කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 107 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 581ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 542,793කි.