එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය නිව්යෝක් හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේ දී අද (25දා) පස්වරුවේ ඇරඹුණු අතර, එය සනිටුහන් කරමින් 2015 තිරසාර සංවර්ධන සමුළුව ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම ආරම්භක සැසියට එක්ව සිටි අතර එක්ත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය දරන රටවල් 150කට අධික සංඛ්‍යාවක, රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් ද මෙම සමුළුවට එක්විය.
ආරම්භක සමුළුවට පාප්වහන්සේද සහභාගිවීම විශේෂ අවස්ථාවක් විය.