කොවිඩ් 19 වෛරස් රෝගය සම්බන්ධයෙන් කිසිම දරුණු තත්ත්වයක් නොතිබුණත් දරුවන් ගැන සංවේදී ආණ්ඩුවක් හෙයින් පාසල් නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
"සෞඛ්‍ය අමාත්‍යාශංය දැඩිව අවධාරණය කළේ ආසාදිතයට අමතරව කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති බවයි. නමුත් මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක දරුවන් ලක්ෂ 43ක් ඉන්නවා.
රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්. වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.”