කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 578කි.
මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 531,648කි.