සී.අයි.එෆ්.එල්. (CIFL) සමාගමේ තැන්පත්කරුවන් අද (28දා) දහවල් එම සමාගමේ මූලස්ථානයේ සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතා පා ගමනකින් ගමන් කළේය. සමාගම බිඳවැටීම හේතුවෙන් එහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් ඔවුන් මෙසේ අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් ගමන් කරන්නට වූහ.