කම්කරු පංතියට පැය අටකට සීමා වූ වැඩ දිනයක් දිනාගැනීම සඳහා මීට වසර 128කට පෙර චිකාගෝ නුවර සිදුකළ කම්කරු අරගලය සිහිපත් කරමින් ලොවපුරා වැඩකරන ජනතාව අද (01දා) ජාත්‍යන්තර කම්කරු දිනය සැමරූහ.
ශ්‍රී ලංකාවේද විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් විවිධ ස්ථානවල මැයි දින සැමරුම් පෙළපාළි හා රැලි සංවිධාන කර තිබිණි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙරැල්ල කැම්බල් පිටියේදීත්, එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය වැඩබලන නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේදීත්, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් බී.ආර්.සී. පිටියේදීත්, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැයි රැළිය එහි නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත ජී.එච්. බුද්ධදාස පිටියේදීත් පැවැත්විණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
එක්සත් ජාතික පක්ෂය
ජනතා විමුක්ති පෙරමුණ
ප්‍රේමදාස සැමරුම
ප්රජාතන්ත්රවාදී පක්ෂය
ඉසුරු පෙර්රා/ වසන්ත චන්ද්‍රපාල/ ඒෂාන් ප්‍රනාන්දු/ ශමීර රාජපක්ෂ/ ප්‍රදීප් පතිරණ