවධානය කරමින් ඔවුන්ටම විශේෂිත වූ පුවත්පතක් බ්‍රේල් මාධ්‍යයෙන් සතිපතා නිකුත් කිරීම පිළිබඳව ජනපතිවරයා මෙහිදී විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියට සහ කාර්යමණ්ඩලයට ප්‍රශංසා කිරීමටද අමතක නොකළ අතර පුවත්පත තවදුරටත් දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් ප්‍රචලිත කිරීම වෙනුවෙන් රජයේ සහායද ලබා දෙන බව ප්‍රකාශ කළේය. 'විජය බ්‍රේල්' පුවත්පත විජය පුවත්පත් සමාගමේ ප්රකාශනයක් වන අතර එම පුවත්පත දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් නොමිලයේ ලබා දෙන සතිපතා පුවත්පතකි.